සැමට විදු නැන නුවණ – Science Literacy for All

Posts tagged ‘science’

නැනෝ තාක්ෂණය : කෙටි හැඳින්වීමක්

අපට දැක බලා ගැනීමට නොහැකි තරමට කුඩා – ඔව් සාමා අන්වීක්ෂයකින් පවා බලාගත නොහැකි තරමට කුඩා ලොවක් අධ්‍යයනය කිරිම පිණිස විවිධ ක්ෂේත්‍රවල විශේෂඥ භාවයක් උසුලන බහුශික්ෂණ…

ගිණිමැලයක රස්නය ඔබට දැනෙන්නේ විකිරණය නිසායි

ශක්තිය එක් වර්ගයක සිට තවත් වර්ගයකට හැරවිය හැකිවාක් පමණක් නොව එක් තැනක සිට තවත් තැනකට ගෙන යාමටද පුඵුවන්. තාප ශක්තිය සම්බන්ධයෙන් මෙය විශේෂයෙන්ම වලංගුයි. උදාහරණයක් වශයෙන්…

ජීවිතය යනු ශක්තිය රැස්කිරීමටත් වැය කිරීමටත් කරන නිරන්තර අරගලයක්.

ශක්තිය සම්බන්ධයෙන් ඇති ඉතාමත් වැදගත් කාරණයක් වන්නේ එක් ශක්ති වර්ගයක් වෙනත් ශක්ති වර්ගයකට හැරවීමට හැකි වීමයි. ඔබ බයිසිකලයක් පදින විට සිදුවන්නේ ඔබේ ශරීරයේ ශෛලවල ඇති රසායනික…

තුවාල සුවකිරීමට මාළු සමෙන් තැනු වෙළුම්

සතුන්ගේ සම් විවිධ ප‍්‍රයෝජන සඳහා භාවිතයට ගත්තත්, මත්ස්‍ය හෙවත් මාළුන්ගේ සම වෙනත් ප‍්‍රයෝජනයක් සඳහා ගැනීමට තබා බොහෝ දෙනෙකුට ආහාරයට ගැනීමටවත් රුචියක් දනවන්නක් නොවෙයි. එහෙත් සමේ තුවාලයක්…

පාෂාණීභූත ශේෂ හෙවත් ෆොසිල (fossil) හැදෙන්නේ කෙසේද?

ෆොසිල අප බොහෝ දෙනාට නුහුරු වචනයක් නොවේ. “වසර මිලියන 130කට පැරණි ෆොසිලයක්” එහෙමත් නැතිනම් “ෆොසිල ඉන්ධන” ආදී වශයෙන් මේ වචනය අපට වරින් වර අසන්නට ලැබේ. ආදි…

අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාව (General relativity) පිළිබඳ නියාමය: සරල අර්ථකථනයක්

1915දී ඇල්බට් අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කළ ගුරුත්වාකර්ෂෙණය පිළිබඳ නියාමය හඳුන්වන්නේ සාමාන්‍ය සාපේක්ෂතාවය යන නමිනි. අයින්ස්ටයින් ගුරුත්වාකර්ෂණය තේරුම් කළේ වක්‍ර‍ අවකාශයක ඇතිවන ජ්‍යාමිතික සංසිද්ධියක් වශයෙනි. ඔහු විස්තර…

ක්ෂීර පථය මන්දාකිණිය මධ්‍යයේ අඥාත පදාර්ථ (dark matter) බහුලයි

අපේ සෞර ග්‍රහ මණ්ඩලය ද ඇතුළත් ක්ෂිරපථය මන්දාකිණියේ (ගැලැක්සිය) ඇතුළත මධ්‍යයේ (හරයේ) සැලකිය යුතු ප්‍රමාණයක් දැනගැනීමට නොහැකි අඥාත පදාර්ථ (dark matter) ඇති බවට මෙතෙක් ලැබී ඇති…

වසර 110කට පෙර ඇල්බර්ට් අයින්ස්ටයින් සොයාගත් විශිෂ්ට සාපේක්ෂතාවය (Special relativity)

ඇල්බට් අයින්ස්ටයින් විසින් චලිතය පිළිබඳව 1905 දී හඳුන්වාදුන් නියාමය විශිෂ්ට සාපේක්ෂතාවය යනුවෙන් හැඳින්වේ. මේ නියාමය මූලධර්ම දෙකක් මත පිහිටා නිපදවූවකි. ඉන් පළමු වැන්න නියත ප්‍රවේගයකින් චලනය…

හිරු එළිය ද්‍ර‍ව ඉන්ධන බවට හරවන බයෝනික පත‍්‍රය

සූර්යාලෝකයේ ඵලප‍්‍රයෝජන අතිශෝක්තියෙන් වර්ණනා කළ නොහැකි අතර කියා නිම කිරීමට ද නොහැකිය. ඒ අසීමිත ප‍්‍රයෝජන අතර දහවල ආළෝකමත් කිරීම වුව කැපීපෙනෙන්නක් ලෙස සඳහන් කළ හැකිය. ඉන්…

පොටෝ කොපි විද්යුත් ආරෝපණයේ ප්‍ර‍තිඵලයක්

ෆොටෝ කොපි යන්ත‍්‍රයකට කඩදාසි කොල ගොන්නක් දැමු විට බොහෝකොට ඒ කඩදාසි එකට ඇලී සිටින්නට පුළුවන්. ෆොටෝ කොපි කඩදාසි එසේ එකට ඇලී සිීමට හේතුවන බලයට විද්‍යුත් බලය…

නොදුටු ග‍්‍රහතරු ගෙන එන නාසා (NASA) නවතම අභ්‍යවකාශ දුරේක්‍ෂය

වැඩි කලක් නොව මෙයට වසර විස්සකට පෙර ගත්තොත් විශ්වයේ අප දැන සිටි ග‍්‍රහයන් සංඛ්‍යාව අත් පා දෙකෙහි ඇඟිලි වලින් ගැන මැන බැලීමට පුළුවන්කම තිබුණි. ඒවායේ නම්…

දවල් අහස නිල්පාටයි. ඒ ඇයි?

නිකමට වගේ අහස දිහා බැලූවහම බැලූ බැල්මටම ඔබට හිතෙන්නේ අහස නිල්පාට ඇයි? කියලයි. ඒ වගේම ඉර බහින කොට අහස රතුපාට වෙන්නෙත්, බොහොමයක් වලාකුළු සුදුපාට වෙන්නෙත් ඇයිද…

ඇපල් ගෙඩියක් පොළවට වැටෙන කොට පොළවත් ඇපල් ගෙඩිය දෙසට ඇදෙනවා

ඔබේ සිරුරේ උස මනින විට කෙලින් සිටගෙන උස මනිනවාට වඩා අල්පයක් හෝ වැඩි අගයක් තිරස් අතට බිම දිගාවී ඔබේ උස මැන්නොත් ඔබට ලැබේවි. ඊට හේතුව ගුරුත්වාකර්ෂණයේ…

රබර් ජල නළයක් වේගයෙන් ඇරිය විට දඟලන්නේ ඇයි? නිව්ටන්ගේ තුන්වැනි නියමය

සර් අයිසැක් නිව්ටන්ගේ තුන්තරා නියාම අතරින් වඩාත්ම ප‍්‍රසිද්ධ නියාමය මෙය වුවද අනෙකුත් නියාම දෙක තරම්ම එය විශද යැ‘යි කිව නොහැකියි. ක‍්‍රීඩකයෙක් පාපන්දුවකට පහර දෙන විට පන්දුව…

වැඩියෙන් බලය යොදන කොට වැඩිවෙන්නේ කුමක්ද? නිව්ටන්ගේ දෙවැනි නියමය

සර් අයිසැක් නිව්ටන්ගේ දෙවැනි නියාමය මගින් විස්තර කරන්නේ වස්තුවක ප‍්‍රමාණය(mass), එහි ත්වරණය(acceleration) හා ඒමත යෙදෙන බලය (force)අතර ඇති නියම සහසම්බන්ධතාවයයි. මෙය කාටත් වැටහෙන නුවණක් වුවද මේ…