සංකල්ප සාර සංග්‍රහය 36: ආගම (Religion)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්

ඉතිහාසය පුරාවටම ආගම, මානව සමාජ තුළ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත. එය එසේවුවත්, ආගම යනු කුමක් ද? ආගම ගැන සමහරු සාමාන්‍යයෙන් සිතන්නේ  එක් දෙවියෙකු හෝ වැඩි ගණනක් ගැන ඇති විශ්වාසය ඊට සම්බන්ධ හැටියටය. එහෙත් මෙය සැම අවස්ථාවකම එසේ නොවේ. නිදසුනක් ලෙස ගතහොත්, බුද්ධාගමෙහි එවැනි දේව විශ්වාසයක් නොමැත. කෙසේවෙතත්, අනෙකුත් ආගම් වල මෙන් බුද්ධාගමෙහි ද  එදිනෙදා භෞතික ලෝකයෙන් වෙන්වූ  අධ්‍යාත්මික නිෂ්ඨාවක පැවැත්ම පිළිබඳව දැඩි අවධානයක් දක්වයි.

එලෙස සලකන විට,  අධ්‍යාත්මික නිෂ්ඨාවක් ගැන විශ්වාසය තබන්නේ යැයි කිසිවෙකු කියා සිටින්නේ නම් එම තැනැත්තා ‘ආගමික ද?’ එසේ විය යුතු යයි අවශ්‍යයම නැත. මන්ද ආගම් යනු (එක්තරා දුරකට)  සමාන හෝ එකම විශ්වාසයන් සහිත ජන කොට්ඨාසයක් හෙවත් ප්‍රජාවක් වැළඳ ගන්නා ආයතන වන හෙයිනි.

ප්‍රජාව, හුදෙක් ආගමක එක් අංගයක් පමණකි. අනෙකුත් අංග අතර භක්තිය(පෞද්ගලික විශ්වාසයන් සහ ගෞරව සම්ප්‍රයුක්ත බිය හා භක්ති ප්‍රණාමය පිලිබඳ හැඟීම්); ව්‍රත(පුජා විධි, පුජනිය ස්ථාන, සාමුහික වන්දනාව සහ ඒ යනාදිය); ඇදහිල්ල(ධර්ම පුස්තක සහ පුජනිය ග්‍රන්ථ); සහ සංහිතාව= code(ආචාර විධි, තහංචි සහ ආගමෙන් නියම කෙරුණ ආකාරයට පාපය හා පාරිශුද්ධ භාවය පිලිබඳ අදහස්)  වේ.

ආගම , සංකල්පවේදයෙන් හෙවත් මතවාදයන්ගෙන්(ideology) වෙනස්වන්නේ කෙසේ ද? නට්සිවාදය හෝ කමියුනිස්ට්වාදය වැනි මතවාදයන් ද ආගම් මෙන්ම සිය අනුයන්නන්ගේ(අනුගාමිකයන්ගේ) පුර්ණ කැපවීම මෙන්ම දැඩි අනුකුලතාව අපේක්ෂාකරයි.  එහෙත්, ඒවා ආගම්වලින් වෙනස් වන්නේ ඒවාට දෙවියෙකු හෝ මොනයම් ආකාරයක  අධ්‍යාත්මික නිෂ්ඨාවක් හෝ ඇතුලත් නොවන හෙයිනි.

ආගම , මායාවෙන් හෙවත් අභිචාරයෙන්(magic) වෙනස්වන්නේ කෙසේ ද? අභිචාරය ගැන විශ්වාසය තබන්නන් අදහන්නේ දෙවියෙකුගේ මැදිහත් වීමකින් තොරව ඇතැම් පිළිවෙත් ක්‍රම මගින් මේ භෞතික ලෝකයේ අපේක්ෂිත විපර්යාසයන් ගෙන ඒමට හැකිබවයි. ඊට ප්‍රතිවිරෝධිව ආගමක ජනයා ඇතැම්  වෙනස්කම් හෙවත් විපර්යාසයන් ඇයද සිටියත්, ඔවුන් විශ්වාස කරන්නේ එකී වෙනස්කම් ඇතිවන්නේ දෙවියෙකුගේ බලපෑමෙන් පමණක් සිදුවන බවයි.

ආගම, ලොව පුරා විවිධ සමාජයන්හි සාරධර්ම පද්ධති සහ ප්‍රතිස්ථාපන පුරානොක්තින් මුර්තිමත් කෙරෙන   සංස්කෘතිමය සංසිද්ධි හෙවත් ප්‍රපංච ලෙස ද දැකිය හැකිය. ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ධර්මය වැනි ඇතැම් ආගම් සාර්වත්ර්බව කියාපාන අතර සිය සුවිශේෂිතාවය  හා අද්විතියතාව හුවා දක්වයි.  එසේ වුවද, ඒවා පවා සුවිශේෂී ඓතිහාසික තත්ත්වයන් හා කරුණු කාරණාවල(circumstances) ඵලයන් ලෙස දැකිය හැකිය.

 

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Religion කොටස ඇසුරෙනි