කැපුම් තුවාලයක් ඇතිවූ විගස එය සුවකරගත හැකිනම් කොතෙක් හොඳද? හිකනලුන්ගේ සමෙන් ලබාගත් ප්‍රෝටීන් සම්බන්ධයෙන් දැනට කරගෙන යන පර්යේෂණ වලට අනුව නුදුරු අනාගතයේදී කැපුම් තුවාල ඉක්මනින් සුවකරගත හැකි වේයැයි විශ්වාස කරයි. හිකනලුන් හා දියහූණන් වැනි සතුන්ගේ වලිග සහ පාද අනතුරකට ලක්වී කැඩීගිය විට නැවත කඩිනමින් වැවෙන බව ඔබද නිරීක්ෂණය කර ඇති. එහෙත් හිකනලුන්ගේ සමේ ඇතිවන තුවාල කඩිනමින් සුව වන්නේ කෙසේද යන්න පිළිබඳ අවධානය යොමු වුණේ ඉතා මෑතකදීය. චීනයේ කුන්මින්ග් සත්ව විද්‍යා ආයතනයේ ආචාර්ය රෙන් ලායි ප්‍රාන පර්යේෂකයෝ හිකනලුන්ගේ සමෙන් ලබාගත් ටයිලොටොයින් (Tylotoin ) නමැති පෙප්ටිඩයේ ඇමයිනෝ අම්ල 12ක් අඩංගුවී තිබුන අතර එය මීයන්ගේ හමේ තුවාල කඩිනමින් සුවකිරීම සඳහා යොදාගෙන තිබේ. මීළඟට එය මිනිසුන්ට සුදුසු අන්දමට සකසාගත හැකිදැයි විමසා සායනික පරීක්ෂණ වලට ලක් කළ යුතුවේ.
තමන්ට සිදුවන තුවාල සැනෙන් සුවකර ගැනීමේ හැකියාව තිබුනේ චිත්රටවල එන සුපිරිවීරයන්ට පමණක් බව පවසන මේ පර්යේෂණ වාරතාකරන FASEB ශ්‍රාස්ත්‍රීය සඟරාවේ සංස්කාරක චෛද්යවේදී ජෙරල්ඩ් වයිස්මාන් “ඇතැම් සතුන්ගේ තුවාල කඩිනමින් සුවවන්නේ කෙසේද යන්න කලක සිටම විද්‍යාඥයන්ගේ අවධානයට යෙමු වී තිබුනු දෙයක්. සත්වයින්ගෙන් ඉගෙන ගත් ඒ ඒ ක්‍රමය දැන් අපි මිනිස් ශරීර වලටද යොදාගඅනීමට බෙහෙවින් ආසන්නයි ”යනුවෙන් ප්‍රකාශ කළා.
sciencedaily වාර්තාවක් ඇසුරෙන්





ප්‍රතිචාරයක් ලබාදෙන්න