මිනිස් මොළයේ ඇති ස්නායු සෛල නොහොත් නියුරොන් ප්‍ර‍මාණය බිලියන 86 කැයි ගණන් බලා ඇත. මේ සා විශාල  නියුරොන් සංඛ්‍යාවක් මොළයේ ඇති බව සොයා ගනු ලැබුවේ 2009දී රියෝ ද ජනයිරෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් කරන ලද පරීක්ෂණයකිනි. වැඩුනු මිනිසුන් සිව් දෙනෛකුගේ මොළ යොදාගෙන කළ මේ පර්යේෂණයේදී මොළයේ සෛල පටල රසායනිකව දිය කොට ඉතිරිකරගත් සෛල න්‍යෂ්ටි පමණක් නිරීක්ෂණය කරන ලදී. ඉන් තෝරාගත් නියැදියක තිබූ න්‍යෂ්ටි සංඛ්‍යාව අනුව සමස්ත මොළයක තිබිය යුතු  ස්නායු සෛල හා නියුරොන්  සංඛ්‍යාව ගණනය කිරීමට පර්යේෂකයන්ට හැකිවිය. ඒ අනුව මොළය පුරා සෛල බිලියන 86ක් ඇතිබව නිගමනය විය.

One response to “මිනිස් මොළයේ ස්නායු සෛල බිලියන 86ක්!”

  1. මේ සෛල සියල්ලම පාවිචීචි වෙනවද?

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending