අධිවේගී ජෙට් ගුවන්යානා පදවන ගුවන් නියමුවන් මුහුණදෙන එක ගැටලුවක් වන්නේ යන වේගයෙන්ම ගුවන් යානය තියුණු වංගුවක ආකාරයෙන් වම් පැත්තට හැරවීමේදී ඇති වන ශාරීරික අපහසුවයි. ඊට හේතුව එවැනි අවස්ථාවලදී නියමුවාගේ මොළයේ ඇති රුධිරය දෙපා දෙසට ඇදී යාමයි.. ගුවන් යානය එසේ තියුණු වංගුවක් ගන්නා විට ඇතිවන කේන්ද්‍රාපසාරී (centrifugal) බලය නිසා සිරුරේ ඇති සියලු ද්‍රව ඉවතට ඇදී යනවා. යානය වමට හැරවෙන විට කේන්දුපාසාරි බලය දෙපා දෙසට දුවන බැවින් සිරුරේ ධාවනය වන රුධිරයද දෙපා දෙසට ඇදී යනවා. ශරීරයේ ඉන්ද්‍රිය ක්‍රියාකිරීමට අවශ්‍ය ඔක්සිජන් ගෙන යන්නේ රුධිරයේ ඇත හිමොග්ලෝබින් වලින්. කේන්ද්‍රාපසාරී බලය නිසා රුධිරය දෙපා දෙසට ඇදී යාමෙන් ඇස් වලට අවශ්‍ය ප්‍රමාණයට ඔක්සිජන් නොලැබීමෙන් එවැනි අවස්ථාවල ගුවන් නියමුවන්ගේ දෑස් මොහොතකට නොපෙනීයාමට ඉඩ තිබෙනවා. අධිවේගී ගුවන් යානය එසේ හැරවීමේදී වේගය තවත් වැඩි කලොත් මොළයට ලැබෙන රුධිර ප්‍රමාණය අඩු වීමෙන් සිහිසුන් වීමට පවා පුළුවන්. එහෙත් අධිවේගී ගුවන් යානා පදවන නියමුවන් මනා ශරීර ශක්තියන් යුතු අය නිසා එවැනි තත්වයන්ට මුහුණ දීමේදී ඇති වන අපහසුතාවයන්ට ප්‍රතිරෝධය දැක්වීමට මනාව පුහුණු කර තිබෙනවා. හැරත් එවැනි අධිවේගී යානා පදවන ගුවන් නියමුවන් ඇඟලන ඇඳුම් කට්ටලය විශේෂයෙන් සකසා තියෙන්නේ එවැනි අවස්ථාවලදී රුධිරධාවනය හිස දෙසට ගමන් කිරීම තහවුරුකරන ආකාරයටයි.
කේන්ද්‍රාපසාරී (centrifugal) බලයට දිය හැකි හොඳ නිදසුනක් නම් අඩක් පුරවාගත් වතුර බාල්දියක් එහි කඹයේ ආධාරයෙන් හිස වටා වේගයෙන් කර කැවූ විට වතුර ඉවතට නොයා බාල්දියේ පතුල දෙසට වෙන්නට රැඳි සිටීමයි. එසේ බාල්දියේ වතුර ඉවතට නොයා පතුල දෙසට ගොස් හිරවී තිබෙන්නේ කේන්ද්‍රාපසාරී බලය නිසයි






ප්‍රතිචාරයක් ලබාදෙන්න