පොළෝවාසීන් වන අපට හැමදාම දකින්නට ලැබෙන්නේ හඳේ එකම පැත්තක් පමණයි. හඳේ අනික් පැත්ත බලන්න ඕනෑ නම් අජටාකාශ යානයකින් ගිහින් බලන්නට ඕනෑ. ඒත් ඒකට හේතුව පොළවට එක පැත්තක් පමණක් පේන අන්දමට හඳ නිශ්චලව පිහිටා තිබෙන නිසා නොවේ. ඇත්තටම පොළොව තමුන්ගේ අක්ෂය වටා කැරකෙනවා වගේම හඳත් හඳේ අක්ෂය වටා කැරකෙනවා. ඒත් හඳට එතවරක් තමුන්ගේම අක්ෂය වටේ කැරකෙන්න ගතවෙන කාලය හඳ පෘථිවිය වටා කැරකෙන කාලයට හරියටම සමානයි. ඒ දෙකටම දවස් 27ක් බැගින් ගතවෙනවා. ඒ නිසයි හඳේ එක අර්ධගෝලයක් විතරක් හැම තිස්සේමපොළවට මුහුණ ලා පිහිටන්නේ.
මෙය මෙසේ සිදුවීමට මූලික හේතුව ගුරුත්වාකර්ෂණයයි. අපි දන්නවා හඳේ ගුරුත්වාකර්ෂණය නිසා මහපොළොවේ අල්ප වූ ඇදයක් ඇතිවෙනවා. එකී ඇදයත්, පෘථිවියේ භ්‍රමණයත් සූර්යාගේ ආකර්ෂණයත් යන තුන එකිනෙක මත ක්‍රියාකරන නිසයි සාගරයේ වඩදිය බාදිය ඇතිවෙන්නේ. ඒ හා සමානව පෘථිවියේ ගුරුත්වාකර්ෂණය නිසා ඇතිවන ඇදීම හේතුකොටගෙන පොළොව දෙසට මුහුණ ලා හඳ මතුපිටද මද නෙරීමක් ඇතිවෙනවා. පොළවේ ආකර්ෂණය නිසා හඳේ ඇතිවන මේ නෙරීම තිරිංගයක් වගේ ක්‍රියා කරන නිසායි හඳ සිය අක්ෂය වටා කරකැවෙන වේගය දැනට පවතින මන්දගාමී මට්ටක පැවතීමට හේතුව. මේ තිරිංගය නිසා හඳේ අනික් පැත්ත අපට දැකබලා ගන්න පුළුවන් වෙන තරම් වේගයකින් හඳ කරකැවෙන්නේ නැහැ. අවරුදු බිලි න 4 කට පමණ පෙර හඳ මේ අන්දමින් පොළොවට මුහුණලා තිරිංග යොදාගත් දා සිට පොළොවෙ ඉන්න අපට පේන්නේ හඳේ එකම මුහුණතක් පමණයි.
ඩිස්කවර් සඟරාව ඇසුරෙන්





ප්‍රතිචාරයක් ලබාදෙන්න