ඈත අභ්‍යවකාශයේ ඇති තරුණ තරුවක් වටා අළුත් සෞර ග්‍ර‍හ මණ්ඩලයක් බිහිවෙන ආකාරය පිළිබඳ මෙතෙක් ලබාගෙන ඇති පැහැදිලිම  ඡායාරුපය මෙයයි.  කැරකෙන තැටියක් මෙන් පෙනෙන ළදරු සෞරග්‍ර‍හ මණ්ඩලයේ විවිධ දුර ප්‍ර‍මාණයන්ගෙන් පිහිටි අඳුරු පැහැයෙන් දැක්වෙන වළලු  සැදී ඇත්තේ තාරකාව වටා භ්‍ර‍මණය වෙන ග්‍ර‍හක වලින් බව විද්‍යාඥයෝ විශ්වාස කරති. මෙසේ කැරකෙන ග්‍ර‍හක අනුක්‍ර‍මයෙන් එක්වීමෙන් කැරකෙන වළලු වලින් දැක්වෙන කක්ෂය ඔස්සේ භ්‍ර‍මණය වෙන ළදරු ග්‍ර‍හලෝක බිහිවේ.‍ සූර්යා වටා ඇති පෘථිවිය අයත් සෞරග්‍ර‍හ මණ්ඩලය ඇති වනන්නට ඇත්තේ මේ අන්දමට බැවින් තාරකා විද්‍යාඥයන් නව සෞරග්‍ර‍මණ්ඩලයක් බිහිවෙන අන්දම නිරීක්ෂනය කිරීමට ඉමහත් උනන්දුවක් ගනී.

අභ්‍යවකාශ වස්තු නිරීක්ෂණය පිණිස චිලී රටේ අටකාමා කාන්තාරයේ පිහිටි රේඩියෝ ඇන්ටෙනා සමූහය
අභ්‍යවකාශ වස්තු නිරීක්ෂණය පිණිස චිලී රටේ අටකාමා කාන්තාරයේ පිහිටි රේඩියෝ ඇන්ටෙනා සමූහය

මේ තැටිය මැද කහපාටින් දිදුලන සූර්ය තාරකාව හඳුන්වන්නේ HL Tau යන නමිනි. අවුරුදු මිලියනයක් පමණ වයස වෙතැයි සැලකෙන මේ තාරකාව පොළොවේ සිට ආලෝක වර්ෂ 450ක් ඇතින් ටෝරුස් තාරකා මණඩලයේ පිහිටා තිබේ.  ආලෝක වර්ෂයක් යනු ආලෝකයේ වෙිගයෙන් වසරක් තුළ ගිය හැකි දුර ප්‍ර‍මාණයයි.

චිලී රටේ උතුරේ ඇටකාමා කාන්තාරයේ පිහිටි අභ්‍යවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ඇති  විශාල රේඩියෝ ඇන්ටෙනා තැටි සමූහයෙන් ග්‍ර‍ණයකරගත් දත්ත වලින් මේ ඡායාරූපය ගොඩනගා ඇත. කිලෝමීටර් පහලොවක් පමණ ප්‍රදේශයක පිහිටුවා ඇති මේ ඇන්ටෙනා තැටි සමූහයට ලැබෙන රේඩියෝ සංඥාවලින් ඉතා ඈත අැති මෙවැනි අභ්‍යවකාශ වස්තු ගැන  පැහැදිලි ඡායාරූප ලබා ගැනීමට තාරකා විද්‍යාඥයන්ට හැකිවී තිබේ.

 

 

සයන්ස් නිව්ස් ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending