අභ්‍යවකාශ තරණ ඉතිහාසයේ මං සලකුණක් පිහිටුවමින් මින් ටිකවේලාවකට පෙර (ලංකාවේ වෙලාවෙන් රාත්‍රි 9.30 ට පමණ) පිලා( Philae) නැමැති රොබෝ යන්ත්‍රය 67P/ Churyumov-Gerasimenko නමැති ධූමකේතුව( comet)මත සීරුවෙන් පතිත වුණේය. මීට දස වසරකට පෙර අජඨාකාශ ගත කළ යුරෝපීය රොසෙටා චන්ද්‍රිකාව විසින් ගෙනයන ලද පිලා රොබෝ යන්ත්‍රය පතිත වූ ධූමකේතුව කිලෝමීටර් 4ක් පමණ පළල වන අතර පොළොවේ සිට කිලෝමීටර් මිලියන 510කට ඔබ්බෙන් අභ්‍යවකාශයේ පිහිටියේය. මෙයට වසර බිලියන 4.5කට පෙර සෞරග්‍රහ මණ්ඩලයේ බිහිවීම පිළිබඳ අධ්‍යයනයන් සඳහා මේ ධූමකේතුව වැදගත් වෙතැයි විද්‍යාඥයෝ කල්පනා කරති. ඇතැම් මතයකට අනුව ග්‍රවස්තුවලට ජලය හඳුන්වාදීමේ පුරෝගාමී කාර්ය භාරයක් ධූමකේතු විසින් ඉටු කරන්න්ට ඇත. තවත් මතයකට අනුව ජීවීන් බිහිකිරීමට අවශ්‍ය මූලික ද්‍රව්‍යයන් පෘථිවියට සැපයෙන්නට ඇත්තේ ධූම කේතු මගිනි. ඒ අනුව රොබෝ යාන්ත්‍රක් මගින් සජිවී ධූමකේතුවක් පරීක්ෂාකිරීමට අවස්ථාව සැලැසීම ඉතා වැදගත් කටයුත්තක් ලෙස විද්‍යාඥයෝ සලකති.
කිලෝග්‍රෑම් 100ක් බරැති පිලා රොබෝ යන්ත්‍රය රොසෙටා මව්යානයෙන් වෙන්ව ධූමකේතුව මතට පතිති වීම මුළුමනින්ම පාහේ මෙහෙයවුණේ ධූමකේතුවේ අල්පවූ ගුරුත්වාකර්ෂණය මතය. 2004 මාර්තුවල ප්‍රන්ස ගයනාවේ කූරූ අභ්‍යවකාශ යාත්‍රාංගනයෙන් ගුවන්ගත කළ රොසෙටා චන්ද්‍රිකාවට සූර්යයා වටා පැයට කිලෝමීටර් 135,000ක වේගයෙන් කරකැවෙන 67P ධුමකේතුව මතට පිලා රොබෝ යන්ත්‍රය සීරුවෙන් පතිත කිරීමට හැකිවන පරිදි ලඟාවීමට දස වසරක් පුරා කිලෝමීටර බිලියන 6කට කිට්ටු දුරක් ගමන් කිරීමට සිදුවිය. රොසෙටා චන්ද්‍රිකා ව්‍යාපෘතියේ මුලු වියදම ඩොලර් බිලියන 1.58 ක් පමණ වෙතැයි ගාඩියන් පුවත් පත වාර්තා කරයි.
ජර්මනියේ ඩාම්ස්ටාඩ්හි පිහිටි යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ පාලන මධ්‍යස්ථානයෙන් මෙහෙය වූ මේ ගොඩ බැසීම ධූමකේතුවක් මත කළ පළමු ගොඩ බැස්ම ලෙස ඉතිහාස ගතවෙනු ඇත.
ගාඩියන් හා බීබීසී වාර්තා ඇසුරෙන්





ප්‍රතිචාරයක් ලබාදෙන්න