ජපන් සම්භවයක් ඇති අමෙරිකානු ජාතිකයන් 8006 දෙනෙකු සම්බන්ධ කරගනිමින් සිදු කළ පරීක්ෂණයකට අනුව දීර්ඝායුෂ එක්තරා ප්‍ර‍මාණයකට සිරුරේ දිග ප්‍රමාණය අනුව තීරණය වෙන බව සොයාගෙන තිබේ. ඒ අනුව කොට මිනිසුන්ට දිගුකල් ජීවත්වීමේ ප්‍ර‍වනතාවය වැඩියෙන් ඇත. සයන්ස් ඉලස්ට්‍රෙටඩ් සඟරාවේ නොවැම්බර් කලාපය වාර්තා කරන පරිදි  බොහෝ විට මිටි මිනිසුන්ට ඇත්තේ සුවිශේස මාදිලියක FOXO3 ජානයකි.  මේ ජානය සාමාන්‍යයෙන් දීරඝායුෂ හා සබැඳේ. එහෙත් ජානයේ මෙකී මාදිලිය කොට මිනිසුන්ට ඇත්තේ මන්දැයි විස්තර කිරීමට විද්‍යාඥයන්ට තවම නොහැකිය.

 

Science illustrated වාර්තාවක් ඇසුරෙන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending