ඔබගේ සහකරු හෝ සහකාරිය සමග හුවමාරු කරගන්නා තතපර 10 ක හාද්දකින් බැක්ටීරියා ම්ලියන 80ක් මුඛ අතර හුවමාරු වෙයි. බැක්ටීරියා මිලිය 80ක් හාදුවකින් හුවමාරුවන බව ඇසූවිට එය බියකරු දෙයක් විය හැකියැයි සිතුනද ඇත්තටම මේ බැක්ටීරියා හුවමාරුව හිතකර දෙයක් විය හැකිය. ඇමස්ටර්ඩෑම් සත්තුවත්තට පැම්ණි යුවල අතරින් තෝරාගත් 21 ඇසුරින් කළ අධ්‍යයනයකින් මේ බව අනාවරණය වී තිබේ.
තනි යුවලක් සම්බන්ධයෙන් ගත් විට ඔවුන්ගේ මුවෙහි වෙසෙන බැක්ටීරියා වෙනත් පුද්ගලයන්ගේ මුවෙහි වෙසෙන බැක්ටීරියා වලට වඩා එක සමාන බව දුටු පර්යේෂණ කන්ඩායමේ නායක මහාචාර්ය රෙම්කෝ කොර්ට් පවසන අන්දමට ඊට හේතුව කලක් තිස්සේ හාදු හුවමාරු කරගත් අයගේ දිවෙහි වෙසෙන බැක්ටීරියා එක සමාන වර්ග වලට අයත් වීමයි.
මෙසේ හාදු දෙන්නන් අතර බෙදා ගන්නා බැක්ටීරියා කොතෙක් දුරට එක සමාන වෙන්නේ දැයි සොයා බැලීමට යුවලක් අතරින් එක් අයෙකුට ලැක්ටොබැසිලස් සහ බිෆිඩෝබැක්ටීරියා වර්ගයේ බැක්ටීරියා සහිත යෝගට් පානයක් ලබා දී අනතුරුව තත්පර 10ක හාදුවක් දීමට සලස්වන ලදී. ඉන්පසු යෝගට් පානය නොගත් හාදුකරුගේ මුවෙන් ගත් කෙළ සාම්පලයක් පරීක්ෂා කර බලා ගණනය කළ විට යෝගට් පානය ගත් අයගෙන් යෝගට් පානය නොගත් අයවෙත සංක්‍රමණය වූ බැක්ටීරියා ප්‍රමාණය මිලියන 80ක් පමණ වන බව සොයා ගන්නා ලදී.
මෙසේ බැක්ටීරියා මිලියන 80ක් මුවකින් මුවකට මාරු වුවද එය නරක දෙයක් ලෙස සැලැකීමට හේතුවක් නැතැයි මහාචාර්ය කෝට් පවසයි. ඊට හේතුව වවිධ බැක්ටීරියා වර්ග වලට නිරාවරණය වීම ක්ෂුද්‍රීවින්ට එරෙහිව ප්‍රතිශක්තිය දියුනු කරගැනීමට හේතුවන බැවිනි. ඒ ආකාරයට කල්පනා කළොත් හාදු දීම ඉතා සෞඛ්‍ය සම්පන්න දෙයක් ලෙස සැලැකිය හැකි බව මහාචාර්ය කෝට් පවසයි.
නිව් සයන්ටිස්ට් සඟරාව ඇසුරෙන් සැකසුවේ රුවන් හරිස්චන්ද්‍ර





ප්‍රතිචාරයක් ලබාදෙන්න