ඉහිරී නොයා ආහාර ගත හැකි ‘බුහුටි හැන්දක්’ ගූගල් ආයතනය වෙළඳපොලට හඳුන්වාදෙයි. විවිධ හේතූන් නිසා අත් වෙව්ලන රෝගීන්ට මෙය මහත් අස්වැසිල්ලක් වෙතැයි අපේක්ෂා කෙෙර්. ලිෆ්ට්වෙයාර් යනුවෙන් නම් කර ඇති මේ බුහුටි හැන්ද නිර්මණය කෙරුණේ ලිෆ්ට්ලැබ්ස් නම් සමාගම මගිනි. එදිනෙදා ජීවිතයට අවශ්‍ය තාක්ෂණය වෙනුවෙන් කෙරෙන ආයෝජන වර්ධනය කිරීමේ වැඩසටහන යටතේ පසුගිය සැප්තැම්බරයේ ගූගල් සමාගම එම ආයතනය මිළට ගත්තේය.
මෙම හැන්ද තැනීමට යොදා ඇති තාක්ෂණය නිසා හැන්දේ බොකුටු කොටස සෙලවීම සියයට 70 කින් අඩුවන බව චිකිත්සාගාර පර්යේෂණ වලදී හෙළිවී ඇත. හැන්ද අල්වාගෙන තිබෙන අතෙහි වෙව්ලිමට මෙහි යොදා ඇති විද්‍යුත් මෙවලම් සංවේදී වන අතර ඒවා හැන්ද සමබරව තබා ගැනීම සඳහා වහා සීරුමාරුකිරීම් කරයි. මෙම බුහුටි හැන්ද සමග ගෑරුප්පුවක් හා ඇසුරුමක් ද සැපයේ.
නව උපකරණය විශේෂයෙන්ම පාකින්සන් ගේ රෝගය(Parkinson’s disease) නැමැති ස්නායු ආබාධයෙන් පෙලෙන්නන්ට ප‍්‍රයෝජනවත් වෙතැයි නිර්මාපකයෝ පවසති. අත් වෙව්ලීම මෙම රෝගයේ සුලබව දැකිය හැකි ලක්ෂණයකි. අපේ චලනයන් පාලනය කෙරෙන මූලස්ථ ගණ්ඩුකය(basal ganglia) නම් මොළයේ පිහිටි ව්‍යූහයට රෝගයෙන් බලපෑම් ඇතිකරයි. එ නිසා ඉහිරා නොගෙන ආහාර ගැනිම එම රෝගීන්ට බොහෝ විට අසීරුය.
http://www.dnaindia.com/iඅැසුෙරනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න