මුදුවකට යොදන තරම් ඉතා කුඩා (අවුන්සයකින් දෙසීයෙන් පංගුවක් තරම් බර) දියමන්ති කැබැල්ලක් විශ්ලේෂණය කිරීමෙන්, අංශක දහස් ගණනක උෂ්ණත්වයකින් යුත් අති විශාල ජල ප‍්‍රමාණයක් පෘථිවි අභ්‍යන්තරයේ පවතින බව හෙළිදරව් කර ගැනීමට භූ ගර්භ විද්‍යාඥයින් දෙදෙනෙක් සමතa වෙති.
ගිණිකඳු පිපිරීමකින් පසු මතු වූ දියමන්ති තොගයක් 2008 වසරේදී ඇමසන් වැසි වනාන්තර ආශ‍්‍රිත ප‍්‍රදේශයෙන් සොයා ගන්නා ලදී. මේවා පෘථිවි පෘෂ්ඨයේ සිට සැතපුම් 325 ක් පමණ ගැඹුරේ නිර්මාණය වී ඇතැයි පර්යේෂණ මගින් තහවුරු කර ඇත.
කැනඩා භූ රසායන විද්‍යාඥ ග‍්‍රැහැම් පියර්සන් හා ඔහුගේ ශිෂ්‍ය ජෝන් මැක්නීීල් හට 2009 වසරේදී මෙම දියමන්්ති පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා අවස්ථාවක් ලැබුණි.
ඔවුන්ගේ අරමුණ වූයේ මෙම දියමන්්ති පිළිබඳව අධ්‍යනයෙන්, පෘථිිවි පෘෂ්ඨයත්, හරයත් (core ) අතර පිහිටි ප‍්‍රාවරණය (mantle) යනුවෙන් හඳුන්වනු ලබත කොටසේ මූලාරම්භය හා විකසනය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමයි.
ලේසර් කිරණ භාවිතයෙන් දියමන්ති දහස් ගණනක සංයුතිය පරීක්ෂා කිරීමේ දී මැක්හීල් හට දියමන්ති වල මින් පෙර නොදුටු අංශුවක් ගැබ් වී ඇති බව දක්නට ලැබුණිි.
රිංග්වුඩයිට් (ringwoodite) යනුවෙන් හඳුන්වනු ලබන එම ඛණිජය, විද්‍යාඳයින්ට මින් පෙර හමුවී ඇත්තේ උල්කාශ්ම කොටස් වල තිබී හෝ පරීක්ෂණාගාර වලදී සංස්ලේෂණය කර ගැනීම මගිනි. එම නිසා රිංග්වුඩයිට් ඛණිජය පෘථිවිය ගැඹුරේ අධි පීඩනයක් යටතේ සුලබව පැවතිය හැකිදැයි සිතා බැලීමට ඔවුන්ට සිදුවිය.
මෙම රිංග්වුඩයිට් ඛණිජ අංශුව පරීක්ෂා කිරීමේ දී හෙලි වූයේ එය නිර්මාණය වීමේදී ඉතාමත් කුඩා ජල බිංඳුවක් රඳවාගෙන ජලය ඉතාමත් සියුම්ව ඛණිජය පුරා විසුරුවා ගෙන තිබූ අපූර්ව ආකාරයයි.
පියර්සන් විසින් දියමන්ති පිළිබඳව කරන ලද සංවිස්තරාත්මක විශ්ලේෂණය මේ වසරේදී නිම කරන ලදී. එයින් තහවුරු වූයේ දියමන්ති තුළ තිබූ රිංග්වුඩයිට් ඛනිජ අංශුවල ජලය අඩංගු බවයි. මෙම සොයා ගැනීම, පොලෝ ගැඹුරේ ජලය පවතින බව තහවුරු වීමට සෘජු සාක්ෂියක් වීම විශාල වාසනාවක් යනුවෙන් පියර්සන් කියයි.
පෘථිවි පෘෂ්ඨය හා හරය අතර ඇති ප‍්‍රදේශය ඉතා විශාලය. ඉතින් සෑම රිංග්වුඩයිට් අංශුවකම ජලය අඩංගු වන්ෙන් නම්, පෘථිවිය මත සාගර ජලය හා සමාන ජලය ප‍්‍රමාණයක් පෘථිව් අභ්‍යන්තරයේ සැගව තිබිය හැකි බව ඔහුගේ අදහසයි.
Discoverසගරාවේ පලවූ Diamonds RevealHidden ‘Oceans’ in Earth’s Mantle නමැති ලිපිය ඇසුරෙන් සකස් කළේ චන්දන තෙන්නකෝන්





ප්‍රතිචාරයක් ලබාදෙන්න