බුහුටි තාක්ෂණය දැන් අපේ අපේ ජිවිතවල සෑම අංශයකටම පැතිර යන්නට පටන්ගෙන ඇත. ස්මාට් ෆෝන්(smartphone) හෙවත් බුහුටි දුරකතන ලංකාවේ අපටත් හුරුපුරුදුය. ස්මාට් ස්පූන් (smart spoon) හෙවත් බුහුටි හැන්දක් ගැන මැතක තතු හි පළවු ලිපියකින් කියැවිණ. ඇයි එතකොට ස්මාට් වොච්(smartwatch)? මේ ඕනෑම බුහුටි තාක්ෂණයකින් බලාපොරොත්තුවන්නේ අපේ ජීවිත වඩාත් පහසු කරවන්නයි. කෙසේවෙත් මේ වාර්තාවෙන් කියැවෙන බුහුටි උපකරණය වෛද්‍ය විද්‍යානුකූලව ගතහොත් මෙතෙක් වෙළඳපොළට ආ අනෙක් බුහුටි උපකරණවලට වඩා ප්‍රයෝජනවත් වන බව නිසැකය.
මෙම බුහුටි උපකරණය අනාගත මාදිලියක සිවි කාචයක් හෙවත් ඇස තුළ රඳවන කාචයකි. එහි එක් විශේෂත්වයක් වන්නේ එය පැළඳි තැනැත්තාගේ ග්ලූකෝස් මට්ටම මැන ගැනිමට හැකිවීමයි. දියවැඩියාවෙන්(මධුමේහය)පෙළෙන අය සඳහා නිපදවා ඇති මෙම සිවි කාචය ඇසෙහි පැළඳිවිට එහි ඇති කුඩා සංවේදකයක්(sensor) මගින් කඳුළුවල අඩංගු ග්ලූකෝස් ප්‍රමාණය මනිනු ලැබේ. අනතු රුව, එහිම ඇති ක්ෂුද්‍ර ඇන්ටෙනාව මගින් රැහැන් රහිතව ප්‍රතිග්‍රහක උපකරණයකට එම මිනුම් යැවේ. මෙම නව කාචය සහිත උපකරණයෙහි මුල් ආකෘතිය නිපදවනු ලැබ ඇත්තේ ගූගල් සමාගමට අනුබද්ධිත ගූගල් X (Google X) අංශය මගිනි.
මෙමගින් සෑම තත්පරයක් පාසාම ග්ලූකොස් මට්ටම මිණිය හැකි බව ගූගල් චිකිත්සාගාර පර්යේෂණ අධ්‍යයන පෙන්වා දෙයි. දියවැඩියා රෝගීන්ට දැනට සිදුකරන අන්දමට රුධිර ග්ලූකොස් මට්ටම මැනීම පිණිස දවස පුරා ඇගිලි විද ලේ ගැනිම වෙනුවට යොදා ගත හැකි කදිම විකල්පයක් ලෙස බුහුටි කාචය හඳුන්වා දිය හැකිය. එමෙන්ම අසාමාන්‍ය ග්ලූකෝස් මට්ටම් ගැන මෙමගින් වහාම රෝගියාට. වෛද්‍යවරුනට මෙන්ම සත්කාරකයන්ට අනතුරු ඇගවිය හැකිවේ.

මෙම බුහුටි කාචය නිපදවීමේදී භාවිත කෙරෙන තාක්ෂණයෙහි යම් වෙනස්කම් සිදුකිරීම් තුළින් දැනට ඇති ද්විනාභීය හෙවත් දුර හා ළඟ පෙනෙන(bifocal) සිවි කාචවලට වඩා මනරම්, හොඳින් ක්‍රියාකරන සිවිකාවයක් නිපදවිමට ද සැලසුම් කර ඇතැයි ගූගල් සමාගම පවසයි. අද ලෝකයේ ඇති ෙබාහෝ කැමරාවල තිබෙන ස්වයංනාභිගතකිරීමේ(autofocus) අංගයට සමාන අංගයක් මෙම කාචයටම අන්තර්ගත කර තිබේ. ඒ අනුව, ඇසේ පේශී සංචලනය නිරීක්ෂණය කරමින් ස්වයංක්‍රීයව නාභිගත කර සීරුමාරු කිරීමට මෙයට හැකියාව ඇති හෙයින් ඇසෙහි ස්වාභාවික කාර්යය අනුකරණය කිරීමට අවකාශ ලැබේ.
ඖෂධ අළෙවි කරන දැවැන්ත සමාගමක්වන නොවාටිස්(Novatis ) නැමැති සමාගම බලපත්‍රයක් ලබා ගෙන වානිජ මට්ටමින් නව කාචය බෙදා හැරීමට කටයුතු කරන බව පසුගිය ජූලි මාසයේ දී හෙලිකළේය. සමාගම ආරම්භක වශයෙන් අවධානය කරන්නේ දියවැඩියාව සහ ස්වයංනාභිගත කිරීම යන අංශ දෙක ගැනය. 2015 වන විට මුල් ආකෘතිය වැඩිදියුණු කර ගැනීම සම්බන්ධයෙන් අත්පත් කරගෙන ඇති ප්‍රගතිය ගැන සමාලෝචනයක් කිරීමට බලාපොරොත්තුවෙන බව පවසන නොවාටිස් ප්‍රධාන විධායක නිලධාරී ජෝශප් ජිමනෙස් කාචයේ කොයි අංශය මුලින් වෙළඳපොළට හඳුන්වාදෙන්නේ දැයි දැන්ම කිමට අපහසු බව කියයි.
DISCOVER Jan-Feb 2015 සඟරාවේ Futuristic contact lens in sight ලිපිය ඇසුරෙනි.





ප්‍රතිචාරයක් ලබාදෙන්න