සතුන්ටත් හැඟීම් ඇත යන අදහස මෑතක් වන තුරුම සැලකුණේ විද්‍යාත්මක මිත්‍යා ග‍්‍රාහයක් හෙවත් පිළිගැනීමක් (පිළිගත් මතයට විරුද්ධ මතයක්) ලෙසය. සතුන් ද බිය, කෝපය වැනි ඍනාත්මක චිත්ත වේග අත්විඳින බව පර්යේෂකයෝ පිළිගත්හ. එහෙත් ඔවුන් බොහෝ දෙනෙකු සතුන්ට ද ධනාත්මක සිතුවිලි ඇති විය හැකිය යන සිතුවිල්ල පිළිගැනීමට කැමැත්ත දැක්වුයේ නැත. නුතන පර්යේෂණ වලින් ඔප්පු වී ඇත්තේ ඔවුන්ගේ තීරණ වැරදි සහගත බවයි. සුරතලේට සතුන් ඇතිකරන්නෝ නම් සිය සුනඛයා හෝ බළලාට සංවේදන ඇති බව කවදත් දැන සිටියහ. කෙසේ වෙතත්, වනගත සතුන්ට ද අනුවේදනය, සන්තෝෂය, කණගාටුව, ආදරය, ඔව්, කෘතඥතාව පවා දැනෙන බවට දැන් නිෂ්ප‍්‍රභ කළ නොහැකි සාක්‍ෂි ලැබී තිබේ. සමහර දැඩි මතධාරි පර්යේෂකයන් තවමත් හිතුවක්කාර ලෙස මෙම තත්ත්වය පිළිගැනීමට අකමැති වුවත් ඔවුන්ගේ සංඛ්‍යාව සීඝ‍්‍රයෙන් අඩුවෙන්නට පටන්ගෙන තිබේ. සතුන්ට සහජාසය (bi-instinct) ඇති බවත්, හෝමෝ සේපියන්ස් (මානවයන්) අප හිතන තරම් සුවිශේෂී නොවන බවත් පෙනී යන්නට පටන් ගෙන ඇත.
සතුන්ගේ භාවයන් පිළබඳ සිත් බඳින විනෝද ජනක ලූහු අන්දර එදා සිටම සුලබව පැවතුණි. එහෙත්, මෙයට දශකයකට පමණ පෙර සිට ස්නායු ජීව විද්‍යාඥයන්ට මීට අදාළ කායික සාක්‍ෂි හමුවෙන්නට පටන් ගෙන ඇත්තේය. මානවයන්ගේ මෙන්ම මානවයන් නොවන ප‍්‍රිමාටේස් විශේෂයන්ගේ අනුවේදනයට සම්බන්ධ සුවිශේෂි ස්නායු සෛල (නියුරෝන) එවැනි එක් කායික සාක්‍ෂියකි. අනුවේදනයට, සහජ ඥනයට හා අනුන් වෙනුවෙන් කැපවු හැඟීම් වලට බලපාන මොළයේ සෛලයක් පොදුවේ මානවයන්, අනෙක් ප‍්‍රිමාටේස් විශේෂයන් සහ තල්මසුන් සතුව ඇති බව සොයා ගැනීමට ඔවුහු සමත් වුහ.
මෙය අපට එතරම් පුදුමයට කාරණයක් නොවිය යුතු යයි කතුවරයෙකු සහ විද්‍යාඥයෙකු වන ජොනතන් බැල්කෝම්බ් (Jonathan Balcombe) සිය Pleasurable Kingdom නම් ග‍්‍රන්ථයෙහි ලා සඳහන් කරයි. එයට හේතු වශයෙන් ඔහු දක්වන්නේ, කටු සහිත අස්ථි පක්‍ද්ජරයක්, ස්නායු පද්ධතියක්, මධ්‍යම මොළයක්, සංසරණ පද්ධතියක්, හෝමෝන ආදි වශයෙන් සමාන කායික ගතිලක්‍ෂණ බොහොමයක් මානවයන් සහ අනෙකුත් ක්‍ෂීරපායිනට, කුරුල්ලන්ට, උරගයන්ට, උභය ජීවීන්ට හා මාළුන්ට පොදු වීමයි. ඊටත් අමතරව මොවුනට දැකීම, ආඝ‍්‍රාණය, ඇසීම, ස්පර්ශය හා රසය ඇතුළත්වන සංවේදක පද්ධතියක් ද ඇත. මිනිසුන් සහ සතුන් සමාන ආකාරයට ප‍්‍රතිචාර දක්වතියි යන්න සාධාරණ සිතුවිල්ලක් යයි බැල්කෝම්බ් සහ වෙනත් විද්‍යාඥයෝ විශ්වාස කරති. ඇතැම් උත්තේජකයන්ට හෝ ප‍්‍රබෝධකයන්ට සතුන් සරලව හා නිරායාසයෙන් ම (ඉබේටම) ප‍්‍රතිචාර දක්වන්නේ නැතැයි ඔවුහු නොකියති. සතුන්ගේ අනුවේදන මිනිසුන්ගේ අනුවේදන වලට සමාන යයි ද ඔවුහු කල්පනා නොකරති. එහෙත් ඔවුන්ගේ පර්යේෂණ අපට පෙන්වා දෙන්නේ, මානසික හා චිත්තවේගී වශයෙන් වඩාත් සංකීර්ණතාවක් සතුන්ට ඇතැය යන්නයත අප සිතින් මවාගෙන සිටියාට වඩා අරුත් පිරි ජීවිත ගත කිරීමට මග පාදන ගැඹුරු මාන, පරාමිති ඇතය යන්නය. කිහිපයක් අපි සලකා බලමු.
ප‍්‍රිති ප‍්‍රමෝදය හා කෙළිලොල්බව
වන සතුන් අතර ක‍්‍රීඩාව බොහෝවිට ප‍්‍රයෝජනවත් වෙන්නේ සිය පැවැත්ම සඳහා අනාගතයේදී අවශ්‍යවන කුසලතා වර්ධනය කර ගැනීම පිණිසය. එහෙත් ඉන් ඔවුන් විනෝදයක් ලබන බවට නම් සැකයක් නැත. ලේනුන් එකිනෙකා සමග කෙළිදෙලෙන් පසුවෙනවා, හාවුන් දුවමින් පනිමින් එකිනෙකා හඹා යනවා අපේ ගෙවත්තේදීම අපි නොයෙක් වර දැක ඇත්තෙමු. ගෙමිදුල පුටුවල බහා තිබෙන තුවා ඒ මේ අත අඹරවා සිය ගත සම්පුර්ණයෙන් වසා ගන්නා වැඩිහිටි පිරිමි ලේනෙකු ගැන මානව විද්‍යාඥවරියක් වන මේරි තර්ස්ටන් අපට පවසයි. එම ලේනාගේ චර්යාව හුදෙක් විනෝදය සඳහා සිදු කරන්නක් බව ඇය ප‍්‍රකාශ කරන්නේ එසේ හැසිරෙද්දී ලේනාට පැවැත්මට, ජෝඩුවීමට හෝ අහර සෙවීමට අදාල අරමුණු කිසිවක් නොමැති හෙයිනි. සතුන් කෙළි සෙල්ලම් කිරීමෙන් විනෝදයට සමාන අත්දැකීමක් ලබාගන්නා බව විවිධ නිරීක්‍ෂණ වලින් හෙළිවෙයි. (මෙයට සහ වෙනත් උදාහරණ සඳහා මුල් ලිපිය බලන්න). සෙල්ලමට මීයන්ට කිතිකවන විට උන් සතුටින් කෑගසන අතර (මිනිසුන්ගේ මෙන්ම සතුන්ගේ) මොළයේ ප‍්‍රීතියට අදාලවන ස්ථානයට සමිබන්ධ කමක් ඇති ඩොපමයින් (dopamine) නිෂ්පාදනය ඉහළ යන බව පෙන්නුම් කරයි. ඩොපමයින් යනු ස්නායු ආවේග ගෙන යාම සඳහා ස්නායු තන්තුවලින් නිකුත් කරන රසායනික යුෂ හෙවත් නියුරෝට‍්‍රාන්ස්මීටරයක් ලෙස ක‍්‍රියාකරන වැදගත් රසායන සංයෝගයකි.
ආදරය
වානර මව්වරුන් ඉමහත් සෙනෙහසින් යුතුව සිය පැටියා තුරුලූ කරගෙන සිටින ජායාරූප අප කොපමණ නම් දැක ඇත්ද? ජීවිත කාලයම එකට ගෙවන්නට එක්වු ලව්බර්ඞ් ජෝඩුව දිවා ? දෙකෙහිම එකටම ගත කරනු අප දැක නැත්ද? ආදරය හෝ ඊට සමාන හැඟීමක් තල්මසු කණ්ඩායම්, ඩොල්පින්, හයනා, නරි, මුගටි ආදීන් අතරේ ඇති බවට සාක්‍ෂි සොයාගෙන තිබේ. පක්‍ෂීන් අතරද එලෙසමය. තවත් උදාහරණ එමටය (මුල් ලිපිය බලන්න)
සහකම්පනය හෙවත් අනුවේදනය (empathy)
එක් සත්ත්ව විශේෂයක් තවත් විශේෂයක් ,හදා වඩා, ගනීම ගැන පුවත් වාර්තා අතරේ අපි දැක ඇත්තෙමු. ජම්මාන්තර වෛරකාරයින් සේ සළකන බලූ-බළල් සතුන් අතර පවා මෙවැනි චර්යා දැක ගත හැක. ප‍්‍රංශ බුල්ඩෝග් වර්ගයේ සුනඛ ධේනුවක් බෙංගාල කොටි පැටියකුට ,කිරි මවු වීම, ගැන මෑතක වාර්තාවක් පළවිය. මෙලෙස .මව්. සෙනෙහස කියා සත්ව විශේෂ අතර සබඳතා ඇතිවීම සුලබ වුවද සහකම්පනය වෙනත් ආකාර වලින් ද ඉස්මතු වේ. ආබාධිත සගයකු මග නොහැර යාම සඳහා අලි ඇතුන් කණ්ඩායම් සෙසු සාමාජිකයන් සෙමින්, සෙමින් ගමන් කිරීම, පොල්කිච්චන් වැනි වූ නිල් ජේ (Jay) කුරුල්ලෙකු, ඇස්පෙනීම දුර්වල සිය වැඩිහිටි සාමාජිකයෙකුට අහර සැපයීම, පවුලේ දුර්වල සාමාජිකයන්ට මීයන් පවා උදව් කිරීම ආදිය පර්යේෂකයන්ගේ නිරීක්‍ෂණයට ලක්ව තිබේ. කනගාටුව, කළ ගුණ සැලකීම වැනි චිත්තාවේග සතුන් අතර ඇති බවට මේ අන්දමට නොයෙක් වර විද්‍යාඥයන්ගේ පමණක් නොව අපට පවා නිරීක්‍ෂණය වී ඇතුවා නිසැකය. (මුල් ලිපියෙහි විස්තර ඇත)
wildlife.com හි පළවු Yes, they have feelings! ලිපිය ඇසුරෙනි.
ඒත්තු ගන්වන සුළු රසවත් කතන්දරයක් වුවද විද්‍යාඥයන් අතර මේ ගැන නොයෙකුත් වාද විවාද ඇත. විද්‍යාවේ අගය මෙන්ම ස්වභාවය ද එයයි. විද්‍යාව යනු වාද විවාද හා යළි යළිත් සිදුකෙරෙන පර්යේෂණ තුළින් සත්‍යය මතු කර ගැනීමට ගන්නා උත්සාහයයි. මෙම ලිපියේ අඩංගු කරුණු ගැන මීට වෙනස් මත දරණ විද්‍යාඥයන්ගේ අදහස් ද විමසා බැලීම වටී — තතු සංස්කාරක





ප්‍රතිචාරයක් ලබාදෙන්න