විවේකයක් ලදවිට බොහෝ අයකරන්නේ නැරඹීමට හොඳ වැඩසටහනක් රූපවාහිනියේ ප්‍ර‍චාරය වන්නේද යන්න සොයා බැලීමයි එහෙත් ටෙරී ලව්ජෝයි විවේකයක් ලද විට කරන්නේ අභ්‍යවකාශයේ ධුමකේතු තිබෙන්නේදැයි විමසා බැලීමයි. මෙතෙක් ඔහු විසින් සොයා නම් කරන ලද ධූමකේතු සංඛ්‍යාව පහකි. මේ ඔස්ට්‍රෙලියානු ජාතික ආධුනික තාරකා විද්‍යාඥයා මෑතකදීම සොයාගත් ධූමකේතුව Comet C/2014 Q2 (Lovejoy) යනුවෙන් නම්කර ඇත. මේ ජනවාරි 24 වන දින දක්වා එකී ලව්ජෝයි ධුමකේතුව අඳුරු පැහැදිලි අභ්‍යවකාශයේ ඔරියන්,ටාරුස්, ප්ලියාඩෙස් (Orion, Taurus and the Pleiades) යන තාරකා පන්තිවලට ආසන්නව ගිනිකොන දිග අහසේ ඉහළ පෙදෙසේ පියවි ඇසින් දැකගතහැකිය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending