චිමිපන්සින් වැනි වානරවර්ග වල මොළයේ දක්නට නොලැබෙන ආකාරයේ සෙන්ටිමීටර් 4.5ක් දිගැති  ගැඹුරුදාරයක් මිනිස් මොළයේ දකුණු පැත්තෙහි පිහිටා තිබෙන බව  ප්‍ර‍න්සයේ ජාතික වෛද්‍ය පර්යේෂණායතනයේ විද්‍යාඥ ෆ්‍ර‍න්සුවා ලෙරෝයි පෙන්වා දෙයි. මේ දාරයෙන් ඉටුකෙරෙන කටයුත්ත තවම නිශ්චයටම කිවනොහැකි නමුත් මනුෂ්‍යන්ට පමණක් ඇති කතාකිරීමේ හැකියාව සහ මේ දාරය අතර සම්බන්ධයක් තිබේදැයි විමසිල්ලට ලක්ව තිබෙන බවද ඔහු පවසයි. චිම්පන්සි මොළයට වඩා මිනිස් මොළය තුන් ගුණයකින් පමණ විශාලය. එහෙත් මිනිස් මොළයට පමණක් සීමාවූ මෙවැනි සුවිහේෂ ලක්ෂණ නිසා ඇතිවෙන මිනිස් ක්‍රියාකාරීකම් නිශචය කර ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවේ. කතාකිරීමට සම්බන්ධ මිනිස්මොළයේ ඇති පෙදෙස සාමාන්‍යයනේ හැඳින් වෙන්නේ බ්‍රෝකාගේ ක්ෂේත්‍ර‍ය ( Broca’s area) යනුවෙනි. එය චිම්පක්සි මොළයේ ඇති බ්‍රෝකාගේ ක්ෂේත්‍ර‍යට වඩා විශාලය. මිනිස් මොළයේ ඇති ඉහතකී දාරය  පිළිබඳ මෙතෙක් නිශ්චිත දැනුමක් නොතිබූ නමුත් මිනිසුන් 177 දෙනෙකුගේ හා චිම්පන්සින් 73 දෙනෙකෙුගේ මොළය ස්කෑන් කොට ලබාගත් දත්ත වලින් පෙනීගොස් ඇතතේ මිනිසුන් හැරෙන විට අනෙකුත් ප්‍රිමාටාවර්ග වල සතුන්ගේ මොළයේ මෙවැනි දාරයක් පිහිටා නැති බවයි.

මිනිස් මොළයේ මේ ගැඹුරු දාරය පිහිටා ඇති පෙදෙසේ කාර්යය කටහඩ පාලනය කිරීම, අන්‍යන්ගේ මුහුණු හඳුනා ගැනීම හා සිතුවිලි අනුමාන කිරීම වැනි කටයුතුයි. මේ අතර මිනිස් මොළයේ වම් පෙදෙසේ ඇති ඒතරම් නොගැඹුරු දාරය පිහිටා ඇති කොටස අපේ භාෂා ඥාණය හා සම්බන්ධයැයි සැලකේ. මිනිස් මොළයට පමණක් සීමා වූ මෙවැනි අසමමිතික ලක්ෂණ මිනිස් මොළය පිළිබඳ නිසි අවබෝධයක් ලබා ගැනීමට උදව් විය හැකිවන්නේ මිනිස් මොළයේ දකුනු පස හා වම්පස යන පැති දෙකෙන් එකිනෙකට වෙනස් සුවිශේස කාර්යයන් ඉටු කරන බැවින්යැ‘යි ලෙරෝයි පවසයි. ලෙරොයි කල්පනා කරන අන්දමට මේ අසමමිතික ලක්ෂණ වලින් නිරූපනයවන්නේ අනෙකුත් සත්වයන්ට වෙන්ස්ව මිනිසුන්ට පමණක් ඇති කතාකිරීමේ හෝ ඥානනය වීමේ හැකියාව විය හැකියි. මේ පිලිබඳව වැඩි අවබෝදයක් ලබා ගැනීමට නම් ප්‍රිමාටා සත්ව වර්ග වල කලල අවස්තාවේදීම මෙවැනි වෙනස්කම් ඇතිවීමට තුඩුදෙන ජාන වර්ග පිළිබඳවද සොයා බැලිය යුතුබව ලෙරොයි අදහස් කරයි.

නිව්සයන්ටිස්ට් සඟරාව ඇසුරෙන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending