චීනයේ අගනුවර බීජින් නගරය හානිකර දුමාරය නිසා වාසයකල නොහැකි නගරයක් බවට පත්ව ඇති බව බීජිං නගරාධිපති වැන්ග් අන්සුන් පැවසූබව රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කරයි.
ජීවත්විය හැකි ජාත්‍යන්තර නගරයක් බවට බීජිං නුවර පත් කිරීම අරමුණු කරගෙන තමා උත්සාහ කරන්නේ නිසි ප්‍රමිති වලට අනුව කටයුතු කර දැන් පවතින් තත්වය මගහරවා ගැනීමට බව අන්ෂුන් පැවසීයැයි චීන රජයට අයත් චයිනා යූත් දිනපතා පුවත් පත වාර්තා කළේය. දැනට පවතින ත්වය අනුව වර්තමාන බීජිං නගරය වාසයට සුදුසු තැනක් නොවන බවද ඔහු පවසා ඇත.
අන්ෂුන් මෙසේ ප්‍රකාශ කිරීමට පසු 2013 ලෝක සංචාරක වෙළඳ පොළ විවිරණය කිරමින් සමීක්ෂණ වාර්තාවක් නිකුත් කළ ඉයුරොමොනිටර් ඉන්ටර්නැෂනල් ආයතනය ඒ වසරේ බීජිං නගරයේ සංචාරක කර්මාන්තය 10%කින් අඩුවීමට ඒක හේතුවක් වූයේ එහි පරිසරය දූෂිත වීම නිසා බව පෙන්වා දුන්නේය. එකි වාර්තාවට අනුව සංචාරකයන් වැඩියෙන්ම ප්‍රිය කරන නගර තුන නම් හොංකොං, සිංගප්පුරුව සහ බැංකොක්ය. හතරවැනි තැනට ලන්ඩනයත් පස්වැනි තැනට පැරීසියත් ගැනේ, බීජිං නගරයට අයත් වන්නේ 34 වැනි ස්ථානයයි.
වැන්ග් පවසන අන්දමට බීජීංහි පරසරය දූෂණය වී දුමාරයෙන් පිරීමට හේතුව පරිසරය අපවිත්‍රකරන කර්මාන්තශාලා පිහිටීම සහ අතිසීඝ්‍රයෙන් ඉහළ යන නාගරික මෝටර් රථ සංඛ්‍යාවයි. ඔහු අදහස් කරන අන්දමට අපවිත්‍රකාරක කර්මාන්ත ශාලා නගරාසන්නයේ වෙනත් තැනකට ගෙන යනවාට වඩා කළ යුත්තේ මුලුමනින්ම වසා දැමීමයි. 2014 වර්ෂයේදී බීජීං නගර අධිකාරීහු පරිසරය දූෂණය කරන කර්මාන්ත ශාලා 392කක් වසා දැමූ අතර පැරණි වාහන 476,000ක් නගරයේ මංමාවත් වලින් ඉවත් කළහ.
2013 සැප්තැම්බර් මාසයේදී චීන රජයේ කැබිනට් මණ්ඩලය බීජීං, ෂැංහයි සහ ගුවන්ග්ෂෝ යන වැදගත්ම නගර තුනේ ගල් අඟුරු දහනයෙන් විදුලිය නිපදවන බලාගාර අළුතින් ඉදි කිරීම තහනමී කලේය. එම නියොගයෙන් පසු මාස 18ක් ගතව ගියද රජයේ පරිසර ප්‍රතිෂ්ඨාපන ඉලක්කයට ලඟාවීම අසීරුවී ඇති අතර සතිය පුරාම පාහේ බීජිං වල අපවිත්‍ර දුමාරයේ කැලකිය යුතු අඩුවිමක් දක්නට ලැබී නැත.





ප්‍රතිචාරයක් ලබාදෙන්න