නිරෝගී අක්මාවකින් නව සෛල කිහිපයක් අක්මා රෝගයෙන් පෙළෙන අයෙකුගේ අක්මාවේ රෝපණය කිරීම තුළින් ඉන්ද්‍රීය බද්ධ කිරීම වෙනුවට වෙනත් විකල්පයක් සැපයේ.
අක්මා රෝගයෙන් පෙළෙන්නන්ට හෝ අක්මාව අකරණීයවීමට(liver failure) මුහුණ පා සිටින රෝගීන් වෙනුවෙන් දැනට සිදුකෙරෙන සම්පුර්ණ අක්මාව බද්ධ කිරීමේ ප‍්‍රතිකාර ක‍්‍රමයට අදාළව ගැටළු ගණනාවකි. අක්මා බද්ධ කිරීම සඳහා ඇති ඉල්ලූම සැපයුමට වඩා බෙහෙවින් වැඩිය. ඇමරිකා එක්සත් ජනපදයේ දැනට වාර්ෂිකව 15,000 ක් අක්මා බද්ධ කිරීම සඳහා පොරොත්තු ලේඛනවල සිටියත්, දායකයන්ගෙන් වාර්ෂිකව ලබාගත හැක්කේ අක්මා 6,000 ක් පමණය. අක්මා බද්ධ කිරීමේ ක‍්‍රියාවලිය සඳහා වර්තමානයේ වියදම ඇමරිකානු ඩොලර් 300,000 කි. එපමණක් නොව බද්ධ කෙරෙන රෝගීන්ට නව අක්මාව සිය ප‍්‍රතිශක්ති පද්ධතිය මගින් ප‍්‍රතික්‍ෂේප කිරීම වැළැක්වීම පිණිස ලබාදෙන ඖෂධ වලින් ඇතිවන අතුරු අන්තරාවන්ද බොහොමයි. මෙම ලිපියෙන් කියැවෙන නව ප‍්‍රවේශයෙන් තාවකාලික විසඳුමක් හෝ කාලයාගේ ඇවෑමෙන් මුළුමනින්ම අළුත් විකල්පයක් සපයා ගත හැකිවේ.
මෙය හැඳින්වෙන්නේ, අක්මාසෛල බද්ධය (hepatocyte transplantation) යනුවෙනි. නව විධිවේදය අනුව රෝගියාගේ අක්මාවේ සියයට දහයකට පමණ මියගිය දායකයෙකුගෙන් ලබාගත් නිරෝගී ෙසෙල, ආදේශ කරනු ලැබේ. රෝගියාගේ ඉන්ද්‍රීය(අක්මාව) ඉවත් නොකරන නිසා ආපසු සුවය ලැබීමේ කාලය, සංකීර්ණතා මෙන්ම වියදම ද අඩුවේ. කෙසේ වෙතත්, එක්සත් ජනපදයේ මෙතෙක් අක්මා ෙසෙල බද්ධය සිදුකොට ඇත්තේ 150 දෙනෙකුට පමණක් නිසා නව විධිවේදය තවම පවතින්නේ ආරම්භක අවස්ථාවකයි.
අක්මාවේ ප‍්‍රධාන කාර්ය බද්ධ සෛල වනුයේ අක්මා සෛලයි. කෙනෙකු විසින් දායක කරනු ලබන බද්ධ කිරීම සඳහා නුසුදුසු යයි සැලකෙන අක්මාවක අක්මා ෙසෙල සාමාන්‍යයෙන් වෙනත් අක්මාවක් තුළ පුනර්වර්ධනය විය හැකියාව ඇත. අක්මා සෛල ලබාගැනීම සඳහා එසේ දායක කළ අක්මාව කැබලි කැබලිවලට කපා දමනු ලැබේ. කොලැගෙනේස් නම් එන්සයිමය, සෛල එකට බැඳ තබන තන්තුමය පුරකය ජීරණය කරයි. ශ්වේතාණු හා රක්තාණු මෙන්ම පිත්ත නායකයේ සෛලද ඉවත් කෙරේ. එවිට ඉතිරිවන්නේ අක්මා සෛලයි.
මේ අළුත් ෙසෙල පැය 48 ක් ඇතුළත දී රෝගියාගේ ප‍්‍රතිහාර ශිරාව හරහා ඇතු ළු කෙරේ. (අක්මාවට රුධිරය ගෙනයන්නේ ප‍්‍රතිකාර ශිරාවයි). නොඑසේ නම් නාභියේදී පෙකණි ශිරාව හරහා ඇතුල් කෙරේ. නව ෙසෙල ප‍්‍රතිහාර ශිරාවේ ආස්තර ෙසෙල අතර හිඩැස්වලින් තෙරපී අක්මාවට ඇතුල් වෙයි. එහිදී ඒවා රෝගියාගේම අක්මා සෛල හා එක්වෙයි. ,අනතුරුව ඒවා එහි නවාතැන් ගෙන ජීවත්වීමට පටන් ගන්නවා, යයි නව විධිවේදය පිළිබඳව පුරෝගාමී සේවාවක් ඉටුකරන පිට්ස්බර්ග් සරසවියේ අන්ත‍්‍ර පිළිබඳ විද්‍යාඥ අයිරා පොක්සි පවසන්නීය. මේ සෑම අවිලයනයකදීම (ඇතුල් කිරීමකදී) අළුතෙන් සෛල බිලියනයක් පමණ එක් කළ හැකිවෙයි.
ඉන්ද්‍රීය ව්‍යුහය තවමත් හානි නොවී පවතින අක්මා රෝග සඳහා නව ක‍්‍රමවේදය උචිත වේ. අක්මා බද්ධ කිරීමට දැනට නිර්දේශ කෙරෙන පරිවෘත්තීය රෝගාබාධ වලින් භාගයකටම පමණ මේ ක‍්‍රමය යොදා ගත හැකිවෙතැයි ඇස්තමේන්තු කර තිබේ. කෙසේ වෙතත්, වැඩිහිටියන්ට අක්මා බද්ධ කිරීමට බහුලව නිර්දේශ කෙරෙන සිරෝසිස් මගින් ඇතිකෙරෙන අක්මාව අකරණීයවීම මෙන්ම හෙපටයිටිස් ක් සඳහා මේ ක‍්‍රමය භාවිතා කළ නොහේ. ඊට හේතුව, රෝගයට ගොදුරුවූ ඉන්ද්‍රියේ විපරීත ව්‍යුහය නව ෙසෙලවල පැවැත්මට ඉඩ නොදීමයි. එමෙන්ම, නව ප‍්‍රවේශය තුළ ද යම් යම් අවදානම් නැතුවා නොවේ: එකවර වුවමනාවට වඩා ෙසෙල අවිලනය කිරීමෙන් ප‍්‍රතිහාර ශිරාවේ පීඩාව ඉහළ ගොස් අන්ත‍්‍රයේ රුධිර වහනයට මගපෑදෙයි. අක්මා සෛල රුධිර සංසරණ පද්ධතියට සංක‍්‍රමණය වී පෙනහළු ධමනි අවහිර කිරීමද තවත් අවදානමකි. රෝගියාට මේ ක‍්‍රමය යටතේ වුවද ප‍්‍රතිශක්ති මර්දන ඖෂධ ලබාදිය යුතුවේ. එහෙත් මේ සංකීර්ණතාවල අවදානම ”ඉතාමත් පහත මට්ටමක පවතී” යනුවෙන් ෆොක්ස් ප‍්‍රකාශ කරයි.





ප්‍රතිචාරයක් ලබාදෙන්න