සියළුම තාරකා නිර්මාණය වී ඇත්තේ එක ආකාරයකටම නොවේ. එමෙන්ම ඒවායේ උප්පත්ති ස්ථානද එක ආකාරයක් නොගනී. වඩාත් ම ප‍්‍රකට තරු තවාන ලෙස හැඳින්විය හැකි ඔරියන් නිහාරිකාව මගින් කුඩා මෙන්ම විශාල තාරකා දහස් ගණනක් ජනනය කර ඇත. ඔරියන් නිහාරිකාව කොපමණ නම් දීප්තිමත්ව බබලන්නේද යත්, ආලෝක වර්ෂ 1,350 ක් ඈතින් පිහිටියේ වී නමුත් අපට පියවි ඇසින් දැක බලාගත හැකිය. සඳ නැති අඳුරු රැුයක, ඔරියන් තාරක මණ්ඩලයට දකුණින් නිහාරිකාව සැදුම් ලත් ධුලි හා වායු වලාව පෙනෙන්නේ ආටෝපයෙන් පිරි තාරකාවක් අයුරිනි. දැන් අළුත්ම මුර්තන ක‍්‍රමවේදයකින් පෙන්නුම් කෙරෙන්නේ මේ මහා නිහාරිකාව හුදෙක් ආලෝක වර්ෂ සිය ගණනක් තුළ පැතිර පවත්නා අති දැවැන්ත ධුලි වළල්ලක එක් කුඩා කොටසක් පමණක් බවයි. මේ සොයා ගැනීම ඔරියන් නිහාරිකාවේ සම්භවය පිළිබද ඉ`ගියක් සපයයි ථ එනම් ධුලි වළල්ලේ මැද දැවැන්ත තාරකාවල විකිරණය හා පිපිරීම් මගින් සමහර ද්‍රව්‍ය බිඳවැටී මේ සුප‍්‍රකට තරු තවාන බිහිවන තුරුම වායු හා ධුලි පිටතට විසුරුවන්නට ඇත යන්නයි.
මෙයට පෙර මේ ධුලි වළල්ල කිසිවෙකුටත් නිරීක්‍ෂණය නොවුයේ ඉදිරිපස හා පසුපස ධුලිවලින් එය වැසී තිබු නිසාවෙනි. ජර්මනියේ මැක්ස් ප්ලෑන්ක් තාරකා විද්‍යා ආයතනයේ එඞී ප්ලැෆ්ලයි සහ සගයන් විසින් හවායි හි දුරේක්‍ෂයක් උපයෝගී කරගෙන මේ ධුලි වළල්ල සොයා ගනු ලැබීය. ඔවුන්ගේ අරමුණ වුයේ අන්සේතාරීය ධුලි පැතිරීම සිතියම් ගත කිරීමයි. ඒ අනුව ඔරියන් නිහාරිකාව සහ ඒ අවට තරුධුලි විසිරී ඇති ආකාරය ඔවුන් විසින් නිර්ණය කරනු ලැබ ඇත.
මෙම නිරීක්‍ෂණ වලින් හෙළිවුයේ ඔරියන් නිහාරිකාව, ආලෝක වර්ෂ 330 විෂ්කම්භයක් ඇති ධුලි වළල්ලක ගැට්ටෙහි පිහිටා ඇති බවයි. මේ ධුලි වළල්ල කෙතරම් නම් දැවැන්ත ද කියතහොත්, ඉන් සැලකිය යුතු ප‍්‍රමාණයක් අසල්වැසි ඔරියන් තාරකා මණ්ඩලයට නැගෙනහිරින් පිහිටි මොනොසිරොස් තාරකා මණ්ඩලය වෙත ද විසිරෙයි. මෙම ධුලි වළල්ල පියවි ඇසට පෙනේ නම් එය පුන්සඳ මෙන් 27 ගුණයක් විශාලව දැකිය හැකිවේ. ඔරියන් නිහාරිකාව පිහිටා ඇත්තේ ධුලි වළල්ලේ ඝනම කොටසකය.
නව සොයා ගැනීම, කලින්ද සඳහන් කළ අන්දමට, ඔරියන් නිහාරිකාවේ සම්භවය ගැන යම් අදහසක් ගෙන දෙයි. එක මතයකට අනුව ඔරියන් නිහාරිකාවේ පැවැත්මට දිගුකාලයකට පෙර එනම් වසර මිලියන 10කට හෝ 20කට ප‍්‍රථම දැවැන්ත තාරකා කණ්ඩායමක් බිහිවිය. එම තාරකා උෂ්ණාධිකය, දීප්තියෙන් වැඩිය. ඒවායින් නිකුත් කෙරෙන පාරජම්බුල කිරණ මගින් සෑම දිසාවකින්ම අනස්තාරීය හයිඩ‍්‍රජන් වායුවෙන් ඉලෙක්ට්‍රෝන ගලවා දමනු ලැබීය. මෙම විකිරණ, අන්තස්කාරීය වායු හා ධුලී ව්‍යාප්ත වෙන බුබුලක් ලෙස තල්ලූ කර දැමීය. මෙම බුබුලේ මතුපිට කොටසක් නව තාරක බිහිකරමින් ඇද වැටීමට තරම් ඝන විය. අප දැන් ඔරියන් නිහාරිකාව යනුවෙන් හඳුන්වන වායු සහ ධුලි තරු බිහිවන මේ ඵලදායී කොටස මගින් දීප්තිමත් වේ.
මෙම ධුලි වළල්ලේ මධ්‍යයේ සිට ඈතට කුමන තාරකා ගමන් කර ඇත් ද එමෙන්ම එය බිහි කළ දැන් අභාවයට පත්වී ඇති තාරකා වල සහෝදර තාරකා මෙනවාද යන්න ගැන දැන ගැනීමට යුරෝපයේ නව ගයියා (Gaia) අභ්‍යාවකාශ යානය උපකාරී වනු ඇත. එමගින් අපට තාරකා සැදීමේ ක‍්‍රියාදාමය ගැන උගෙන ගත හැකිවේ. එම කලාපයේ තාරකා පිහිටීමේ පරිසරය ගැන තව බොහෝ දේ දැනගත යුතුව ඇතත්, ඔරියන් ධුලි වළල්ල සොයා ගැනීම ගැටළුවේ වැදගත් කොටසක් ලෙස සැලකිය හැකි යයි මෙම ව්‍යාපෘතියට සම්බන්ධයක් නොමැති තාරකා විද්‍යාඥයකු වන කොලරාඩෝ වෝල්ටර් සරසවියේ ජෝන් බැලී කියා සිටියි.
Scientific American හි Massive Orion Nebula’s Origins Uncovered? ලිපිය ඇසුරෙනි.





ප්‍රතිචාරයක් ලබාදෙන්න