තුවාල කසන්නේ එය හොඳ වෙන්නැයි යනුවෙන් සමාජයේ මතයක් පවතී. අනෙක් අතට තුවාල කැසීමෙන් වැළකී සිටින්නැයි ද නැතහොත් තුවාලය සුවවීම කල් යන බවට ද මතයකි. මේ මත කොහොම වුනත් තුවාල හා කැසීම අතර සබඳතාවක් ඇති බව නම් පැහැදිලියි. ඒ කුමක්ද?
අපේ සමෙහි විශේෂ ස්නායු ඇති අතර ඒ බව සොයා ගනු ලැබුවේ තරමක මෑතකය. එහෙත් කැසීමට විශේෂ වු ස්නායු තන්තු සමෙහි ඇති අතර ඒවායේ එකම කාර්ය්‍ය වනුයේ කසන සුළු යයි අපට දැනෙන ආකාරයෙන් සමෙහි කොටසක් උද්දීපනය වන බවට කණ්ටකීය රජ්ජුවට (spinal cord) සංඥා නිකුත් කිරීමයි. මෙකී ස්නායු ෙසෙල ආකාර කිහිපයකින් බලාත්මක වේ. ඉන් එක් ක‍්‍රමයක් වන්නේ යාන්ත‍්‍රිකව එසේ වීමයි. නිදසුනක් ලෙස අපේ සම මත කෘමියෙක් ගාටනවා යයි සිතමු. එවිට, ස්නායු ෙසෙල උතක්තේජනය වී සංඥාව නිකුත් කෙරේ. එවිට ඔබේ අවධානය කෘමියා දඟලන ස්ථානය වෙත යොමුවේ. මේ විස්තර කෙරුනේ යන්ත‍්‍රානුකූලව සිදුවන ආකාරයයි.
ස්නායු ෙසෙල රසායනවලටද ද සංවේදීය. සමට කිසියම් රසායනයක් පැමිණි කල ඒවා උද්දීපනයක් ඇති කරයි. එවිට එම ස්ථානය කසන සුළු බව ඔබට දැනී යයි. එය ඉවත් කිරීමට ඔබ පෙළඹෙන්නේ ඒ නිසාවෙනි.
ඔබට තුවාලයක් ඇතිවු විට තුවාලයෙහි සීමාව අවට ෙසෙල වලින් තුවාලය වැසීමට පටන් ගනී. වෙනත් විදිහකින් දැක්වුවහොත් තුවාලය මුලය දක්වා ඇතුළත සහ එහි වටේ වෝල්ටීයතාව වෙනස් බව මේ මෑතකදී සොයා ගනු ලැබ ඇත. ඉතින්, ෙසෙල මේ විදුලි අනුන‍්‍රමණය ඔස්සේ තුවාලයේ මූලය වෙත පහළට ගමන් කරයි. අනතුරුව ඒවා සිය ෙසෙලමය සගයන් හා එක්වන අතර කේසර සංකෝචනය කරමින් තුවාලය වසා දමයි.
ඉතින් මෙසේ වෙද්දී ඇතිවන්නේ කලින් කී පරිදි යාන්ත‍්‍රික අසහනකාරී තත්වයකි. එවිට සංවේදී ස්නායු ප‍්‍රතික‍්‍රියා දක්වයි. ඒ සමගම තුවාලය සුවවීමට බලපාන රසායනික ද මුදාහැරෙන අතර ඉන් ඇතිවන්නේ රසායනික උද්දීපනයකි. ඉතින්, තුවාලයක් සුව වෙමින් වැසී යද්දී යාන්ත‍්‍රික මෙන්ම රසායනික උද්දීපන නිසා අපගේ මොළයට සංඥා නිකුත් කරන්නේ එතැන කැසීමටය. සුවවෙන තුවාලයක් කසන බවක් අපිට දැනෙන්නේ එහෙයිනි.
තුවාල සුවවීම සඳහා මත්ස්‍ය සම යොදාගැනීමේ නව ක‍්‍රමයක් ගැන දැනගන්න තතු මාර්තු 03 දා ලිපිය කියවන්න.
The Naked Scientists හි Why do healing wounds itch? ලිපිය ඇසුරෙන්





ප්‍රතිචාරයක් ලබාදෙන්න