අඩු ආදායම් ලාභී පවුල්වල ළමුන්ට ඇත්තේ කුඩා මොළයක් වන අතර සංජානන හැකියාවන් ද අඩුමට්ටම පවතින බව අධ්‍යයනවලින් හෙළිවෙයි.
ළමුන්ගේ හැසිරීම් රටා සහ ඥානන හැකියාවන් ඔවුන්ගේ සමාජ ආර්ථික තත්ත්වයට සම්බන්ධ බවට පර්යේෂකයෝ දිගු කාලයක් තිස්සේ සැක පළකරමින් සිටියහ. විශේෂයෙන් ම ඉතා දුප්පත් පවුල්වල ළමුන් කෙරහි මෙය වැඩියෙන් බලපාන බව ඔවුන්ගේ අදහසයි. අඩු ආදායම් ලාභී පරිසරයක හැදී වැඩෙන දරුවෙකුට ඇති වන පීඩනය, මොළය වර්ධනය කෙරෙහි උප්පත්තියටත් පෙර සිටම අහිත කර ලෙස බලපාන බව නව පර්යේෂණයෙන් දැක්වෙන අතර ආදායම් තත්ත්වයේ සුළු වෙනස්කම් පවා මොළය කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරන බව පෙනී ගොස් තිබේ. මේ තත්ත්වයට හේතු මෙතෙක් පැහැදිලි වී නොතිබූ අතර නිවසේ වෙහෙසකර පීඩාකාරී පරිසරය, පෝෂණය අඩුවීම, ඊයම් වැනි කාර්මික රසායනවලට අනාවරණය වීම සහ යහපත් අධ්‍යයනයක් ලබා ගැනීම සඳහා හැකියාවක් නොමැති කම බලපෑ හේතු ලෙස සැළකිණ.
මෙම කරුණු අනාවරණය වන්නේ මේ මාදිලියේ විශාලතම අධ්‍යයනය ලෙස සැලකෙන මේ පර්යේෂණයෙහි වාර්තාෙවනි Nature Neuroscience සඟරාවෙහි පසුගිය මස අග වාර්තාව පළ විය. අධ්‍යයනය සිදු කරනු ලැබුවේ නිව්යෝක් නුවර කොළොම්බියා සරසවියේ ස්නායු විද්‍යාඥ කිම්බර්ලි නෝබල් සහ ලොස් ඇන්ජලීස් හි ළමා රෝහලේ එලිසබෙත් සෝවෙල් ප්‍රමුඛ කණ්ඩායමක් විසිනි. ඉහත කී බලපෑම්වලට පාදක වන ජෛව විද්‍යාත්මක සාධක ගැන ඔවුහු සොයා බැලූහ. ඒ සඳහා ඔවුන් විසින් ඇමරිකා එක්සත් ජනපදයේ මහ නගර කිහිපයක ළමුන්, ගැටවරයන් සහ තරුණ වැඩිහිටියන් 1,099 ක මොළ අනුරූපණය කරන ලදි. එක්සත් ජනපදයේ අඩු ආදායම්ලාභීන් පිරිස් සුළුතර ජනවාර්ගික කණ්ඩායම්වලට අයත් වීමේ ඉඩකඩ වැඩි බව පර්යේෂකයන්ෙග් සැලකිල්ල යොමු වූ කරුණකි. එහෙයින්, ඔවුහු ඒ ඒ ජනවාර්ගික කොට්ඨාශ අතර මොළ ව්‍යුහයේ සුළු වෙනස්කම් හේතුවෙන් දුප්පත්කමෙහි බලපෑම විකෘතිවීම වැළැක්වීම පිණිස, සෑම ළමයෙකුගේ ම ජානමය පරම්පරාව අනුරූපණය කළහ.
ඇමරිකානු ඩොලර් 150,000 වැඩි ආදායමක් උපයන ළමුන්ට වඩා අඩුම ආදායම්ලාභීන් වන ඩොලර් 25,000ක් හෝ අඩුවෙන් උපයන පවුල්වල ළමුන්ගේ මොළවල මතුපිට වපසරිය 6% ක් අඩු බව පර්යේෂණයේදී හෙළිවිණ. දුප්පත්ම පවුල්වලින් ආ ළමුන් අතර ආදායමේ ඩොලර් දහස් ගණනක වෙනසක් වුවද මොළ ව්‍යුහයේ දැඩි වෙනස්කම් දැක්වීමට බලපෑෙව්ය. මේ වෙනස විශේෂයෙන් ම ප්‍රදර්ශනය වූයේ භාෂා හා තීරණගැනීමට අදාළවන මොළයෙහි කොටසෙහි ය. කියැවීම, මතක තබා ගැනීමේ හැකියාව වැනි ඥානන කුසලතා පරීක්ෂණවලදී ලබාගත් ලකුණු පෙන්නුම් කළේ දෙමාපියන්ගේ ආදායම සමගම එකී හැකියාවන්ද පහළ යන බවයි.
පිලඩෙල්පියාවේ පෙන්සිල්වේනියා සරසවියේ ස්නායු විද්‍යාඥවරියක් වන මාර්තා ෆාරා මෙය හඳුන්වන්නේ ‘අදහාගැනීමටත් අසීරු සාර්ථක පර්යේෂණයක්’ ලෙසටයි. කාලයාගේ ඇවෑමෙන් ඒ ඒ අයගේ මොළය වෙනස් වන ආකාරය මේ පරීක්ෂණය මගින් මිනිය නොහැකි වුවත් ළමුන්ගේ ඒ සා විශාල නියැදියක් යොදා ගැනීම නිසා දුප්පත්කමේ ප්‍රබල බලපෑම පෙන්නුම් කිරීමට හැකි වූ බව ඈ පෙන්වා දෙයි.
නව අධ්‍යයනයේ ප්‍රතිඵල ෆාරා සහ සගයන් විසින් සිදුකෙරුණු මෙතෙක් ප්‍රකාශයට පත් නොකෙරුණු අධ්‍යයනයක ප්‍රතිඵල හා කදිමට ගැළපේ. පිලඩෙල්පියාවේ විවිධ සමාජ ආර්ථික කොට්ඨාශ අතර දළ වශයෙන් මසක් වයසැති අප්‍රිකානු – ඇමරිකානු ගැහැණු ළමුන් 44 කුගේ මොළ ඇගේ අධ්‍යයන සඳහා ස්කෑන් කරනු ලැබීය. ඉන් ෙපණී ගිෙය් එතරම් ළදරු වියේදී පවා එම ළමුන් සතු වූයේ ඒ හා සමාන පොහොසත් ළමුන්ගේ මොළවලට වඩා කුඩා මොළ බවයි. උතුරු කැරලීනාවේ, ඩර්හැම් හි ඩියුක් සරසවියේ මනෝවිද්‍යාඥ ජැමී හැන්සන් කියා සිටියේ, ළමා සංවර්ධනයේ දී දුප්පත්කමේ බලපෑම මෙම වාර්තා දෙකෙන්ම අවධාරණය කෙරෙන බවයි.
කෙසේ වෙතත්, ළමුන් වඩා හොඳින් රැක බලා ගැනීම, නිසි පෝෂණය වැනි මැදිහත්වීම් මගින් මෙකී බලපෑම් ආපසු හැරවිය හැකි බව පර්යේෂකයන්ගේ අදහසයි. නිදසුනකට, මැක්සිකෝවේ සිදු කෙරුණු පරීක්ෂණයකදී මාස 18 ක් ඇතුළත ෙමවැනි ළමුන් පිරිසකගේ ඥානන හා භාෂා කුසලතා වර්ධනය කිරීමට හැකිවිය. ඒ අඩුආදායම් ලාභීන්ගේ පවුල්වල ආදායම, පරිපූරණය කිරීමෙනි. ”දුප්පත් නම් එම ළමුන්ගේ මොළය සදාකාලිකවම කුඩාවට තිබිය යුතු නැත යන්න මෙහිදී වඩාත්ම වැදගත්වන පණිවුඩය ”යයි සෝවෙල් පවසයි.
Scientific American හෝ Poverty Shrinks Brains from Birth අැසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න