මේ ප්‍රශ්නයට පිළිතුරු ඇත්තටම අපි කිසිවෙක් නොදන්නෙමු. එහෙත් අප දන්න එකම දේ විශ්වය අඩුම තරමින්, මහා පිපුරුම සහ ඉන් අනතුරුව විශ්වයේ ඇතිවූ ප‍්‍රසාරණය හෙවත් අන්තරීක්ෂක ව්‍යාප්තිය මගින් අපට කියා දෙන තරමටවත් විශ්වය විශාල බවයි.
මෑතක වසර කිහිපය ඇතුළත විශ්වයේ ප්‍රමාණය පිළිබඳ සංකල්පය සෑහෙන ඉදරි පිම්මක් තබා ඇත. තාරකා විද්‍යාඥයන් අන්තරීක්ෂය (cosmos) කොපමණ නම් විශාල දැයි දැන නොසිටි කාලය වැඩි ඈතක නොවේ. විශ්වයේ ප්‍රභවය පිළිබඳ දැනට පිළිගෙන ඇති මහා පිපුරුම (Big Bang ) න්‍යාය අපට කියා දෙන්නේ කලක් විශ්වය ඉතා කුඩාවට පැවැති බවයි. ඒ වගේ ම, ඕනෑම විකිරණයකට ගමන් කළ හැකි උපරිම හෙවත් වැඩිම වේගය, ආලෝකයේ වේගය බව ද අපි දනිමු. එලෙසම, විශ්වය වසර බිලියන 13.8ක් වයසැති බව ද අපි දන්නෙමු. එහෙම නම් බැලූ බැල්මට අපට හිතෙන්නේ මෙකී කාලය තුළ විශ්වය ආලෝක වර්ෂ බිලියන 30 කින් ප්‍රසාරණය වෙන්නට ඇති බවයි.
එහෙත් මෙම උපකල්පනය අතිශය සරල වැඩිය. මුලින්ම, මහා පිපිරුම කියන්නේ බෝම්බයක් මෙන් පුපුරා ගිය දෙයක් නොවේ. කාලයත් සමග අවකාශයද ප්‍රසාරණය වේ. මුල්ම අවධියේ අන්තරික්ෂයේ සෙන්ටිමීටර 1ක ප්‍රසාරණය ඉන් පසුව සෙන්ටි මීටර 2ක් ආදී වශයෙන් වැඩිවන බව අපි දනිමු. මෙම අවකාශය-කාල ප්‍රසාරණය හේතුවෙන් විශ්වය අඩුම තරමින් ආලෝක වර්ෂ බිලියන 93ක් වත් විශාල බව කල්පනා කළ හැකිය.
එහෙම මෙම සංඛ්‍යාවට අදාළ ප්‍රධාන නියමයක් නැතිනම් අතුරු විධානයක් ඇත. මේ සංඛ්‍යාවෙන් කියැවෙන්නේ දෘශ්‍යමාන හෙවත් ප්‍රත්‍යක්ෂ විශ්වය ගැනයි. ඉතින් මෙකී ප්‍රත්‍යක්ෂ විශ්වය, සම්පූර්ණ විශ්වයම නොවන්නට පුළුවන. ඒ මදිවාට, ඇතැම් විශ්ව න්‍යාය විද්‍යාඥයන් (cosmologists) කියා සිටින්නේ විශ්වය අපරිමිත විය හැකි බවයි.
ඉතින්, මුලින් නැගු ‘විශ්වය කොපමණ නම් විශාලද?’ යන ප්‍රශ්නයට දැනට දිය හැකි හොඳම පිළිතුර එය අඩුතරමින් හරහට ආලෝක වර්ෂ බිලියන 93ක් වත් විය යුතුය යන්නයි. බලාගෙන ගියහම පිළිතුර නරකම නැහැ.
ASTRONOMY – June 2015 හි How large is the universe?





ප්‍රතිචාරයක් ලබාදෙන්න