මමී ගැන කතා කරන විට අපට එකවරම මතක් වෙන්නේ ඊජිප්තුවේ පිරමිඞ් ඇතුලේ සුරක්ෂිතව තබා ඇති එරට ආදීකාලීන පාලකයන්ගේ මළසිරුරුය. වසර දහස් ගණනක් තිස්සේ සුරැුකිව තබා ගැනීම පිණිස යොදා ගෙන ඇත්තේ කෙබඳු තාක්ෂණයක් ද යන්න ගැන දිගටම විද්‍යාඥයන්ගේ සහ පර්යේෂකයන්ගේ අවධානය යොමු විය. මේ ගැන විවිධ මත පළ වුවද නිශ්චිතතාවයකට නැතහොත් එකගතාවයකට එළඹිමට ඔවුනට හැකියාව ලැබී නැත. මමි ගැන බොහෝ පර්යේෂණ සිදුකරන්නේ ගවේෂකයන් විසින් ඊජිප්තුවෙන් හෝ වෙනත් රටකින් සොයාගනු ලබන සුරක්ෂිත කරන ලද මළ මිනී පරික්ෂාවෙනි. මීට වෙනස් මගක් ගනිමින් ආචාර්ය බොබ් බ‍්‍රයර් සහ ආචාර්ය රොන් වේඩ් යන විද්‍යාඥයන් දෙපොළ, බැල්ටිමෝර් ප‍්‍රදේශයේ පුද්ගලයෙකු විසින් මිය යාමට පෙර ප‍්‍ර‍්‍රදානය කරනු ලැබූ මළ මිනියක් යොදාගෙන ඊජිප්තු ආකාරයේ මමියක් සාර්ථකව නිර්මාණය කළහ. ඇමරිකාවේ මේරිලන්ඞ් සරසවියේ පර්යේෂකයන් 1994 දි මේ අත්හදා බැලීම සිදුකළේ පැරැන්නන් මළ මිනී සුරක්ෂිත කිරීමට කුමන ක‍්‍රමයක් යොදා ගත්තේ දැයි සොයා බැලීමටය.
ඊජිප්තු සම්ප‍්‍රදාය උපයෝගී කරගනිමින් එම්බාම් (කල්තැබීම සඳහා සූදානම් කළ) ප‍්‍රථම නූතන මමිය ලෙස මෙය හැඳිනවේ. ඊජිප්තු සම්ප‍්‍රදායෙහි මූලික පදනම වූයේ වියෝජනයට(දිරායාම) කලින් සිරුර සම්පූර්ණයෙන්ම වියැළීමෙන් සිරුර සංරක්ෂණය කිරීමයි. වියෝජනය සිදුවන්නේ බැක්ටීරියා මගිනි. බැක්ටීරියා ව්‍යාප්ත වීමට තෙතමනය අවශ්‍යයි. එ නිසා තෙතමනය සිරුරකින් සම්පූර්ණ ඉවත් කළ විට වියෝජනය නවතී. නූතන මමිය, CT ස්කෑන්, MR අනුරූපනය ආදී නවීන තාක්ෂණ යොදාගනිමන් විවිධ අධ ්‍යයනයන්ට භාජනය කෙරිණ.
නූතන මමිය නිර්මාණය කළ විද්‍යාඥයන් නොවිමසා පර්යේකයන් පිරිසක් ප‍්‍රතිවර්තන ඉංජිනේරු ශිල්පය (reverse engineering) යොදාගැනීමෙන් (ඒ කියන්නේ නිර්මාණයේ අග සිට එහි මුල දක්වා ක‍්‍රියා දාමය දෙස ආපසු බැලීමෙන්) මමිය තනන ලද මළ සිරුර ගැන විස්තර සපයා ගත්හ. ඒ අනුව මමිය තනා ඇත්තේ මධ්‍යම පන්තියේ හෝ ප‍්‍රභූ පෙළැන්තියේ වයස්ගත, නූතන වෘත්තකයෙකුගේ මළ සිරුරකින් බව ඔවුහු තීරණය කළහ. එම තොරතරු නූතන මමිය නිර්මාණය කළ විද්‍යාඥයන් සතුව තිබෙන දත්ත හා සංසන්දනය කර බලද්දී ගැලපෙන බව පෙණි ගොස් ඇත.

මෙම ක‍්‍රමය ඊජිප්තුවේ හා වෙනත් රටවල පුරාණ මමී පරීක්ෂා කොට ඒවයේ හිමිකරුවන් පිළිබඳ ජීවන තොරතුරු බොහොමයක් යථාරුපීව ෙසායාගැනීමට මග පාදනු ඇතැයි විශ්වාස කෙරේ. මමී තැනීමේදී ආදි කාලීන ශීල්පීන් අනුගමනය කළ ක‍්‍රම වේද කාලයේ වැලි තලාවෙන් වැසීගොස් ඇති හෙයින් මෙවැනි අධ්‍යයනවලට වැඩි වටිනාකමක් එක්වේ.
Scientific American හි Mummy Mavens Unwrap Preservation Methods ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න