කෘතිම උපාංග සවිකිරීමේ සැත්කමකින් සවිකරනු ලබන අවයව හෙවත් ප‍්‍රශ්ලේෂක අවයව (prosthetic limbs) මනසින් පාලනය කිරීම දැන් වසර කිහිපයක සිට යථාර්ථයක්ව පවතී. එහෙත් අපේ ස්වභාවික අවයව භාවිත කිරීමේදී අප දක්වන සුමට චාලක පාලන හැකියාව කෘතිම අවයව සවිකළ පුද්ගයන්ට ලබාදීමේ සමත්කම පර්යේෂකයන්ට මෙතෙක් ලැබී නැත. එහෙත් දැන් මේ ගැටළුවේ කොටසක් විසඳීමට පර්යේෂකයන් පිරිසක් සමත්ව සිටිති. ඔවුන් එය සිදු කර ඇත්තේ කෘතිම ගාත‍්‍රය මොළයේ වෙනත් කොටසකට සම්බන්ධ කිරීමෙනි. මීට පෙර, මනසින් පාලිත ප‍්‍රශ්ලේෂණය (prosthesis) සඳහා කෙරුණු සැත්කම් වලදී කෘතිම අවයවය සම්බන්ධ කෙරුණේ මොළයේ පුද්ගලයෙකුගේ චාලක බාහිකයට (motor cortex)හෝ ප‍්‍රාග්චාලක බාහිකයටය (premotor cortex). මොළයේ සිට අවයව දක්වා යැවෙන සංඥා මේ දෙපොළෙන්ම පරිවර්තනය කෙරිණ. එහෙත් මෙවර රෝගියෙකුගේ මොළයේ පසුපස පිහිටි පාර්ශව කපාල බාහිකයට රොබෝටික (කෘතිම) අතක් පර්යේෂකයන් විසින් සම්බන්ධ කරන ලදී. බාහිකය පිහිටා ඇත්තේ මොළයෙහි, කන ආසන්නයේ පිහිටි කොටසෙහිය.

”චලනය සඳහා මුල් සැලසුම් සකසන්නේ පාර්ශවකපාල බාහිකයයි” (posterior parietal cortex) කැලිෆෝනියා තාක්ෂණ ආයතනයේ (CIT) ස්නායු විද්‍යා මහාචාර්ය රිචඞ් ඇන්ඩර්සන් පවසයි. (ඔහු නව ප‍්‍රශ්ලේෂණය වැඩිදියුණු කළ කණ්ඩායමේ සාමාජිකයෙකි). නිදසුනක් ලෙස පුද්ගලයෙකුට තේ කෝප්පයක් ගැනීමට අවශ්‍ය විනැයි සිතමු. ඒ සඳහා අවශ්‍ය චලනයෙහි පියවරවල් පාර්ශ්චකපාල බාහිකය මගින් සලකුණු කරනු ලැබේ. ඇතැම් සුවිශේෂිත කොටස්වලට යැවෙන සැබෑ සංඥා බවට පරිවර්තනය කර සලකුණු කෙරුණු සැලැස්ම පරිවර්තනය කරනු ලබන්නේ චාලක බාහිකයන් මගින් ”අත හිමි තැනැත්තාගේ අභිලාෂය උකහා ගැනීම සඳහා, පර්යේෂකයන් පාර්ශවකාපාල බාහිකයෙන් ලැබෙන සංඥා යොදා පුද්ගලයෙකුදැයි චලනයන්ගේ සියුම් අංශ ගැන සලකා බැලීමට අපට රොබෝටික යොදා ගැනීමට පුළුවනි” යයි ඇන්ඩර්සන් කියයි.

Bionic Arm

එරික් ජී සොටෝ නම් රෝගියෙකුගේ පාර්ශවකපාල බාහිකයකට, චාලක බාහිකයන් සේ ක‍්‍රියාකරන (කෘතිම) පරිගණකයක් සම්බන්ධ කළ ආකාරය Science සඟරාවට ලිපියක් සපයමින් පර්යේෂකයෝ පැහැදිලි කර දෙති. සොටෝ අදහස් කරන්නේ කුමන අන්දමක චලනයක් දැයි අනාවරණය කර ගැනීමට පර්යේෂකයන් විසින්  පාර්ශවකපාල බාහිකයෙන් එන සුවිශේෂී සංඥා යොදා ගැනිණ. එසේ ලැබෙන සංඥා අනතුරුව රොබෝටික අතට සැපයෙන සංඥා බවට පරිවර්තනය කරනු ලැබීය.

බඳුනකින් සොටෝ බියර් ලබාගන්නා අයුරු දැක්වෙන වීඩියෝව මෙතෙනින් බලන්නhttp://www.livescience.com/50933-tetraplegic-patient-controls-robotic-limb-with-brain-video.html

කෘතිම හස්තය සෑම දිනකම ගෙදර රැගෙන යාමට සොටෝට තවම අවස්ථාව සැලසී නැත. එය තවදුරටත් පර්යේෂණ කිරීම සඳහා පර්යේෂණාගාරයේ තබා ඇත. එහෙත් පර්යේෂණාගාරයේ පිටත ද සොටෝට කෘතිම අත භාවිත කිරීම සඳහා අවසර ලබාගැනීමට පර්යේෂකයෝ අදහස් කරති. නව ක‍්‍රමය තව තවත් දියුණු කිරීමට ඇන්ඩර්සන් බලාපොරොත්තු වෙයි. මෙහි තවත් ඉදිරි පියවරක් වනුයේ කෘතිම අතෙහි ඇඟිලි වෙන වෙනම පාලනය කිරීමේ හැකියාව රෝගියාට ලබාදීමයි. fingersඅවසානයේදී ශිල්ප ක‍්‍රම කිහිපයක එකතුවකින් බිහිවන කෘතිම හස්තයක් බොහෝ රෝගීන්ට ලබාගත හැකි වෙතැයි අපේක්‍ෂා කෙරේ. සොටෝ සිය ජීවිතයෙහි ගුණාත්මක තත්ත්වය වැඩිදියුණු වීම ගැන පුදුමයටත් , සතුටවත් පත්ව ඇතැයි ඇන්ඩර්සන් පවසයි.

 

Scientific American හි Bionic Arm Taps New Part of Brain for Smooth Moves ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending