ශ‍්‍රී ලංකාවේ දකුණු හා බස්නාහිර වෙරළබඩ තීරයේ ලොඩියන් පැතිරයාම ගැන පහුගිය දිනවල අනතුරු හැඟවීම් කෙරිණ. දිය නෑමෙන් වළකින ලෙස මාතර පොල්හේන වැනි ස්ථානවල දැන්වීම් ද දක්නට තිබිණ. ලොඩියන් ඇල්ලීමට යාමෙන් වළකින ලෙස බලධාරීන්ගේ ජනතාවට දැනුම් දී තිබුණි. කෙසේවෙතත්, ජාතික විෂමය තොරතුරු මධ්‍යස්ථානය තියා සිටින්නේ මෙරට වෙරළබඩ දක්නට ලැබෙන ලොඩියන් විශේෂ මගින් මරණීය තර්ජනයක් එල්ල නොවන බවයි. මෙයට කලින් අවස්ථාවක මේ ගැන අදහස දැක්වු පරිසරවේදීහු මෙරට වෙරළාසන්නයේ ලොඩියන් එක් විශේෂයනට වැඩියෙන් දක්නට ලැබෙන බව කියා සිටියහ. අපට නිතර අසන්නට හෝ දකින්නට ලැබෙන සත්ව විශේෂයක් නොව නිසා ලොඩියන් ගැන කරුණු විමසීමට තතු ඉදිරිපත් වෙයි.

ජෙලිෆිෂ් (Jellyfish) යනුවෙන් වැඩිදෙනකු ලොඩියන් සාගර ප‍්‍රවාහ ඔස්සේ පාවී යන්නේ වසර මිලියන ගණනාවකට, ඔව් මේ මිහිතලය මත ඩයිනසෝරයන් ජීවත් වු ඔබ්බට පවා පෙර සිටය. ඔවුන් සීතල හා උණුසුම් සාගර ජලයෙහි ද ගැඹුරු ජලයෙහි මෙන්ම වෙරළ ඉමෙහි ද දැකිය හැකිය.

ලොඩියන්ගේ ග‍්‍රාහිකා තුළ දෂ්ට කළ හැකි ඉතා කුඩා ෙසෙල ඇත. ඒ ඔවුන්ගේ ගොදුරු කම්පනයට පත්කිරීමට හෝ අඩපණ කිරීමටය. (අල්ලා ගෙන කා දැමීමට පෙර) මොවුන්ගේ සීනුවක හැඩය ඇති සිරුරේ ඇති සිදුර ඔවුන්ගේ මුඛයයි. ඔවුන් ආහාර ගන්නේද අපද්‍රව්‍ය ඉවත්කරන්නේද මේ සිදුර මාර්ගයෙනි.

ලොඩියන් සිය මුඛයෙන් දියධාරා විදින විට ඔවුන්ව ඉදිරියට තල්ලූ වේ. බෑගයක් බඳු ලොඩියන්ගේ සිරුරෙන් ග‍්‍රාහිකා පහළට එල්ලා වැටෙයි. සිය ගොදුරු දෂ්ට කිරීම සඳහා යොදා ගන්නේ එම ග‍්‍රාහිකායි.

ලොඩියන් දෂ්ට කිරීම මිනිස් අපට වේදනාකාරී විය හැකි අතර ඇතැම්විට අන්තරයාකාරී ද වෙයි. එහෙත් ලොඩියන් සිතාමතාම මිනිසුන්ට පහර එල්ල කරන්නේ නැත. දෂ්ට කිරීම් බොහොමයක් සිදුවන්නේ මිනිසුන් අහම්බෙන් ලොඩියන් අත ගෑවුණු විටය. එවිට ඇතැම් අවස්ථාවල දැනෙන්නේ වේදනාවක් පමණක් වුවත් ලොඩි විශේෂය මත, ඒ කියන්නේ අන්තරයාකාරී ලොඩි විශේෂයක් නම් දෂ්ටකිරීම මිනිස් අපට මරු කැඳවීමට ද පුළුවන.

ලොඩියන් සිය ආහාරය ඉක්මනින් ජීර්ණය කරන්නේ, ජීරණය නොවු විශාල ආහාර වේලක් සහිතව දිය මත පාවීයාම අසීරු කටයුත්තක් වන හෙයිනි. ඔවුන්ගේ ආහාර අතර මත්ස්‍යයන්, ඉස්සන්, කකුළුවන් හා කුඩා මුහුදු ශාක ද වේ. සමහර ලොඩියන්ගේ සිරුර පැහැදිලි ස්වරූපයක් ගන්නා අතර ඇතැම් විශේෂ රෝස, කහ, නිල් හා දම් වැනි පැහැයක් වර්ණ ගනී. බොහෝවිට ඔවුන් ප‍්‍රභා සම්පන්නය(Luminescent).

චීන ජාතිකයන් වසර 1,700 තරම් ඈත අවධියක සිට ලොඩියන් අල්වාගෙන ආහාරයට ගන්නා අතර එය ප‍්‍රණීත ආහාරයක් ලෙසද සැලකේ. චීන ජාතිකයෝ ඖෂධ සඳහාද ලොඩියන් යොදා ගනිති. ලොඩියා, මුහුදු කැස්බෑවගේ ප‍්‍රියතම ආහාරයකි.

jellyfish 2

ජලයේදී දකින විට ලොඩිය මනබඳින සුළුය, ශෝභනය, එමෙන්ම ගුප්තය. එහෙත් ජලයෙන් ඉවතට ගත්විට ලොඩිය, කිසි හැඩයක් ලස්සනක් නොමැති බිඳුවක් බවට පත්වෙයි. ඊට හේතුව ලොඩියාගෙන් 95‍% ක් පමණම ජලයෙන් සමන්විත වීමයි. මොළයක්, රුධිරය හෝ හදවතක් පවා නොමැත.

NATIONAL GEOGRAPHIC KIDS හි  Animals: Jellyfish ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending