මහා විවාදය

            පරිණාමය මෙහෙයවන බල වේගය සහයෝගීතාවද තරඟකාරීත්වය ද යන්න පරිණාමීය විද්‍යාඥයන්ට පැහැදිලි නැත. 19 වැනි සියවසේ සිට විද්‍යා ප‍්‍රජාව අතර ජනප‍්‍රිය මතය තරඟකාරීත්වය යන්නයි.

සම පරිණාමය(Coevolution)  යනු කණ්ඩායම් දෘෂ්ටිකෝණයකින් පාරිණාමීය ක‍්‍රියාදාමය විස්තර  කිරීම සඳහා විද්‍යාඥයන් යොදා ගන්නා සංකල්පයකි. ඊට හේතුවන්නේ එකදු විශේෂයක් හුදකලාව පරිණාමනය වී නොතිබීමයි. ඊට පටහැනිව කාලයාගේ අවෑමෙන් විශේෂයන් අතර විවිධ මට්ටම් හා වර්ගවල සම්බන්ධතා ගොඩ නැගී ඇත්තේ ඒ ඒ විශේෂයේ පරිණාමීය මග මත වෙනස්වන පීඩනයන් පටවමිනි. සෑම විශේෂයක් ම වර්තමානය දක්වා ම ස්වාභාවික වරණය (natural selection) සහ අනුවර්තනය(adaptation) යන ක‍්‍රියාදාම දෙකම භාජනයට ලක් වී ඇති මෙකී සම්බන්ධතා මත රඳා පවතී.

ඒ ඒ විශේෂ සැමකක ම පරිණාමය හුදකලා සිද්ධියක් නම් එකට එක්වී සමපරිණාමය ජනනය කරනු ලබන සම්බන්ධතා මෙන් ම අනුවර්තන ද පවතින්නේ නැත. පැවැත්ම සඳහා සිදුකෙරෙන අරගලයේ දී ඇත්තටම, සමහර විශේෂ අනෙකුත් විශේෂවල පරිණාමීය වෙනස්කම්වලට ප‍්‍රතිචාර දක්වති. අප විලෝපියෙකු ගැන සලකතොත්, විලෝපියාගේ ගොදුර පරිණාමීය වශයෙන් වේගය වැඩිකර ගතහොත් දඩයම තවත් අපහසුවන අතර ගොදුරට වාසිදායක වන අන්දමට ජනවිකාස(demographic)අසමතුලිතතාවක් වර්ධනය වෙයි. එහෙයින් විශේෂ දෙකෙහි ම වේගය රඳා පවතින්නේ විලෝපියා හා ගොදුර අනොන්‍ය වශයෙන් එකිනෙකා මත පටවන පීඩනය උඩයි. ස්වභාව (ධර්මය)යෙහි (nature) විවිධාකාර වූ සම්බන්ධතා පැවතියත් ඒවා සැමවිටම පැහැදිලි නැති අතර පහසුවෙන් ප‍්‍රත්‍යක්‍ෂ කර ගත නොහැකි වේ. ඒ, සම පරිණාමීය ක‍්‍රියාදාමය තුළින් එවැනි සම්බන්ධතාවලට අත්කර ගත හැකි සංකීර්ණතාව හේතුවෙනි. මෙකී සම්බන්ධතා විිලෝපනයට අන්තර් ක‍්‍රියා නොකිරීමේ සිට, සහයෝගීතාවයේ සිට තරඟය ද පරපෝෂීතාව පවා දක්වාද පරාසයක් ගනී.

සහභෝජිත්වය (Commensalism)

ජීවින් විශේෂ දෙකක් අතරේ පවතින සම්බන්ධතාව සහභෝජිත්වය යනුවෙන් හැඳින්වේ. මේ සබඳතාව හේතුකොට ගෙන එක් ජීව විශේෂයකට වාසියක් සැලසෙන අතර අනෙක් විශේෂයට හානියක්වත් උපකාරයක්වත් හිමි නොවේ. කෙසේවෙතත්, සහභෝජීතාවයේ වර්ග කිහිපයකි:

Phoresy (ධාරිතයා) ගමනාගමනය සඳහා වෙනත් සතෙකු මත හෝ වෙනත් සතෙකුට එක් වී ගමන් කරන ජීවියා;

Inquilinism  වෙනත් විශේෂයක වාසස්ථානය තුළ ලගින හෝ බිත්තර දමන;

Metabiosis හෙවත් පශ්චාත්-වාසීන් උදා: මියගිය ගොළුබෙල්ලෙකුගේ කටුවක් තුළ ජීවත්වන තාපස කකුළුවා.

අනොන්‍ය සහජීවනය (Mutualism)

Life 2මෙයින් අදහස් කෙරෙන්නේ ජීවින් විශේෂ දෙකකටම වාසි ලබා ගත හැකි ආකාරයේ අන්තර් විශේෂ සම්බන්ධතාවයයි. මෙලෙස විග‍්‍රහ කළ විට මෙය විශේෂ දෙකක් අතර සම්මුතියකට එළඹීගත් සම්බන්ධයක් යයි ගම්‍ය වීමට පුළුවන් වුවත් ඇත්තට ම එය පරිණාමයේ සහ අනුවර්තනයේ දීර්ඝ එමෙන් ම සංකීර්ණ ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයකි.

අනොන්‍ය සහජීවනය සඳහා දිය හැකි නිදසුන් ගණනාවක් ම ඇත. ගවයන් මත දකින කොකුන් ඒ අතුරෙන් වඩාත්ම ප‍්‍රචලිත නිදසුනයි. ගවයන්, මීගවයන් වැනි විශාල ශාක භක්ෂකයන් මත ජීවත්වන පරපා්ෂිතයන් ආහාරයට ගන්නා විශේෂයකි, මේ කොකුන් . මෙහි දී සිය ආහාරය ලබා ගන්නා අතර ගවයෝ පරපෝෂිතයන් ගෙන් ගැලවී ගනිති. දෙපාර්ශ්වයටම වාසිදායක සම්බන්ධයකි.

පරපෝ්ෂීතාව (Parasitism) මෙය විස්තර කෙරෙන්නේ එක් ජීවී විශේෂයකට (එනම් පරපෝෂිතයාට) පමණක් වාසි සැලසෙන අසමමිතික සම්බන්ධතාවක් ලෙසිනිි. මෙය පරපෝෂිතාවයේ අන්තයටම ගිය අවස්ථාවක් ලෙස දැක්විය හැකිය. ඊට විවිධ ආකාරයෙන් ධාරකයා (host)  වෙත ඇතුල්වෙන පරපෝෂිතයා ධාරකයාගේ ශරීරාභ්‍යන්තරයේ පවා වාසය කරනවා වැනි මූලික අනුවර්තනන ඊට අවශ්‍යයෙන්ම ඇතුළත්වේි. අප‍්‍රිකානු මීගවයන්ගේ මහා ධමනියේ ලැගුම් ගන්නා ෑඡු පණුවා නිදසුන් ලෙස දැක්විය හැකිය.

තරඟය:  (Competition)

ජීවින් දෙකක් හෝ වැඩි සංඛ්‍යාවක් සීමිත මූලයකින් හෙවත් ප‍්‍රභවයකින් සිය සම්පත් (අවශ්‍යතා) සපුරා ගන්නා විට තරඟය ඇති වේ. මෙය ස්වභාවික වරණය සහ පරිණාමීය ක‍්‍රියාදාමය මත වඩාත්ම බලගතු බලපෑම් ඇති කරවන සබඳතාවකි. තරඟය ආකාර දෙකක් ගනී.  එක ආකාරයක් සිදුවන්නේ බාධාකිරීමෙනි. එක් විශේෂයක ක‍්‍රියාකාරීත්වය අනෙක් ජීව විශේෂයට සම්පත් ලබා ගැනීමට ඇති හැකියාව සීමා කෙරෙන විට එය සිදුවේ. උදාහරණයක් වශයෙන්, එක් ශාකයක මුල් තවත් ශාකයක් පෝෂණය වෙත එළැඹීම වළක්වන විට තරඟය ඇතිවේ. අනෙකුත් ආකාරයේ තරඟය ඇතිවන්නේ උපයෝ්ජනය හෙවත් විලුම්පනය(exploitation) හරහා යි. මෙය එකම සත්ව විශේෂ ගොදුරට ගන්නා සිංහයන්, චීටා වැනි විලෝපියන් අතර සාමාන්‍යයෙන් දැකිය හැක්කකි. මේ ආකාරයේ දී තරඟකාරී බහිෂ්කරණ(competitive exclusion) පිළිවෙත ඉස්මතු වෙයි. ඊට හේතුව සෑම විශේෂයක් ම තම තරඟකරුවන් ඉවත්කිරීමට පෙළඹීමයි.

විලෝපනය (Predation)

Life 1එය එක් විශේෂයක් තවත් විශේෂයක් දඩයම් කර ආහාරයට ගැනීමේ අන්තර් විශේෂ සම්බන්ධතාවයි. එක් පාර්ශ්වයක් අනෙක් පාර්ශවය මත පීඩනයක් ඇති කරනවා සේම අනෙකාව නියාමනය ද කරන බව තේරුම් ගැනීම වැදගත් ය. විලෝපනයේ සුවිශේෂී අවස්ථා පවතී. විලෝපියා එක් වර්ගයක ගොදුරක් මත පමණක් බලපෑම එක් අවස්ථාවකි. නැතිනම් විවිධ විශේෂ ආහාරයට ගැනීමේ අවස්ථා ද ඇතිවේ.  මෙකී වෙසෙසි බව මත අනුවර්තනයවීමේ ප‍්‍රමාණය රඳයි. පසුව කී ආකාරයට නිදසුන් ලෙස සිංහයා, සීබ‍්‍රා හා කූඩු (Kudu වයිරම් සහිත අප‍්‍රිකානු ඇන්ටිලොප් වර්ගයක්) දැක්විය හැකිය.

EVOLUTION AND GENETICS ග‍්‍රන්ථයේ   To Live or Die ලිපිය ඇසුරෙනි

One response to “ජීවත් වෙනවාද? මියැදෙනවාද? සම පරිණාමය(Coevolution) ගැන කෙටි හැඳින්වීමක්”

  1. මෙි බිලොගයේ අනික් ලිපි වගේම මෙි ලිපියත් ගොඩක් හොදයි.. ගොඩක් අයට වැදගත් වෙිවි… ඔබට ජය.. ඉදිරියේදීත් මෙවැනි ලිපි පල කරන්න

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending