නිය පොතු කෑම ලෙස වැඩිදෙනා හඳුන්වන නිය සැපීම(nail biting) සිතේ චංචල ගතිය නැතිනම් කැළඹෙනසුළු ස්වභාවය නිසා හටගන්නා පුරුද්දක් ලෙසයි බෝහෝ අය දකින්නේ. එහෙත් නිය සැපීම ඇති කරවන සාධකය කාංසාව(anxiety)  නොවන්නට ඉඩ ඇතැයි නව පර්යේණයකින් හෙළිවේ. එවැනි පුනරාවර්තන චර්යා වළක්වා ගැනිමට නොහැකිව සිය නිය සපන, හිස කෙස් ඇද දමන සම කොනිත්තන අයවලූන් බොහෝ  විට පාරප‍්‍රාප්තවාදීන්(Perfectionists) වන අතර ඔවුන්ගේ එම ක‍්‍රියා විඩාව, කම්මැලිකම, උත්කෝපනය, අතෘප්තිය සමනය කිරීමට ආධාර විය හැකි බවට එන්ට එන්ටම ගොඩනැගෙන  සාක්ෂි වලින් පෙන්නුම් කෙරේ.

පුද්ගලයන් සෑම විස්සකට එක් අයෙක් සිරුර මුල් කරගත් නැවත නැවත ඇතිවන රෝගාබාධවලින් පෙළෙන අතර ඔවුහු තමන්ගේ පෙනුම විකෘති වන තුරු හෝ තමන්ට වේදනාව දැනෙන තෙක්ම නිය සැපීම හෝ හිස කෙස් ඇදීම වැනි චර්යාවන් වල නිරතවෙති. මෙම රෝගාබාධ, අනිච්ඡුානුගතව සිදුවන මාංශපේෂී ක‍්‍රියාකාරිත්වයන්ට(tic disorders)  සහ වඩා දුරස්තව (තම කැමැත්තට එරෙහිව නිරායාසයෙන් නැවත නැවත සිදුවන) ග‍්‍රස්තිමය  අනිවාර්යතා රෝගාබාධයට(obsessive-compulsive disorder)  සම්බන්ධය. එහෙයින් පුනරාවර්තන චර්යාවන් අත්හැරීම දුෂ්කරය. එහෙත් බෝහෝ දෙනා සිතන්නේ තමුන්ට ඇත්තේ හුදෙක් සිතේ චංචල ගතිය නැතිනම් කැළඹෙනසුළු ස්වභාවය නිසා හටගන්නා පුරුද්දක් පමණක්ය, ඉන් ගැලවිමට තරම් තමුන්ට චිත්ත ධෛ්‍යර්යක් නැත යනුවෙනි.

මෙවැනි චර්යාවන් ට මුල කාංසාව නැතිනම් තැවුල් සහගත ස්වභාවය නොව පාරප‍්‍රාප්තවාදය යනුවෙන් දැක්වෙන සිද්ධාන්තයට නව පර්යේෂණයෙන් සාක්ෂි එක්කෙරේ. පර්යේෂකයෝ පළමුවෙන් 48ක් ඔවුන්ගේ සංවිධානාත්මක චර්යාවන් හා තම චිත්තාවේග පාලනය කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සමීක්ෂණයකට ලක් කළහ. මේ පිරිසෙන් අඩක් මෙවන් රෝගාබාධවලින් පෙළෙන්නන් වු අතර අනික් අය එසේ නොවූහ.  රෝගාබාධවලින් පෙළෙන්නන් ඉස්මතු වූයේ වුවමනවට වඩා සලසුම්, සකසන, ඒවා සඳහා වුවමනාවට වඩා වෙහෙසෙන අනතුරුව ඉක්මනින් බලපොරොත්තු සුන්වීම නිසා ඉච්ඡුා භංගත්වයට පත් වන ප‍්‍රවනතාවකින් යුත්  සංවිධානාත්මක පාරප‍්‍රාප්තවාදීන් ලෙසය.

Nail biteඉන් පසුව පර්යේෂකයෝ පිරිස චිත්තාවේග හතරක් ඉස්මතුකිරීමට ඉඩ සලසන අවස්ථාවලට ලක් කළහ. මානසික ආතතිය(stress) ඇවිස්සීමට අහස්යානයක් කඩාවැටීමේ චිත‍්‍රපටයක් පෙන්විම ද, සැහැල්ලූව ඉහිල් බව(relaxation) ප‍්‍රවර්ධනය පිණිස මුහුදු රල දක්වන චිත‍්‍රපටයක් පෙන්විම ද, අසීරු ප‍්‍රහේලිකාවක් ලබාදි එය පහසු එකක් බව දැන්වීම, විඩාපත් සොබාව (boredom) උපද්දවීමට ඔවුන්ව කාමරයක තනිකොට තැබීම එම අවස්ථා හතරයි. ඉහිල් බව ප‍්‍රවර්ධනය කරවන මුහුදු රල දක්වන චිත‍්‍රපටය නැරඹීමේදී හැර අනෙක් අවස්ථා තුනේදිම රෝගාබාධවලින් පෙළෙන්නන් නිය සැපිම. හිස කෙස් කැඞීම වැනි සිරුර මුල්කරගත් චර්යාවන්වල යෙදී ඇත.

මානසික ආතතිය තමයි මෙවැනි චර්යාවන්ට එකම හේතුව යයි මෑතක ඉදිරිපත් වී තිබෙන න්‍යාය නව පර්යේෂණ වාර්තාව මගින්  සමච්චලේට ලක්කරයි. පාරප‍්‍රාප්තවාදය මගින් විදහා දැක්වෙන විඩාපත් සොබාව සහ ඉච්චාභංගත්වය උත්තේජක කි‍්‍රයාවලියක් මුදාහරින වඩාත් වැදගත් ටි‍්‍රගරය විය හැකියයි නව අධයයනයෙන් කියැවෙයි. මෙවැනි පාරප‍්‍රාප්තවාදී විශ්වාස හා චර්යාවන් සමනයට ඥානන චර්යා චිකිත්සාව(cognitive-behavior therapy) සහාය කර ගත හැකියයි අධ්‍යයන පෙන්වයි. නව හෙළිදරව් කිරීම් සිරුර මුල් කරගත් නැවත නැවත ඇතිවන රෝගාබාධවලින් පෙළෙන අයට ප‍්‍රතීකාර කිරීමේී චිකිත්සකයන්ට උපකාරී විය හැකිය.

Scientific American හි  Nail Biting May Arise from Perfectionism ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending