හිස ගසා දැමීම මිනිසෙකුට නම් ක්ෂණිකවම මරණය ළගා කරදෙන්නක් බව අප කවුරුත් දන්නා කාරණාවක්. අප සතුව ඇත්තේ අපේ පටක ඔක්සීකරණය කර තබා ගැනීම වස් අවැසි අධිපීඩන රුධිර සංසරන පද්ධතියක් විම ඊට හේතුවයි. හිස කපා දැමූ සැණින් අප ගෙලෙහි ශීර්ෂපෝෂ ධමනී (carotid artery) කැපී ගොස් විනාඩි කිහිපයක් ඇතූළත රුධිරය හෙවත් ලේ සිරුරෙන් සම්පූර්ණයෙන් වහනය වේ. ඔව් බෙල්ල කැපූ සැනින් උණුසුම් ආයුධයකින් හෝ කාරමකින් දවා අග්නි කර්මයක් (cauterize) සිදුකොට ලේ ගැලීම නතර කෙරුණත් තවදුරටත් දිවි රැකගෙන පැවතීමට අපේ සිරුරට නොහැක. ඊට හේතුව ආශ්වාස ප‍්‍රාශ්වාස කරැන්නයි මොළයෙන් ස්නායු සංඥා තවදුරටත් නොලැබී යාමයි.

එහෙත් බොහෝ කෘමීන් මෙන්ම කැරපොත්තන් ද මීට වෙනස්ය. ඔවුන් හුස්ම ගන්නේ සිරුර දිගේ ඇති ශ්වාසරන්ධ‍්‍ර(spiracle – Opercular aperture) යනුවෙන් හඳුන්වනු ලබන සිදුරු හා සම්බන්ධ කෙරුණු නල ජාලයක් හරහා නිරුත්සාහකවයි. සිරුර පුරා ඔක්සිජන් ගෙන යාම පිණිස ඔවුන් රුධිර සංසරණය මත රඳා පවතින්නේ නැත. ඇරත් ඔවුන්ගේ ශරීරයේ තරල කොහොමටත් පවතින්නේ පහළ මට්ටමේ පීඩනකය. ඔවුන්ගේ මොළය බොහෝ කොට සිදුකරන්නේ ඇස් සහ ස්පර්්ෂක මගින් ලැබෙන සංවේදන ආදාන ගැන ක‍්‍රියාකිරීමය. දිවීම, ස්පර්ශයට සංවේදීව ප‍්‍රතිචාර දැක්වීම ආදී අනෙකුත් චර්යාවන් බොහොමයක් ගැන සොයා බලන්නේ ශරීර ඛණ්ඩ දෙකෙහි පිහිටි ගැංග්ලියම (ganglia)නැමැති ‘ක්ෂුද‍්‍ර මොළ’ මගිනි. හිස් කැපුම් ලත් කැර පොත්තෙකු අන්තිමේදී මිය යන්නේ සාගින්න නිසාය. එහෙත් එ් සඳහා සති කිහිපයක් ගතවෙනු ඇති.
NEW SCIENTIST (October 31) හි Can a cockroach really live without its head? ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න