ඔබ මේ ලිපිය කියැවීමට පටන් ගෙන ඇත්නම් ඔබ කවදා හෝ වේදනාවේ අත්දැකීම විඳ ඇති බව නිසැකවම කිව හැකිය. එම අත්දැකීම නියපොත්තක් වැදීමෙන් ඇතිවන සුණු කැක්කුමේ සිට අස්ථියක් බිඳීමෙන් ඇතිවන දරුණු දරා ගැනීමට අපහසු වේදනාවක් දක්වා අත්දැකීමක් විය හැකියි. වේදනාව, අපේ ජීවිතයෙන් වැඩි කොටසක් හැඩ ගස්වයි. ඇතැම් විට වේදනාව ජීවිත විනාශ මුඛයට ඇද දමන්ට ද සමත්ය. එසේ නම් පරිණෘමීය වශයෙන් ගත් කල වේදනාව ඉටු කරන්නේ කුමන කාර්යභරයක්ද? මානවයන් වන අපට වේදනාව නොමැති නම් මීට වඩා හොඳ නැද්ද?

නිශ්චිත වශයෙන් වේදනාව යනු කුමක්ද?

වේදනාව යන්න අප අතර පවතින්නේ මන්දැයි තේරුම් ගැනීමට නම් ප‍්‍රථමයෙන් වේදනාව යනු කුමක්ද එසේම එය කි‍්‍රයාත්මක වන්නේ කෙසේද යන්න අවබෝධ කර ගත යුතුය. වේදනාව දෙආකාරයකට (වර්ග දෙකක් ලෙසට) හඳුනා ගත හැකිය. ඒ තීව‍්‍ර වේදනාව (acute) සහ නිදන්ගත හෝ කල්ගත වේදනාව (chronic) යනුවෙනි.  පාවහන් පැළඳ නොසිටි විටක උඩ අතට හැරී තිබෙන ඇනයක් හෝ වෙනත් උල් දෙයක් පාදයෙහි ඇනීමෙන් ඔබ අත්දකින්නේ තීව‍්‍ර වේදනාවයි. ඊට ශරීරය අචේතනිකවම ප‍්‍රතිචාර දක්වයි. මේ වේදනාව ඇත්තේ කිසියම් ජීවියෙකුට යම් කිසිවකින් හානියක් පැමිණෙන බවට අනතුරු හැඟවීමට සහ එම ජීවියා ඒ සම්බන්ධයෙන් යම් කිසි කි‍්‍රයාමාර්ගයක් ගත යුතු යයි දන්වා සිටීමටයි. ඇණය හෝ උල සම්බන්ධයෙන් සලකන්නේ නම් දන්වා සිටීම වන්නේ වහා ඉන් පාදය ඉවත් කිරීමයි. මෙවැනි විටක වේදනාව, වෙනත් අනෙකුත් ප‍්‍රතීක උත්තේජයක්(reflex stimulus) ලෙසට කි‍්‍රයාකරන අතර ශරීරය ඇතුළත ස්නායුවල ගමන් මගම අනුසරණය කරයි.

Nail-gun-injury-Hand-004-1

වේදනාව මුලින්ම සටහන් කරනු ලබන්නේ, වේදනාවට ප‍්‍රතිකි‍්‍රයා දක්වන සංවේදකයක් වන හංසාග‍්‍රාහක (nociceptors) ලෙස හැඳින්වෙන, බොහෝ කොට සමෙහි සහ ස්නායු සම්බන්ධ පටකවල දැකිය හැකි ස්නායු කෙළවරවල(nerve endings)  නිදහස් නිරාවරණය වූ තන්තු මගිනි. ඉන් අනතුරුව එම තොරතුරු විද්‍යුත් ආවේගයක (electrical impulse)  ස්වරූපයන් සංවේදන නියුරෝන (sensory neuron) වෙත යවනු ලැබේ. එම විද්‍යුත් ආවේගය පසුව මධ්‍ය (ප‍්‍රධාන) ස්නායු පද්ධතියට ඇතුල් වී ප‍්‍රතියෝජක නියුරෝනය හරහා මොළයට හෝ සුසුම්නාව වෙත ගමන් කරන අතර  මේ ගමනාන්ත දෙකෙන් එකක් තීරණය වන්නේ වේදනාවට හේතු වූ මුලය අනුවයි. ඉන් පසුව විද්‍යුත් ආවේගය චාලක නියුරෝනය (motor neuron) ඔස්සේ ආපසු කාරක පේශීය (effector muscle) වෙත ගමන් කරයි. එම මාංශ පේශීයට සංකෝචනය වන ලෙස නියෝගය ලැබෙන අතර පේශීය එසේ කරයි. මෙලෙස ශරීරය (වේදනා මූලයෙන්) ඈත් කරන අතර එමගින් වේදනාවට බලපාන හේතුව ඉවත් කරයි. මේ සියල්ල අතිශය සීඝ‍්‍රතාවයකින් සිදුකෙරෙන අතර අපේ සවිඥානක මනසෙහි සනිටුහන් වන්නේ ශාරීරික වශයෙන් අතිශය අප‍්‍රසාදජනක හැගීමක් හැටියට පමණකි.

ඉහත අවස්ථාවේ වේදනාවේ අරමුණ වගේම වැදගත් කමත් අපට ඍජු ආකාරයකට පැහැදිලිකර ගත හැකිය. වේදනාව නොතිබුණේ නම් උල් ඇණයක් ඇණුනු බව අපට දැනෙන්නේ නැත. තවත් උදාහරණයක් ගමු. තදින්ම රත්වූ බඳුනක් අපි අතින් ඇල්ලූවේයයි සිතමු. වේදනාව නොතිබුණේ නම් අප දිගටම එය අල්වාගෙන සිටීමේ හේතුවෙන් අප අත්වලට අප‍්‍රතිවර්ත්‍ය (නැවත තිබූ තත්ත්වයට පත් කළ නොහැකි ෙලස) ස්නායු හානියක් සිදු විය හැකිය.

shutterstock_181111394-874x583

කෙසේ වෙතත්, වේදනාව බොහෝ අවස්ථාවල මේ ස්වරූපය නොගනී. එහෙත් එය දැනටමත් පවතින බව අප දන්නා ශාරීරික හානියක් පිළිබඳව මතක් කර දෙන අඛණ්ඩ කරදරකාරී සංවේදනයක ස්වරූපය ගනී. මෙකී සංවේදනය (chronic pain) කල්ගත වේදනාව ලෙස හැඳින් වේ. එය අපට උපකාරීවනවා වෙනුවට, පරිණාමීය පර්යාලෝකයකින් බලන කල ජීවන පැවැත්මට අවශ්‍ය වන ප‍්‍රජනනය, කෑම බීම ගැනීම හා අනතුරකින් බේරී පලා යාම වැනි චර්යාවන් ඉටුකිරීමෙන් අප වළක්වා ලිය හැකිය. මේ නයින් බලන විට, හානිය හෝ පීඩාව ඇති වූ මොහොතේම පමණක් වේදනාව පවතින්නේ නම් වඩාත් යෝග්‍ය නොවේද? යයි කෙනෙකුට සිතෙන්නට පුළුවන.

 වේදනාව අඛණ්ඩව පවතින්නේ ඇයි?

මේ ප‍්‍රශ්නයට පිළිතුරු පවතින්නේ, අනාගත චර්යාව වෙනස් කිරීමේ අවශ්‍යතාව මතයි. ජීවියෙකු මත වේදනාව මගින් බෙලහීන කරවන සුළු බලපෑමක් ඇති කරන්නේ වී නමුත් වේදනාව නොතිබෙන්නට පුද්ගලයින් තම ජීවිත හා සෞඛ්‍ය අනතුරට ලක්කර ගැනීම  නතර කළ නොහේ. කල් පවතින වේදනාව නොවන්නට, කාලයක් තිස්සේ වේදනා විඳීමට සිදුවෙතැයි හා බියෙන් තොරව පුද්ගලයින් හිතූ මනාපේ හැසිරෙමින් අන්තරයාකාරී කටයුතුවල නිරත වනු ඇත.  අපේ සිරුර ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අපේ දක්ෂතා දැනටමත් හීනය. දැනටමත් ඇත්තේ අඩුවෙනි. බොහෝ විට මෙපමණවත් හැකියාවක්  දක්වන්නේ අපට හානියක් වීම වළක්වා ගැනීමට අපට ඇති උවමනාව නිසාය. එම උවමනාව ඇතිවන්නේ දිගුකලක් වේදනා විඳීමට සිදුවන නිසාවෙනි(කල්ගත වේදනාව). වේදනාව නොතිබෙන්නට අප අනභිභවනීය යයි සිතීමට පෙළ ෙඔ.

Sidebar_Image_04

මෙලෙස බලන විට වේදනාව නිසා අප දුර්වල වීමට ඉඩ ඇතත්, කිනම් චර්යාවන් ආරක්ෂාකාරීද කිනම් ඒවා අනතුරුදායකද යන්න මානවයන්ට මෙන්ම අනෙකුත් ජීවීන්ට ඉගැන්වීමට පරිණාමීය කාල සටහන පුරාවටම වේදනාව වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත. වේදනාව දෙයාකාරයකට තීව‍්‍ර සහ කල්ගත වශයෙන් පැවතීමටත් බලපාන්නේ මේ තර්කයමයි. සිද්දිය වන විට පමණක් (තීව‍්‍ර) වේදනාවක් පැවතියේ නම් අප අන්තරයාකාරී චර්යාවන් නැවත නැවත නොකිරීම සහතික කිරීම අපහසුවේ. ක්ෂණික තීව‍්‍ර වේදනාව තිබුනේ වී නමුත් පුද්ගලයන් දිගුකාලීන සෞඛ්‍ය බලපෑම ගැන නොසිතා එම චර්යාෙවන් ලැබෙන ප‍්‍රතිලාභය වටිනා හැටියට සිතීමට ඉඩ ඇත. මත වටිනා හැටියට සිතීමට ඉඩ ඇත. වේදනවා දිගුකලක් පැවතීම මෙවැනි අන්තරාකරී හැසිරීම් අධර්යමත් කරයි.

වේදනාව මඟහරවා ගන්නා ආකාරය අප තවත් තතු ලිපියකින් සලකා බලමු.

University of Cambridge: The Naked Scientists හී පළවූ  The Purpose of Pain ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending