වේදනාව ගැන මෑතක තතු ලිපියක් පළවූවා ඔබට මතක ඇති. (2016 ජූනි13 දා) එම ලිපිය හරහා අප තහවුරු කිරීමට උත්සාහ දැරුවේ, වේදනාව යනු ස්වාභාවික වරණයේ වැදගත් කොටසක් බවත් එමෙන්ම ප‍්‍රජනනය සහ තව පරපුරකට තම ජාන පැවරීම පිණිස ජීවත්වීමට ඉඩ ඇත්තේ වේදනාව යන්න ගැන සැලකිලිමත් වන්නන් හා එහි තේරුම් අවබෝධ කරගත්තන් යන්නය. ඒ කෙසේ වෙතත් වේදනාව තවදුරටත් ප‍්‍රයෝජනවත් නැතැයි දැනෙන විට වේදනාව පිටු දැකීම පිණිස අභ්‍යන්තරයෙහිම පිහිට යන්ත‍්‍රණයක් ශරීරය සතුව ඇත ඒ තමා එන්ඩෝපින් (වේදනාව පිළිබඳ හැඟීම් අඩුකරන මොළයේ නිෂ්පාදිත හෝමෝනයක්). එන්ඩෝපින් යනු (ආහාර ගැනීම, ව්‍යායාම කිරීම ලිංගික කි‍්‍රයාවල යෙදීම වැනි) ඇතැම් චර්යාවන්වලදී ස්වභාවිකව ශරීරයෙන් මුදාහරින පෙප්ටයිඩ සංයෝගයි. (පෙප්ටයිඞ් = ඇමයිනෝ අම්ල දෙකක් හෝ වැඩි ගණනක් මිශි‍්‍රත රසායනික ද්‍රව්‍යයකි) මෙම චර්යාවන් අතිශය තීව‍්‍ර සුඛය(intense pleasure) හා සම්බන්ධ ඒවාය. සුඛය පිළිබඳ මෙම හැඟීම පැවැත්ම හෝ ප‍්‍රජනනය හා සම්බන්ධිත චර්යාවන් නැවත නැවත සිදුකිරීමට පුද්ගලයන්ව පොළඹවන සුළුය.

457_massazh-shei

සාධනීය චර්යාවන් ප‍්‍රතිසාධනය හෙවත් වෙර ගැන්වීමට(reinforcing) අමතරව වේදනාව සහ බියට ප‍්‍රතිචාර වශයෙන් ද එන්ටෝපින් මුදා හැරේ. උත්තේජනයක් ඇති වූ කල මොළයේ ඇති කොටසක් වන හයිපොතැලමසය (hypothalamus) CHR යනුවෙන් ^corticotroponin-releasing hormone& හැඳින්වෙන හෝමෝනය මුදා හරියි. එන්ඩෝපීන සංස්ලේෂණය කරන ලෙස එය (මොළයේම පිහිටි) පිටියුටරි ග‍්‍රන්ථිවලට දැනුම් දෙයි.

මොළයෙහි සහ සුෂුම්ණාවේ ඇති ෙසෙලවල විශේෂිත ප‍්‍රතිග‍්‍රාහක ඇත. වේදනා සංඥා සම්පේ‍්‍රෂණය නතර කරමින් එන්ඩෝපීන මෙම ග‍්‍රාහකවලට බැඳිය හැකිය. එන්ඩෝපීන යනු නිර්වින්දන ද්‍රව්‍යයයි. මෝපීන් හෙරොයින් වැනි අනෙකුත් නිර්වින්දන ද සමාන ප‍්‍රතිඵල ගෙන එමින් බන්ධනය වන්නේ මෙම ප‍්‍රතිග‍්‍රාහකවලටමය.

images

අපගේ මොළයේ ප‍්‍රතිග‍්‍රාහක සමග එන්ඩෝපීන අන්තර්කි‍්‍රයා කරන්නේ කුමන ආකාරයකට දැයි නිශ්චිත වශයෙන් දැන ගැනීම පහසු නැත. ඊට හේතුව මීට සම්බන්ධ  ද්විතීයික බලපෑම ලෙස සිදුවන අන්තර්කි‍්‍රයා මාලාව අතිශය සංකීර්ණ වීමයි. ඉතින් ජීවත්වන අයෙකුට හානියක් නොවන පරිදි අපට සිදු කළ හැකි උපරිම දෙය රුධිර ධාරාවේ එන්ඩෝපීන මට්ටම අධ්‍යයන කිරිම සහ මොළය තුළ ඒවායේ චලනයන් අධ්‍යයනය කිරීම පිණිස අනුරූපන තාක්ෂණය යොදා ගැනීමයි. කෙසේ වෙතත්, සුඛස්වාදය පිළිබඳ හැඟීම් සඳහා එන්ඩෝපීන දායක වන බව සනාථ කිරීමට මෙම ක‍්‍රම ප‍්‍රමාණවත්ය.

‘වේදනා ද්වාරය’ (“pain-gate”වේදනා දොර) වේදනා ආවේගයන් සිතට නගා ගැනීම පිණිස බහුලව යොදා ගන්නා සාදෘශ්‍යයකි. අප ඉහතින්ද සාකච්ඡුා කෙරුණු පරිදි වේදනාකාරී උත්තේජක මෙකී වේදනා ද්වාරය ‘විවෘත’ කරයි. එලෙසම වේදනාව ගැන තැවීම හෝ ඒ ගැනම අවධානය යොමු කිරීම වැනි සංජානන සාධකත් එමෙන්ම පීඩනය ^ depression&  කාංසාව (^ depression&) විෂාදය (stress)) වැනි හැඟීම්වලට ඉඩදීමත් වේදනා ද්වාරය විවෘත කිරීමට උපකාරී වේ. භාවනාවෙහි යෙදීම, වේදනා වික්ෂේපය ^distraction වේදනාවෙන් සිත වෙනතකට යොමු කිරීම) සහ ධනාත්මක  ආකල්පයක් තිබීම වේදනා ද්වාරය ‘වැසීමට’ දායක වෙතැයි අදහස් කෙරේ.

එවන් ආකාරයකට ශාරීරික කි‍්‍රයාකාරකම් ද යොදා ගත  හැකිවෙයි. ඊට හේතුව ව්‍යායාම මගින් ශරීරය යම් පීඩනයකට පත් කිරීමයි. එවිට පොරවැදීමේ හෝ පලායාමේ ප‍්‍රතිචාරයක(“fight or flight”) කොටසක් ලෙස රුධිර ධාරාවට එන්ඩොපීන් අතිරේක ප‍්‍රමාණයක් මුදා හැරීම ද ඉන් උත්තේජනය වෙයි. මෙය පුද්ගලයෙකුගේ මනෝභාවය (mood) පාලනය කිරීම වේදනා සංවේදනය අවුරමින් මද නිර්වින්දනාත්මක සහ සුඛස්වාද හැඟීමක් නිර්මාණය කරයි.

images (1)වේදනාව බොහෝ සවිඤ්ඥානික ජීවීන්ගේ පැවැත්මට මෙන්ම සෞඛ්‍යය කෙරෙහි කේන්ද්‍රීය වේ. වේදනාව අප අඩපණ කරවන මෙන්ම අපට (අතුරු ආබාධ සහිත දෙයක්) අප‍්‍රසන්නවන දෙයක්ද වන්නේ වී නමුදු එය අපව අනතුරුවෙත රැුගෙන යා හැකි වඩාත් අභියෝගාත්මක අත්දැකීම් වලට නැඹුරු වූ කි‍්‍රයාකාරකම් පාලනය කරන අතර අපේ චර්යා රටා ඊට අනුකූලතාවයේ හැඩ ගන්වයි. එහෙත් ඒ එක්කම පැවසිය යුත්තේ වේදනාව වනාහි අපේම සිරුරේ සහ මනසේ නිෂ්පාදනයක් බවයි. එලෙසම වේදනාව අපට උගන්වන පාඩම් අමතක නොකරන අතර නිවැරදි ආකල්පයන් සහ කි‍්‍රයාමාර්ග, මගින් අපටම වේදනාව යම් දුරකට මගහරවා ගත හැකි බවයි. අප පීඩාවට පත්වූ විට අපට නටා ගයා විනෝදවීමට හෝ රවුමක් ඇවිදීමට යාමට සිතක් පහළ වෙතැයි අපේක්ෂා කිරිමට අපහසු වුවත් එවැනි දෑ අපේ මනෝභාවයන් යහපත් අතට ගෙන ඒමටත් අප දුකින් පෙළීම අඩුකිරීමටත් ඉවහල් විය හැකිය.

 

University of Cambridge – The naked Scientists හී පළවූ  The Purpose of Pain: How can we overcome pain? ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending