මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක් 

නියතිවාදයේම (නියතිවාදය ගැන 2017 ජනවාරි 28දා thathu හි පළවූ ලිපිය කියවන්න) ආකාරයක් වන මුල හේතු න්‍යායන් (first-cause theories) මගින් කියවෙන්නේ සෑම සිද්ධියක් පිටිපසම හේතුවක් ඇත, එම හේතුව ඇතිවෙන්නේ වෙනත් හේතුවක් බලපෑමෙන්ය යනාදී වශයෙන් ආපස්සට, ආපස්සට ව්‍යාප්තවන බවයි. මෙලෙස හේතු දාමය අනන්තය දක්වා පස්සට යාම පිළිගැනීමට අකමැති මෙම න්‍යායයන් තහවුරු කරන්නේ ප්‍රථම හෙවත් මුල හේතුවක් තිබිය යුතු බවයි.

විශ්වය සැමදාමත් පැවති  බව කියා සිටි ඇරිස්ටෝටල්  එහෙයින් විශ්වය පවත්වාගෙන යනු ලබන්නේ ‘මුල ප්‍රේරකය’(prime mover) හෝ ‘අචල ප්‍රේරකය’(unmoved  mover)  මගිනැයි සැලකුවේය. මුල ප්‍රේරකය යන්නෙහි ස්වභාවය ඔහු නිරුපනය කළේ පිරිසිදු සිතුවිල්ල හා සමාන දෙයක් හැටියටය. ඇරිස්ටෝටල්ගෙන් අභාසය ලද මාධ්‍යකාලින දෙවවේදී(theologician)  ශාන්ත තෝමස් ඇක්වයිනාස් දෙවියන්ගේ පැවැත්ම තහවුරුකරනු වස් විශ්වවේදීය  තර්කය(cosmological argument) ගොඩනැගිය. හේතුවක් රහිත මුල හේතුවක් නැතිව විශ්වය පැවතිය නොහැකි හෙයින් ඒ මුල හේතුව දෙවියන් බව ඔහු තහවුරු කළේය. නුතන විශ්වවේදය දක්වන්නේ මේ විශ්වය ‘මහා පිපිරුමෙන්’ ආරම්භ වූ වගයි. ඒ අනුව අතිරෝහණික නැතිනම් උත්කෘෂ්ට මුල හේතුවක් අනවශ්‍ය වගයි.

 

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ  First Cause  කොටස ඇසුරෙනි

 

 

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending