මිථ්‍යාව 1: හපන ගම්(චුවින් ගම්) බඬේ දී දිරවන්න වසර ගණනාවක් ගතවේ

මේ ප‍්‍රවාදය අනුව චුවින් ගම්, බබල් ගම් ආදිය ගිලූනොත් එය බඬේ ඇලී දිරවන්නේ නැතිව දිගු කලක් පවතී. හපන ගම් කොපමණ හැපුවත් කටේ දී දිය වී යාමක්, කුඩා කැබලිවලට කැඞී යාමක් සිදු නොවන බව හැමදෙනාම දන්නා කාරණාවක්. එහෙම දෙයක් බැරි වෙලාවත් ගිලූනොත් බඬේ දී ද සිදුවන්නේ එයම යන්නය තර්කයක් වශයෙන් ගෙන එනු ලබන්නේ. එහෙත් මෙහි සත්‍යතාවක් නැත. හපන ගම් ඔබේ බඩවැල් අලවා තබන්නේ නැත. අනෙක් ආහාර වගේම හපන ගම් ද ජීර්ණ පද්ධතිය දිගේ පහළට ගමන් කරන අතර දින කිහිපයක දී අසූචි සමග එළියට එයි.
මිථ්‍යාව 2: කුළු බඩු අධික ආහාර හේතුවෙන් ව්‍රණ (Ulcers) හට ගනී

කුළු බඩු බහුලව යෙදු ආහාර, විශේෂයෙන්ම මිරිස් වැඩි ආහාර අනුභව කිරීමෙන් ව්‍රණ(වණ) හට ගන්නේය යන්න ජනප‍්‍රිය ප‍්‍රවාදයකි. එහෙත් ඇත්ත කතාව වන්නේ, කෙනෙකුගේ ආමාශයෙහි ආස්තරයේ (stomach lining) තුවාල හටගන්නේ හෙලිකොබැක්ටර් පයිලෝරි (Helicobacter pylori) නම් බැක්ටීරියාව මගින් ඇතිවන ආසාදනයක් හේතුවෙන් බවයි. එහෙමත් නැතිනම් වේදනාවට දෙන ඖෂධ ඇස්පිරින්, (ibuprofen) හෝ (naproxen) වැනි ඖෂධ හේතුවෙන් ඇතිවන්නක් බවයි. උෂ්ණාධික ආහාරයට ගැනීමෙන් ඇතැම් අයගේ වණ අසාධ්‍ය තත්ත්වයට පත් විය හැකි වුවත් ඒවා වණ සෑදීමට හේතු නොවේ.
මිථ්‍යාව 3: සිරෝසිස් වැළඳෙන්නේ මධ්‍යසාරීන්ට (Alcoholics) පමණකි

සෞඛ්‍ය සම්පන්න අක්මා සෛල හානියට පත් වී ඒවා හානිශේෂ කැලැල් සහිත පටක වලින් ආදේශවන තත්ත්වයක් වන්නාවූ සිරෝසිස් රෝගයට සුලබවම හේතු වන්නේ සුරා සොඬබව සත්‍යයකි. එහෙත් හෙපටයිටිස් B සහ හෙපටයිටිස් C වැනි වෙනත් හේතු ද බලපායි. තවද, අධික මධ්‍යසාර පානය සැමවිටම පාහේ ආමාශයේ යම් හානියකට හේතු වන්නේ වී නමුත් එය සැමවිටම සිරෝසිස් රෝගයට මග පාදන්නේ නැත.
මිථ්‍යාව 4: ඇට සහිත ගෙඩි ආහාරයට ගැනීමෙන් අපනාමී ප‍්‍රදාහය(Diverticulitis) හටගනී
අපනාමී ප‍්‍රදාහය පෙළෙන්නන්ට අතීතයේ දී වෛද්‍යවරු උපදෙස් දුන්නේ ධාන්‍ය, බඩ ඉරිඟු සහ ස්ට්‍රෝබෙරි වැනි කුඩා ඇට සහිත ආහාර ගැනීමෙන් වැළකී සිටින ලෙසය. අපනාමී ප‍්‍රදාහය යන රෝග තත්ත්වයේ දී මහන්ත‍්‍රාසයේ (මහා බඩ වැළෙහි) බිත්තියෙහි කුඩා මඩිස්සල (පැසි) හටගෙන මහාන්ත‍්‍රාස ප‍්‍රදාහයට පත් වී ආසාදනයට ලක්වේ. මෙහිදී බියට පත්වීමට හේතුවක් වූයේ ඇට සහිත කොටස් එම පැසි වලට වැටී හිරවී වේදනාව ගෙන ඒවිය යන්නය. එහෙත්, නව අධ්‍යයන වලින් දැක්වෙන්නේ ඊට හාත්පසින්ම ප‍්‍රතිවිරුද්ධ පැත්තය: එනම් අධික තන්තු සහිත ආහාර ගන්නා අයට මෙම රෝගය වැළඳීමේ අවදානම අඩු බවයි.
මිථ්‍යාව 5: සිරුර තුළ වායු වැඩියෙන්ම ඇති කරන්නේ බෝංචිය

කලක් අදහස් කළ පරිදි බෝංචි ‘ආස්චර්යවත් ආහාරයක්’ නොවන්න පුළුවනි. එහෙත්, (බෝංචි ඇතුළු) වෙනත් ආහාරවලට වඩා ශරීර වායු හටගන්නේ කිරි නිෂ්පාදන මගිනි. විශේෂයෙන්ම, අප වයසට පත්වද්දී අපේ ශරීරයට කිරිවල ඇති සීනි (ලැක්ටෝස්) දිරවීම හෙවත් අවශෝෂණය කිරීමේ හැකියාව අඩුවේ. මේ ප‍්‍රශ්නයෙන් සහනයක් ලැබීමට නම් ලැක්ටෝස් රහිත කිරි නිෂ්පාදන මිළට ගැනීමට හෝ කිරි ආහාර ගැනීමට පෙර ලැක්ටේස් (lactase) ඖෂධය ගැනීමට පුරුදු විය යුතුය.
මිථ්‍යාව 6: ලැක්ටෝස් නොදිරවන අයට කිරි ආහාර අකැපය
ලැක්ටෝස් නොදිරවන සුළු අයට ආහාරයට ගත හැකි කිරි නිෂ්පාදන ප‍්‍රමාණයන් විවිධය. කෙනෙකුට එක කිරි කෝප්පයක් බිව් පමණින් රෝග ලක්ෂණ මතුවිය හැකි අතර තව කෙනෙකුට කෝප්ප දෙකක් වුව දරා ගත හැකිය. සමහරුනට යෝගට් හෝ අයිස්ක‍්‍රීම් ආහාරයට ගත හැකි වුවත් කිසි දිනක කෙළින්ම කිරි බීමට නොහැක. ස්විස් හෝ චෙඩාර් කේජු වැනි කල්ගත වූ කේජූ වඩා හොඳ විකල්ප විය හැකිය. තමා ආහාරයට ගත යුත්තේ කුමන කිරි නිෂ්පාදනය ද ඉන් කොපමණ ප‍්‍රමාණයක් ද යන්න අත්හදා බැලීමෙන් ම සොයා ගත යුතු වේ.
මිථ්‍යාව 7: දුම්පානය පපුවේ දැවිල්ලට සහනට සලසයි

මෙය දුම්පානය කිරීමේ පුරුද්ද අත් හැරීමට තවත් හේතුවක් ලෙස සැලකුවමනාය. මන්ද, දුම්පානය ඇත්තටම පපුවේ දැවිල්ල වැඩි කිරීමට හේතු විය හැකිය. ඔබේ ආමාශයේ ඉහලින් ඇති මාංශ පේශිය නිකටින් හේතුවෙන් ලිහිල් ගතියක් ඇති කරවීමට පුළුවන. අම්ල, අන්නස්‍රෝතය වෙත ආපසු ගැලීම (reflux ප‍්‍රතිවහනය) වලක්වන්නේ මේ පේශීයයි. එහෙයින්, (මාංශ පේශිය ලිහිල්විම නිසා) අම්ල ප‍්‍රතිවහනය වැඩි වීමෙන් පපුවේ දැවිල්ල හටගනී.
මිථ්‍යාව 8: වයසට යෑමේ හේතුවෙන් මළ බද්ධය ඇතිවේ
වයසට යද්දී මළ බද්ධය ඇතිවීමේ හැකියාව වඩාත් ඇති බව අප බොහෝ දෙනාගේ අත් දැකීමයි. එහෙත් ඊට වගකිව යුත්තේ වයසට ගිය සිරුරු නොවේ. වයසක උදවිය ගන්නා ඇතැම් ඖෂධ බොහෝ විට ජීර්ණ මාර්ගය අලසව ක‍්‍රියා කිරීමට හේතු වෙයි. තවද ඔවුන් ප‍්‍රමාණවත්ව ව්‍යායාමයේ නොයෙදෙනවා විය හැකියි; හොඳින් ආහාර නොගන්නවා විය හැකිය; එමෙන්ම ප‍්‍රමාණවත් තරම් දියර පානය නොකරනවා වෙන්නට පුළුවන. සාමාන්‍ය පරිදි සිදුකෙරෙන මළපහ කිරීම වෙනස් කිරීමට මේ සියල්ල එක් වු කල දායක වේ.
මිථ්‍යාව 9: පාචනයේ ඇති විටදී තන්තු වලින් සහනයක් සැලසන්නේ නැත
බැලූ බැල්මට මේ කතාවේ ඇත්තක් ඇති බව පෙනේ. මළ බද්ධය පහ කිරීමට තන්තු උපකාරී වන බව අප දන්නා හෝ අසා ඇති කාරණාවකි. එසේ නම් මළ බද්ධයෙහි අනික් පැත්ත වන පාචනයටත් තන්තු උපකාරී වන්නේ කෙලෙස ද? එහෙත් එය එසේය. තන්තුමය පෝෂක, මළ වඩාත් තද ගතිය හෝ වඩාත් බුරුල් ගතිය ඇති කිරීමෙන් වළකාලීමට උපකාරී වෙයි. එය සිදුවන්නේ මෙලෙසයි : එක්කෝ මහ බඩවැලෙන් තවත් ජලය ඇදගෙන මළ ලිහිල් කිරීමට (මළ බද්ධයේදී) හෝ බඩවැල් වලින් ජලය උරාගෙන මළ තද ගතියට පත් කිරීමට (පාචනයේදී) ක‍්‍රියා කරයි.
මිථ්‍යාව 10: පපුවේ දැවිල්ල ඇත්නම් දිගා වී නොව වාඩි වී නින්දට යා යුතුයි

පපුවේ දැවිල්ල රෝග ලක්ෂණය ඇතිවීම වැළැක්වීම සඳහා එවැනි ආබාධයකින් පෙළෙන අය ඇඳෙහි වාඩි වී සිටිමින් නින්දට යා යුතුයි කියන මතය වෛද්‍ය විද්‍යාකූලව සනාථ කළ හැකි නොවේ. ඇඳේ කකුල යට කොට තබා හිස සහ පපුව කොටස අඟල් 4-6 ක් ඉස්සීමෙන් යම් සහනයක් ලද හැකි නමුත් ඊට වඩා ඉස්සීමක් අනවශ්‍යය.
මිථ්‍යාව 11: ඔබට නොදැනී පිළිකාව වැළඳිය නොහැක
(මහ බඩවැල් අග කොටස වන) පුරීතතයේ පිළිකාව (Colon cancer) එහි අවසන් අදියර වනතුරු බොහෝ විට රෝග ලක්ෂණ නොදක්වයි. මේ නිසා කලින්ම එය හඳුනා ගැනීම වැදගත්ය. පොදුවේ ගත් කළ සාමාන්‍ය අවදානමකින් යුක්ත අය පරීක්ෂාවන් පටන් ගත යුත්තේ වයස අවුරුදු 50 සිටය. මහාන්ත‍්‍රිකයට හා ගුදයට (colorectal) අදාළව විධිගත පරීක්ෂණ වලට සෑම වසරකම අසූචි පරීක්ෂා, සෑම වසර පහකට වරක් සිග්මා භීක්ෂණ (ගුදයෙන් ඇතුළු කළ නළයකින් ආන්ත‍්‍රය පිරික්සීම= sigmoidoscopy) පරීක්ෂාවන්, මහාන්ත‍්‍රිකයේ CT ස්කෑන් පරීක්ෂාවන් හෝ සෑම වසර 10 කට වරක් කොලොනොස්කොපි (ගුද මාර්ගය තුළින් බඩවැල පිරික්සීම) පරීක්ෂාවන් ඇතුළත් වෙයි.
WebMD හි පළවූ Digestive Myths Debunked ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න