ලිතියම් තදින් ඇවිලෙයි. ඒ කියන්නේ ලිතියම් අඩංගු බැටරි අධි ආරෝපණය වුවහොත් එය ගිනි උවදුරකට මුල විය හැකිය. මේ ගිනි උවදුර සහ අනෙකුත් ගැටළු ගැන අද ලිපියෙන් කියවමු.
2006 දී ජපානයේ සෝනි ආයතනය වෙළඳ පොලට යවා තිබූ ලැප්ටොප් පරිගණක බැටරි මිලියන හයක් ආපසු ගෙන්වා ගත්තේය. ඒ, ඒවා ඉබේටම දැවෙන්නට වීම නිසාවෙනි. බොයිං නිෂ්පාදනය කළ ඊළඟ පරපුරේ ගුවන් යානයක් 2013 ජනවාරියේ බොස්ටන් හී ලොගාන් ගුවන් තොටුපොළේ නවතා තිබිය දී එහි බැටරි ගිනි ගත්තේය. ඉන් අනතුරුව බොයිං පෙර තිබූ මෘදුකාංග වෙනුවට වෙනත් මෘදුකාංග යොඩා යාවත්කාලීන කර වර්තමානයේ සිය ගුවන් යානාවල මෙම ගැටලුව පාලනය කර ඇතද ගිනි ගැනීම් වැළැක්වීම පිණිස යම් අධික්ෂණය කිරීමට සිදුවන තාක්ෂණයක් ප්‍රශස්ත එකක් ලෙස සැලකිය නොහැක.

ලීතියම් බැටරිවලට අදාල අනෙකුත් ප්‍රශ්න මෙතරම් පහසුවෙන් විසඳා ගත හැකි ඒවා නොවේ. ඒවා ගබඩා කර ගත හැකි ශක්ති ඝනත්වය මූලික විද්‍යුත් රසායනික සීමාවන් කරා ළඟා වෙමින් පවතින අතර ලීතියම් බැටරිවල මිළද අවමය කරා ආසන්න වෙමින් පවතී– මෙය විශාල පරිමාණයේ බැටරි අවශ්‍ය උපකරණවලට විශේයෙන්ම ගැටලු ගෙන එන්නකි. “වියදම වැඩිමවුනොත් සියයට 30කින් අඩු කර ගන්න පුළුවන්. ඊට වඩා නම් බලාපොරොත්තුවෙන්න බැහැ” යයි ආර්ගෝන් හි ද්‍රව්‍ය විද්‍යාඥ ජෝර්ජ් ක‍්‍රැබ්ටී කියයි, “විදුලි මෝටර් රථ, පෙට්‍රල් වාහන සමග තරඟකාරී මට්ටමක තබා ගන්න ඕන නම් අපට දැනට වඩා වැඩි දියුණු කළ, ඊළඟ පරපුරේ බැටරි අවශ්‍යවෙනවා”.

මෙයින් අදහස් කෙරෙන්නේ ඒවාට අළුතෙන් රසායනික පදනමක් සොයා ගත යුතුය යන්න යයි සිංගප්පූරුවේ නැන්යාන්ග් විශ්වවිද්‍යාලයේ රෂීඩ් යශම් කියාසිටියි. ඔහු පවසන්නේ ලීතියම් බැටරි ගතහොත් ඉංජිනේරු විද්‍යාඥයන් සිතින් සිතා ගැනීමට පවා අපහසු මට්ටමේ ඉදිරි ගමනක් ගොස් තිබුණත් එය වැඩිවන ඉල්ලුම සපුරා ලීමට තරම් ප්‍රමාණවත් නැති බවයි. “විදුලිබල මෝටර් රථ භාවිත කරන අයට තමන්ගේ රථයෙහි බැටරි ඉතා කඩිනමින් ආරෝපණය කර ගැනීමට ඕනෑවෙනවා. ඒ විතරක් නෙවෙයි, වරක් ආරෝපණය කරාට පස්සේ හැතැප්ම 500ක් වත් යන්න අදහස් කරනවා” යයි යශම් පෙන්වාදෙයි.
පහල මට්ටමක ස්කන්ධයක් තුළ ශක්තිය විශාල ප්‍රමාණයක් රඳවා තබාගැනීමේදී පැහැදිලි තේරීමක් ලෙස ලීතියම් කෙතරම් ඉහළින් සලකන්නේද කියතොත්, විකල්ප බැටරි සලසුම් ආරම්භකරන්නේම මේ මූලද්‍රව්‍යය සමගිනි. මෙලෙස එක් විකල්ප බැටරියක් වන්නේ ලීතියම්-සල්ෆර් බැටරියයි. ව්යුහමය හිඩැසවලට අයන යොමු කරනු වෙනුවට ලීතියම්-සල්ෆර් බැටරිය රසායනික බන්ධන සෑදීමෙන් සහ බිදීමෙන් ශක්තිය ගබඩා කිරීම සහ මුදහැරීම සිදුකරයි. මෙම බැටරි ගිනිගැනීමට ඇති නැමියාව අඩුය. තවද, ඒවා තවමත් වානිජ මට්ටමින් ලබාගැනීමට නොහැකි වුවද හොඳම ලීතියම් බැටරිය මෙන් තුන් ගුණයක ශක්ති ඝනත්වයක් ඒවා මගින් පෙන්නුම් කර ඇත.

කෙසේවෙතත්, ලීතියම් මතම බලාපොරොත්තු තැබීම හොඳම පිළිවෙත නොවන්නට පිළිවන. ප්‍රථමයෙන්ම කිවයුත්තේ ලීතිඋම් මූල ද්‍රව්‍ය කොපමණ සුලබ වුවත් ඒවා වෙත අන්තර්ජාතික සමාගම්වලට පහසුවෙන් ප‍්‍රවේශ විය හැකිය. හඳුනාගෙන ඇති විශාලතම සංචිත ඇත්තේ චිලී රාජ්‍යයේ සහ බොලියාවේය. පෘථිවියෙහි ඇති සම්පූර්ණ ප‍්‍රමාණයෙන් 40% වැඩි ප‍්‍රමාණය එම රටවල් දෙක සතුය. එහි අනෙකුත් ලෝහ ලවණ සමග ලිතියම් හමුවන්නේ Salar de Uyuni නමින් දැක්වෙන ලොව විශාලතම ලවණ තලාවන් යට ක්ලෝරයිඞ් ලවණ ජලයෙහිය. පාෂාණ වලින් කැණ ගන්නවාට වඩා ලවණ ජලයෙන් ලිිතියම් සකසා ගැනීම ලාභදායීය. ඇතැම්විට පාරිසරිකව ද අඩුවෙන් හානිකර වන්නට ඉඩ තිබේ. විදේශ ආකර සමාගම්වලට සිය ලිතියම් සංචිත නිරාවරණය කිරීමට බොලිවියාව මැළිකමක් දක්වයි. ඒ වෙනුවට බොලිවියාව කියා සිටින්නේ එරටෙහි දී නිස්සාරණය කර ගන්නා ලිතියම් අපනයන කරනු වස් සිය දේශසීමා ඇතුළතම බැටරි, විදුලි මෝටර් රිය වැනි නිෂ්පාදනයන් සඳහා යොදා ගත යුතු බවයි. එහෙත් දැඩි උනන්දුව හමුවේ එරට පිළිවෙතිහි යම් බුරුලක් සෙමින් ඇති වෙමින් පවතිනු දැකිය හැකිය.
බැටරි නිපදවීම සඳහා විකල්ප මූලද්‍රව්‍ය ගැන සොයා බලන එක් පරීක්ෂකයෙකු ලෙස යශම් හඳුන්වා දිය හැකිය. සිය ව්‍යාපෘතිය ගැන අදහස් දැක්වීමේ දී ඔහු කෝල ගතියක් දක්වයි. ලිතියම් වලට වඩා බෙහෙවින් බහුලව ඇති ද්‍රව්‍ය යොදාගෙන සිය පරීක්ෂණාගාරයේ කටයුතු කරන බව පමණක් ඔහු පවසයි. ‘‘තත්පර 15 කදී ආරෝපණය කළ හැකි ඒ වගේම සතියක් තිස්සේ ඒ ආරෝපණය තබා ගත හැකි බැටරියක් වැඩි දියුණු කරන්න මට පුළුවන් කීවොත් ඔබලා සතුටුවෙනවානේ?’’ යශම් අපෙන් අසයි. ‘‘අපි කරන්නේ අන්න ඒ කටයුත්ත තමයි’’
පුනර්ජනනීය බැටරි මත ගෝලීය ආයෝජනය ගතහොත් ලිතියම් බෙහෙවින් වැඩිවෙමින් පවතියි






ප්‍රතිචාරයක් ලබාදෙන්න