සමාජ මාධ්‍ය සහ මානසික සෞඛ්‍යය: විශේෂඥයින්ගේ නිරීක්ෂණ
මානසික සෞඛ්‍ය දැනුවත් කිරීමේ මාසය වන මැයි මාසය අදින් අවසන්වේ. මානසික සෞඛ්‍ය දැනුවත් කිරීමේ මාසයේ දී පර්යේෂකයන් අතර කතාබහට මාතෘකාවක් වී ඇත්තේ සමාජ මාධ්‍ය සහ මානසික සෞඛ්‍යය අතර සම්බන්ධතාවයයි. සමාජ මාධ්‍ය හා සම්බන්ධ ස්මාර්ට්ෆෝන් හෙවත් බුහුටි දුර කථන භාවිතය, නව යොවුන් වියේ පසුවන්නන් සහ විශ්ව විද්‍යාල සිසුන්ගේ මානසික සෞඛ්‍යයට කාංසාව සහ මානසික අවපීඩනය වැඩි කරන බව පර්යේෂණයකින් හෙළි වී තිබේ. ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයේ (University of Florida -UF) මනෝචිකිත්සකයෙකු පවසන්නේ (සමාජ මාධ්‍ය භාවිතයේ නිෂේධාත්මක නිරාවරණය සීමා කිරීමට මෙන්ම භාවිතයේ සිටින අතරතුර ඔවුන්ගේ ස්වයං රැකවරණ ආරක්ෂාව ගොඩනැගීමට ක්‍රම ඇති බවයි.

මනෝචිකිත්සා අංශයේ සහකාර මහාචාර්ය සහ UF හි ශිෂ්‍ය සෞඛ්‍ය මනෝචිකිත්සාව පිළිබඳ සහකාර වැඩසටහන් අධ්‍යක්ෂ වෛද්‍ය Marcia Morris සොයාගෙන ඇත්තේ, සිය මානසික සෞඛ්‍යයට ස්මාර්ට් ෆෝන් සහ සමාජ මාධ්‍යවල අහිතකර බලපෑම් පිළිබඳව බොහෝ යෞවනයන් වැඩි වැඩියෙන් දැනුවත් වෙමින් සිටින බවයි.
“සිසුන් සමාජ මාධ්‍ය අධික ලෙස භාවිත කිරීම අඩු කරන විට ප්‍රතිලාභ ලබන බව මා මනෝචිකිත්සක ප්‍රතිකාර ලබා දෙන විද්‍යාල සිසුන් තුළ, මම දකිමි” යනුවෙන් The Campus Cure: A Parent’s Guide to Mental Health and Wellness for College Students හි කතුවරයා වන Dr. Morris පවසයි, “ සිසුවන්ට දින කිහිපයකට ඔවුන්ගේ දුරකථනයට ප්‍රවේශය අහිමි වූ විට ඔවුන්ගේ මානසික අවපීඩනය සහ කාංසාව වැනි රෝග ලක්ෂණ අඩු වී ඇති බව නිරීක්ෂණ විය. ඔවුන් සවස් වරුවේ ඔවුන්ගේ දුරකථනයට ‘කොට කොට’ ඉන්නවාට වඩා මිතුරන් සමඟ කතා කර කර, ඔවුන්ගේ විනෝදාංශවල නිරතවෙමින් කාලය ගත කරා”.
සමාජ මාධ්‍ය භාවිතයට සම්බන්ධ සෞඛ්‍ය සම්පන්න පුරුදු වර්ධනය කර ගැනීමට නව යොවුන් වියේ දරුවන් දිරිමත් කළ හැක්කේ කෙසේද සහ ධනාත්මක මානසික සෞඛ්‍ය ප්‍රතිඵල ප්‍රවර්ධනය කිරීමේදී තාක්ෂණයට කළ හැකි කාර්යභාරය කුමක්ද?
මෙම පුරුදු වර්ධනය කර ගැනීමට තම දරුවන්ගෙන් සහ නව යොවුන් වියේ පසුවන සිය දරුවන්ගෙන් ඉල්ලා සිටීමට මම දෙමාපියන් දිරිමත් කරමි:
1. ඔබ සමාජ මාධ්‍යවල කියවන සහ දකින දේ ගැන ප්‍රශ්න කරන්න. සෑම දෙයක්ම විශ්වාස කරන්න පෙළඹෙන්න එපා.
2. ඔබ ලැජ්ජාවට පත්වන කිසිවක් මුළු ලෝකයටම දැකීමට හැකිවන සේ පළ නොකරන්න. ඔබ පළ කරන දේ නැවත වෙනස් කළ නොහැකියි.
3. සමාජ මාධ්‍ය භාවිතය දිනකට මිනිත්තු 30ක් හෝ ඊට අඩු කාලයකට සීමා කරන්න.
4. ඕනෑම බලහත්කාරකම් හෝ පස්සෙන් එලවීමක් ඔබේ දෙමාපියන්ට වාර්තා කරන්න.
5. ඔබේ දෙමාපියන්ට ඔබේ මුරපද ලබා දෙන්න. එවිට ඔවුන්ට ඔබේ භාවිතය නිරීක්ෂණය කළ හැක. ඔවුන් සියල්ලම දෙස නොබලනවා විය හැකියි, එහෙත් ඔවුන් වරින් වර පරීක්ෂා කළ යුතුය.
–ආචාර්ය Marcia Morris ඇමරිකානු මනෝචිකිත්සා සහ ස්නායු විද්‍යා මණ්ඩලය විසින් සහතික කරන ලද මණ්ඩලය
වෛද්‍ය මොරිස් වසර 20කට වැඩි කාලයක් විශ්ව විද්‍යාල සිසුන් ගැන සැලකිල්ල දක්වමින් කටයුතු කර්ර ඇති අතර සමාජ මාධ්‍යවලින් වරින් වර හෝ ඈත්ව සිටීම කෙනෙකුගේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කිරීමට සහ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමට සැලකිය යුතු උපකාරයක් විය හැකි බවට උපදෙස් දෙයි. සමාජ මාධ්‍යවල (Facebook, Instagram සහ Snapchat) දිනකට මිනිත්තු 30ක් හෝ ඊට අඩු කාලයක් ගත කරන සිසුන්ට කාලයත් සමඟ මානසික අවපීඩන රෝග ලක්ෂණ සහ තනිකම අඩු වී ඇති බව Journal of Social and Clinical Psychology මගින් ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයක් උපුටා දක්වමින් ඇය කියා සිටියි.

‘සම්බන්ධවී සිටීම'(to be connected) යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න නැවත අර්ථ දැක්වීමට උත්සාහ කරන තරුණ පරම්පරාවක් ඇත. තාක්‍ෂණය යොදා ගනිමින් සමාජ මාධ්‍යයන්ගෙන් ඈත්ව සිටීම, දැනුම්දීම්(notifications) අක්‍රිය කිරීම සහ අන්තර්ජාල පහසුකම් රහිත ෆ්ලිප් දුරකථනයක්(flip phone) භාවිතා කිරීමට පවා පෙළඹීම, ඔවුන් තම මානසික සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දෙන ක්‍රම වේ.
නිසැකවම, සමාජ මාධ්‍යය සම්බන්ධතා පෝෂණය කිරීම, සම්පත් වෙත ප්‍රවේශ වීම, නිර්මාණශීලිත්වය ප්‍රවර්ධනය කිරීම සහ ස්වයං ප්‍රකාශනයට පහසුකම් සැලසීම සඳහා ප්‍රබල මෙවලමක් විය හැකිය යන්න සත්‍යයකි. කෙසේ වෙතත්, හුදකලා වීමේ හැඟීම් හෝ නිෂේධාත්මක හැඟීම් වර්ධනය වීම වැනි දීර්ඝ භාවිතයෙන් ඇති විය හැකි අහිතකර බලපෑම් ආමන්ත්‍රණය කිරීම ද වැදගත් වේ.
ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයෙහි STEM Translational Communication Center විද්‍යා-තාක්ෂණ-ඉංජිනේරු-ගණිත පරිවර්තන සන්නිවේදන මධ්‍යස්ථානයේ අන්තර්කාලීන අධ්‍යක්ෂ සහ Media Psychology කර්තෘ ආචාර්ය බෙන්ජමින් ජොන්සන් පවසන්නේ පුද්ගලයෙකුගේ පුරුදු පිළිබඳව දැනුවත් වීම යහපත් මානසික සෞඛ්‍යයක් සහ යහපැවැත්මට උපකාර වන බවයි.
සමාජ මාධ්‍ය සහ මනෝවිද්‍යාව සම්බන්ධ සමපදස්ථයන්ගේ -සමාලෝචනයට ලක් කරන ලද ප්‍රකාශන 45කට වඩා ලියා ඇති ජොන්සන් පෙන්වාදෙන්නේ “ජනතාව ඔවුන්ගේ හුරුපුරුදු චර්යා රටාවන් පිළිබඳව ‘ස්වයං දැනුවත්ව’ සිටිය යුතුය. “අපි එවන් චර්යාවන් ආරම්භ කරන්නේ ඒවායින් අපට යම් ආකාරයක ප්‍රයෝජනය්ක් ලබා දුන් නිසා මෙන්ම එවායින් අප සතුටට පත් කළ නිසාත් ය.” එසේනමුත්, “අප කරන්නේ කුමක්ද, අපගේ පුරුදු මොනවාද යන්න ගැන මෙනෙහි කිරීමට අපට හැකියාවක් තිබේ නම්, සමහර විට පුරුදුවල ප්‍රයෝජනය හීනව යන වන බැවින්, විශේෂයෙන්ම මාධ්‍යය සම්බන්ධයෙන් අපට වඩා හොඳ තේරීම් කළ හැකිය.”
(සමාජ මාධ්‍යන්ගේ) නියැලීම මුලින් තෘප්තියක් ගෙන එන කාරණාවක් වන නමුත්, එය අනවශ්‍ය අතුරු ආබාධ ඇති කිරීමට ද හැකියාව ඇත.
“වැදගත් දේ උපකරණය හෝ උපාංගය නොවේ, එහි අන්තරගත දෙයයි,” ජොන්සන් මතක් කර දෙයි, “ඔබව සතුටට පත් කරන පුද්ගලයන්, ප්‍රවෘත්ති සංග්‍රහය තුළින් ඔබට සහය ලබා දෙන පුද්ගලයන් සිටී නම් එය, ඔබට ඔබ ගැන භයානක හැඟීමක් ඇති කරන පුද්ගලයින්ට හෝ ඔබ හෝ මිනිසුන් කෝපයට පත් කරන එමෙන්ම ඔබ නොසරිලන අයෙකු බව දක්වන පුදගලයන්ට වඩ වෙනස්ය . එබැවින් අන්තර්ගතය ඉතා වැදගත් වේ. ”

සමාජ මාධ්‍ය සහ මානසික සෞඛ්‍යය අතර සම්බන්ධය සැමවිටම සෘණාත්මක නොවේ. බොහෝ යෞවනයන්ට සමාජ මාධ්‍ය ඇතුළු තාක්‍ෂණයෙන් ධනාත්මක මානසික සෞඛ්‍ය ප්‍රතිලාභ අත්විඳිය හැකිය. සමාජ මාධ්‍ය හරහා, ඔවුන් මිතුරන් සමඟ නිතර සම්බන්ධ වන අතර මිත්‍ර සමාගමයක් පිළිබඳ හැඟීමක් ඇති කර ගත හැකිය.
සාමාන්‍යයෙන් මානසික සෞඛ්‍යය කෙරෙහි තාක්‍ෂණයේ වඩාත්ම ධනාත්මක බලපෑම වන්නේ සියදිවි නසාගැනීම් සහ සමබන්දයෙන ක්‍රියාකිරීමට ඇති Suicide and Crisis Lifeline ඇමතීමට හෝ කෙටි පණිවිඩ යැවීමට නව සහ මතක තබා ගැනීමට පහසු අංකය භාවිතා කිරීමයි. තවත් ධනාත්මක තාක්‍ෂණික වර්ධනයක් නම්, මානසික සෞඛ්‍ය සේවාව වෙත වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි පරිදි, චිකිත්සාව සහ මනෝ වෛද්‍යහම්මුවීම් සඳහා ටෙලිහෙල්ත්(telehealth) භාවිතයයි.
මානසික සෞඛ්‍ය දැනුවත් කිරීමේ මාසය ජාතික වශයෙන් පවත්වනු ලබන අතර මානසික සෞඛ්‍යය සමස්ත සුවතාවයේ තීරණාත්මක කොටසක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා 1949 දී මානසික සෞඛ්‍ය ඇමරිකා සංවිධානය(Mental Health America organization) විසින් ආරම්භ කරන ලදී. පුද්ගලයෙකුගේ පරිසරය ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට බලපාන ආකාරය, මානසික යහපැවැත්ම වැඩිදියුණු කිරීමට සහ පවත්වා ගැනීමට වුවමන් වෙනස්කම් කිරීම පිණිස යෝජනා සහ මානසික සෞඛ්‍ය අභියෝග සඳහා උපකාර ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ තොරතුරු සංවිධානය බෙදාහදා ගනී.
University of Florida වෙබ් අඩවියෙහි පළ කර ඇති Social Media and Mental Health: Considerations from experts this Mental Health Awareness Month යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න