භූමිකම්පාවක් යනු කුමක්ද?

Sources/Usage: Public Domain

සාමාන්‍ය (අභිනති ලිහි‍ටුම් – dip-slip) දෝෂයක් යනු ආනත දෝෂයකට ඉහළින් ඇති පාෂාණ ස්කන්ධය පහළට ගමන් කරන ආනත දැදුරයි.

භූමි කම්පාවක් යනු  පෘථිවියේ කුට්ටි දෙකක් එකවරම එකිනෙක පසු කොට ලිස්සා ගිය විට සිදු වන්නකි. ඒවා ලිස්සා යන මතුපිට විභේදය හෝ විභේද තලය(fault plane)ලෙස හැඳින්වේ.  භූමිකම්පාව ආරම්භ වන පෘථිවි පෘෂ්ඨයට පහළින් ඇති ස්ථානය  හැඳින්වෙන්නේ අර්ධකේන්ද්‍රය(hypocenter) ලෙසය; පෘථිවි පෘෂ්ඨය මත සෘජුවම ඉහලින් පිහිටි ස්ථානය අපිකේන්ද්රය(epicenter) ලෙස හැඳින්වේ.

සමහර විට භූමිකම්පාවක පූර්ව කම්පන(foreshocks) ඇති වේ. මේවා කුඩා භූමිකම්පා වන අතර පසුව ඇති වන විශාල භූමිකම්පාව ද  එම ස්ථානයේම සිදු වේ. විශාල භූමිකම්පාවක් සිදු වන තුරුම, පූර්ව කම්පනයක්  ඇටි වූ බව විද්‍යාඥයින්ට පැවසිය නොහැක. විශාලතම භූමිකම්පාවක්, ප්රධාන භූමිකම්පාව, (Mainshock)  ලෙස හැඳින්වේ.  ප්රධාන කම්පනවලට පසුව හැමවිටම පසු කම්පන(aftershocks) ඇතිවෙයි. මේවා ප්‍රධාන කම්පනය ඇති වූ ස්ථානයේම පසුව සිදුවන කුඩා භූමිකම්පා වේ. ප්‍රධාන කම්පනයේ ප්‍රමාණය අනුව, ප්‍රධාන කම්පනයෙන් පසු සති, මාස සහ වසර ගණනාවක් පසුව ද  කම්පන දිගටම පැවතිය හැකිය!

භූමිකම්පා ඇතිවීමට හේතුව කුමක්ද සහ ඒවා සිදු වන්නේ කොහේද?

 Sources/Usage: Public Domain

පෘථිවියේ කබොල (crust දුඹුරු), ප්‍රාවරණය(mantle තැඹිලි) සහ හරය (core ළා අළු පැහැයෙන් ද්‍රව කොටස, තද අළු පැහැයෙන් ඝන කොටස) සරල කළ කාටූනයකි.

පෘථිවියට ප්‍රධාන ස්ථර හතරක් ඇත: අභ්‍යන්තර හරය, පිටත හරය, ප්‍රාවරණය සහ කබොල යනුවෙනි. කබොල සහ ආවරණයේ මුදුන අපගේ ග්‍රහලෝකයේ මතුපිට තුනී පිටවැස්මක් සාදයි.

නමුත් මෙම පිටවැස්ම සියල්ල එක කැබැල්ලක පිහිටා නැත — එය පෘථිවි පෘෂ්ඨය ආවරණය කරන ජිග්සෝ ප්‍රහේලිකාවක් සේ බොහෝ කෑලි වලින් සෑදී ඇත. එපමණක් නෙවෙයි, මේ ප්‍රහේලිකා කෑලි එකිනෙක රූටා ගොස් එකිනෙක ගැටෙමින් සෙමින් සෙමින් ගමන් කරයි. මේ ප්‍රහේලිකා කෑලිවලට  කියන්නේ  භූ කාරක තැටි කියලයි;  සහ තටිවල දාර  හැඳින්වෙන්නේ තටි මායිම් ලෙසයි. තටි මායිම් බොහෝ විභේද වලින්(faults) සමන්විත වන අතර ලොව පුරා බොහෝ භූමිකම්පා සිදු වන්නේ මෙම විභේද මත ය. මේ තැටිවල දාර රළු බැවින්, තැටියක ඉතිරි කොටස් චලනය වන විට ඒවා හිර වේ. අවසාන වශයෙන්, තහඩුව ප්‍රමාණවත් තරම් දුරක් චලනය වූ විට, එක් විභේදයක් මත දාර නොඇලෙන අතර භූමිකම්පාවක් ඇති වේ.

Sources/Usage: Public Domain

භූ තැටි මගින් පෘථිවි කබොල සෑම විටම සෙමින් චලනය වන “තැටි” බවට බෙදේ. භූමිකම්පා මෙම තැටි මායිම් ඔස්සේ සංකේන්ද්‍රනය වී ඇත.

භූමිකම්පාවක් ඇති වූ විට මහ පොළව සෙලවෙන්නේ ඇයි?

විභේදවල දාර එකට ඇලී ඇති අතර, ඉතිරි කොටස චලනය වෙද්දී, සාමාන්‍යයෙන් කුට්ටි එකින් එක ලිස්සා යාමට හේතු වන ශක්තිය ගබඩා වේ. චලනය වන කුට්ටිවල බලය අවසානයේ  විභේදවල සුමට නොවන දැතිවන් දාරවල ඝර්ෂණය මැඩ පවත්වද්දී එය ගැලවෙන විට, ගබඩා කර ඇති සියලු ශක්තිය මුදා හරිනු ලැබේ. ශක්තිය, භූ කම්පන තරංග ස්වරූපයෙන් සෑම දිශාවකටම විභේදයෙන් පිටතට විහිදෙන්නේ පොකුණක රැළි වාගේය. භූ කම්පන තරංග පෘථිවිය හරහා ගමන් කරන විට එය සොලවන අතර, රළ පෘථිවි පෘෂ්ඨයට ළඟා වූ විට,  අපේ ගෙවල් සහ අප වැනි පොළව මත සිටින සහ ඒ මත ඇති ඕනෑම දෙයක් සොලවයි!

භූමිකම්පා වාර්තා වන්නේ කෙසේද?

Sources/Usage: Public Domain.

භූ කම්පන භූකම්පන රේඛයේ කාටූන් සටහන මඟින් උපකරණය ඊට පහළින් පොළොව සමඟ සෙලවෙද්දී  (පටිගත කිරීමේ උපකරණය සෙලවෙද්දී පොළව ස්ථාවරව පවතිනවා වෙනුවට) පටිගත කිරීමේ උපකරණය ස්ථාවරව පවතින ආකාරය පෙන්නුම් කරයි. 

භූමිකම්පා වාර්තා කරනු ලබන්නේ  භූකම්පන රේඛ(seismographs) නැමැති උපකරණ මගිනි.  ඔවුන් කරන පටිගත කිරීම හඳුන්වන්නේ භූ කම්පන රේඛන(seismograms) ලෙසය. භූමිකම්පාවක් නිසා පොළව සෙලවෙන විට, භූ කම්පන සටහනේ පාදය ද සෙලවේ, නමුත් එල්ලෙන බර එසේ නොවේ. ඒ වෙනුවට එය එල්ලෙන දුන්න(spring) හෝ නූල සියලු චලනය අවශෝෂණය කරයි. භූ කම්පන සටහනේ සෙලවෙන කොටස සහ චලනය නොවන කොටස අතර පිහිටීමෙහි වෙනස සටහන් වේ.

විද්‍යාඥයන් භූමිකම්පාවල ප්‍රමාණය මනින්නේ කෙසේද?

Sources/Usage: Public Domain.

Pතරංගය සහ S තරංගය ලේබල් කර දක්වා ඇති භූ කම්පන තරංගයක නිදසුනක්.

භූමිකම්පාවක ප්‍රමාණය විභේදයේ ප්‍රමාණය සහ විභේදයේ ලිහි‍ටුම් ප්‍රමාණය මත රඳා පවතී; එසේනමුත් එය විද්‍යාඥයින්ට මිනුම් පටියකින් මැනිය හැකි දෙයක් නොවේ. මන්ද, විභේද ඇත්තේ පෘථිවි පෘෂ්ඨයට යටින් කිලෝමීටර ගණනාවක් ගැඹුරින්  බැවිනි.  ඉතින් ඔවුන්(විද්‍යාඥයින්) භූමිකම්පාවක් මනින්නේ කෙසේද?

මිකම්පාව කොතරම් විශාලද යන්න තීරණය කිරීම සඳහා ඔවුන් භාවිතා කරන්නේ පෘථිවි පෘෂ්ඨයේ  රඳවා ඇති භූ කම්පන රේඛ  මත සටහන් වී ඇති  භූ කම්පන  රේඛනය (රූපය 5). බොහෝ අපගමනයක් රහිත කෙටි  රේඛාවක් යනු කුඩා භූමිකම්පාවක් දක්වන්නක් වන අතර විශාල අපගමන සහිත දිගු රේඛාවක් විශාල භූමිකම්පාවක් අදහස් කරයි. අපගමනයේ දිග විභේදයේ ප්රමාණය මත රඳා පවතින අතර අපගමනයේ ප්රමාණය ලිහි‍ටුම් ප්රමාණය මත රඳා පවතී.

භූමිකම්පාවේ ප්‍රමාණය, එහි විශාලත්වය(magnitude) ලෙස හැඳින්වේ.   සෑම භූමිකම්පාවක් සඳහාම එක් විශාලත්වයක් ඇත. භූමිකම්පාවකින් ඇතිවන සෙලවීමේ තීව්‍රතාව(intensity) ගැනත් ගැනත් විද්‍යාඥයෝ කතා කරන අතර, භූමිකම්පාව අතරතුර ඔබ සිටින ස්ථානය අනුව මෙය වෙනස් වේ.

භූ කම්පන ස්ථානගත කිරීම සඳහා ද භූ කම්පන රේඛන ප්‍රයෝජනවත් වන අතර  P තරංගය සහ S තරංගය දැකගැනීමට හැකිවීම වැදගත් වේ. P & S තරංග පොළව හරහා ගමන් කරන විට ඒ ඒ  තරංගය විවිධ ආකාරවලින් පොළව සොලවන අන්දම ඔබ ඉගෙන ගත්තෙහිය. P තරංග ද S තරංගවලට වඩා වේගවත් වන අතර භූමිකම්පාවක් සිදුවූයේ කොතැනකදැයි පැවසීමට අපට ඉඩ සලසන්නේ එයයි. මෙය ක්‍රියා කරන ආකාරය තේරුම් ගැනීම පිණිස අපි, P සහ S තරංග අකුණු සහ ගිගුරුම් සමඟ සංසන්දනය කරමු. ආලෝකය, ශබ්දයට වඩා වේගයෙන් ගමන් කරයි; එබැවින් ගිගුරුම් සහිත කුණාටුවකදී ඔබ මුලින්ම අකුණු දකින අතර පසුව ඔබට ගිගුරුම් ‘හඬ’ ඇසෙනු ඇත. ඔබ අකුණට සමීප නම්, අකුණු ගැසූ වහාම ගිගුරුම් හඬ නැගෙන, නමුත් ඔබ අකුණු වලින් දුරස් නම්, ඔබට ගිගුරුම් ඇසීමට පෙර තත්පර කිහිපයක් ගතවීම ගණනය කළ හැකිය. ඔබ කුණාටුවෙන් දුරස්ව සිටින තරමට, අකුණු සහ ගිගුරුම් අතර  ගතවන කාලය වැඩි වනු ඇත.

Sources/Usage: Public Domain.

P තරංග ඒවා ප්‍රචාරණය වන දිශාවට සමාන්තරව  විකල්ප වශයෙන් කබොල ද්‍රව්‍ය සම්පීඩනය කර දිග අදියි. S තරංග මගින් කබොල ද්‍රව්‍ය ඔවුන් ගමන් කරන දිශාවට ලම්බකව ඉදිරියට හා පසුපසට ගමන් කිරීමට සලස්වනු ලබයි.

P තරංග අකුණු මෙන් වන අතර S තරංග ගිගුරුම් මෙන් වේ. ඵ් තරංග වේගයෙන් ගමන් කරන අතර ඔබ මුලින්ම සිටින පොළව සොලවයි. එවිට S තරංග ද අනුසරණය කරමින් බිම  සොලවයි. ඔබ භූමිකම්පාව ආසන්නයේ නම්, P සහ S තරංග එකින් එක පැමිණේ, නමුත් ඔබ දුරස්ථ නම්, දෙක අතර වැඩි කාලයක් පවතිනු ඇත.

භූ කම්පන රේඛයක සටහන් කර ඇති භූ කම්පන රේඛනය P සහ S තරංගය අතර කාලය දෙස බැලීමෙන් විද්‍යාඥයින්ට භූමිකම්පාව එම ස්ථානයේ සිට කොපමණ දුරින් සිදුවූයේ දැයි පැවසිය හැකිය. කෙසේ වෙතත්, එය කොපමණ දුරින් සිදුවී ද යන්න මිස  භූමිකම්පාව සිදුවූයේ රේඛයේ කුමන දිශාවටද යන්න ඔවුන්ට පැවසිය නොහැක, . ඔවුන් කේන්ද්‍රීය ස්ථානය වටා සිතියමක රවුමක් අඳින්නේ නම් වෘත්තයේ අරය තීරනය වන්නේ භූමිකම්පාවට ඇති දුර අනුවය. භූමිකම්පාව රවුමේ කොතැනක හෝ පවතින බව ඔවුහු (විද්‍යාඥයෝ) දනිති. එහෙත්, ඒ කොහෙද?

එවිට විද්‍යාඥයන් භූමිකම්පාව ඇති වූ ස්ථානය හරියටම තීරණය කිරීමට භාවිතා කරන ක්‍රමය වන්නේ නම් ක්‍රමයක්ත්රිකෝණයයි(triangulation) (පහත රූපය බලන්න). ත්‍රිකෝණයක පැති තුනක් ඇති බැවින් එය ත්‍රිකෝණකරණය ලෙස හඳුන්වනු ලබන අතර, භූමිකම්පාවක් ඇති බව සොයා ගැනීමට භූ කම්පන රේඛ තුනක් අවශ්‍ය වේ. ඔබ වෙනස් භූ කම්පන රේඛ තුනක් වටා සිතියමක රවුමක් අඳින්නේ නම් අරය ඒ සෑම එකක්ම එම ස්ථානයේ සිට භූමිකම්පාවට ඇති දුර වේ; එනම් කව තුනේ එකතුවෙන ස්ථානය  අපිකේන්ද්‍රය වේ.

U.S. Geological Survey හී පළ කෙරුණු The Science of Earthquakes යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending