
2008, ඩර්බිෂයර්, වර්ක්ස්වර්ත් හි ඇන්ග්ලෝ-සැක්සන් ගම්මානයේ නැවත රඟ දැක්වීමේ උත්සවය. Simon Annable/Shutterstock
ඉංග්‍රීසි කතා කළ පළමු පුද්ගලයා කවුද?
ප්‍රශ්නය අසන්නේ: උතුරු අයර්ලන්තයේ, බෙල්ෆාස්ට් හි අට හැවිරිදි දැරිය ග්‍රේස්
පිළිතුරුදෙන්නේ: බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ මධ්‍යකාලීන ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ මහාචාර්ය Ad Putter
මුලින්ම ඉංග්රීසි කතා කළ තැනැත්තා තුළ වර්තමනයේ ඔබ හෝ මා ඒ බස වහරන ඌරුව තිබෙන්නට නැතුව ඇති. ඒ මන්ද කීවොත්, භාෂාව නිරන්තරයෙන් වෙනස් වන බැවිනි. ඔබේ ආච්චිලා සීයලාගේ භාෂාව ඔබ දැන් කතාකරන භාෂාවට වඩා මදක් හෝ වෙනස් බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති. ඒ ඉතින් ආච්චිලා, සීයලාගේ කාලයේ නේ? ඉතින්, සියවස් ගණනාවකට පෙර බ්‍රිතාන්‍යයේ ඉංග්‍රීසි කතා කරන විට එය කෙතරම් වෙනස් දැයි ඔබට සිතාගත හැකි නේද?
මුල්ම ඉංග්‍රීසි කතා කරන්නන් කතා කළේ පැරණි ඉංග්‍රීසි(Old English) භාෂාවයි. මම ” කතාකරන්නන් ” යන වචනය භාවිතා කරන්නේ කථිකයින් එක්කෙනෙකුට වඩා සිටිය යුතු බැවිනි: කල්පනා කරල බැලුවහම අපි භාෂාව භාවිතා කරන්නේ තනියම කතාකරන්න නොවෙයි නේ? අන් අය සමඟ කතා කිරීමට නේ?
පැරණි ඉංග්‍රීසි භාෂාව වර්ධනය වූයේ බ්‍රිතාන්‍ය ඉතිහාසයේ කැළඹිලි සහිත කාල පරිච්ඡේදයක ය. මේක සිද්ධවුණේ රෝමන්වරු බ්‍රිතාන්‍ය හැර ගොස් සිටිය කාලයේදීම වාගෙයි, වසර 1,600 කට පමණ පෙර. රෝමවරුන් බ්‍රිතාන්‍යය යටත් විජිතයක් බවට පත් කළ නමුත් පස්වන සියවසේ දී ඔවුන් රට අතහැර දැමුවේ රෝම අධිරාජ්‍යය බිඳ වැටෙමින් තිබූ බැවිනි.
බ්‍රිතාන්‍යය පාලනය කළ රෝමවරු ඔවුන්ගේ භාෂාව වූ ලතින් භාෂාව කතා කළහ. එහෙත්, රෝමානුවන් සිටින විට බ්‍රිතාන්‍යයේ ජීවත් වූ බොහෝ දෙනෙක් – බ්‍රිතාන්‍යයේ ඊට පෙර ද ජීවත් වූ සමහරු පවා කතා කර ඇත්තේ කෙල්ටික් භාෂාවක්. මෙම කෙල්ට්වරුන්ට අදාල(Celtic) භාෂාවකි. මේ භාෂාව, වේල්ස් භාෂාවට සමාන වූ නමුත් එය වර්තමාන වේල්ස් භාෂාවට වඩා බොහෝ පැරණි විය.
රෝමවරුන් බ්‍රිතාන්‍ය හැර ගිය පසු, පස්වන සහ හයවන සියවස්වල යුරෝපය පුරා ගමනේ යෙදී සිටි ජර්මානු ගෝත්‍රිකයෝ බ්‍රිතාන්‍යය ආක්‍රමණය කළහ. ඇන්ගල්ස්(Angles),සැක්සන්ස්(the Saxons ) සහ ජුට්ස්(the Jutes) මෙම ගෝත්රිකයන් වූහ. ඔවුන් කතා කළ භාෂාව හඳුන්වන්නේ උතුරු මුහුද ජර්මානු භාෂාව ලෙසිනි.
මුලින්ම ඉංග්රීසි කතා කළ අය.
මේ ගෝත්‍ර බ්‍රිතාන්‍යයේ පදිංචි වූ පසු, ඔවුන් කතා කළ උතුරු මුහුද ජර්මානු භාෂාව පසුව “පැරණි ඉංග්රීසි” බවට පත් විය. එය සමහර විට “ඇන්ග්ලෝ-සැක්සන්”(“Anglo-Saxon”) ලෙසද හැඳින්වේ. ඇන්ගල්ස් යන්නෙන් “English” යන වචනය එන අතර ඇන්ගල්ස් සහ සැක්සන් වලින් “ඇන්ග්ලෝ-සැක්සන්” යන වචනය පැමිණේ. (මම විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි සිසුන්ට පැරණි ඉංග්‍රීසි උගන්වමි).

එබැවින් “පැරණි ඉංග්‍රීසි” හෝ “ඇන්ග්ලෝ-සැක්සන්” යනු ඉංග්‍රීසි භාෂාවේ පැරණිතම ස්වරූපය වන අතර එය මුල් මධ්‍යතන යුගයේ එංගලන්තයේ කථා කරන ලද සහ ලිවීම සඳහා භාවිත කර ඇත. ඔය කියන කාලය දළ වශයෙන් ක්‍රි.ව.450 සිට ක්‍රි.ව.1050 දක්වා කාලයයි. පැරණි ඉංග්‍රීසි භාෂාවට සෙල්ටික වචන එක් වූයේ ඉතා ස්වල්පයකි. “brock” (“badger” යන්න තේරුම් දෙන්නකි) යන වචනය දුර්ලභ ව්‍යතිරේකයකි.
පැරණි ඉංග්‍රීසිය මුලින්ම කතා කළ අයගේ කතා නම් අප දන්නවාද? ඇන්ගල්ස් සහ සැක්සන් බ්‍රිතාන්‍යයට පැමිණි ආකාරය ගෙන එන පැරණි ජනප්‍රවාදවල නම් දෙකක් සඳහන් වේ.
මෙම ජනප්‍රවාදවලට අනුව, බ්‍රිතාන්‍යයයෝ (ඔවුහු ඒ වන විට පවා සෙල්ටික කථිකයන් වූහ), රෝමවරුන් පිටව ගිය පසු රට ආරක්ෂා කිරීමට උපකාර කිරීම සඳහා බ්‍රිතාන්‍යයට පැමිණෙන ලෙස Hengest saha Horsa යන ජර්මානු නායකයන් දෙදෙනෙකුගෙන් විමසා සිටියහ.
හෙන්ගෙස්ට් සහ හෝසා දෙදෙනා, ඔවුන්ගේ ගෝත්‍රයේ තවත් බොහෝ අය සමඟ බ්‍රිතාන්‍යයට පැමිණ දේශය යටත් කර ගත්හ. මෙම ජනප්‍රවාද සත්‍ය දැයි දැන ගැනීමට අපට ක්‍රමයක් නැති නමුත් ඒවා සත්‍ය නම් ඔවුන්ගේ භාෂාව බ්‍රිතාන්‍යයට ගෙන ආ ප්‍රධානීන් දෙදෙනාගේ නම් තමයි මෙහි තිබෙන්නේ.
පැරණි ඉංග්‍රීසි කවියෙක්
සඳහන් කළ යුතු තවත් නමක් ඇත; එනම් කේඩ්මන් ය. නම දන්නා ඉංග්‍රීසි භාෂා පළමු කවියා ඔහුය. ඔහුගේ ජීවිත කතාව කියන්නේ භික්ෂුවක සහ ඉතිහාසඥයෙකු වන Bede ය. හෙතෙම ක්‍රි.ව. 673 සිට ක්‍රි. ව.735 දක්වා එංගලන්තයේ උතුරු ප්‍රදේශයේ ජීවත් විය.

Oxford, Bodleian Library, MS Hatton 43 හි folio 129r හි කොටස: IV පොතෙන් පිටුවක්, Bede’s Latin Historia ecclesiastica gentis Anglorum හි 24 වන පරිච්ඡේදය, Cædmon’s Hymn හි පැරණි ඉංග්‍රීසි පාඨයක් පහළ මායිමෙන් එකතු කර ඇත. © බොඩ්ලියන් පුස්තකාල, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය, CC BY-NC-SA
Hengest සහ Horsa ගැන කතාව පමණක් නොව, Bede අපට කේඩ්මන් ගැන ද කියයි. ගව පාලකයෙක් වූ. කේඩ්මන්ට කියවීමට හෝ ලිවීමට නොහැකි වූ බවත්, අලංකාර කාව්‍ය රචනා කිරීමේ හැකියාව දෙවියන්ගෙන් ත්‍යාගයක් ලෙස ලැබුණු බවත් හෙතෙම ලියා ඇත. කේඩ්මන් විසින් නිර්මාණය කරන ලද පළමු කවිය දෙවියන්ට ප්‍රශංසා කරන කවියකි. මෙම කවියේ මුල් පේළි දෙක පැරණි ඉංග්‍රීසි බසෙහි රසයක් ඔබට ලබා දෙනු ඇත.
Nu sculon herian heofonrices Weard,
නූතන ඉංග්රීසි භාෂාවෙන්, මෙයින් අදහස් කරන්නේ: “දැන් අප ස්වර්ග රාජ්යයේ ආරක්ෂකයා, පාලකයාගේ බලය සහ ඔහුගේ සැලැස්ම ප්රශංසා කළ යුතුය”.
මෙය ඇත්තෙන්ම අප අද දන්නා ඉංග්‍රීසි නොවේ යැයි එකවරම ඔබට සිතෙනු ඇත. එහෙත්, අපි තවමත් පැරණි ඉංග්‍රීසි භාෂාවේ භාවිතා කරන සමහර වචන භාවිතා කරන්නෙමු – “and” සහ “his” යන දෙකම මෙම කවි පේළි දෙකෙහි ඇත. තවත් වචන ද නොනැසී පවතී. එහෙත් දැන් අප බොහෝ විට ඒවා වෙනස් ලෙස උච්චාරණය කරනවා, වෙනස් ආකාරයට අකුරු ලියනවා විය හැකියි. කේඩ්මන්ගේ කවියේ උපුටා ගෙන ඇති පේළිවල “might” සහ “now” යන වචන සඳහා පැරණි ඉංග්‍රීසි වචන ඔබට හඳුනාගත හැකිදැයි බලන්න.
කේඩ්මන්, යෝක්ෂයර්වල විට්බි හි ආරාමයක ගවයන් බලා ගත් අයෙකි. පැරණි ඉංග්‍රීසි ඉගෙන ගන්නා මගේ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් විට්බි වලින් පැමිණි අයෙකු වන අතර ඇය මට පැවසුවේ ඇගේ පාසල නම් කර ඇත්තේ අපගේ පළමු ඉංග්‍රීසි කවියා වන කේඩ්මන්ගේ නමින් කේඩ්මන් විද්‍යාලය ලෙස බවයි. ඔහුගේ පුරාවෘත්තය නොනැසී පවතී.
භාෂාවක ඉතිහාසය දැන සිටීම ඉතා ප්රයෝජනවත් විය හැකිය.
- සමහර වචන රටා එසේ වන්නේ මන්දැයි කථිකයන්ට තේරුම් ගැනීමට උපකාර කළ හැක.
- භාෂාවක ඉතිහාසය අධ්‍යයනය කිරීමෙන් මූල වචන පිළිබඳ සිසුන්ගේ දැනුම ශක්තිමත් වේ.
- භාෂාවක ඉතිහාසය එම භාෂාව කතා කරන්නන්ගේ සංස්කෘතිය හා දේශපාලනය සමඟ බද්ධ වී ඇත.
- භාෂාවක ඉතිහාසය ඉගෙනීම සිසුන්ට එකම පවුල්වල භාෂා අතර සමානකම් සහ වෙනස්කම් ඉගෙන ගැනීමට උපකාර වනු ඇත.
- භාෂාවක ඉතිහාසය ඉගෙන ගැනීමෙන් එම භාෂාවට බලපා ඇති සියලු දේ පිළිබඳ වඩා හොඳ ඇගයීමක් ලබා දේ.
Curious Kids(The Conversation) හී පළවූ යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න