අපගේ අනාගත ආහාර නිෂ්පාදනය සහතික කිරීම උදෙසා විද්යානඥයින් විසින් වැඩිදියුණු කරන පළිබෝධනාශක හඳුනා ගන්න
විකල්ප පළිබෝධනාශක
පළිබෝධක කෘමියණි, ඔන්න බලාගෙනයි!
2022 දී බිලියන 8ක්ව පැවති ලෝක ජනගහනය බිලියන 8 සිට 2050 වන විට බිලියන 9.7 දක්වා වර්ධනය වනු ඇතැයි තක්සේරු කෙරේ. කෙසේවෙතත්, එපමණ ජනතාවක් පෝෂණය කිරීමට ප්‍රමාණවත් ආහාර සැපයීම, අප මුහුණ දෙන විශාලතම අභියෝගයකි.
කෘෂිකාර්මික ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා පළිබෝධනාශක වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර ඒවායේ භාවිතය ක්‍රමයෙන් ඉහළ ගොස් ඇත. එනමුත් මෙම කෘෂි රසායන මිනිස් සෞඛ්‍යයට සහ මී මැස්සන්, කුරුල්ලන් සහ ජලජ ජීවීන් ඇතුළු පරිසරයට අහිතකර බලපෑම් ඇති කළ හැකිය. තත්වය වඩාත් නරක අතට හරවමින්, පළිබෝධකයන් දැනට පවතින පළිබෝධනාශක වලට ප්‍රතිරෝධ දක්වන බැවින්, සමහර කලාපවල ගොවීන්ට කලින් පළිබෝධක යෙදූ භූමි ප්‍රමාණයටම වැඩි සාන්ද්ර්ණයක් භාවිතා කිරීමට බල කෙරෙයි. නව කෘෂි රසායනවල සම්පූර්ණ පාරිසරික බලපෑම බොහෝ විට පැහැදිලි වන්නේ ක්ෂේත්‍රයේ වසර ගණනාවක භාවිතයෙන් පසුවය.
සලබයා අනුකරණය කිරීම
හානිකර පළිබෝධනාශක මට්ටම් අඩු කරන අතරම කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා විකල්ප භෝග ආරක්ෂණ ක්‍රම වෙත මාරු වීම පිණිස දැඩි උත්සාහයක් ඇත. නව, පළිබෝධනාශක නියාමනයේ ධරණීය භාවිතය සඳහා වු නවනව යෝජානාවලියක් යුරෝපා සංගමය 2022 ජූනිමාසයේ දීඅනුමත කළේය.2030 වන විට පළිබෝධනාශක භාවිතය 50%කින් අඩුකිරීම අරමුණයි. යෝජනාවලිය අනුව, ඒකාබද්ධ පළිබෝධපාලනයට යොමුවීමට ගොවීන්ට සිදුවේ. වාසිදායක කෘමීන්, දිලීර සහ බැක්ටීරියා ඇතුළුව ජීව විද්‍යාත්මක පාලනය වැනි විකල්ප ක්‍රම වෙත යොමුවීමට ප්‍රමුඛත්වය දිය යුතුවේ.

ෆෙරමෝන පළිබෝධනාශක ලෝකයේ විශාල ව්‍යාපාරයක් බවට පත්වෙමින් තිබේ – සහකරුවන් සොයන කෘමීන් වැළැක්වීමට හෝ ව්‍යාකූල කිරීම පිණිස විද්යාඥයෝ ඒවා යොදා ගනීති.
වඩ වඩාත් ජනප්රිය වෙමින් පවතින විකල්පයක් වන්නේ ඇතැම් පළිබෝධකයන්ගේ සම්භෝග චර්යාව කඩාකප්පල් කිරීම සඳහා කෘතිම ෆෙරමෝන(synthetic pheromones) භාවිතා කිරීමයි. කෘමීහු, සහකරුවෙකු සොයන විට සන්නිවේදනය සඳහා ෆෙරමෝන භාවිතා කරයති. බෝග අසල ඩිස්පෙන්සර් හරහා කෘතිම ෆෙරමෝන මුදා හැරීමෙන් පිරිමි කෘමීන් ව්‍යාකූල කළ හැකි අතර සහකාරියන් සොයා ගැනීමේ හැකියාව කඩාකප්පල් කළ හැකිය. ෆෙරමෝන සාපේක්ෂව කෘමිවිශේෂවලට විශේෂිත වන අතර අනෙකුත් කෘමීන්ට බලපාන්නේ නැත. codling moth, diamondback එච්ට් වැනි කෘමීන් පාලනය කිරීම සඳහා කෘතිම ෆෙරමෝන සාර්ථකව භාවිතා කර ඇත.
කෙසේ වෙතත්, ෆෙරමෝන් මත පදනම් වූ පළිබෝධ පාලනය මිල අධික භෝග සඳහා භාවිතා කළද, සාම්ප්රපදායික රසායනික සංස්ලේෂණය සඳහා අධික පිරිවැයක් දැරීමෙන් අදහස් වන්නේ එය සෝයා බෝංචි, බඩ ඉරිඟු සහ කපු වැනි අඩු වටිනාකමින් යුත් බෝග සඳහා කලාතුරකින් භාවිතා කරන බවයි.
“පර්යේෂකයෝ ෆෙරමෝන ‘වර්ධනය’ කිරීමට ශාක භාවිත කරති”
ශාක කර්මාන්ත ශාලා
මිල අධික වීමට අතිරේකව, මහා පරිමාණ රසායනික සංශ්ලේෂණය විෂ සහිත අතුරු නිෂ්පාදන හට ගැනීමේ අමතර අවදානමක් ගෙන එයි, එබැවින් පර්යේෂකයෝ ෆෙරමෝන ‘වර්ධනය’ කිරීමට ශාක භාවිතා කරති . ඔවුන් මෙය සිදු කරන්නේ ෆෙරමෝන නිපදවීමට වගකිව යුතු පළිබෝධකයන්ගේ ජාන අධයනය කර ඒවා ශාකවලට බද්ධ කිරීමෙනි.

නිදසුනක් වශයෙන්, නොර්විච් හි අර්ල්හැම් ආයතනයේදී(Earlham Institute), නිකොලා පැට්රොන් සහ ඇගේ කණ්ඩායම දුම්කොළ පැල සලබයා පෙරමෝන නිෂ්පාදන කර්මාන්තශාලා බවට පත් කර ඇත.
ශාක, ෆෙරමෝන් නිෂ්පාදනය සඳහා තම ශක්තිය භාවිතා නොකරන නමුත් නිරෝගීව වැඩීමට ප්ර්මාණවත් තරම් (ෆෙරමෝන් ) ඉතිරිව ඇති බවට වග බලා ගැනීම පිණිස ඔවුන් ජාන ක්රිමයාකාරකම් සුසර කිරීම සඳහා පර්යේෂකයෝ කොපර් සල්ෆේට්(පල්මාණික්කම්) එකතු කරති. ශාකවලින් සාදන ලද ෆෙරමෝන නිස්සාරණය කර ඒවා බෙදා හරින උපකරණ තුළ පරීක්ෂා කරමින් පර්යේෂක කණ්ඩායම, පිරිමි සලබයන් කෙතරම් හොඳින් රවටා ගන්නේද යන්න දැන් සොයා බලයි. ‘’සංකීර්ණ අණු නිෂ්පාදනය කිරීම පිණිස පරිසර හිතකාමී, ලාභදායී සහ වඩා තිරසාර මාර්ගයක් සපයන” ශාක කම්හල්වලින් පිරුණු හරිතාගාර අනාගතයේ දී ඇති විය හැකි බවට නිකොලා අනාවැකි පළ කරයි.
2022 දී ජාත්‍යන්තර පර්යේෂකයෝ ෆෙරමෝන් පූර්වගාමීන් නිර්මාණය කිරීම සඳහා තෙල්නිපදවන ඇට ශාක භාවිතා කළහ. ඔවුන් Camelina ශාක නිර්මාණය කර ඇත්තේ විවිධ භෝග ශාක වර්ග අනුභව කරන දළඹු වර්ග දෙකකින් නිපදවන ෆෙරමෝනවලට හෙක්සැඩෙසෙනොයික් අම්ලයේ පූර්වගාමියා සෑදීමටය.
එසේ නිර්මාණය කරන ලද ශාක, ඔවුහු කුඩා ඉඩමක සිටුවා, ඇට සකස් කර, පූර්වගාමියා නිස්සාරණය කරමින් අඩු වියදමකින් ෆෙරමෝන බවට පරිවර්තනය කළහ. පසුව, කෘෂිකාර්මික පරීක්ෂණ ස්ථානවලදී ෆෙරමෝන අත්හදා බැලූ විට, වාණිජමය වශයෙන් සාදන ලද අනුවාදයන් හා සමානම හොඳ ප්‍රතිඵල ඉතා අඩු පිරිවැයකින් ලබාගැනීමට පර්යේෂකයෝ සමත් වූහ.
සටනට එක්වන දිලීර
සමහර නව පළිබෝධනාශක පදනම් වී ඇත්තේ ආසාදන හෝ රෝග ලක්ෂණ ඇති නොකර ශාක පටක තුළ ජීවත් වන එන්ඩොෆයිටික්(අනතශ්ශාකීය) දිලීර මත ය. ඒවා, ශාකයක් වාසභූමි බවට පත්කරගත්විට බවට පත් කරන විට, එන්ඩොෆයිටික් දිලීර ඔවුන්ගේ ධාරකයන්ට ආතති සහගත පාරිසරික තත්ත්වයන් යටතේ වඩා හොඳින් ක්‍රියා කිරීමට උපකාරී වන අතර සමහරක් පළිබෝධකයන්ට එරෙහිව සටන් කළ හැකි පරිවෘත්තීක(metabolites) නිපදවයි. පරිවෘත්තීක් ඖෂධ සහ කෘෂි රසායන ද්‍රව්‍ය සඳහා ක්‍රියාකාරී අමුද්‍රව්‍ය අනූන ප්‍රභවයක් ලෙස විද්යාඥයින් විසින් සොයාගනු ලැබ ඇත.
කෙන්යාවේ පර්යේෂකයෝ කොළ කෘමි පළිබෝධකයන්ට එරෙහිව සටන් කිරීම සඳහා තක්කාලි පැලවලට දිලීර එන්නත් කළහ. පත්‍ර, ඵල සහ පුෂ්පවලට විදිමින් ශාකවලට බලවත් හානි පමුණුවන Leafmining විශේෂය මර්ධනය සඳහා පර්යේෂක්යන් දිලීර ගණනාවක් අතදා බැලූ අතර දින 15කදී පළිබෝධය විනාස කරන්නට සමත් එකක් ඔවුනට සොයා ගත හැකිවිය.

බර්මින්හැම් විශ්ව විද්යාඉලයේ ජීව විද්යාය පාසලේ මොජ්ගන් රබී සහ සගයෝ තිරිඟු සහ බාර්ලි වැනි බෝග බැක්ටීරියා රෝග කාරක වලින් ආරක්ෂා කිරීම සඳහා ජනපදකරණය කරන එන්ඩොෆයිට අධ්යයයනය කරමින් සිටිති.
එන්ඩොෆයිට් අධ්යියනයට අමතරව, මොජ්ගන් ශාක හා ගස්වල බැක්ටීරියා ආසාදනවලට එරෙහිව සටන් කිරීමට බැක්ටීරියාභක්ෂක වෛරස් භාවිතා කිරීමට උනන්දු වෙයි. ‘අපි පරිසරයෙන් න්හක්ෂක(phages) හුදකලා කර රෝග කාරක ආසාදනය කළ හැකිද යන්න තේරුම් ගැනීමට උත්සාහ කරමු. අපට ඒවා ජීව විද්යාළත්මක පාලන ක්‍රම ලෙස භාවිතා කළ හැකිය, මන්ද ඒවා ඉතා ධාරක විශේෂිත වන අතර ඒවා වෙනත් ප්‍රයෝජනවත් ක්ෂුද්ර ජීවීන්ට බලපාන්නේ නැත” යනුවෙන් පවසන මොජ්ගන්, ඒවා සරල ඉසින ලෙස යෙදිය හැකි බව ද පෙන්වා දෙන්නීය.
සුගන්ධ තෙල්(Essential oils)
පළිබෝධනාශක සඳහා වෙනත් විකල්ප අතරට ශාක සාරය සහ සුගන්ධ තෙල් ඇතුළත් වේ. මේවායින් බොහොමයක් හානිකර නොවන්නේම නොවන නමුත් ඒවා ජෛව හායනයට ලක් වීමේ වාසිය ඇත. උදාහරණයක් ලෙස, Dalmatian සහ පර්සියානු chrysanthemums මල් වලින් ලබාගත් ස්වභාවික කෘමිනාශකයක් වන pyrethrum, කෘමිනාශකයක් ලෙස සියවස් ගණනාවක් තිස්සේ භාවිතා කර තිබෙන්නකි. ඒවායේ පුෂ්ප, යෝධ ඩේසි මල් මෙන් පෙනේ, එහෙත්, කහ පැහැති මැද කොටස්, විනාශකාරී බලපෑම් ඇතිකරන, කෘමීන්ගේ ස්නායු පද්ධතිය ඉලක්ක කරන්නාවූ pyrethrins අඩංගු වේ. කෘමිනාශක බොහෝ කෘතිම පළිබෝධනාශක වලට වඩා ක්ෂීරපායීන්ට සහ පක්ෂීන්ට අඩු විෂ සහිත නමුත් තවමත් ජලජ ජීවීන්ට ඉතා විෂ සහිත බව දන්නා කරුණකි.
සුගන්ධ තෙල්, ප්‍රධාන වශයෙන් terpenoids සහ phenylpropanoids වලින් සමන්විත වේ.
මී මැස්සන්ට හානි කරන වර්රෝවා මයිටාවන් වැනි කෘමීන් සඳහා thyme තෛලයෙන් ලබාගන්නා Thymol විශේෂයෙන්ම, විෂ සහිත වේ. මේ අතර, කරාබුනැටි, සාදික්කා සහ කුරුඳු වලින් ලබාගන්නා යුජෙනෝල්(eugenol), ගුල්ලන්ට(weewil) එරෙහිව ක්‍රියා කිරීමට උපකාරී වේ. අධ්‍යයනවලින් පෙනී යන්නේ එය ඇසිටිල්කොලීන් නම් ස්නායු සම්ප්‍රේෂකයක ජල විච්ඡේදනය කරන(hydrolyses) එන්සයිමයක ක්‍රියාවන් වළක්වන බවයි. සුගන්ධ තෙල්වලින් බලපෑමට ලක් වූ තවත් ස්නායු සම්ප්‍රේෂකයක් වන්නේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලීන් කිහිපයකට සම්බන්ධ වන ඔක්ටොපමයින් ය(octopamine).
පළිබෝධනාශක ව්‍යාපාරයේ දී, විද්‍යාඥයන්ට සහ කෘෂි රසායන නිෂ්පාදකයින්ට බොහෝ විට, ජනගහනයේ අවශ්යේතා අතරේ ආචාර ධර්ම සහ නිමැවුම් සමතුලිත කිරීමෙ ගැටළුවට මුහුණ දීමට සිදුවෙයි. සීඝ්‍රයෙන් වර්ධනය වන ගෝලීය ජනගහනයට ආහාර සැපයීමට අවශ්‍ය බෝගවලින් පළිබෝධකයන් ඈත් කිරීම සඳහා පරිපූර්ණ විකල්පයක් නොමැති බව පෙනී යන නමුත් විවිධ ජීව විද්‍යාත්මක පාලනයන් ඒකාබද්ධ කිරීමෙන් අපට අනාගත පළිබෝධනාශක භාවිතය අවම කළ හැකිය.
Royal Society of Chemistry – Education(July 3rd, 2023) හී පළවූ Bugs beware නම් ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න