අපේ චිත්තවේග අවුල් කිරීමට නින්දක් නැති එක් රාත්‍රියක් ප්‍රමාණවත් වන්නේ ඇයි?

අපගේ හැඟීම් පාලනය කිරීමට උපකාර වන මොළයේ කලාප,  නින්ද අහිමි වීමෙන් අඩ පණවෙයි.

Eti Ben Simon විසින්
(බර්ක්ලේ හී කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මානව නිද්‍රා විද්‍යා කේන්ද්‍රයේ ස්නායුක විද්‍යාඥ ශ නිද්‍රා පර්යේෂක)

මා උපාධි අපේක්ෂකයෙකුව සිටියදී, මගේ සගයන් සහ මම එක් රාත්‍රියක නින්දක් නැතිවීම, පුද්ගලයෙකුගේ හැඟීම් කළමනාකරණය කිරීමේ හැකියාවට බලපාන ආකාරය අධ්‍යයනය කළෙමු. සතියකට වරක්, සාමාන්‍යයෙන් සිකුරාදා සවස, අපි අපගේ අධ්‍යනයට සහභාගිවන්නන් නිරීක්ෂණය කිරීමට සහ ඔවුන් නියමිත ක්‍රියා පිළිවෙළ අනුගමනය  කරන බව සහතික කිරීමට මුළු රාත්‍රියම අවදියෙන් සිටින්නෙමු. පසුදා දහවල් පමණ වන විට, වෙහෙසට පත්ව, අප සියල්ලෝම පර්යේෂණාගාරයෙන් පිටතට ගාටන්නේ, නිවසට ගොස් විවේක ගන්නේ කොයි වේලේ දැයි සිතමිනි.

අත්හදා බැලීමෙන් මාස දෙකක් ගිය විට දවසක,  මම මාර්ගයේ විදුලි ආලෝක සංඥාවක් අසල මගේ මෝටර් රථයේ සිටියෙමි.  රථයේ ගුවන් විදුලියේ කසි කබල් ආදර ගීතයක් වාදනය වීමට පටන් ගත්තා මට මතකයි. එකවරම, මට දරාගන්න බැරිව ඇඬුන බව ද මට මතකය. මගේ ප්‍රතිචාරය ගැන මටම පුදුම හිතුනේය. එවිට මට එකවරම හැඟී ගියේ මා නින්ද නොයෑම ගැන අධ්‍යයනයක් කරනවා පමණක් නොව ඒ ගැන කෙරෙන අධ්‍යයනයේ කොටසක් බවට මා පත් වී සිටිම බවයි. මා මේ අත්විඳින්නේ සති ගණනක් නින්ද නොයාමේ ඵලවිපාකයි. රියේ ගීතය අසමින් සිටියදී මගේ හැඟීම් පාලනය කිරීමට මට නොහැකි වූයේ එහෙයිනි.

වඩා හොඳ නින්දක් සහ චිත්තවේගීය සෞඛ්‍යය අතර ශක්තිමත් සහ සමීප සම්බන්ධයක් ඇති බව එම පර්යේෂණ ව්‍යාපෘතිය සහ එතැන් පසුව සිදුකල වෙනත් පර්යේෂන බොහොමයක් ද, පෙන්නුම් කළේය. සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් තුළ, ගුණාත්මක් තත්ත්වයේ නින්දක් වඩාත් ධනාත්මක මනෝභාවයක් සමඟ සම්බන්ධ වේ– එහෙත් පසුදා උදෑසන කාංසාව සහ මානසික අවපීඩනයේ දඩී වැඩිවීමක් ඇති කිරීමට අවශ්‍යවන්නේ නින්ද අහිමි  එක් රාත්‍රියක් පමණකි! . එපමණක්ද නොව,  නින්ද කඩවීමෙන් දිගින් දිගටම පෙළෙන පුද්ගලයින් දෛනික සිදුවීම් වඩාත් සෘණාත්මක ලෙස අත්විඳීමට නැඹුරු වන අතර, කනස්සලුමානසිකත්වයෙන් මිදීම දුෂ්කර වේ. ඇත්ත වශයෙන්ම,  නින්දයාම පිළිබඳ ජාතික සමීක්ෂණයකදී,  ප්රමාණවත් නින්දක් ලබා ගැනීමට නොහැකි වූ විට මනෝභාවය අඩාල වී ඇති බව ඇමරිකානුවන්ගෙන් සියයට 85 ක් වාර්තා කළහ..

නින්ද නොමැතිකම අපගේ මනසේ අභ්‍යන්තර සැකසීම අවුල් කරන ආකාරය ගැන ආලෝක ධාරාවක් හෙළීමට දැන් අපගේ පර්යේෂණාගාරයේ සහ වෙනත් අයගේ අධ්‍යයනයන්  පටන් ගෙන තිබේ. හැඟීම් නියාමනය කිරීම සඳහා මොළයේ පරිපථ පද්දතිය කඩාකප්පල් කිරීම එහි බොහෝ බලපෑම් අතුරින් එකකි.

පර්යේෂකයන් සහ වෛද්‍ය වෘත්තිකයන් නින්ද අහිමි වීම දශක ගනනාවක් තිස්සේ සැලකුවේ, මානසික අවපීඩනය හෝ කාංසාව වැනි තවත් “ප්රාථමික” තත්වයක අතුරු ඵලයක් හෝ රෝග ලක්ෂණයක් ලෙසය. වෙනත් වචන වලින් කිවහොත්, පළමුව  පැමිණෙන්නේ කාංසාවයි; ඉන් පසුව නින්ද අහිමි වේ.  මෙම අනුපිළිවෙල ආපසු හැරවිය හැකි බව අද වෙනකොට අපි දන්නෙමු. ඇත්ත වශයෙන්ම, නින්ද අහිමි වීම සහ කාංසාව, මානසික අවපීඩනය හෝ වෙනත් මානසික සෞඛ්‍ය තත්වයන් එකිනෙකින් (එකකින් අනෙක) පෝෂණය විය හැකි අතර, බිඳීමට අතිශයින් දුෂ්කර වන පහතට යොමු වන සර්පිලාකාර චක්‍රයක් නිර්මාණය කරයි.

මෙම සරියේ බොහෝ සාක්ෂි පැමිණෙන්නේ නිදන්ගත නින්ද නොයාම හේවත් අතන්ද්‍රතාවය(insomnia) සම්බන්ධවයි.  හොඳින් නිදා ගන්නා පුද්ගලයින් හා සසඳන විට නින්ද නොයාමෙන් පෙළෙන පුද්ගලයින් හට ජීවිතයේ පසුකාලීනව මානසික අවපීඩනය හෝ කාංසාව ඇතිවීමේ සම්භාවිතාව දෙගුණයක් වේ. නිදසුනක් වශයෙන්, පුද්ගලයන් 1,500 ක් – සමහරුන් අතන්ද්‍රතාවය්(insomnia) පෙළෙන අය වූ අතර තවත් සමහරු එසේ නොවේ –  ගැන සොයා බැලූ අධ්‍යයනයකින් නින්ද නොයෑමේ නිදන්ගත තත්ව්යේ  මානසික අවපීඩනයේ ආරම්භයේ  සිට වසරකට පසුව තුන් ගුණයකින් වැඩි වීමක් සහ කාංසාව ආරම්භයේ සිට වසරකට පසුව දෙගුණයක වැඩිවීමක් සමඟ සම්බන්ධ වී ඇති බව සොයා ගන්නා ලදී. 

නින්ද නොයාමේ රෝග ලක්ෂණ, අවදානම් සහිත පුද්ගලයින් අතරේ සියදිවි නසාගැනීමේ හැසිරීම්  සහ බොහෝ විට බයිපෝල අක්‍රමිකතා ඇති පුද්ගලයින්ගේ මනෝභාව අංගයට පෙරාතුව සම්බන්ද යයි සමීපව නිරීක්ෂණය වන පශ්චාත් කම්පන ආතති ආබාධ{post-traumatic stress disorder}  වර්ධනය වීමේ අවදානම ද ඉහළ නංවයි,

එපමණක් නොව, මානසික අවපීඩනය හෝ කාංසාව සඳහා ප්‍රමාණවත් ප්‍රතිකාර වලින් පසුව වුවද, නින්දේ අපහසුතාවයෙන් තවදුරටත් පෙළෙන පුද්ගලයින්ට, (ප්‍රතිකාර වලින් පසුව) නින්ද වැඩි දියුණු වන අයට සාපේක්ෂව නැවත ඇතිවීමේ වැඩි අවදානමක් ඇත. මෙම රටාව තුළ නින්දේ භූමිකාව අවබෝධ කර ගැනීම බොහෝ චිත්තවේගීය හා මානසික ආබාධ වැළැක්වීමට සහ ප්‍රතිකාර කිරීමමේ දී උපකාර විය හැකි නව තීක්ෂ්ණ පරිඥානයකට මග පෑදිය හැකිය.

පැරණි පර්යේෂණ දැනටමත් අනාවරණය කර ඇත්තේ සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු තුළ නින්ද අහිමි වීම  බරපතල මානසික සෞඛ්‍ය රෝග ලක්ෂණ වලට පූර්වගමනය කරන්නක් හෙවත් කලින් ඇතිවන්නක් විය හැකි බවයි.   රාත්‍රී දෙකකට වඩා අවදියෙන් සිටි ස්වේච්ඡා දායකයන් සිතුවිලි සැකසීම, වචන ගලපා ගැනීම සහ වාක්‍ය සම්පාදනය කිරීමේ දුෂ්කරතා පිළිබඳව 1960 ගණන් වල වැඩි කොටම, වාර්තා විණ.  අජීවී වස්තූන් චලනය වනවා දැකීම හෝ  ඔවුන් තනිව සිටියත් වෙනත් කෙනෙකුගේ ස්පර්ශයේ සංවේදනය අත්විඳීම වැනි  මනෝ මායාවන්ගෙන්(hallucinations) ඔවුහු පීඩා වින්ඳහ. දින තුනක නින්දක් නොමැතිව කල් ගත කළ විට , සමහර සහභාගිවෝ මුලාව සහ ව්‍යාකූලත්වයට පත් වූහ. ඔවුන් විශ්වාස කළේ ඔවුන් රහස් නියෝජිතයන් බව හෝ පිටසක්වල  ජීවීන් ඔවුන් අල්වා ගැනීමට පැමිණෙන බවයි. (එය මනෝ ව්‍යාකූල කථාංගයක් ලෙස පෙනේ නම්, එසේ වන්නේ එය එසේ නිසාය.) දින පහකට පසු, සහභාගිවන්නන් කිහිප දෙනෙකු පූර්ණ සායනික මනෝ ව්‍යාධියකට සමාන තත්වයකට පත් වූ අතර ඔවුන්ගේ තත්වයන් සම්පූර්ණයෙන් වටහා ගැනීමට නොහැකි විය.

එක් අධ්‍යයනයක දී, එක්සත් ජනපද හමුදාවේ ස්වේච්ඡා දායකයෝ, රාත්‍රී හතරකට වඩා අවදියෙන් සිටීමට උත්සාහ කළහ. සිය මිතුරන් විසින් නිහඬ, අනුන් හා වැඩි භජනයකට නොගිහින් තමන්ගෙ පාඩුවේ සිටින්නෙකු ලෙස හඳුන්වා දෙනු ලබන එක් සොල්දාදුවෙකු රාත්‍රී තුනක නින්දක් නොමැතිව ගත කිරීමෙන් පසුව අතිශයින් ආක්‍රමණශීලී විය. ඔහු සටන් අවුලුවා ලූ අතර ඔහු ජනාධිපතිවරයාගේ රහස් මෙහෙයුමක යෙදී සිටින බව අවධාරනය කළේය. අවසානයේදී සිදු වූයේ, ඔහුව බලහත්කාරයෙන් පාලනය කර අත්හදා බැලීමෙන් සම්පූර්ණයෙන් නෙරපා හැරීමයි. තවත් හය දෙනෙක් හිට් අඩියේ ප්‍රචණ්ඩත්ව හැසිරීම උත්සන්නවීම් මෙන්ම  දිගින් දිගටම මනෝ මායාවන් ප්‍රදර්ශනය කළහ. මේ සෑම අවස්ථාවකදීම, මුළු දවසම නිදා ගැනීමෙන් පසුව, සොල්දාදුවන් නැවතත් සාමාන්‍ය ලෙස හැසිරුණු අතර පෙර ඇති වූ ව්‍යසනය ගැන මතකයක් ‍රැඳී නොතිබුණි. චර්යාත්මකව, ඇතිවිය හැකි එවැනි  දරුණු බලපෑම් සැලකිල්ලට ගෙන, දිගු නින්ද අහිමි වීම පිළිබඳ අධ්‍යයනයන් දැන් සලකනු ලබන්නේ සදාචාරාත්මක නොවන්නක් වශයෙනි; නමුත් ඒවා තවමත් අපගේ මනස සහ මානසික සෞඛ්‍යය සැබවින්ම නින්ද මත රඳා පවතින ආකාරය පිළිබඳ ප්‍රබල මතක් කිරීමක් ඉදිරිපත් කරයි. මෙම විශ්මය ජනක ප්‍රතිඵල සමඟ වුවද, විශේෂයෙන් (වාසනාවකට මෙන්) නින්ද අහිමිවීම් වැනි අන්ත තත්ත්වයන් අත්විඳින්නේ අපෙන් ස්වල්ප දෙනෙකු පමණක් වීම සැලකිල්ලට ගනිමින් නින්ද රහිතව රාත්‍රිය ගත කිරීමේ ප්‍රතිවිපාක පිළිබඳව විද්යාඥයන් සැක පහළ කර ඇත,   නවතම පර්යේෂණ රැල්ල පැමිණෙන්නේ එතැනිනි.  නින්ද යනු කුමක්ද යන්න හෝ එය(නින්ද) නොමැතිකම අපගේ හැඟීම්වලට සෘජු සම්බන්ධයක් ඇති බවක් පෙනෙන ස්නායු විද්‍යාත්මක පැහැදිලි කිරීමක් මෑත වසරවලදී  ඉස්මතු වී ඇත.

අප ස්නායු පීඩන තත්ත්වයන්ට හෝ චිත්තවේගීය වශයෙන් දැඩි අභියෝගයකට මුහුණ දෙන සෑම විටම, ඇමිග්ඩලා(amygdala) නම් මස්තිෂ්ක අර්ධගෝලයේ කොටස වහා ක්‍රියාත්මක වෙයි. අප මුහුණ දෙන අභියෝගයට හෝ තර්ජනයට අපව සූදානම් කිරීම සඳහා amygdala කොටසට  සමස්ථ ශරීරය හා සම්බන්ධ ප්‍රතිචාරයක් දියත් කළ හැකිය. සටනට පිවිසීම හෝ සටනින් පළායාම(flight-or-fight ) නම් ප්‍රකට මෙම ප්‍රතිචාරය අපගේ හෘද ස්පන්දන වේගය වැඩි කරන අතර ආතති හෝමෝන රැල්ලක් අපගේ රුධිරයට වේගයෙන් යවයි. වාසනාවකට මෙන්, අප සහ මෙම අධි උද්දීපන රැල්ල අතර හරහට සිටින මොළයේ එක් කලාපයක් ඇත: එනම්, පුරූ-ලලාට බාහිකය(pre-frontal cortex) ; මෙය, අපගේ ඇහි බැම මැදට පිටුපසින් පිහිටි ප්‍රදේශයකි. අධ්‍යයනවලින් පෙනී යන්නේ මෙම කලාපයේ ක්‍රියාකාරකම් ඇමිග්ඩලාව බල හීන කිරීමට හෝ පහතට දැමීමට නැඹුරු වන්නේ එමඟින් අපගේ චිත්තවේගීය ප්‍රතිචාරය පාලනයක් යටතේ තබා ගනිමින් බවයි.

මගේ සගයන් සහ මා, සෞඛ්‍ය සම්පන්න ස්වේච්ඡාදායකයන්ට එක් රාත්‍රියක නින්දක් අහිමි කළ අධ්‍යයනයන්හි දී, (ක්‍රියාකාරී චුම්භක අනුනාද රූප (functional magnetic resonance imaging – fMRI) භාවිතයෙන් මනිනු ලබන පරිදි) පුරෝ-ලලාට බාහිකයේ ක්‍රියාකාරිත්වය විශාල ලෙස පහත වැටී ඇති බව ඔවුහු සොයා ගත්හ. එපමණක් නොව, ඇමිග්ඩලා සහ පුරෝ-ලලාට බාහිකය සම්බන්ධ කරන ස්නායු ක්‍රියාකාරිත්වය සැලකිය යුතු ලෙස දුර්වල විය. වෙනත් වචන වලින් කිවහොත්, අපගේ චිත්තවේගීය ප්‍රතික්‍රියා පාලනය කර ගැනීම සඳහා වන කලාපය සහ පරිපථය යන දෙකම නින්දට බාධා වන විට අවශ්‍යයෙන්ම ක්‍රියා විරහිත වේ. වෙනත් අධ්‍යයනයන් සොයාගෙන ඇත්තේ මිනිසුන්ට එක් රාත්‍රියක් පමණක් නින්ද අහිමි වීමෙන් පසුව හෝ සාමාන්‍යයෙන් පැය හයකට වඩා අඩු නින්දක් ලැබීමෙන් පසුව හෝ (අධ්‍යනයන්ට) සහභාගිවන්නන්ගේ නින්ද රාත්‍රී පහක් සඳහා රාත්‍රියකට පැය හතරකට පමණක් බැගින් සීමා වූ විට ස්නායු ආබාධ පිළිබඳ මෙම තත්ත්වය ඇතිවිය හැකි බවයි.

මෙම ආබාධය කෙතරම් ප්‍රබල ද යත්, මිනිසුන් චිත්තවේගීය ලෙස සලකන දේ වටා ඇති ඉම් බොඳ කරයි. නිදසුනක් වශයෙන්, මගේ සගයන් සහ මා සහභාගිවන්නන් මධ්‍යස්ථ(විශේෂයක් නැති) සහ චිත්තවේගීමය ඡායාරූපවලට නිරාවරණය කළ විට (දුම්රියක ගමන් කරන අයගේ අවිශේෂ ඡායාරූප සහ ළමයින් අඬන ඡායාරූප ගැන සිතන්න), පුද්ගලයන්, හොඳින් විවේකීව සිටින විට ඇමිග්ඩලා මෙම ප්‍රේරකවලට වෙනස් ලෙස ප්‍රතිචාර දැක්වූ බව fMRI අනාවරණය කළේය. එහෙත් රාත්‍රියක නින්ද අහිමි වීමෙන් පසු, පුද්ගලයෙකුගේ ඇමිග්ඩලා, ඡායාරූප වර්ග දෙකටම දැඩි ලෙස ප්‍රතිචාර දක්වයි. වෙනත් වචන වලින් කිවහොත්, ඇමිග්ඩලාට පුරෝ-ලලාට බාහිකය සමඟ ඒකාබද්ධව ක්‍රියා කළ නොහැකි වූ විට  චිත්තවේගීය යැයි මොළය සලකන දේ සඳහා වන සීමාව සැලකිය යුතු ලෙස අඩු විය. එවැනි දුර්වල චිත්තවේගීය පාලනයක් අපව කනස්සල්ලට හා දුර්වල මනෝභාවයට පත් වීමේ වඩාත් අවදානමට ලක් කරයි, එවිට මෝඩ කසි කබල ආදර ගීතයකට පවා කඳුලක්, ඉකිබිඳීමක් අවුලුවාලිය හැකිය. ඇමිග්ඩලා, පුරෝ-ලලාට බාහිකය සහ මේ දෙක අතර ඇති පරිපථය මත ඇති වන බලපෑම් තවත් බොහෝ ප්‍රතිවිපාක ඇති කළ හැකිය. ජනවාරි මාසයේදී අපි අපේ සොයාගැනීම් ප්‍රකාශයට පත් කළෙමු, මෙම මොළයේ පරිපථයේ වෙනස්කම්, උද්දීපනයට සම්බන්ධ අනෙකුත් ප්‍රදේශ සමඟ එක්ව, එක් රාත්‍රියක නින්දක් අහිමි වීමෙන් පසු රුධිර පීඩනය වැඩිවීමට සම්බන්ධ වන බව ඒවායින් පෙන්නුම් කැරිණ. මගේ සගයන් සහ මා නිරීක්ෂණය කර ඇති මොළයේ මට්ටමේ යාන්ත්‍රණයන් සමස්ත ශරීරයටම අහිතකර ලෙස බලපාන වෙනස්කම් වලට දායක විය හැකි අතර, අධි රුධිර පීඩනය සහ හෘද වාහිනී රෝග සඳහා අවදානම වැඩි කරයි.

විෂය මූලිකව සළකන විට පැහදිලිවන්නේ, අපගේ ශාරීරික යහපැවැත්ම මෙන්-මානසික සහ චිත්තවේගීය සෞඛ්‍යය සියුම් සමතුලිතතාවයක් මත රඳා පවතින බවයි. දිවා රාත්‍රි පුරාවට අප ගන්නා අසංඛ්‍යාත තේරීම් එම සමතුලිතතාවය පවත්වා ගනී. ඒ නිසා  නින්දක් නැති එක් රාත්‍රියක් පවා හානියක් ඇතිකළ හැකියි. අප සහ අප එකිනෙකා වෙනුවෙන්, අප මේ යථාර්ථය ගැන සිහියෙහි තබා ගත යුතුයි. අපි සෑම කෙනෙකුටම විටින් විට නින්ද මග හැරීම, නොවැළැක්විය හැකිය. එසේනමුත්, පුද්ගලයන් ප්‍රමාණවත් විවේකයක් ලබා ගැනීමෙන් වලක්වාලන වැඩබිම ප්‍රතිමාන, පාසල් සංස්කෘතීන් සහ දෙමාපියන්ට හෝ වෙනත් රැකබලා ගන්නන් සඳහා සහය නොමැතිකම වැනි-ව්‍යුහයන් අපගේ සමාජයන් විසින් විවේචනාත්මකව විමසා බැලිය යුතු වන්නේය. නින්ද සහ මානසික සෞඛ්‍යය පිළිබඳ විද්‍යාවෙන් පෙනී යන්නේ එම ගැටලු විසඳීමට අපොහොසත් වීමෙන් මිනිසුන් බරපතල හානිවලට ගොදුරු විය හැකි බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending