
සමහර තාක්ෂණයන් අනෙක් ඒවාට වඩා බොරු කීමට වඩාත් පහසුකම් සපයන බව පෙනේ. solitude72/iStock via Getty Images
සමාජ මාධ්ය සහ ස්මාට් ෆෝන් ව්‍යප්තියත් සමග මිනිසුන් වැඩිපුර බොරු කියන්නේද?
තාක්ෂණය මිනිසුන්ට එකිනෙකා හෝ සමූහ වශයෙන් සම්බන්ධ වීමට තවත් විධි ලබා දී ඇත. එහෙත්, කල්පනා කළයුත්තේ එය මිනිසුන්න්ට බොරු කීමට තවත් අවස්ථා ලබා දී තිබේද? යන්නයි
රාත්‍රී කෑමට ආරාධනා කළ මිතුරෙකු තරහා කරගන්නේ නැතිව ඊට නොයා සිටීම සඳහා ඔබේ මිතුරාට අහිංසක බොරුවක් සහිත කෙටි පණිවිඩයක් යැවීම; ගැහැණු පිරිමි ඇසුර ප්‍රවර්ධනය කරන අඩවියක් සඳහා සපයන විස්තර වල දී වඩාත් ආකර්ෂණීය ලෙස පෙනී සිටිනු වස් ඔබේ උස මදක් වැඩි කර දැක්වීම එහෙමත් නැතිනම් ඔබේ නිදහසට කරුණක් ඉදිරිපත් කර ‘ඇඟ බේරා ගැනීම’ සඳහා විද්‍යුත් තැපෑලෙන් දැනුම් දීමක් කිරීමට යනාදී වශයෙන් බොහෝ දෙනෙක් එදිනෙදා ජීවිතයේ දී නොයෙක් අයුරින් තාකෂණය යොදා ගනිති
සමාජ මනෝවිද්‍යාඥයින් සහ සන්නිවේදන විශාරදයින් බොහෝ කලක සිට අවධානය යොමු කර ඇත්තේ වැඩිපුරම බොරු කියන්නේ කවුරුන්ද යන්න පමණක් නොව, මිනිසුන් වැඩිපුරම බොරු කිරීමට නැඹුරු වන්නේ කෙලෙසද? යන්න ගැනයි — එනම්, බොරු කියන්නේ එකිනෙකාට පුද්ගලිකව ද නැතිනම් වෙනත් සන්නිවේදන මාධ්‍යයක් හරහා ද?
2004 ප්‍රභවාත්මක(seminal) අධ්යයනය
මුළාකිරීමේ අනුපාත සහ තාක්ෂණය අතර සම්බන්ධය විමර්ශනය කළ මුල්ම සොයා බැලීම් අතරේ, 2004 එක් ප්‍රභවාත්මක(seminal) අධ්‍යනයක් විය. එතැන් සිට, අප සන්නිවේදනය කරන ක්‍රම මාරු වී ඇත — නිදසුනකට දුරකථන ඇමතුම් අඩුවෙද්දි සමාජ මාධ්ය පණිවිඩ යැවීම ඉහළ යාම දැක්විය හැක. තවද, පෙර ලබා ඇති ප්‍රතිඵල කෙතරම් ප්‍රබලව පැවතියේ දැයි බැලීමට මෙම ලිපියේ කතෲ, ජෙෆ් හැන්කොක්(Jeff Hancock) ට අවශ්‍යවිය.
මුළාව සහ තාක්ෂණය අතර සම්බන්ධය
නැවතත් ආපස්සට ගොස් බැලුව හොත් 2004 දී, දින හතක් පුරා මුහුණට මුහුණ(අභිමුඛ) සන්නිවේදනය, දුරකථනය, ක්ෂණික පණිවිඩ යැවීම සහ විද්යුත් තැපෑල හරහා ඔවුන් විසින් සිදු කරන ලද සමාජ අන්තර්ක්‍රියා සංඛ්‍යාව වාර්තා කරන ලෙස සන්නිවේදන පර්යේෂකයෙකු ද වන හැන්කොක් සහ ඔහුගේ සගයෝ, සිසුන් 28 දෙනෙකුට දැන්වූහ. එක් එක් එවන් සමාජ අන්තර්ක්‍රියා වලදී ඔවුන් බොරු කී වාර ගණන ද සිසුහු වාර්තා කළහ.
එහි ප්‍රතිඵල ඇඟවූයේ සමාජ අන්තර්ක්‍රියා අනුව වැඩිපුරම බොරු කීවේ මිනිසුන් දුරකථන භාවිත කළ විට බවයි. අඩුවෙන්ම බොරු කියා ඇත්තේ ඊමේල් හරහාය.

සොයාගැනීම්, “විශේෂ ලක්ෂණ පාදක ආකෘතිය(“feature-based model) ලෙස හැන්කොක් හඳුන්වන මොඩලය සමඟ සමපාත විය. මෙම ආකෘතියට අනුව, තාක්ෂණයක නිශ්චිත අංශ – මිනිසුන්ට බාධාවකින් තොරව දිගටම පණිවුඩ යැවූම සහ ලැබීම කළ හැකිද, පණිවිඩ සුළුවෙලාවක් පවතින ඒවා ද සහ සන්නිවේදකයන් සිටින්නේ දුර ද යන්න – වැනි නිශ්චිත අංශ මිනිසුන් වැඩිපුරම බොරු කිරීමට නැඹුරු වන්නේ කොතැනදැයි පුරෝකථනය කරයි.
හැන්කොක්ගේ අධ්‍යයනයේ දී පෙණී ගියේ, එක් එක් සමාජ අන්තර්ක්‍රියාවක දී වඩාත්ම බොරු කීම සිදු වූයේ මෙම සියලු විශේෂාංග සහිත තාක්ෂණය හරහා බවය: එනම් දුරකථනය. අඩුවෙන්ම බොරු කීම, පුද්ගලයන්ට සමකාලිකව( එකවර එකට synchronously) සන්නිවේදනය කළ නොහැකි එමෙන්ම පණිවිඩ ලේඛනගතවන විද්‍යුත් තැපෑලෙන් සිදු විය.
හැන්කොක් අධ්යයනය යළි සලකා බැලීම
හැන්කොක් සිය අධ්යයනය සිදු කරන සමයේ, Facebook ගිණුමක් හදන්න පුළුවන් වූයේ තෝරාගත් විශ්ව විද්‍යාල කිහිපයක සිසුන් පමණි . අයිෆෝන් එහි මුල් අවධියේ සංවර්ධනය වෙමින් පැවති අතර “Project Purple” යන නමින් එය ඉතා රහසිගත ව්‍යාපෘතියක් ලෙස නම් කර තිබුණි.
නව අධ්‍යයනයේ දී, මම සහභාගිවන්නන් විශාල කණ්ඩායමක් බඳවා ගත් අතර තවත් තාක්ෂණික ස්වරූපවලින් අන්තර්ක්‍රියා අධ්යයනය කළෙමි. පුද්ගලයන් 250 දෙනෙකු මුහුණට මුහුණ ලා කරන සන්නිවේදනය, සමාජ මාධ්ය, දුරකථනය, කෙටි පණිවිඩ යැවීම, වීඩියෝ කතාබස් සහ විද්යුත් තැපෑල හරහා දින හතක් පුරා ඔවුන්ගේ සමාජ අන්තර්ක්‍රියා ඉදිරිපත් කෙරූ අතර අන්තර්ක්‍රියා සංඛ්‍යාව බොරුවක් සමගින් වාර්තා කර ඇත.

හැන්කොක්ගේ අධ්‍යයනයේ දී මෙන් නව අධ්යනයේ දී ද, වැඩියෙන්ම බොරු කීවේ සමකාලික සහ ලේඛන ගතනොවන මාධ්ය හරහා සහ සන්නිවේදකයන් දුරස්ථව සිටින විට: දුරකථනයෙන් හෝ වීඩියෝ කතාබස් හරහා මිනිස්සු සමාජ අන්තර්ක්‍රියා සෑම එකකදී වැඩිපුරම බොරු කීහ. සමාජ අන්තර්ක්‍රියා වලදී ඔවුහු විද්‍යුත් තැපෑල හරහා අඩුම බොරු කීවෝය. කෙසේ වෙතත්, සිත්ගන්නා කරුණ නම්, සන්නිවේදන ආකාරවල් අතර වෙනස්කම් කුඩා වීමය. සහභාගිවන්නන් අතර ඇති වෙනස්කම් — බොරු කීමේ ප්‍රවනතාවයන් අතින් මිනිසුන් එකිනෙකා කෙතරම් වෙනස් වේද -ආදී වශයෙන් සහභාගිවන්නන් අතර ඇති වෙනස්කම්. මාධ්ය අතර ඇති වෙනස්කම් වලට වඩා රැවටීම් අනුපාත පිලිබඳ අනාවැකි පල කරයි.
COVID-19 මහා වසංගතය නිසාවෙන් මිනිසුන් සමාජගත වන ආකාරය වෙනස් වූ ආකාරයන් සැලකිල්ලට ගනිමින් පසුගිය දශක දෙක තුළ මිනිසුන් සන්නිවේදනය කරන ආකාරයෙහි වෙනස්කම් සලකා
බැලූ විට මිනිසුන් ක්‍රමානුකූලව සහ විශේෂ ලක්ෂණ මත පදනම් වූ ආකෘතියට අනුකූලව බොරු කියන බව පෙනේ.
මෙම ප්‍රතිඵල සම්බන්ධ්යෙන් දැක්විය හැකි පැහැදිලි කිරීම් කිහිපයක් ඇත, කෙසේවෙතත්, විවිධ මාධ්ය විවිධ බොරු අනුපාතවලට යොමු වන්නේ මන්දැයි හරියටම තේරුම් ගැනීමට තවත් සොයා බැලීම් අවශ්ය වේ. සමහර මාධ්‍යය, අනිත් ඒවාට වඩා මුළාකිරිම්වලට පහසුකම් සපයන්නන් වශයෙන් හොඳ විය හැකිය. දුරකථනය, වීඩියෝ කතාබස් වැනි සමහර මාධ්ය සමාජ සම්බන්ධතාවකට මුළාකිරීමට පහසු හෝ වියදම් අඩු විය හැකි යයි දැනී යා හැක.
මිනිසුන් යම් යම් සමාජ සම්බන්ධතා සඳහා කිසියම් තාක්‍ෂණ ආකාරයක් භාවිත කරන නිසා රැවටීමේ අනුපාත ද තාක්ෂණ අතරේ වෙනස් විය හැකිය. උදාහරණයක් ලෙස, මිනිසුන්ට ඔවුන්ගේ වෘත්තීය සගයන්ට පණිවුඩ යැවීම සඳහා විද්‍යුත් තැපෑල පමණක් යොදා ගත හැකි අතර, වීඩියෝ කතාබස් වඩාත් පුද්ගලික සබඳතා සඳහා වඩාත් සුදුසු විය හැකිය..
වරදවා වටහාගෙන ඇති තාක්ෂණය
මට නම්, අනාගතය සඳහා වැදගත් වන ප්‍රධාන කාරනා දෙකක් තිබේ.
පළමුවැන්න: සමස්තයක් වශයෙන්, බොරු කීමට යොදා ගැනිම අතින් ඒ ඒ මාධ්ය හරහා කුඩා වෙනස්කම් තිබේ. යමෙකු ඊමේල් යවනවා ද නැතිනම් දුරකථනයෙන් කතා කරනවාද යන්නට වඩා පුද්ගලයා බොරු කීමට දක්වන ප්‍රවණතාවයයි වැදගත් වන්නේ.
දෙවැන්න: සමස්තයක් වශයෙන් ගත් කල බොරු කීමේ අනුපාත පවතින්නේ අඩු මට්ටමකය. බොහෝ මිනිසුන් අවංක ය — එය ස්වභාවයෙන්ම මිනිසුන් සතයවාදීය යන න්‍යායට අනුකූලය. එයින් ඇඟවෙන්නේ බොහෝ අය බොහෝ විට අවංක බවයි. බහුලව බොරු කියන්නන් ජනගහනයක් තුළ ඇත්තේ ස්වල්පයක් පමණි .
වෙනත් පුද්ගලයින් සමඟ අන්තර් ක්රියා කිරීමේ දී 2004 සිට, සමාජ මාධ්ය ප්‍රමුඛ ස්ථානයකට පත්ව ඇත . එහෙත් පුද්ගලිකව කෙරෙන සංනිවේදනයට ප්‍රතිවිරුද්ධව අන්තර්ජාලය හරහා හෝ තාක්ෂණය හරහා සන්නිවේදනය කිරීම ප්‍රමාණයෙන් සහ ගුණයෙන් අඩු සමාජ අන්තර්ක්‍රියාවලට තුඩු දෙන බවට පොදු වැරදි වැටහීමක් පවතී.
මිනිසුන් බොහෝ විට විශ්වාස කරන්නේ අප අන්තර්ක්‍රියා කිරීමට තාක්ෂණය භාවිතා කරන නිසාම, අවංකභාවය පස්සට තල්ලු වන අතර පරිශීලකයින්ට මනා සේවයක් නොලබන බවයි.
මෙම පිළිගැනීම නොමඟ යවන සුළු වනවා පමණක් නොව, ආනුභවික සාක්ෂි මගින් ද ඊට සහාය නොලැබේ. මේ ඩිජිටල් යුගයේ, බොරුව ඉහවහා ගොස් ඇතැයි විශ්වාසය, දත්ත සමඟ නොගැලපේ.
The Conversation හී පළ වූ, Are people lying more since the rise of social media and smartphones? යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න