
විද්‍යාව, මානව අයිතිවාසිකමක් ලෙස නම් කිරීමට විරුද්ධත්වයක් පළ නොවේ. United Nations Photo/Flickr, CC BY-NC-ND
විද්‍යාව මානව අයිතිවාසිකමක් වන අතර එහි අනාගතය මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය තුළ සුප්‍රතිෂ්ඨිත කෙරේ.
කර්තෘ Bryant විශ්වවිද්‍යාලයේ දේශපාලනය, නීතිය සහ සමාජය පිළිබඳ මහාචාර්ය Andrea Boggio
1948 මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය අත්සන් කිරීමේ සංවත්සරය දෙසැම්බර් 10 සැමරෙ. දෙවැනි ලෝක සංග්‍රාමයේ දී, නට්සීන් ගේ යුදෙව් සම්මූලගාතනයෙන් පසුව ඇති වූ තත්ත්වය හමුවේ එක්සත් ජාතීන් විසින් ප්‍රකාශනය සම්මත කරගන්නා ලදී. විවාදසම්පන්න, අසම්පූර්ණ සහ අපරිපූර්ණ වූවත්, අපේ මෙම ග්‍රහලෝකයේ සාමකාමී ජීවිතයක් සඳහා මූලික ප්‍රතිපත්ති ආසවනය කිරීමට සහ ප්‍රකාශ කිරීමට ලෝකය එක් වූ මුල්ම කාලවලින් එකක් හැටියට මෙම ප්‍රකාශය මානව ශිෂ්ටාචාරයේ සන්ධිස්ථානයක් ලෙස පවතී, .
විශ්ව ප්‍රකාශනයේ 27 වැනි වගන්තිය තුළ අන්තර්ගතව ඇත්තේ ප්‍රසිද්ධියෙන් අඩු අයිතියකි: එනම්, විද්‍යාවට ඇති මානව අයිතිය. ඒ නීති විශාරදයෙකු හැටියට, මම පසුගිය වසර හය තුළ මෙම මානව හිමිකම් පිළිබඳ අධ්‍යයනයේ නිමග්නව සිටිමි. මෙම ක්‍රියාවලිය බහුවිධ අයිතියක් මට අනාවරණය කර ගැනීමට ඉඩ ලබා දී ඇත. විද්‍යාව, සමාජය සහ රාජ්‍යය අතර වර්තමාන සම්බන්ධතාවය නැවත සකස් කළ හැකි බොහෝ හිමිකම් එම අයිතිය තුළ අඩංගු වේ.
ජාත්‍යන්තර ප්‍රජාව මෙම අයිතිවාසිකම කෙරෙහි එතරම් අවධානයක් යොමු කර නැතත්, බොහෝ දෙනෙකුට එය නුහුරු වුවත්, විද්‍යාවට ඇති මානව අයිතිය, මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ වැදගත් කොටසකි. සමාජය තුළ විද්‍යාවේ වටිනාකම ආරක්ෂා කිරීම සහ විද්‍යාව මනුෂ්‍ය වර්ගයාට සේවය කරන බව සහතික කිරීම පිණිස එහි ඇති ද්විත්ව විභවය, විද්‍යාත්මක ප්‍රගතිය පාලනය කිරීමේ රාමුවක් ලෙස හඳුනාගැනිම සහ අගය කිරීම වටී යයි ලිපියේ කතුවරයා විශ්වාස කරයි.
විද්යාව සඳහා මානව හිමිකම් පිළිබඳ කෙටි ඉතිහාසය
මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 27 වැනි වගන්තියේ මෙසේ සඳහන් වේ: “ප්‍රජාවේ සංස්කෘතික ජීවිතයට නිදහසේ සහභාගී වීමට, කලාවන් රස විඳීමට සහ විද්‍යාත්මක දියුණුව සහ එහි ප්‍රතිලාභ බෙදාහදා ගැනීමට සෑම කෙනෙකුටම අයිතියක් ඇත.”
විද්‍යාව මානව අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තිබුණු, විශ්ව ප්‍රකාශනයට මාස කිහිපයකට පෙර පළකෙරුණු, මානව හිමිකම් පිළිබඳ ඇමරිකානු ප්රකාශයෙහි කතුවරුන්ගේ වෑයම, විශ්ව ප්‍රකාශනයේ සකස් කරන්නන්ට පිටිවහලක් වූ බව පෙණී යයි. . එම සන්දර්භය තුළ චිලී නියෝජිත පිරිස තර්ක කළේ සංස්කෘතිය, කලාව සහ විද්‍යාව යනු ඉහළම පිළිගැනීමට සුදුසු, මානව ප්රකාශනයේ වැදගත්ම ස්වරූප බවටයි.
ඇමරිකානු මානව හිමිකම් පිළිබඳ ප්‍රකාශනයේ සිට මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය දක්වා මාරුවීම බාධාවකින් තොරවම වාගේ සිදු විය. මානව හිමිකම් අතරට එය ඇතුළත් කිරීමට එරෙහිවකිසිම විරුද්ධත්වයක් මතු වුයේ නැත. ඒ වෙනුවට, විවාදයෙහි අවධානය යොමු වූයේ විද්‍යාව මත දේශපාලන අරමුණු පටවනු පිණිස මානව හිමිකම් නීතිය යටතේ ආණ්ඩු වල නීත්‍යානුකූලභාවය කෙරෙහි ය. එය, එක්සත් ජනපදය 1945 අගෝස්තු මාසයේදී හිරෝෂිමා සහ නාගසාකි වෙත පරමාණු බෝම්බ හෙළීමෙන් පසු නොසලකා හැරිය නොහැකි ප්රශ්නයක් බවට පත් විය. විද්‍යාව ලුහුබැඳිය යුත්තේ සත්‍යය සඳහා මිස වෙනත් නිශ්චිත අරමුණකට සම්බන්ධ නොවිය යුතුය යන මතය අවසානයේදී ස්ථාපිතව පැවතුනි.
මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ ඉලක්කය වූයේ ලොව පුරා මානව ගරුත්වය සහ වටිනාකම පිළිබඳ ප්‍රමිතියක් සැකසීමයි.
ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය(International Covenant on Economic, Social and Cultural Rights ) 1966 දී ද එමෙන්ම, එක්සත් ජාතීන්ගේ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ කමිටුව (United Nations Committee on Economic, Social and Cultural Rights) 2020 දී ද විද්‍යාව සඳහා අයිතිය යළි තහවුරු කළේය.
විද්‍යාව, සංස්කෘතික අයිතිවාසිකමක් ලෙස
විද්‍යාවට ඇති මානව අයිතිය නැවත සොයා ගැනීමේ දී, ඉතිහාසය ජාත්‍යන්තර ප්‍රජාවට වැදගත් මග පෙන්වීමක් වන්නේය. එය බැවිනි. විද්‍යාව සංස්කෘතික අයිතීන් අතරට ඇතුළත් කරන අතරම එය අනෙකුත් සංස්කෘතික ප්‍රකාශනවලින් වෙන්කර හඳුනා ගැනීම විද්‍යාවට ඇති මානව අයිතිය අගය කරන ආකාරය සහ අදාළ කරවන ආකාරය සම්බන්දයෙන් වැදගත් ප්‍රතිවිපාක ඇති කරයි.
සංස්කෘතික අයිතීන් අතර විද්‍යාව ඇතුළත් කිරීමෙන්, මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය මානව නිර්මාණශීලීත්වයේ ප්‍රකාශනයක් ලෙස විද්‍යාවට උපහාර පුද කරයි. සංස්කෘතියේ කොටසක් ලෙස, විද්‍යාව මානව ස්වභාවය පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට උත්සාහ කිරීමෙන් එහි අස්ථාවරත්වය කළමනාකරණය කිරීමේ දී එය(විද්‍යාව ) විචක්ෂනතාවය ප්‍රතිමූර්තිමත් කරයි.
2012 දී එවකට සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ විශේෂ අනුසන්ධානක(Special Rapporteur) ෆරීඩා ෂහීඩ්ගේ වාර්තාවක මෙම කරුණ මනාව වඩාත් ඉහළ තලයකට ගෙනැවිත් ඇත. එහිදී ඇය මෙසේ ලියයි, “සංස්කෘතික ජීවිතයට සහභාගී වීමේ අයිතියට කොන්දේසි සහතික කිරීම ඇතුළත් වේ. ඒවා අඛණ්ඩව වර්ධනය වන ආකාරයෙන් සංස්කෘතික අර්ථයන් සහ ප්‍රාදුර්භාවයන් නැවත සලකා බැලීමට, නිර්මාණය කිරීමට සහ දායක වීමට මිනිසුන්ට ඉඩ සලසයි. විද්‍යාවට ඇති අයිතිය “පවතින ප්‍රමේයයන් සහ අවබෝධයන් නැවත සලකා බැලීම සහ ප්‍රතික්ෂේප කිරීම ඇතුළුව පරීක්‍ෂා කළ හැකි සහ ප්‍රතික්ෂේප කළ හැකි දැනුම ලෙස වටහාගත් විද්‍යා ක්ෂේත්‍රයේ සමාන හැකියාවන් ඇතුළත් වේ.”
මේ අනුව විද්‍යාව යනු අප ද ඇතුළුව මිනිසුන් වාසය කරන ලෝකය පිළිබඳ හැඟීමක් ඇති කිරීම සඳහා මානව නිර්මාණශීලීත්වය යෙදවීමට විද්‍යාත්මක ප්‍රජාවේ සාමූහික ප්‍රයත්නයෙන් මතුවන අර්ථයක් උත්පාදනය කරන ක්‍රියාකාරකමකි. මෙය කළ හැක්කේ මානව නිර්මාණශීලීත්වය හඳුනාගෙන ආරක්ෂා කළ විට පමණි. ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (International Covenant on Economic, Social and Cultural Rights) කෙටුම්පත්කරුවන් මෙම ඉඟිය ඔස්සේ ගොස්, විද්යාත්මක නිදහස විද්යාව සඳහා මානව අයිතියේ අංගයක් ලෙස ඇතුළත් කර ඇත.. එය, විද්‍යාත්මක පර්යේෂණ සහ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් සඳහා අත්‍යවශ්‍ය නිදහසට ගරු කරන්න” එකඟ වන ලෙස ජනපදවලින් ඉල්ලා සිටියි.
විද්‍යාත්මක නිදහස මානව අයිතිවාසිකමක් ලෙස පිළිගැනීම විද්‍යාවට සහ විද්‍යාඥයන්ට සමාජයේ විශේෂ තත්වයක් බිහි කරයි. මනුෂ්‍යත්වයට යහපතක් කිරීම පිණිස, බලය සහ වගකීම ඔවුන් සතුය. කෙසේ වෙතත්, මෙම ප්‍රතිලාභ ක්‍රියාවට නැංවිය හැක්කේ විද්‍යාත්මක නිර්මාණශීලීත්වය මුදා හැර ආරක්ෂා කළහොත් පමණකි.
විද්‍යාවේ සුවිශේෂී දායකත්වය
මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය “විද්‍යාත්මක දියුණුව සහ එහි ප්‍රතිලාභ” “ප්‍රජාවේ සංස්කෘතික ජීවිතය” සහ “කලාවන්(the arts)” වලින් හිතාමතාම වෙන්කර හඳුනාගෙන මෙම වචන තේරීම විපාකයක් බවට පත් කරමින්, නීතිමය අර්ථකථනයේ හරය තුළ ඇත්තේ පඨිථ විශ්ලේෂණයයි(textual analysis). සංස්කෘතික ජීවිතය, කලාව සහ විද්‍යාත්මක දියුණුව යනුවෙන් සංස්කෘතික අයිතිවාසිකම් ක්ෂේත්‍ර තුනකට විග්‍රහ කරමින් එම්න්ම, “ප්‍රතිලාභ” “විද්‍යාත්මක දියුණුව” හා සම්බන්ධ කිරීම මගින් විද්‍යාව සමාජයට ලබා දෙන දෙය, සංස්කෘතියේ අනැකුත් ස්වරූපවලට වඩා ගුණාත්මකව වෙනස් බව සංඥා කරයි.
මිනිසුන් තම එදිනෙදා ජීවිතයේදී විද්‍යාව සමඟ විවිධ දැනුම් පද්ධති භාවිතා කරයි. මේවාට ආගම, දේශීය සම්ප්‍රදායන්, දේශීය දැනුම සහ මිථ්‍යා විශ්වාස ඇතුළත් වේ. මෙම මිශ්‍රණය තුළ, විද්‍යාවට “විශ්වය සහ අප අවට මෙන්ම අප තුළ ඇති ලෝකය තේරුම් ගැනීමට වඩාත්ම විශ්වාසවනත සහ අන්තර්ගත වූ මගක්සැපයීමට ඉඩ සලසන” අද්විතීය පැහැදිලි කිරීමේ සහ ප්‍රායෝගික බලයන් පවරනු ලැබේ.”

විද්‍යාව ලෝකය දැකීමට අද්විතීය සහ ඉවත දැමිය නොහැකි ක්‍රමයක් ඉදිරිපත් කරයි. Azman Jaka/E+ via Getty Images
කලාව අද්විතීය ලෙස විශ්වීය හැඟීම් ග්‍රහණය කර ගන්නා අතර ක්‍රියාව බලමුලු ගැන්වීමට හැකිය, නමුත් කලාත්මක අත්දැකීම සහජයෙන්ම ආත්මීය සහ පුද්ගලබද්ධ වේ. ආගමට සාමූහික ක්‍රියාකාරකම් සංවිධානය කළ හැකි නමුත් එය විශ්වාසයට වඩා ඇදහිල්ලේ කොන්දේසි මත පදනම් වේ. ඊට වෙනස්ව, විද්‍යාව කැපී පෙනෙන්නේ, අප අවට ලෝකයේ සහ අප තුළ සිදුවන දේ ගැන හවුල් අවබෝධයේ අද්විතීය මූලාශ්‍රයක් ලෙසිනි. භෞතික හා සමාජීය ලෝක පිළිබඳ සත්‍යයන් සොයා ගැනීමට සාමූහික සහ සහයෝගීතා ප්‍රයත්නයක් ලෙස, විද්‍යාව ප්‍රතිපත්ති ඇතුළු සාමූහික ක්‍රියාකාරකම් සඳහා තාර්කික පදනමක් ලෙස භාවිතා කළ හැකි විශ්වාසනීය අවබෝධයක් ලබා දෙයි. තවද, ව්‍යවහාරික දැනුමේ ස්වරූපයෙන් මනුෂ්‍ය වර්ගයාට ප්‍රතිලාභ ලබා දීමට විද්‍යාව අද්විතීය ලෙස සමත්වන්නේය.
විද්‍යාවේ විශ්වීය සහ ප්‍රයෝජනවත් ස්වභාවයට උදාහරණයක් හැටියට, හෘද ස්පන්දනය පිළිබඳ දැනුමත්, එය අරිතිමියාවට(arrhythmias) ප්‍රතිකාර කිරීම සඳහා පේස්මේකර නිපදවීම පිණිස යොදා ගැනීමට තුඩු දුන් අන්දමත් දැවිය හැක. වෛද්‍ය විද්‍යාව, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ ඉංජිනේරු විද්‍යාව යන ක්ෂේත්‍රවල එකතුවෙන් මතුවන, පේස්මේකර පිටුපස ඇති මූලික සහ ව්‍යවහාරික දැනුම විශ්වීය වන්නේ ඒවා දියුණු කිරීමට භාවිතා කරන මූලධර්ම ග්‍රහලෝකය පුරා අනුකූල වන අතර ඕනෑම විද්‍යාගාරයකින් ප්‍රතිනිර්මාණය කළ හැකි බැවිනි. තවද, ඔවුන්ගේ ආගම, අනන්‍යතාවය හෝ ජාතිකත්වය නොසලකා, ඇතැම් හෘද රෝගවලින් පීඩා විඳින ඕනෑම පුද්ගලයෙකුට මෙම උපාංග අවිවාදිත ලෙස ප්රයෝජනවත් වේ ,
පැහැදිලි කරන කාරනාව තවමත් ඔබට ඒත්තු ගැන්වී නැත්නම්, ඇස් කණ්ණාඩි සංවර්ධනය ලොව පුරා දෘශ්‍යාබාධය දුරුකිරීමට දායක වී ඇති ආකාරය ගැන සිතා බලන්න.
මානව වර්ගයාගේ යහපත සඳහා විද්‍යාව ව්‍යාප්ත කිරීම
1948 දී ජාත්‍යන්තර ප්‍රජාව විද්‍යාව ආරක්‍ෂිත මානව අයිතිවාසිකමක් ලෙස ඉහළ තත්ත්වයකට එසවීමට එකඟ විය. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ කෙටුම්පත් කරුවන්, වඩා හොඳ, වඩා සාමකාමී ලෝකයක් ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර නීතිය භාවිතා කිරීමේ අභියෝගය, ඔවුන්ගෙන් පසුව එන පරම්පරාවන්ට භාර දුන්නේය.
කෝකටත් තෛලයක් නොවුනත්, විද්‍යාව වටින්නේ මන්දැයි නැවත තහවුරු කිරීම, එය පුරුදු පුහුණු කරන සහ උගන්වන ආකාරය වැඩිදියුණු කිරීමට මෙන්ම මහජනතාව අතර විශ්වාසය ගොඩනගන්නට ද විද්‍යාඥයින්ට උපකාරී වේ.
මෙම මූලධර්මයන්ට ජීවය කැවීමට නම් මහජනතාව විද්‍යාවට සහාය වීම මෙන්ම, විද්‍යාවෙන් මානව වර්ගයාට සේවයක් ඉටු විය යුතු යයි බලකර සිටීම අවශ්‍ය වේ. විද්‍යාවට සඳහා ඇති මානව අයිතිය, ප්‍රතිපත්ති සම්පාදකයින්ට සහ විද්‍යා ප්‍රජාවට මෙම න්‍යාය පත්‍රය සාක්ෂාත් කර ගැනීමට මෙවලම් ලබා දෙයි. මේ ත්‍යාගයෙන් යහපත් ප්‍රයෝජන ගැනීම සැමට භාරයි.
The Conversation(5th December, 2023) හී පළවන Science is a human right − and its future is enshrined in the Universal Declaration of Human Rights යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න