Medically Reviewed by Gabriela Pichardo, MD
මිනිසුන් තනිවම, තමන්ටම කතා කරන්නේ ඇයි?
බොහෝ අය නිතරම තමන්ටම කතා කරති. යම්, යම් සකල්පමය අදහස් ගැන කල්පනාකරන විට, තීරණ ගැන සිතින් වාද විවාද කරන විට හෝ මානසිකත්වය බිඳ වැටී තිබෙන විට මෙය සිදු විය හැක. තනිවම, තමන්ටම කත කරන අවස්ථාවල තමන් වටා ‘ඇසීමට පිරිසක්’ ඇතැයි තෘප්තිමත් බවක් සමහර අයගේ හිතට දැනේ. මෙය තනිකම, පාළුව මගහරවාගැනීමට උපකාර කළ හැකිය.

කෙසේවෙතතත්, සමහර අවස්ථාවලදී, මිනිසුන් තමන්ටම වැරදි සහගත අන්දමකට හෝ මුමුණමින් කතා කරන විට, එය මානසික සෞඛ්‍ය ආබාධයක් පෙන්නුම් කරයි. මේ ආකාරයේ ශබ්ද නඟා කතා කිරීම භින්නෝන්මාදය{schizophrenia} මුල් සංඥාවක් විය හැකිය භින්නෝන්මාදයට ප්‍රතිකාර නොකළහොත් එය නරක අතට හැරිය හැක.
අපි අපටම කතා කරන ආකාරය ධනාත්මක බලපෑම් හෝ ඍණාත්මක බලපෑම් තිබිය හැකිය. ස්වයං-කතා කිරීම, ඔබ සමඟම තනිවම කතා කිරීම ඔබේ මානසික සෞඛ්‍යයට යහපත් වන්නේ ඇයි යන්න මෙන්ම ඒ ගැන සිත කරදර ගත් යුතුද යන්න පිළිබඳ වැඩිදුර විස්තර මෙහි පහතින් ඔබට සොයා ගත හැකිය.
මිනිසුන් තනිවම තමන් සමඟ කතා කරන්නේ ඇයි?
මිනිසුන්ට කතා කා සමග හෝ කතා නොකර සිටිනවාට වඩා වඩා තමන් සමඟ හෝ කතා කිරීම වඩාත් සුලබ අත්දැකීමයි. එක් අධ්යයනයකට අනුව, වැඩිහිටියන්ගෙන් 96% ක් පවසන්නේ ඔවුන්ට ඔවුන් සමගම අභ්යන්තර සංවාදයක් ඇති බවයි. ශබ්ද නඟා කතා කිරීම අඩු නමුත්, වැඩිහිටියන්ගෙන් 25% ක් පවසන්නේ ඔවුන් කතා කරන එක නම් කරන බවයි.
බොහෝ අය එදිනෙදා මතුවන අවස්ථා තුළ තමන් සමඟ තනිවම කතා කරති. ප්‍රසිද්ධියේ, බොහෝ දෙනා ඉදිරියේ ඔබ ඔබටම ශබ්ද නඟා කතා කිරීම සම්බන්ධයෙන් ඔබට අපකීර්තියක් පැමිණිය හැකි නමුත් එසේ කිරීම, ඔබට, ඔබ අවට ලෝකය තේරුම් ගැනීමට උපකාරී වේ. ඔබ ඔබටම කතා කරන විට ඔබ සවිඥානිකව(හිතාමතාම) ඔබේ වටපිටාව එක්කර ගන්නේය.

අභ්‍යන්තර සංවාදය සාමාන්‍යයෙන් ඔබ අන් අයට කතා කරන ආකාරයට සමානයි. මේ ආකාරයේ ස්වයං-කතා කිරීම ඔබේ හිත තුළ නිහඬව කල හැකියි; එසේ නැතිනම්, ශබ්ද නඟා කතා කළ හැකිය. ඒ කොයි ආකාරයෙන් වුවත්, ආකාරයකින්, එය නිෂ්ක්‍රීය ක්‍රියාකාරකමකි(passive activity ) – ඔබ කරන්නේ හුදෙක්, ඔබේම සිතුවිලි වලට සවන් දීමයි.
තවත් ආකාරයක අභ්‍යන්තර ස්වයං-කතාකිරීමක්, හුදෙක් ඔබේ සිතුවිලි වලට සවන් දීම පමණක් නොව ඔබ ඔබ සමඟම සිතින් යමක් විවාද කරන විට සිදු වන්නේය – සමහර අයට දනෙන්නේ ඔවුන්ගේ අභ්‍යන්තර සංවාදය ඔවුන්ගේ ශරීරයේ නිශ්චිත ස්ථානයක සිට පැමිණෙන බවකි — මෙය ඔවුන්ගේ පපුවේ හෝ ඔවුන්ගේ හිසෙහි සමහර කොටස් විය හැකිය.
ස්වයං-කතාව සහ මානසික සෞඛ්ය(Self-Talk and Mental Health)
මිනිසුන් තමන් සමඟම කතා කරන විට, ඔවුන් ඔවුන්ගේ මනසෙහි ගැටලු විසඳා ගනිමින් ඒවා ශබ්ද නඟා කතා කරනවා විය හැකිය. මෙය “ස්වයං පැහැදිලි කිරීම” ලෙසද හැඳින්වේ. ශබ්ද නඟා කතා කිරීම මිනිසුන්ට ඔවුන්ගේ සිතුවිලි සමග පැහැදිලිව වැඩ කිරීමට උපකාරී වේ.
මෙය, ගැටළු විසඳීමේ යහපත් උපක්රමයකි. මිනිසුන් තමන් අත්විඳ ඇති දේ ගැන කතා කරන විට, ඔවුන්ට ඒවායින් උගෙන ගැනීමට මෙන්ම, එම අත්දැකීම් තේරුම් ගැනීමට වැඩි ඉඩක් ඇති බව පෙන්වන අධ්‍යයනයන් ඇත්තේය.
ස්වයං කථනය යන්නෙන් අදහස් කරන්නේ ඔබ, ධනාත්මකව හෝ සෘණාත්මකව ඔබ සමඟම කතා කරන ආකාරයයි. යම් අවස්ථාවකට පෙර ඔබව උද්දීපනය කිරීමට සහ ඔබ තුල විශ්වාසයක් ඇති කර ගැනීමට ධනාත්මක ස්වයං සංවාදය ඔබට උපකාර කළ හැකිය. ඔබ මේ ආකාරයෙන් ඔබ සමඟ කතා කරන විට ඔබට ඔබව පෙලඹවීමට සහ ඔබේ සිතුවිලි කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට හැකි වේ.
එම ස්වයං කථනයේ මානසික සහ සමාජීය ප්‍රතිලාභ පිළිබඳව දාර්ශනිකයන් විසින් වාද විවාද කරනු ලබන්නේ දීර්ඝ කාලයක් තිස්සේය. ස්වයං-කතා කිරීම ඔබට වඩාත් පහසුවෙන් තීරණ ගැනීමට සහ ඔබ නිතර කල් දැමූ දේවල් කිරීමට ඔබව පොළඹවයි. ධනාත්මක දෘෂ්ටියක් තබා ගැනීම සහ ඔබ සමඟ වුවත් කාරුණිකව කතා කිරීම ඔබේ සමස්ත මානසික සෞඛ්‍යයට විශාල බලපෑමක් ඇති කළ හැකිය.
මානසික සෞඛ්ය තත්ත්වයන්
ඔබ සමඟ කතා කිරීම, කලින් ද දැක්වූ පරිදි, මානසික සෞඛ්‍ය තත්වයක සලකුණක් විය හැකි සමහර අවස්ථා තිබේ. මුමුණමින් අහඹු වාක්‍ය ශබ්ද නඟා කථා කිරීම භින්නෝන්මාදයෙහි(schizophrenia) සලකුණක් විය හැකිය භින්නෝන්මාදය(schizophrenia), ලොව පුරා බොහෝ පුද්ගලයින්ට බලපාන්නකි. යෞවනයන් ඔවුන්ගේ ජීවිතයේ ප්රධාන සංක්රමණයන් පසුකර ගමන් කරන විට එය බහුලව දක්නට ලැබෙන්නට පුළුවන.
භින්නෝන්මාදය, ඇල්සයිමර්ගේ රෝගය සහ බහු ජාරඨ්‍යයට(multiple sclerosis) වඩා බහුලව දක්නට ලැබේ. එය ජීවිතයේ, වයස 20 ගණන්වල මැද භාගයේ පිරිමින්ට සහ ඊට වඩා මද කලක් පසුව කාන්තාවන්ට බලපායි. ළමුන් තුළ භින්නෝන්මාදය දුර්ලභ වේ.
මෙම තත්වයට නිශ්චිත හේතුවක් නැත, නමුත් සමහර දේවල් එය වර්ධනය වීමට යමෙකු තුළ වැඩි නැඹුරුවක් ඇති කරයි. මේවාට මොළයේ රසායනික සමතුලිතතාවය, ජානමය හේතු සහ පාරිසරික ගැටළු ඇතුළත් විය හැකිය. මත් ද්‍රව්‍යවලට ද යම් කාර්යභාරයක් ඉටු කළ හැකිය.
භින්නෝන්මාදයේ ප්‍රධාන රෝග ලක්ෂණයක් වන්නේ අක්‍රමවත් සිතුවිලි ය. ඔබේ සිතුවිලි අවහිර වී ඇති බවක් හෝ අවුල් වී ඇති බවක් දැනෙන්නට පුළුවන. ඔබ ඒවා(අවහිර් වූ හෝ අවුල්වූ සිතුවිලි) ශබ්ද නඟා කතා කරන විට ඒවාට තාර්කික අනුපිළිවෙලක් නොතිබෙන්නට ඉඩ තිබේය. ඔබ, ඔබ සමඟ තනිවම කතා කරන විට, ඔබට නව වචන සෑදිය හැකිය, කිසිදු සන්දර්භයක් නොමැතිව තනි වචන හෝ වාක්‍ය ඛණ්ඩ නැවත නැවත පැවසිය හැකිය, නැතහොත් වචනවලට නව අර්ථයක් ලබා දිය හැකිය.
භින්නෝන්මාදය ඉක්මනින් හඳුනා ගතහොත් ප්‍රතිකාර කර කළමනාකරණය කළ හැක.

ස්වයං කථනය ඔබේ මානසික සෞඛ්‍යයට බලපාන්නේ කෙසේද?
ඔබේ ස්වයං-කථනය ඔබේ මානසික සෞඛ්‍යයට සහ අන් අය සමඟ ඔබේ සබඳතාවලට බලපෑ හැකිය.
ඔබ ප්‍රධාන වශයෙන් ඔබ ගැන නිෂේධාත්මකව සිතන්නේ නම්, ඔබට බොහෝ විට දැනෙන්නේ, නරකක් මය. මෙය ඔබව මානසිකව පහළට ඇද දැමිය හැකිය; නැතහොත් ඔබ දැනටමත් පහළට අද වැටී සිටී නම් නැවත නැඟිටීම අපහසු විය හැකිය. නිෂේධාත්මක ස්වයං-කතා බොහෝ විට අත්විඳිනු ලබන්නේ මානසික අවපීඩනය හෝ කාංසාව ඇති පුද්ගලයින් විසින්ය. නිරන්තරයෙන් කෙරෙන සෘණ කතාබහ ඉහ වහා යන සුළුය; එයින් මිදීම අපහසු කාර්යයක්වේ.
නිෂේධාත්මක ස්වයං-කතාව නිදන්ගත වේදනාව සම්බන්ධයෙන් කටයුතු කිරීම වඩාත් අපහසු කරවිය හැකිය. එය පුද්ගලයෙකුගේ ලිංගික විශ්වාසයට සහ ශරීර ස්වරූපයට ද බලපෑම් කළ හැකිය.
නිෂේධාත්මක ස්වයං-කතා ආතතියට සහ සුසාධිතබාවයට නැඹුරු වීමට හේතු විය හැක.
නිෂේධාත්මක ස්වයං කතා නැවැත්වීමට උපදෙස්
නිෂේධාත්මක ස්වයං-කතා එකම නැවත නැවතත් කීම හෝ කියන ඒවා ඉහවා යනවා වෙන්නට පුළුවන. බොහෝ විට එය සත්‍යයක් ලෙස හැඟේ. එම චක්‍රයෙන් මිදීමට පහත උපදෙස් පිළිපදින්න උත්සාහ කරන්න:
• ඔබ ඔබටම පවසන දේ ගැන දැනුවත් වන්න. හුදෙක් නිෂේධාත්මක සිතුවිලි නැවැත්වීමේ සහ ඒවා මොනවාද යන්න හඳුනා ගැනීමේ ක්‍රියාව ගැටලුව නිරාකරණය පිණිස වැඩ කිරීමේ පළමු පියවරයි. ඔබෙන්ම අසන්න, ඔබ තවත් කෙනෙකුට ඔය ආකාරයෙන් කතා කරත් ද?
• ඔබේ සිතුවිලි වලට අභියෝග කරන්න. එය ඇත්තක් දැයි? (බොහෝ විට එය නොවේ) ඔබෙන්ම අසන්න . වෙනත් පැහැදිලි කිරීමක් හෝ අවස්ථාවක් දෙස බැලීමේ වෙනත් ක්රමයක් තිබේදැයි ඔබෙන්ම අසන්න. ඔබ කනස්සල්ලට පත්වන බොහෝ දේ සිදු නොවන බව මතක තබා ගන්න. නිෂේධාත්මක ස්වයං කතා බොහොමයක් අතිශයෝක්තියට නංවන ලද ඒවාය.
• ඔබේ සිතුවිලි නිසි පර්යාලෝචනයට යොදන්න (‘ඒක එහෙම තමයි, ඒත් ඉතින් මොකෙ?) . වෙනස් දෘෂ්ටිකෝණයකින් දේවල් දෙස බැලීමට උත්සාහ කරන්න. සමහරවිට වෙනත් පුද්ගලයෙකුගේ දෘෂ්ටිකෝණයකින්. ඔබේ සිතුවිලි ලිවීමට හෝ ඒවා ශබ්ද නඟා කියන්නට උත්සාහ කරන්න.තත් කලක් යද්දීත් මෙය මේ විදිහටම වැදගත් වේවිද?
• සිතුවිල්ල (ඔබ තුළ හටගත් තැනම) නවත්වන්න. ඔබට මෙම ‘සිතුවිලි නැවැත්වීමේ’ ක්‍රමය දෘශ්‍යමය වශයෙන් කළ හැකිය. ඒ මෙහෙමයි – සිතුවිල්ල නැවැත්වීම හෝ යටපත් කර දැමීම යනාදිය පරිකල්පනය කිරීමෙන් – හෝ සුළුවෙන් පිළිවෙත් විධියක් පැවැත්වීමෙන්.
• (මතුවන)සිතුවිල්ල මධ්‍යස්ථ හෝ ධනාත්මක චින්තනයකින් ප්‍රතිස්ථාපනය කරන්න. ඔබෙන්ම අසන්න – වඩා ප්‍රයෝජනවත් සිතුවිල්ල කුමක්ද?
ඔබේ නිෂේධාත්මක සිතුවිලි හඳුනා ගැනීමට යම් කාලයක් ගත විය හැකිය – මන්ද, ඒවා දිගු කලක් තිස්සේ ඔබේම කොටසක් ව පැවති බැවිනි. තවද, පැරණි පුරුදු වෙනස් කිරීමට මාස 3 දක්වා ගත විය හැකිය. කාලයාගේ ඇවෑමෙන් ඔබට සෞඛ්‍යයට අහිතකර නිෂේධාත්මක සිතුවිලි වඩාත් ධනාත්මක ඒවායින් ප්‍රතිස්ථාපනය කළ හැකිය. පුහුණුවීමෙ මේ කාර්යය පහසු වෙයි.
ධනාත්මක ස්වයං කථනයේ ප්රතිලාභ මොනවාද?
ඔබ ප්‍රධාන වශයෙන් ඔබ ගැන ධනාත්මකව සිතන්නේ නම්, ඔබට බොහෝ විට හොඳ සහ ශුභවාදී හැඟීමක් ඇති වේ. ධනාත්මක ස්වයං කතාබහට හැකි බවට පර්යේෂණවලින් පෙනී ගොස් ඇති දී අතරට මතු දැක්වෙන කරුණු ඇතුළත්ය:-
• ආත්ම අභිමානය, ආතතිය කළමනාකරණය සහ යහපැවැත්ම වැඩි දියුණු කිරීම
• මානසික අවපීඩනය, කාංසාව සහ පෞරුෂ ආබාධවල රෝග ලක්ෂණ අඩු කිරීම
• ඔබේ ශරීර ප්‍රතිරූපය වැඩි දියුණු කිරීමට මෙන්ම, ආහාර ගැනීමේ අක්‍රමිකතා ඇති පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීමට උපකාරී වේ
• ස්වයං හානි සිදුකරගැනීමේ සහ සියදිවි නසාගැනීමේ අවදානම අඩු කිරීම
• ඔබේ ජීවිතය පාලනය වඩාත් ඔබ යටතේ ඇත යන හැඟීමක් ඇති කිරීම
• නිදන්ගත වේදනාව සමනය කිරීමේ දී උදව් කිරීම
• බාධක ජය ගැනීමට ඔබව පොළඹවීම
• ඔබව සන්සුන් කිරීමට උදව් කිරීම
ධනාත්මක ස්වයං කතා වැඩි දියුණු කිරීම සඳහා ඉඟි
ඔබ ගැන යහපත් දේ සිතීමට පුරුදු වන්න. ඉතා සරළ උදාහරනයකින් දක්වතොත්, වීදුරුවෙන් අඩක් හිස් යනුවෙන් දැකීම වෙනුවට අඩක් පිරී ඇති බවක් දැකීමට පුරුදු වන්න.
ඔබේ ස්වයං කතාවේ කොටසක් ලෙස ඔබේ ශක්තීන් හඳුනා ගන්න, ඔබ අත්කර ගත් දේ (ඔබේ ජයග්‍රහන) සඳහා ප්‍රශංසා පිළිගන්න. ධනාත්මක ස්වයං-කතා වැඩිදියුණු කිරීම සඳහා ප්රයෝජනවත් ක්රමයක් වන්නේ ධනාත්මක ආකාරයෙන් බැලීම, සිතීම සහ ක්රියා කිරීමයි. ධනාත්මකව සිතන සහ ශුභවාදී පුද්ගලයන් අතරේ සිටින්න.
නිෂේධාත්මක කතා මධ්‍යස්ථ හෝ ධනාත්මක ස්වයං කතා බවට පත් කිරීමට උත්සාහ කරන්න.
WebMD හී පළ වූ Why Do People Talk to Themselves? යන ලිපිය සහ Healthdirect වෙබ් අඩවිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න