
අදහස් ජනනය කිරීම පිණිස කෘතිම බුද්ධිය(AI) භාවිතා කරන විට කුතුහලය දනවන මානසික බලපෑම් කිහිපයක් ගැන සිසුහු වාර්තා කරති. SeventyFour via Getty Images
කෘතිම බුද්ධිය(AI)ට ශිෂ්‍ය නිර්මාණශීලිත්වය සඳහා උදව් කිරීමට මෙන්ම හානි කිරීමට ද හැකිය
දකුණු කැරොලිනා විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය, Sabrina Habib
පන්ති කාමරය තුළ දී ChatGPT වැනි AI මෙවලම් සිසුන්ගේ මිතුරෙකු ලෙස ලෙස සැලකිය යුතුද නැතිනම් සතුරෙකු ලෙස සැලකිය යුතුද යන උභතෝකෝටිකය සමග රට පුරා සිටින ගුරුවරු පොරබදමින් සිටිති. මගේ පර්යේෂණවලින් පෙනී යන්නේ පිළිතුර සැමවිටම සරල නොවන බවයි. එය දෙකම විය හැකිය.
සියල්ලට පිළිතුරු සඳහා AI මත යැපීමට වඩා නිර්මාණශීලී චින්තනයට සිසුන් යොමුවන්නට ඉගැන්වීම මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමේ දී වැදගත්වේ වේ. කෘතිම බුද්ධිය, සිසුන්ගේ නිර්මාණශීලීත්වයට බලපාන්නේද යන්න ගැන කළ අපගේ අධ්‍යයනයේදී, මා සහ මගේ කණ්ඩායම සොයා ගත් දේ එයයි. දකුණු කැරොලිනා විශ්ව විද්‍යාලය, කැලිෆෝනියා විශ්ව විද්‍යාලය, බර්ක්ලි සහ එමර්සන් විද්‍යාලයේ විද්වතුන් නියෝජනය කරන අපේ අධ්‍යයනය, Journal of Creativity හී ප්‍රකාශයට පත් කරන ලද්දේය.
අධ්‍යයනයේ දී, අපි විද්‍යාල සිසුන්ගෙන් ඉල්ලා සිටියේ – තාක්‍ෂණයෙන් තොරව – කඩදාසි ක්ලිප් එකක් භාවිතා කරමින් කළ හැකි සියලු ක්‍රම ගැන මොළ කලම්බනයක්(brain storm) කරන ලෙසයි. මාසයක් ගතවූ තැන, අප ඔවුන්ගෙන් ඉල්ලාසිටියේ, මෙවර ChatGPT භාවිත කරමින් එයම කරන ලෙසයි. AI යනු නිර්මාණාත්මක ගවේෂණ අවුලුවාලීමට හැකි ඉක්මනින් අදහස් ජනනය කරන ප්‍රයෝජනවත් මොළ කලම්බන මෙවලමක් විය හැකි බව අපි සොයා ගත්තෙමු. කෙසේවෙතත්, සිසුන්ගේ නිර්මාණාත්මක චින්තන කුසලතා සහ ආත්ම විශ්වාසය කෙරෙහි ඍණාත්මක බලපෑම් ද ඇති වීමේ ඉඩකඩ ද තිබෙන බව අපට පෙණීගියේය.. “වෙනත් මොළයක් තිබීම” ප්‍රයෝජනවත් බව සිසුන් වාර්තා කර සිටි අතර, AI භාවිතා කිරීම “පහසු මග” බව ඔවුන්ට හැඟී ගියත් එය ඔවුන්ට තනිවම සිතීමට ඉඩ ප්‍රස්ථාව දුන්නේ නැත.
පර්යේෂණ ප්‍රතිඵල මගින් පන්තිකාමර තුළ AI භාවිත කිරීම පිණිස කල්පනාකාරී ප්‍රවේශයක් සහ AI හි හැකියාවන් භාවිතකරන අතර තුර නිර්මාණශීලිත්වය පෝෂණය කරන සමතුලිතතාවයක් ඇති කර ගැනීම අවශ්‍ය වේ.
එය වැදගත් වන්නේ ඇයි?
සිසුන්, ඔවුන්ගේ පාසල් වැඩ සඳහා උපකාර ලබාගැනීමට A I වැඩි වැඩියෙන් භාවිතා කරති. පසල් රචනාවක් සකසා ගැනීමට, නව භාෂා ඉගෙනීම එහෙමත් නැතිනම් ඉතිහාසය සහ විද්‍යාව හැදෑරීම සඳහා ආදී වශයෙන් වේවා, AI මෙවලම් සිසුන්ගේ අධ්‍යයන මෙවලම් කට්ටලයේ ප්‍රධාන අංගයක් බවට පත්වේ. කෘතිම බුද්ධිය ඔවුන්ගේ නිර්මාණශීලීත්වය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇතැයි සැලකීමට සිසුහු නැඹුරුවෙති. මොළ කලම්බනය කිරීම සඳහා AI ප්‍රයෝජනවත් බව අපගේ අධ්‍යයනයේ දී, ඊට සහභාගී වූවන්ගෙන් 100% ක්ම සොයා ගත්හ. AI නොමැතිව මොළ කලම්බනය කිරීමට කැමත්ත දැක්වූ යේ සිසුන්ගෙන් 16% ක් පමණි.
ශුභාරංචිය නම් අපගේ අධ්‍යයනයට සම්බන්ධ වු සිසුන් AI භාවිතා කරන විට වඩාත් විවිධාකාර සහ සවිස්තරාත්මක අදහස් ජනනය කිරීමයි. මොළ කලම්බන සැසි ආරම්භ කිරීමට AI ප්‍රයෝජනවත් බව ඔවුහු සොයා ගත්හ. වෙනත් පර්යේෂණ පෙන්වා දී ඇත්තේ, තීරණ නොගන්නා පාර්ශව කරුවෙකු ලෙස මොළ කලම්බනයට කෘතිම බුද්ධියට ද සේවය කළ හැකි බවයි. එවැනි මොළ කලම්බනයක් දි, (සාමාන්‍යයෙන් සමූහ සැකසුමකදී එළියට නොදාන) නිදහස් අදහස් ප්‍රවාහයකට මුල පිරිය හැක.
කෘතිම බුද්ධිය යොදාගෙන මොළය කලම්බනය කිරීමේ අවාසිය නම්, සමහර සිසුන් තාක්‍ෂණය මත අධික ලෙස රඳා පැවතීම ගැන කනස්සල්ලට පත් වූ බව කියා සිටිමයි. එය ඔවුන්ගේම සිතුවිලි යටපත් කරනු ඇතැයි සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාවන් යටපත් වේය යන බිය ඇති කළේය.. සමහර සිසුන් “මනස එකතැන හිරවීමක්” එනම් ඔවුන් කෘතිම බුද්ධියෙහි අදහස් දුටු පසු, ඔවුන්ට ඔවුන්ගේම අදහස් ඉදිරිපත් කිරීමට අපහසු විම ගැන වාර්තා කර ඇත.
සමහර සිසුහු AI මගින් ජනනය කරන ලද අදහස්වල අපූරත්වය හෙවත් නව්‍යතාව ද ප්‍රශ්න කළහ. අපගේ පර්යේෂණ මෙම ‘උපකල්පනවලට’ සහාය විය. තනි තනිව ගත්තොත්, ChatGPT භාවිතා කරන අතරතුර සිසුන්ගේ නිර්මාණාත්මක ප්‍රතිදානය වැඩිදියුණු කරන ලද නමුත්, සමස්තයක් ලෙස ගත්තොත්, කෘතිම බුද්ධියෙන්, පුනුරුක්තියට හෙවත් නැවත් නැවත් කීමට නැඹුරු වූ බව අපට පෙණී ගිය කරුණකි. මෙයට හේතුව අපූර්ව අදහස් නිර්මාණය කරනවාට වඩා AI මගින් අදහස් ජනනය කරනු ලබන්න්නේ පවතින අන්තර්ගතයම ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් වීමයි.
අපේ අධ්‍යයන ප්‍රතිඵලවලින් පෙනී යන්නේ සිසුන්ට මුලින්ම, ස්වාධීනව නිර්මාණශීලීත්වය ප්‍රගුණ කිරීමට ඉඩ සලසා දීමෙන් තමන් සහ තමන්ගේ හැකියාවන් පිළිබඳ ඔවුන්ගේ විශ්වාසය ශක්තිමත් කරන්නට හැකි බවයි. ඔවුන් එය ඉටු කළ පසු, උගත් දේ තවදුරටත් ඉදිරියට ගෙන යාමට කෘතිම බුද්ධිය ප්‍රයෝජනවත් විය හැකිය. උදාහරණයකින් කීවොත්, ගණක යන්ත්‍රයක් හඳුන්වා දීමට පෙර සිසුන්ට දීර්ඝ බෙදීම් ඉගැන්වීම වැනිය.

තවමත් නොදන්නා දේ
අපගේ අධ්‍යයනය මූලික වශයෙන් ගවේෂණය කළේ නිර්මාණශීලීත්වයේ අදහස් ජනන අවධියේ දී AI භාවිත කිරීමයි. එහෙත්, අපි නිර්මාණාත්මක ක්‍රියාවලියේ ආරම්භයේ සහ අවසානයේ කුසලතා වර්ධනය කිරීමේ වැදගත්කම ද අවධාරණය කළෙමු. ගැටළු නිර්වචනය කිරීමේ සහ අදහස් විචාරශීලීව ඇගයීමේ අත්‍යවශ්‍ය කර්තව්‍යයන් තවමත් මිනිස් යෙදවුම් මත දැඩි ලෙස රඳා පවතී.
නිර්මාණාත්මක ක්‍රියාවලියට සාමාන්‍යයෙන් ගැටළු හඳුනාගැනීම, අදහස් උත්පාදනය සහ ඇගයීම වැනි අදියර තුනක් ඇතුළත් වේ. අපගේ අධ්‍යයනයට අනුව, නිර්මාණාත්මක ක්‍රියාවලියේ අදහස් උත්පාදන අවධියේදී සිසුන්ට උපකාර කිරීමේ පොරොන්දුව AI ගෙන එයි. කෙසේ වෙතත්, ChatGPT-3 වැනි වර්තමාන AI පරම්පරාවට ගැටලුව නිර්වචනය කිරීමට සහ ක්‍රියා කළ හැකි දෙයක් බවට හැරවිය හැකි පරිදි අදහස් පිරිපහදු කිරීමට හැකියාවක් නොමැත.
අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වර්ධනය වන කෘතිම බුද්ධියෙහි භූමිකාව බොහෝ වාසි ගෙන එන නමුත් මානව දායකත්වය ඉදිරියෙන් තබා ගැනීම ඉතා වැදගත් වේ.
ඊළඟට කුමක්ද
අධ්‍යාපනය තුළ AI ක්‍රියාත්මක කිරීම සඳහා පවතින අභියෝග අතර අන්තර්ගත හිමිකම, රචනා චෞර්යය(plagiarism) සහ ව්‍යාජ හෝ නොමඟ යවනසුළු තොරතුරු ද වේ. උත්පාදක AI ජනප්‍රියත්වයට පත්වන විට, මෙම මෙවලම් වගකීමෙන් යුතුව භාවිත කිරීම සහතික කිරීම සඳහා මාර්ගෝපදේශ සැකසීමට පාසල්වලට බලපෑම් එල්ලවේ. කැලිෆෝනියා සහ ඔරිගන් වැනි සමහර ජනපද, අධ්‍යාපනයේ දී AI භාවිත කළ යුතු අන්දම ගැන දැනටමත් මාර්ගෝපදේශ සකස් කර ඇත. සදාචාරාත්මක සලකා බැලීම්, නිර්මාණශීලිත්වය සහ AI අතර ධනාත්මක සම්බන්ධතාවයක් සඳහා ඉතා වැදගත් වේ.
අපගේ කණ්ඩායම නිර්මාණශීලීත්වය කෙරෙහි AI හි බලපෑම, සවිය හෝ හැකියාව, විශ්වාසය සහ නිර්මාණාත්මක ක්‍රියාවලියේ අනෙකුත් අවධීන් කෙරෙහි එහි බලපෑම ගවේෂණය කිරීම දිගටම කරගෙන යනු ඇත. අධ්‍යාපනයේ AI යන්න හුදු නවීනතම තාක්‍ෂණය යන්න පමණක් නොවේ. එය මානව නිර්මාණශීලිත්වය සහ තාක්ෂණික දියුණුව අත්වැල් බැඳගත් අනාගතයක් හැඩගැස්වීමයි.
මෙම සංක්ෂිප්ත පර්යේෂණ ලිපිය සිත්ගන්නාසුලු ශාස්ත්‍රීය කටයුතු පිළිබඳ කෙටි විස්තරයකි.
The Conversation (01st February, 2024) හී පළ වී ඇති AI can help − and hurt − student creativity යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න