‘ඔබට තරුණ බවක් දැනෙන්නට අවශ්‍ය නම්, වඩාත්ම වැදගත් දෙය වන්නේ ඔබේ නින්ද කැඩීම් වළක්වා ගැනීමයි’ අධ්‍යයනයේ කතුවරයා පවසයි. Photograph: Vladimir Godnik/Getty Images/fStop

රාත්‍රී දෙකක නින්ද බිඳී යාම මිනිසුන්ට වසර ගණනාවකින් වයස් ගත වූ බවක් දැනිය හැකි බව අධ්‍යයනයකින් හෙළි වේ

හුදෙක් ජරාජීර්ණ බවක් දැනීමෙන් ඔබ්බට ගොස්, මහලු බව පිළිබඳ හැඟීම සෞඛ්‍යයට අහිතකර ආහාර ගැනීම දිරිමත් කිරීම සහ ව්‍යායාම අඩු කිරීම මගින් සෞඛ්‍යයට බලපානු ලැබේ.

පර්යේෂකයන් පවසන පරිදි මිනිසුන්ට වසර ගණනාවක් වයසින් වැඩි බවක් දැනීමට රාත්‍රී දෙකක්  නින්ද බිඳීමප්‍රමාණවත් වේ. අඛණ්ඩ, විවේකශීලී නින්දක්, කෙනෙකුගේ සැබෑ වයස දැනීම වළක්වා ගැනීමට උපකාරී වන ප්‍රධාන සාධකයක් බව ඔවුහු පෙන්වා දෙති.

ස්වීඩනයේ මනෝවිද්‍යාඥයින් සොයාගෙන ඇත්තේ, සාමාන්‍යයෙන්, ස්වේච්ඡා දායකයන්ට පිට පිට, රාත්‍රී දෙකක නින්ද පැය හතරකට පමණක් සීමා වූ විට ඔවුන් අවුරුදු හතරකට වඩා වයස් ගත වූ බවක්  දැනී ගොස් ඇත. සමහරු කියා සිටියේ නිදිමත නිසා ඔවුන් දශක ගනනාවකින් වයස් ගත වූ සෙයක් දැනුණු බවයි.

බලපෑම වඩා හීන වුවද, මිනිසුන්ට පැය නවයක් ඇඳේ සිටීමට අවස්ථාව ලබා දුන් විට ප්‍රතිවිරුද්ධ දෙය දැකගන්නට ලැබුණි, සෑහෙන විවේකයකින් පසු ඔවුන්ගේ සැබෑ වයසට වඩා සාමාන්‍යයෙන් මාස තුනක තරුණ බවක් දැනී ගියේ යයි අධ්‍යයනයට සහභාගී වූවෝ ප්‍රකාශ කළහ.

ස්ටොක්හෝම් හි Karolinska ආයතනයේ මනෝවිද්‍යා ප්‍රතිශක්තිකරණ විද්‍යාඥයෙකු සහ අධ්‍යයනයේ පළමු කතුවරයා ද වන වෛද්‍ය Leonie Balter පවසන්නේ “ඔබේ වයස ඔබට දැනෙන ආකාරය කෙරෙහි නින්ද ප්‍රධාන බලපෑමක් ඇති කරන අතර එය ඔබේ දිගුකාලීන නිදි රටාවන් පමණක් නොවේ. “ඔබ අඩුවෙන් නිදා ගන්නේ රාත්‍රී දෙකක් පමණක් වුවද එය ඔබට හැඟෙන ආකාරය කෙරෙහි සැබෑ බලපෑමක් ඇති කරයි.”

හුදෙක් වඩාත් ජරාජීර්ණ බවක් දැනීමෙන් ඔබ්බට ගොස්, සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර ගැනීම දිරිමත් කිරීම, ශාරීරික ව්‍යායාම අඩු කිරීම සහ මිනිසුන් සමාජගත වීමට සහ නව අත්දැකීම්වල නියැලීමට ඇති කැමැත්ත අඩු කිරීමෙන් මිනිසුන්ගේ සෞඛ්‍යයට බලපෑම් කළ හැකි බව Balter පෙන්වා දෙයි.

පර්යේෂකයෝ අධ්‍යයන දෙකක් සිදු කළහ. පළමුවැන්නේ දි, වයස අවුරුදු 18 සිට 70 දක්වා පුද්ගලයින් 429 දෙනෙක්, ප්‍රශ්න මාලවකට පිළිතුරු දෙමින් තමන්ට වයස කීයක් ලෙස දැනී ගියේ ද යන්න සහ ඔවුන් පසුගිය මාසයේ හරිහැටි නින්දක්  නොලැබු වේ නම්, ඒ රාත්‍රී කීයක දී ද යන ප්‍රශ්නවලට පිළිතුරු දුන්හ. ඔවුන්ගේ නිදිමත ගතිය ද මනෝවිද්‍යා පර්යේෂණවල භාවිතා වන සම්මත පරිමාණයකට අනුව ශ්‍රේණිගත කර ඇත.

හරිහැටි නින්දක් නොලැබූ සෑම දිනකම  ස්වේච්ඡා සේවකයන්ට සාමාන්‍යයෙන් මාස තුනක් වයස් ගත වූ ලෙස දැනුණු බව විද්‍යාඥයින් සොයා ගත් අතර, පෙර මාසයේ නින්ද අහිමි රාත්‍රීන් කිසිවක් වාර්තා නොකළ අය ඔවුන්ගේ සැබෑ වයසට වඩා සාමාන්‍යයෙන් අවුරුදු හයකට ආසන්න කාලයක් වඩාත් ‘තරුණ’ බවක්(වයසින් අඩු බවක්)  හැඟුණි. කෙසේ වෙතත්, කඩවූ නින්ද මිනිසුන්ට වයස් ගත වූ හැඟීමක් ඇති කළේද නැතහොත් අනෙක් අතටද යන්න පැහැදිලි නැත.

දෙවන අධ්‍යයනයේදී, පර්යේෂකයන් අවුරුදු 18 ත් 46 ත් අතර ස්වේච්ඡා සේවකයන් 186 දෙනෙකුගෙන් ප්‍රශ්න කළේ, සෑම රාත්‍රියකම පැය නවයක් ඇඳේ ගත කළ රාත්‍රී දෙකක දුගු වේලාවක නින්දකින් පසුව සහ රාත්‍රියකට පැය හතරක් පමණක් නිදාගත්  රාත්‍රී දෙකක සීමා සහිත නින්දෙන් පසුව ඔවුන්ට දැනෙන වයස කීයද යන්නයි, සීමා සහිත නින්දෙන් පසුව අධ්‍යනයට සහභාගිවන්නන්ට සාමාන්‍යයෙන් ඔවුන් ප්‍රමාණවත් නින්දක් ඇති කාලයට වඩා අවුරුදු 4.44ක් වැඩිමල් බව දැනුනි. වයසට යාමේ හැඟීම පුදුම සහගත ලෙස නිදිමත දැනීම සමඟ සම්බන්ධ විය.

“ඔබට තරුණ බවක් දැනීමට අවශ්‍ය නම්, වැදගත්ම දෙය වන්නේ ඔබේ නින්ද ආරක්ෂා කර ගැනීමයි” Balter පවසයි.

Proceedings of the Royal Society B හී වාර්තාවක් සපයමින් මනෝවිද්‍යාඥයින් විසින් නින්ද අහිමි වීම සම්බන්ධයෙන් මිනිසුන්ගේ ප්‍රතිචාරවල වෙනස්කම් විස්තර කරන්නේ වේලාසනින් අවදි වී වේලාසනින් නින්දට ගිය උදාසන වර්ගයට අයත් කෙනෙක්ද, නැතහොත්  ප්‍රමාද වී නින්දට ගොස් ප්‍රමාද වී නැගිටින සවස් වර්ගයට අයත් අයෙකුද යන්න මතය. සන්ධ්‍යා වර්ග සාමාන්‍යයෙන් වැඩි වේලාවක නින්දකින් පසුව වුවද ඔවුන්ගේ සැබෑ වයසට වඩා වයසින් වැඩි බවක් දැනී ඇත; නමුත් උදෑසන වර්ග ඔවුන්ගේ නින්ද අවුල් වූ විට ඔවුන්ට  වයස අනුව දැනෙන වෙනස දැඩිය.

Balter පවසන්නේ සොයාගැනීම් තහවුරු කළහොත් අධ්‍යන හොඳ ප්‍රයෝජනයකට ගත හැකි බවයි. “පුද්ගලනිශ්ශ්‍රීත වයස කෙතරම් හැඩගස්වා ගත හකි ද යන්න අවබෝධ කර ගැනීම වැදගත්ය,” ඇය පවසයි, “අපට මිනිසුන්ට තරුණ වූ බවක් පිළිබඳ හැඟීමක් ඇති කළ හැකි නම්, නව අත්දැකීම් ලබා ගැනීමට වැඩි කැමැත්තක් දැක්වීම සහ සමාජීය වශයෙන් ක්‍රියාශීලීවීම හා ශාරීරිකව ක්‍රියාශීලී වීම වැනි ආශ්‍රිත ප්‍රතිලාභ ලබා ගැනීමට ඔවුන්ට හැකි වනු ඇත.”

අධ්‍යයනයට සම්බන්ධ නොවූ සරේ විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාඥ ආචාර්ය Serena Sabatini, ප්‍රතිඵල “බලාපොරොත්තු දල්වන” ඒවා ලෙස හඳුන්වයි; නමුත්, එම ප්‍රතිඵල වැඩිහිටි පුද්ගලයින් සම්බන්දයෙන් ද අදාල ද යන්න විමර්ශනය කිරීම අනාගත පර්යේෂණ සඳහා ප්‍රමුඛතාවයක් විය යුතු බව පවසන්නීය.

“අනාගත පර්යේෂණ වලදී සලකා බැලිය යුතු තවත් වැදගත් කරුණක් වන්නේ කාලයත් සමඟ මෙම යාන්ත්‍රණ ගවේෂණය කිරීමයි,” ඇය තවදුරටත් කියයි, “මෙම අධ්‍යයනයෙන් අපට පවසන්නේ රාත්‍රියක කඩ වූ නින්දෙන් අනතුරුව, පසු දින අපට හැඟෙන ආකාරය කෙරෙහි බලපෑ හැකි අන්දමයි; නමුත් මාස සහ වසර ගණනාවක් තිස්සේ කඩ වූ නින්දේ සමුච්චිත බලපෑම් මොනවාද?”

අධ්‍යයනයට සම්බන්ධ නොවූ Loughborough විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය Luliana Hartescu පවසන්නේ,  දිගුකාලීන සෞඛ්‍යයට අවසානයේ බලපාන ජීවන රටා හැසිරීම් සඳහා ප්‍රමාණවත් හෝ දුර්වල නින්දේ ගුණාත්මක භාවය වැදගත් බවයි. අධ්‍යයනයට සම්බන්ධ නොවූ Loughborough විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය Luliana Hartescu පවසන්නේ,  දිගුකාලීන සෞඛ්‍යයට අවසානයේ බලපාන ජීවන රටා හැසිරීම් සඳහා ප්‍රමාණවත් හෝ දුර්වල නින්දේ ගුණාත්මක භාවය වැදගත් බවයි. “නින්ද යනු සෞඛ්‍යය කෙරෙහි ක්ෂණික, සැලකිය යුතු බලපෑමක් ඇති කරන, එක් වෙනස් කළ හැකි චර්යාවකි,” ඇය පෙන්වා දෙයි, “අසාර ආහාර සහ අඩු ශාරීරික ක්‍රියාකාරකම්වල ප්‍රතිවිපාක දැන ගැනීමට යම් කාලයක් ගත වේ. දුර්වල රාත්‍රී නින්දක බලපෑම ක්ෂණික වන අතර අනෙකුත් සියලුම පැය 24 ජීවන රටා හැසිරීම් වලට බලපෑම් කරයි.”

වෙනත් පර්යේෂණයක දී, එනම්, යුරෝපීයයන් 4,000 කට වැඩි පිරිසකගේ වසර 10 ක අධ්‍යයනයකින් හෙළි වූයේ සතියකට දෙතුන් වතාවක් අඛණ්ඩව ව්‍යායාම කරන අය, අක්‍රිය පුද්ගලයින්ට වඩා නින්ද නොයාමෙන් පීඩා විඳීමේ සම්භාවිතාව සැලකිය යුතු ලෙස අඩු බවත් සෑම රාත්රියකම නිදාගන්න නිර්දේශිත, පැය හයේ සිට නවය දක්වා කාලය ගත කිරීමට හැකි වෙන බවත්ය.

ජාත්‍යන්තර පර්යේෂකයන් කණ්ඩායම විසින්, යුරෝපීය ප්‍රජාවගේ ශ්වසන සෞඛ්‍ය සමීක්ෂණයට ඇතුළත් වූ පුද්ගලයින්ගේ ව්‍යායාම පුරුදු, ඔවුන් කෙතරම් හොඳින් සහ කොපමණ වේලාවක් නිදාගත්තේද සහ දවසේ ඔවුන්ට කොතරම් නිදිමත දැනුණාද යන්න පිළිබඳ ප්‍රශ්නාවලිය විශ්ලේෂණය කරන ලදී. අධ්‍යයනයේ දී රටවල් නවයක ස්ථාන 21 ක ස්වේච්ඡා සේවකයන් ගැන දශකයක් තිස්සේ විපරම් කෙරිණ.

සතියකට දෙවරක් හෝ වැඩි වාර ගණනක් ව්‍යායාම කරන අය, සතියකට අවම වශයෙන් පැයක්වත්, අක්‍රිය පුද්ගලයන්ට වඩා නින්දට යාමේ ගැටලු ඇති වීමේ සම්භාවිතාව 42% කින් අඩු බව අධ්‍යයනයෙන් සොයාගෙන ඇති අතර, 55% වැඩි පිරිසක් සෑම රාත්‍රියකම සුව නින්දක් ලබන, “සාමාන්‍ය නිදාගන්නන්” වීමට ඉඩ ඇත. 

“මෙම අධ්‍යයනයට වසර 10ක දිගු පසු විපරම් කාලයක් ඇති අතර, ශාරීරික ක්‍රියාකාරකම්වල අනුකූලතාව නින්දේ කාලසීමාව ප්‍රශස්ත කිරීමට සහ නින්ද නොයාමේ රෝග ලක්ෂණ අඩු කිරීමට වැදගත් සාධකයක් විය හැකි බව දැඩි ලෙස පෙන්වා දෙතැයි,” කතුවරු British Medical Journal Open හි සඳහන් කරති

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending