වර්තමානයේ ගුරුවරුන් සාමාන්‍යයෙන් අධ්‍යාපනික වශයෙන් ඉහළ ජයග්‍රහණ ලබන්නන් වුවද, 21 වන සියවසේ සිසුන්ට “ඉගැන්වීමට සුදුස්සන් වීමට” වීමට සහ දක්ෂයන්වීමට ගුරුවරුන් සූදානම් කිරීම පිණිස ප්‍රමාණවත් පුහුණුවක් ලබා දීමේ අවශ්‍යතාවයක් පවතී. පිරිනමණු ලබන පාඨමාලා වල අන්තර්ගතය සැලසුම් කිරීම සහ සැපයීම සඳහා සුදුසු ඉගෙනුම් ප්‍රවේශයන් අනුගමනය කිරීම සහ භාවිතකිරීම් සමාජය විසින් පොදුවේ පිළිගත් ප්‍රමිතීන්ට අනුකූල වන ඵලදායී ගුරුවරයෙකු බිහිකිරීමේදී ඉතා වැදගත් වේ. “හිස, හදවත සහ අත” (“head, heart and hand”) යනු එවන් පරිපූර්ණ ප්‍රවේශයකි. එය ප්‍රථම වරට ඕර්(Orr) විසින් 1992 දී ඉදිරිපත් කරන ලද අතර සිපෝස්(Sipos) සහ වෙනත් අය(2008) විසින් පුළුල් කරන ලදී.

සුසමාදර්ශය, පරිවර්තනීය අත්දැකීම්වල සර්ව සම්පූර්ණ ස්වභාවය විදහා දක්වන අතර, සංජානන (හිස) සහ ආවේදනික (හදවත) වසම් සමඟ සම්බන්ධී දැනගැනීම සහ ඇලලීම(involvement) සම්බන්ධ කරයි. මීට අතිරේකව, එය මනෝ-චාලක (අත්) සහ චිත්තවේගීය (හෘද) වසම් සමඟ විවේචක ප්‍රත්‍යවේක්ෂණය සම්බන්ධ කරයි. (Pugh, K. J) (2002) පරිවර්තනීය ඉගෙනුම් අත්දැකීමේ ප්‍රායෝගික ගොඩනැගීම වැඩි සංජානනය (සංජානන), පුළුල් කළ අගය (ආවේදනික) සහ අධිගත(learned) සංකල්ප (මනෝ-චාලක) සක්‍රීයව යෙදීම හරහා පරිවර්තනීය අත්දැකීම් තක්සේරු කිරීම පිණිස විශ්ලේෂණාත්මක මෙවලමක් ඉදිරිපත් කරයි. මෙම පත්‍රිකාවේ අරමුණට අනුකූලව, මෙම ප්‍රමිතීන් ඉගෙනීමේ වසම් තුනකට උපලක්ෂිතයි: සංජානන/දැනගැනීම (හිස), ආවේදනික/හැඟීම (හදවත) සහ මනෝචාලක/කිරීම (අත්). මෙම ලිපියේ මින් අනතුරුව එය සඳහන් වන්නේ 3H ආකෘතිය ලෙසය.

3H ආකෘතිය යෝජනා කරන්නේ ඕනෑම ඵලදායි ඉගැන්වීම් හෝ ඉගෙනුම් ක්‍රියාකාරකමක්, දැනුම ලබා දීම සඳහා ප්‍රධාන වශයෙන් වගකිව යුතු වන්නේ හිසය, පුද්ගලයෙකු තුළ සාරධර්ම සහ අගය කිරීමේ හැඟීමක් ඇති කරන්නේ හදවතය සහ ඉගැන්වීමේ හා ඉගෙනීමේ ක්‍රියාකාරකම් වලදී ක්‍රියාකාරී මැදිහත්වීම දිරිමත් කරන්නේ අත්ය, යන්න අවශ්‍යයෙන්ම ඇතුළත් කළ යුතු බවයි. ප්‍රායෝගිකව හිස මූලිකවීම, දැනුම් සංස්කෘතිය නිර්මාණය කරයි, ප්‍රායෝගිකව හෘදය මූලිකවීම ප්‍රත්‍යවේක්ෂණට බලපෑම් කරයි සහ ප්‍රායෝගිකව අත් මූලිකවීම සිසුන්ගේ චින්තනය සහ ජීවන කුසලතා වර්ධනය කිරීමට උපකාරී වේ.
Tan, D.Y. සහ අනෙක් අය (2021) විෂයමාලා සමාලෝචනයේ 3H රාමුව පිළිබඳ ඔවුන්ගේ ලිපියේ පෙන්වා දුන්නේ, හිස, හදවත සහ අත් රාමුව සහ එහි ස්වයං සමානතා ගුණය විෂයමාලා සමාලෝචනය සඳහා පරිපූර්ණ ප්‍රවේශයක් සැපයීම පිණිස විභව පදනමක් සපයන බවයි. Collins, A (1995) උපුටා දක්වමින් Ellis, J (2004), කියා සිටින්නේ, සිසුන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලදී මනසින් සහ/හෝ හිසින් ලබාගන්නා අත්දැකීම් වලින් සන්නද්ධ විය යුතු බවයි. ප්‍රායෝගිකව ඉගෙන ගන්නා අතරතුර සිසුන් ක්‍රියාවෙන් ඉගෙන ගන්නා අතර මනසින් ඉගෙන ගන්නා අතරතුර සිසුන් තමන් කරන්නේ කුමක්ද සහ ඉගෙන ගන්නේ කුමක්ද යන්න ගැන සිතමින් සිටින බව ද නිගමනය කෙරේ.

ගුරුවරයෙකු වීමට අපේක්ෂා කරන ඕනෑම අයෙකු තමන්ගෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයක් ඇත. තමන්ව වඩාත් හොඳින් විස්තර කෙරෙන්නේ කුමන වර්ගයේ ගුරුවරයෙකු ගැන විස්තරයකින් ද? මතු දැක්වෙන්නේ කතුවරුන් පුද්ගලිකව ගුරුවරුන් හමුවී ලබාගත් තොරතුර් අනුව සකස් කරන ලද, ගුරුවරුන්ගේ වර්ග ලැයිස්තුවකි. මෙම ගුරුවරුන්, ඔවුන්ගේ පුද්ගලික විකේන්ද්‍රිකතා, (eccentricities), ඔවුන් ලබා දුන් පැවරුම් සංඛ්‍යාව, ඉගැන්වීමේදී ඔවුන් යොදාගත් ස්වර්මානය සහ ඔවුන් ප්‍රදර්ශනය කළ වාචික නොවන සන්නිවේදනය නිසා නොමැකෙන හැඟීමක්, ධාරණාවක් ඇති කර තිබේ. :
- ගුරුවරයා යනු, සිසුන්ගේ අධ්‍යයන ගැටළු විසඳීමට අමතරව සිසුන්ට ජීවිතයේ වටිනා පාඩම් කියා දෙන පුහුණුකරුවෙකි.
- රස්තියාදුකාර ගුරුවරයා යනු සෑම විටම සිසුන්ගේ සිත් රිදවන අයෙකි.
- සැර යයි සැලකෙන ගුරුවරයා සිසුන් සම්බන්ධයෙන් නොලිහිල් පිළිවෙතක් අනුගමනය කරමින් සිසුන් අවදියෙන් හා සූදානමින් තබයි.
- ස්වයං-මනෝග්‍රස්තියෙන් පෙළෙන ගුරුවරරයා, තමන්ගේ නිමක් නොමැති අතුරු කතා සහ අතීත පුරසාරම් කථා වලින් සිසුන් කුපිත කරනු ඇත.
- පරමාදර්ශී ගුරුවරයා යනු සිසුන් සැබවින්ම ගරු කරන ගුරුවරයා වන අතර, එය ඔවුන්ගේ ජීවිත කාලය පුරා වට පාඩමක් වන පරිදි ඔවුන්ගේ උපදෙස් අභ්‍යන්තරකරණය කරයි.
ඵලදායි ගුරුවරයෙකු, කැපී පෙනෙන ගුරුවරියක හෝ ගුරුවරයෙකු බවට පත් කරන ගුණාංග සිතින් මවාගත යුතුය. මෙම පර්යේෂණ පත්‍රිකාව මතු කියැවෙන විවේචනවලට ප්‍රතිරෝධය දැක්වීමට අදහස් කරයි: “මෙම අවස්ථාවේදී පෙණී යන්නේ, අපට ඇත්තේ 19 සියවසට අයත් විෂය මාලාවක්, 20 වැනි සියවසේ ගොඩනැගිලි සහ සංවිධාන මෙන්ම, විග්‍රහ කර නොමැති අනාගතයකට මුහුණ දෙන 21වැනි ශතවර්ෂයේ සිසු පරපුරක් බවයි.” (Wellman, B in Truss, 2010). මීට අමතරව, Aromolaran, E.A. (1985) දක්වන පරිදි බොහෝ රටවල අධ්‍යාපන පද්ධතිය මුහුණ දෙන ද්‍රව්‍ය හා උපකරණ හිඟය පිළිබඳ විවේචනය ඵලදායී ඉගැන්වීමට බාධාවකි. කෙසේ වෙතත්, ගුරුවරුන් ඉගැන්වීමේදී අදාළ උපකරණ, ද්‍රව්‍ය සහ මෙවලම් භාවිතා කිරීම ඉගෙනීමට පහසුකම් සපයන අතර ශිෂ්‍ය ජයග්‍රහණ වැඩි දියුණු කරයි යනුවෙන් Awobodu, V.Y. (2000) ගෙනෙන තර්කය අනුගමනය කිරීමෙන් මෙම අඩුපාඩු මඟහරවා ගත හැකිය. එබැවින්, 21 වන සියවසේ සිසුන්ට දැනුම ලබා දීම සඳහා, ඵලදායි ගුරුවරයෙකුට පාඩම අතරතුර මූලික දෘඪාංග කාර්යක්ෂමව ක්රියාත්මක කිරීමට හැකි විය යුතුය. ඉගැන්වීමේ ආධාරකයක් යනු ඉගෙන ගන්නන්ට කියවීමේ, ලිවීමේ, කථා කිරීමේ සහ සවන්දීමේ කුසලතා වැඩි දියුණු කිරීමට; කුසලතාවයක්, නිශ්චිත කාරණාවක් හෝ අදහසක් නිදර්ශනය කිරීම හෝ ප්‍රතිසාධනය කිරීමට; සහ කාංසාව, බිය හෝ කම්මැලිකම ඉවත් කිරීමට උපකාර කිරීම සඳහා ගුරුවරුන් භාවිතා කරන මෙවලමක් බව මෙහිදී අවධාරණය කළ යුතුය.
ලබා ගත හැකි ඉගැන්වීම් උපකරණ/ආධාර තෝරාගැනීම කෙරෙහි බලපාන සාධක ද ඵලදායි ගුරුවරයෙකු විසින් සලකා බැලනු ලැබිය යුතුය; සාකච්ඡාවේ මාතෘකාව; පන්තියේ / පාඨමාලා / වැඩසටහනේ මට්ටම; සංකීර්ණතා මට්ටම; සිසුන්ගේ සූදානම; භාවිතයේ පහසුව සහ යෝග්‍යතාව එම සාධකයි. අපේක්ෂිත ඉලක්කය සාක්ෂාත් කර ගනු වස්, මෙම ආධාරක අන්තර්ගතකිරීම පිණිස, ඕනෑම ආකාරයක ඉගැන්වීම් ආධාරක භාවිතා කිරීමේදී වැළකී සිටිය යුතු භාවිතයන් තිබේ. ඕනෑවට වඩා වචන සහිත, පැහැදිලි බවක් නොමැති සහ ප්‍රභාෂාවන් භාවිතා කරන කදාවන්(ස්ලයිඩ) හෝ පෝස්ටර් සැකසීමෙන් වළකින්න; ස්ලයිඩ වලින් පමණක් කියවීමෙන් වළකින්න; ප්‍රමාණාත්මක විෂයයන් ඉගැන්වීම සඳහා පවර් පොයින්ට් ස්ලයිඩ භාවිතයෙන් ඉවත් වන්න; ස්ලයිඩ ඉදිරිපත් කිරීමේ දී ඉක්මන් නොවන්න, සහ විශේෂිත ස්ලයිඩ කෙරෙහි පමණක් වැඩි අවධානයක් යොමු කරන්න. Zhang, I සහ අනෙක් අය ට(2022) අනුව අන්තර්ගත පාදක උපදෙස් (Content Based Instruction – CBI) ඉගැන්වීමේ සංකල්පයේ ඉගෙනීමේ බලපෑම සාමාන්‍ය ඉගැන්වීමට සහ කාර්ය පාදක ඉගැන්වීමට වඩා වැඩිය. ගුරුවරුන්ගේ මුහුණේ ඉරියව් පවා සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ගුරුවරුන්ගේ සාම්ප්‍රදායික භාව ප්‍රකාශනයෙන් හෝ හැඟීම් විරහිත ඉදිරිපත් කිරීම් සහිත දේශනවලට සහ ශ්‍රව්‍ය මාධ්‍ය පමණක් හරහා ගුරුවරුන්ගේ උපදෙස්වලට වඩා සිසුන්ගේ ඉගෙනීම ප්‍රවර්ධනය කිරීමට ඉවැඩි කළ ඉරියව් සහිත හෝ මුහුණේ ඉරියව් වෙනුවෙන් වැඩි සැලකිල්ලක් දක්වන වීඩියෝ දේශන සහ ඵලදායිද යන්න Wang, Y. (2022) විසින් විමර්ශනය කරන ලදී. සිසුන්ගේ සමාජ පැවැත්ම, උද්දීපන මට්ටම සහ දිගුකාලීන ඉගෙනීම පෝෂණය කිරීම සඳහා, සාම්ප්‍රදායික ප්‍රකාශන ගුරුවරුන් සහ ශ්‍රව්‍ය මාධ්‍ය පමණක් උපයෝගී කරගන්න ගුරුවරුන් සමඟ සසඳන විට වැඩිදියුණු කළ ප්‍රකාශන ගුරුවරයාගේ වීඩියෝ දේශනය වඩාත් උසස් බව එම සොයාගැනීම් වලින් පෙන්නුම් කෙරේ. පැහැදිලිවම, මෙම අධ්‍යාපනික ප්‍රවේශය තුළ 3H සංකල්පය යෙදේ.

ඉගැන්වීමේදී තාක්‍ෂණය භාවිතා කිරීම හේතුවෙන්, සමමුහුර්තක සහ අසමමුහුර්තක මාර්ගගත ඉගෙනීමේ(සබැඳි ඉගෙනීමේ) වර්තමාන ප්‍රවණතා සමඟ ගුරුවරුන් අදාළ වන බවක් පෙනෙන්නට තිබුණද, එය ගුරුවරුන්ගේ නියෝජන ප්‍රතිස්ථාපනය නොකරයි. එබැවින්, සිසුන්ගේ ඉගෙනුම් අවශ්‍යතා සපුරාලීම සහතික කරණු වස්, ඵලදායී ගුරුවරයෙකු සෑම විටම කාර්යක්ෂම පන්තිකාමර කළමනාකරණය අනුගමනය කළ යුතු බව සිහිපත් කළ යුතුය. 3H ප්‍රවේශය ක්‍රියාවට නැංවීමට උපකාරී වන ඵලදායී ගුරුවරයෙකුට ප්‍රයෝජනවත් මතු දැක්වේ: කණ්ඩායම් සාකච්ඡාව ක්‍රියාත්මක කිරීම (ජාති මෙන්ම දුර්වල-දක්ෂ සිසුන් මිශ්‍ර කිරීම), සිද්ධි අධ්‍යයන සිදු කිරීම, සිසුන්ට පන්තියේ දී පුහුණුවීමට අවස්ථාව සලසාදීම, ඉගැන්වීම්-ඉගෙනීමේ සැසිවල දී සැබෑ ජීවිත උදාහරණ භාවිතා කිරීම, පන්තියේ දී උගන්වනු ලබන සෑම පාඩමක්ම අවසානයේ, උගන්වන ලද පාඩම් සාරාංශ කර දැක්වීම, නිතිපතා ප්‍රතිපෝෂණ ලබා දීම, විවිධ මෙවලම් සහ ශිල්පීය ක්‍රම භාවිතා කිරීම සහ ධවල පුවරු(whiteboards) ඵලදායී ලෙස භාවිතා කිරීම. ඉගැන්වීම, සමහරුන්ට නිරායාසයෙන්ම නැතහොත් ස්වභාවිකව ලැබෙන දායාදයක් වන අතර තවත් සමහරුන්ට විශිෂ්ට ගුරුවරයකු වීම පිණිස අතිරේක මහන්සියක් දැරීමට සිදුවේ. එහෙත් ගුරුවරුන්ට සහ සිසුන්ට යන දෙඅංශයෙන්ට අත්වන ආනිසංශ අතිමහත් ය. සිසුන් ගුරුවරයෙකු ගැන සිතන ඕනෑම අවස්ථාවක, තමන්ගේ පාසලේ සිටි ඒ ශ්‍රේෂ්ඨ ගුරුවරයා සිහිපත් වන අයුරු සිතන්න! ඉගැන්වීම උතුම් වෘත්තියක් වන නමුත් ඔවුන්ගෙන් බලාපොරොත්තු වන පරිදි තම රාජකාරිය ඉටු කිරීමට ගුරුවරුන් අපොහොසත් වුවහොත් එය කලකිරීමට හේතු විය හැකි අතර ඍණාත්මක අර්ථයන් ගෙන එනු ඇත. හිස, හදවත සහ අත්වල ඒකාබද්ධ රාමුව ඉගෙනීමට සහ ඉගැන්වීමට නම්‍යශීලී ක්‍රමයක් වන අතර එය ගුරුවරුන්ට සහ සිසුන්ට වාසිදායක විය හැකිය. සියල්ල සැලකිල්ලට ගත් මෙම ඉගෙනුම් ක්‍රමෝපාය තිරසාරභාවය සඳහා වන අධ්‍යාපනය වෙනුවෙන් ඉගෙනීමේ දී වඩා හොඳ අවස්ථා ලබා දෙන බව පෙනී යන්නේ එය සැබෑ ලෝකයේ ගැටලු සහ උත්සුකයන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිවේදනය්, සංජානන සහ ප්‍රායෝගික මානයන් සහ කුසලතා ඇතුළුව පූර්ණ පුද්ගලයා එක්කර ගැනීම සහ සංවර්ධනය කිරීම කරන බැවිනි.
Educational Psychology (a section of the journal Frontiers in Psychology) හී පල වූ Conceptualization of head-heart-hands model for developing an effective 21st century teacher යන පර්යේෂණ වාර්තාව ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න