තනිකම නැති කරන ක්‍රම හොයාගන්න විද්‍යාවට පුළුවන්ද?

තනිකම යනු පුද්ගලයින් තනි තනිව අත්විඳින පෞද්ගලික කරදරයක්  ලෙස නොව මහජන සෞඛ්‍ය අර්බුදයක් ලෙස ආමන්ත්‍රණය කිරීමට අද වන විට ප්‍රතිපත්ති සම්පාදකයින් සහ සෞඛ්‍ය නිලධාරීන් අතරේ පුළුල් පෙළඹීමක් ඇත.  තනිකම සහ සමාජ හුදකලාව,  අයහපත්සෞඛ්‍යයට සහ ඉක්මන් මරණයට සම්බන්ධ බවට විශාල පර්යේෂණ සාක්ෂි සමූහයක් දැන් ගොඩ නැගී තිබේ. COVID-19 වසංගතය හේතුවෙන් පුද්ගලයින්ට් අත්විඳීමට සිදුවූ හුදකලා වීමෙන් (විසංගමනයෙන් – isolation) අර්ධ වශයෙන් උත්තේජනයට පත් වූ ලොව පුරා   රජයන් අවධානය ඉහළට එසවී ඇත.

“වෛද්‍ය විද්‍යාවේ සහ ප්‍රතිපත්ති සම්පාදනයේ දී සමාජ සම්බන්ධතාවේ බලය බොහෝ කාලයක් තිස්සෙම නොසලකා හරින ලද අතර එය අවතක්සේරු කර ඇත” එක්සත් ජනපදය, ජපන්, මොරොක්කෝ, ස්වීඩන්, කෙන්යානු සහ චිලී ආන්ඩු විසින් ඒකාබද්ධ ප්රකාශයක් ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලදී. පසුගිය සරත් සෘතුවේ දී, ලෝක සෞඛ්ය සංවිධානය (WHO) සමාජ සම්බන්ධතා වැඩිදියුණු කිරීම පිණිස වූ විවිධ මැදිහත්වීම් සඳහා සාක්ෂි විශ්ලේෂණය කිරීමට කොමිසමක් ස්ථාපිත කළේය .

ගෝලීය ඒජන්සිය සතුව ඇත සමාජ කණ්ඩායම ලෙස සම්බන්ධ වීම හෝ විනෝදාංශවල නිරතවීම වැනි උපාය මාර්ග හුවා දැක්වූ නමුත් යථාර්ථය නම්, “කුමන පුද්ගලයා සඳහා  සාර්ථකව ක්‍රියා කරන්නේ කුමක්දැයි අපි හරියටම දන්නේ නැහැ,” යනුවෙන්, මනෝ විද්යාඥ සහ  තනිකම, වයසට යෑම සහ ගෝලීය මානසික සෞඛ්‍යය ගැන ලන්ඩනයේ කිංග්ස් කොලේජ් හි දී අධ්‍යයනය කරන, ආචාර්ය උපාධි අපේක්ෂක  Samia Akhter-Khan පවසයි.

හුදකලාව සඳහා කළ හැකි මැදිහත්වීම් පුළුල් පරාසක පවතී: එයට සාමීචී සේවා  (chat services) සහ උපකාරක කණ්ඩායම්වල සිට සමාජ කුසලතා පුහුණුව සහ රොබෝ සුරතල් සතුන් දක්වා  පුද්ගලයන් සඳහා සම්පත් මෙන්ම ප්‍රවාහන ප්‍රවේශය වැඩි කිරීම හෝ හවුල් පොදු අවකාශයක් නිර්මාණය කිරීම වැනි පුළුල් ප්‍රතිපත්ති වෙනස්කම් ඇතුළත් වේ. කෙසේවෙතත්, දැඩි ලෙස පරීක්‍ෂා වට ලක් කර ඇත්තේ ප්‍රවේශයන් කිහිපයක්  බව Coll-Planas පවසයි, තවද මැදිහත්වීම් සසම්භාවී පරීක්ෂාවන්ට භාජනය වී ඇති විට පවා, බොහෝමයක් ඒවා ප්‍රමාණයෙන් කුඩා  ඒවා වන අතර සංඛ්‍යානමය වශයෙන් ශක්තිමත් නොවේ.

තනිකම, හුදකලාවීම වැනි සංකීර්ණ, පුද්ගල නිශ්‍රීත(subjective) හැඟීමක් බරපතල ලෙස මැනිය හැක්කේ කෙසේද සහ එහි විවිධ මූල හේතුන්ට ගැලපෙන මැදිහත්වීම් කෙසේ කළ යුතු ද වැනි ගැඹුරු ප්‍රශ්න තවමත් මතුවෙමින් තිබේ.

මහජන අවධානය වැඩි වන විට, පර්යේෂකයන්ට කාර්යයන් දෙකක් පැවරේ: වඩා හොඳ සාක්ෂි ගොඩ නැගීම සහ වැරදි වැටහීම් දුරු කිරීම එම ද්විත්ව කාර්යයි. “ඇත්තටම අපට ඇත්තේ විශාල අවස්ථාවක්,” Coll-Planas පවසයි. එනමුත්  තනිකම අධමත්වයට පත්කිරීමට හෝ වෛද්‍යකරණය කිරීමට පෙළඹවීමක් මෙන්ම  මිනිස් අත්දැකීම්වල සංකීර්ණ හා ස්වාභාවික අංශයකට සරල “විසඳුම්” ඉදිරිපත් කිරීමේ වෑයම් ද ඇය දකියි . “එය තනිකම සම්බන්ධයෙන් ඉතා උද්යෝගිමත් දෙයක් ද නැතහොත් තනිකම සඳහා ඉතා භයානක මොහොතක් දැයි මට විශ්වාස නැත,” ඇය පවසයි. ” බොහෝ විට. දෙකම එකවර සිදුවනවා විය හැකියි”

Phil McAuliffe වයස අවුරුදු 30 ගණන්වල අගභාගයේ පසුවූවෙකි; ඔහු මුලින්ම හුදකලාව සඳහා සහය ලබා ගත්තේ, රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස සේවය කරමින් දකුණු කොරියාවේ ජීවත් වූ අවධියෙහිය. මිනිසුන් නිරන්තරයෙන් මුණ ගැසෙන එමෙන්ම නිතර ජාත්‍යන්තර සංචාරවල යෙදෙන ජීවිතයක් ගත කලත්, “මොකක් හරි අඩුවක් වී ඇතැයි තේරුම් ගියාට මට එය විස්තර කිරීමට නොහැකි විය” යනුවෙන් McAuliffe පවසයි. “මට දුරකථනය ගෙන කතා කළ හැකි කිසිවෙකු මගේ ජීවිතයේ නොසිටි බව මට හැඟුණා, එය මහ භයානක හැඟීමකි.” McAuliffe, තමන් හුදකලා බව පිළිගැනීමට අකමැති බව ද පැහැදිලිව සිහිපත් කරයි. “මට ඇත්තටම අවශ්‍ය වූයේ මා සිතන ආකාරය සහ මානසික අවපීඩනය හෝ කාංසාව වැනි දෙයක් ගැන් සිතීමටයි,” ඔහු තවදුරටත් පවසයි. “මොකද තනිකම හරිම දුකයි නොගැලවෙනසුලුයි වගේ. එය මහලු වියේ අයට අයිති එකක්. එය දුකට, විපතට පත් වූවන් සඳහා ය.

”නමුත් පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ තනිකම වඩාත් පුළුල් සංසිද්ධියක් බවයි. නිල නිර්වචන වෙනස් වුවද, බොහෝ අය  අන් අයගෙන් වෙන්වීම මහත් වේදනා කාරී හැඟීමක් ලෙස දකිති. එය, සමාජ බැඳීම්වල වෛෂයික ඌනතාවයක් වන හුදකලාවට(isolation) වඩා වෙනස් ය; හුදකලා පුද්ගලයෙකුට සමාජ සබඳතා තිබිය හැකි නමුත් ඒවා ප්රමාණවත් නොවේ. පර්යේෂණ අධ්‍යයන සහ මාධ්‍ය ආවරණය තනිකම සහ සමාජ හුදකලාව ගොනුකිරීමට නැඹුරු වන බව Akhter-Khan පවසයි. “ඔව්, ඒවා සහසම්බන්ධයි. … නමුත් තනිකම වඩාත් සංකීර්ණ වන්නේ එය පුද්ගල නිශ්‍රීත බැවිනි.”

වයස් ගත වැඩිහිටියන් හුදකලාව සහ තනිකම යන දෙකෙන්ම වැඩි අවදානමකට ලක් වෙතැයි සැලකේ; මන්ද ඔවුන් ආදරය කරන අය අහිමි වී, තනිව ජීවත් වීමට සහ ආබාධිත හෝ නිදන්ගත රෝගවලට මුහුණ දීමට වැඩි ඉඩක් ඇති හෙයිනි. එහෙත් පර්යේෂකයන්  නව යොවුන් වියේ සහ තරුණ වැඩිහිටියන් ගැන වැඩි වැඩියෙන් සැලකිලිමත් වේ. යෞවනයන් සාමාන්‍යයෙන් වෛෂයික හෙවත් විෂය නිශ්‍රීත හුදකලා වීමේ අවදානමට ලක් නොවේ; ඔවුන් පවුල සමඟ ජීවත් වීමට නැඹුරු වන අතර උදාහරණයක් ලෙස, පාසලෙන් දෛනික සමාජ අන්තර්ක්‍රියා ලබා ගනී .  එසේ වුවද, 2003 සිට 2018 දක්වා රටවල් 70 ක සිදු කරන ලද වයස අවුරුදු 13 සිට 17 දක්වා වූ පාසල් පාදක සමීක්ෂණයක දී, 11.7%ක්, “බොහෝ විට” හෝ “සැමවිටම” තනිකම දැනෙන බව පසුගිය වසරේ වාර්තා කර ඇත. . දුෂ්කර තීරණවලට මුහුණ දීම හෝ ජීවිතයේ වෙනස්කම්වලට මුහුණ දීම හෝ වෙනස් කොට සැලකීම් අත්විඳීම වැනි වෙනත් සාධක, හුදකලා නොවන අයගේ තනිකම පැහැදිලි කිරීමට උපකාරී වේ. සාක්‍ෂි මිශ්‍ර වුවද, සම්බන්ධතා ප්‍රභවයක් ලෙස සමාජ මාධ්‍ය මත යැපීම  හුදකලා බවට සම්බන්ධ ලෙස ඇතැම් අධ්‍යයනයන් වලින් ඇඟවේ.

තනිකම සහ හුදකලා වීමේ ඉහළ අනුපාත පැවතීම, එක්සත් ජනපද ශල්‍ය වෛද්‍ය ජෙනරාල් විවේක් මූර්ති ඇතුළුව සමහර රාජ්‍ය නිලධාරීන් “වසංගතයක්” ප්‍රකාශ කිරීමට තරම් හේතු වී ඇත.   එහෙත් තනිකම එකවරම ඉහළ නගී ද යන්න එතරම් පැහැදිලි නැත. සමහර අධ්‍යයනයන් මෑත කාලීන වැඩි වීමක් පෙන්නුම් කර ඇති නමුත්, අනෙක් ඒවා මට්ටම් සාපේක්ෂව ස්ථායී බව යෝජනා කර ඇතැයි Brigham විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාඥ සහ ස්නායු විද්‍යාඥ Julianne Holt-Lunstad සඳහන් කරයි.

කෙසේ වෙතත්, හුදකලා වීම වැඩි වීමේ ප්‍රවණතා වඩාත් පැහැදිලි ය: උදාහරණයක් ලෙස, 2009 සහ 2020 අතර හුදෙකලාව ජීවත් වන මිනිසුන්ගේ අනුපාතයේ ස්ථාවර වැඩිවීමක් යුරෝපීය සංගමයේ දත්ත මගින් පෙන්වනු ලැබේ. එක්සත් ජනපදයේ, මිනිසුන් තම කාලය භාවිතා කරන ආකාරය පිළිබඳ මහා පරිමාණ සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ පවුලේ අය, මිතුරන් සහ අසල්වැසියන් සහ එකර වැඩ් කරන සේවකයින් වැනි වෙනත් අය සමඟ ගත කරන කාලය 2003 සහ 2020 අතර අඩුවී ඇත් බවයි. “මේ දේවල් අනිවාර්යයෙන්ම තනිකම නොවෙන නමුත් ඒවා, අඩු සමාජ සම්බන්ධතාවයක සාමාන්‍ය රටාවක් පෙන්වයි,” Holt-Lunstad පවසයි, “අප සැලකිලිමත් වීමට හේතුවක් එහි තිබේ.”

මෙම සැලකිල්ල පැමිණෙන්නේ හෘද රෝග, දියවැඩියාව, ඩිමෙන්ශියාව සහ මානසික අවපීඩනය ඇතුළු සෞඛ්‍ය තත්වයන් ඉහළ යාමේ අවදානමට හුදකලාව සහ තනිකම යන දෙකම සම්බන්ධ කරන්නා වූ අධ්‍යයන සමූහයකිනි.  Holt-Lunstad ගේ කණ්ඩායම සහ අන් අය විස්න් සිදු කෙරුණු මෙටා-විශ්ලේෂණ මගින් පෙන්නුම් කරන්නේ ඒවා, අකාල මරණ පිළිබඳ ස්වාධීන පුරෝකථනය කරන්නන් බවයි.

එහෙත් තනිකම යනු දෝෂයක් හෝ ආබාධයක් නොවන බව පර්යේෂකයෝ අවධාරණය කරති. කොලොම්බියා විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය පිළිබඳ Mailman පාසලේ වසංගත රෝග විද්‍යාඥවරියක සහ පීඨාධිපතිනියක වන ළින්ඩ Fරීඩ් “අප තනිකම පිළිබඳ හැඟීම සඳහා අපි හැඩ ගැසී ඇත්තෙමු” යනුවෙන් පවසයි. තනිකම නිසාවෙන් හටගන්නා වේදනාව,  සම්බන්ධතාවයන්සඳහ ඇතිවන අවශ්‍යතාවය පිළිබඳව අපව දැනුවත් කරන අතර ඒ නිසාවෙන් සම්බන්ධතා සෙවීමට අප පොලඹවනු ඇත. සෙවීමට පෙළඹීම වටිනා  දෙයක් බව Fried පවසයි; මන්ද “සාර්ථක සමාජයන් යනු මිනිසුන්ට තනිවම විසඳිය නොහැකි ගැටලු විසඳීමට එක්වන අවකාශයි.” කෙසේවෙතත් තනිකම දිගටම පවතමින් නිදන්ගත වූ විට සෞඛ්‍යයට අහිතකර ප්‍රතිඵල ඇතිවීමේ අවදානම වැඩි වන බව ද ඇය පෙන්වා දෙයි.

බොස්ටන් විශ්ව විද්‍යාලයේ සායනික මනෝවිද්‍යාඥයෙකු වන Daniel Fulfordපවසන්නේ අසනීපය සමග මෙම සම්බන්ධය පැහැදිලි කරන මාර්ග ‍තෝර බේරා ගැනීම් දුෂ්කර වැඩක් බවයි. දිගු කලක් තිස්සේ සිදුකෙරෙන අධ්‍යයනයන්(longitudinal studies)  සාමාන්‍යයෙන් සමන්විත වන්නේ “එක් අවස්ථාවක කෙටි ස්වයං වාර්තාවක් සහ යම් පසුකාලීන අවස්ථාවක වේලාසන මර්ත්‍යතාවයි” ය. කෙසේවෙතත්, “ඒ දෙකෙළවර අතර බොහෝ දේ ඇත.”

විය හැකි එක් දෙයක් නම්, අඩු සමාජ සම්බන්ධතා ඇති පුද්ගලයින්ට සෞඛ්‍ය සම්පන්න පුරුදු පිළිබඳ තොරතුරු සඳහා   ප්‍රවේශයක් අඩුවෙන් තිබීම හෝ ඒවා අනුගමනය කිරීමට  සහයෝගය සහ දිරිගැන්වීම අඩුවෙන් තිබීමයි. තවත් දෙයක් නම්, චිරකාලීන හුදකලාව හෝ තනිකම පිළිබඳ අත්දැකීම “අප අනතුරේ සිටින බවට සහ අවට පරිසරයේ තර්ජනයක් පවතින බවට සංඥාවක් ලෙස සැලකිය හැකිවීම ය” යි Fulford පවසයි. එහි ප්‍රතිඵලයක් ලෙස, සානුකම්පිත ස්නායු පද්ධතියේ සක්‍රීය වීම නින්දට බාධා  හටගැන්වීමට, ප්‍රදාහය ඇති කිරීමට සහ ග්ලූකෝස් නියාමනය කඩාකප්පල් කිරීමට හේතු විය හැකි බවත්, ඒ සියල්ල සෞඛ්‍ය බලපෑම් පහත හෙළීමට්q හේතු වන බවත් ඔහු තවදුරටත් පෙන්වා දෙයි.  විය හැකි අනෙකුත් මාර්ග මනෝවිද්‍යාත්මක වේ. තනිකම සහ හුදකලාව යන දෙකම මානසික අවපීඩනය, මත් ද්‍රව්‍ය භාවිතය සහ ශාරීරික සෞඛ්‍යයට තර්ජනයක් වන වෙනත් ප්‍රතිවිපාකවලට තුඩු දිය හැකි බව Fulford සඳහන් කරයි.

අනෙක් අතට, බොහෝ අධ්‍යයනවලින් පෙනී යන්නේ සමාජ සම්බන්ධතා  ආරක්ෂාව ගෙන ආ හැකි බවයි. උදාහරණයක් ලෙස, වාර්ගික වෙනස්කම් කිරීම නිසාවෙන් ඇතිවන හානිකර මානසික සෞඛ්‍ය බලපෑම් වලට එරෙහිව සම්බන්ධවී සිටීම ස්වාරක්ෂකයක් හෙවත් බෆරයක් සපයන්නේ කෙලෙසදැයි  යේල් විශ්ව විද්‍යාලයේ සමාජ වසංගත රෝග විද්‍යාඥයෙකු වන Yusuf Ransome ලේඛනගත කර ඇත  . ඔහු දැන් Milwaukee හි කළු වැඩිහිටියන්ගේ සමීක්ෂණ දත්ත භාවිතා කරමින් සමාජ සම්බන්ධතාවේ විවිධ පැති මානසික සෞඛ්‍යයට බලපාන්නේ කෙසේද යන්න ගවේෂණය කරයි. “බලාපොරොත්තුව වන්නේ මෙම කාර්යය සැබවින්ම ප්‍රතිපත්ති ප්‍රවේශයන් එකතුවක් යෝජනා කිරීමට සාක්ෂි නිෂ්පාදනය කිරීම ආරම්භ කරාවිය යන්න” සහ ප්‍රජාවන් වඩාත් සම්බන්ධ කිරීමට උපකාරී වන මැදිහත්වීම් යයි  ඔහු පවසයි, “මම හිතන්නේ අවශ්‍ය දේවල් ගොන්නක් යෝජනා කිරීමට මේ මොහොතේ අපට සියලු සාක්ෂි නොමැත.”

ලෝකයේ බොහෝ රජයන්ගේ මහජන සෞඛ්‍ය න්‍යායපත්‍රවල තනිකම, මෙයට දශකයකට පෙර පවා   ඉහළ මට්ටමක නොතිබුණි. එහෙත් එහි හානිය පිළිබඳ සාක්ෂි ගොඩගැසෙද්දී, ඒවා සමහර ප්‍රතිපත්ති සම්පාදකයින් අවධානයට ලක් විය. 2018 දී එවකට-එක්සත් රාජධානිය අග්‍රාමාත්‍ය තෙරේසා මේ විසින්, මෙම ගැටලුව විසඳීම සඳහා ශිල්පීය උපාය මාර්ග සහ ප්‍රතිපත්තිවලට උපකාර කිරීමේ වගකීම පැවරුණු, තනිකම සඳහා ලොව ප්‍රථම වරට අමාත්‍යවරයෙකු පත් කරන ලද අතර,  එම ක්‍රියාව, බොහෝ පර්යේෂකයන් මහජන දැනුවත් කිරීම සඳහා  පවතින තත්ත්වයේ වෙනස් කරන්නට මග පාදන්නක් ලෙස සඳහන් කරයි. මේ කාලයේම වාගේ එක්සත් රාජධානියේ සංචාරයක යෙදී සිටි Holt-Lunstad පවසන්නේ, “මට පැහැදිලිවම මතකයි, ‘සෙස්සන්ට මෙය හඳුනා ගැනීමට කුමන ආකාරයේ අර්බුදයක් අවැසිවේද? මන්ද දශක ගණනාවක් තිස්සේ සාක්ෂි ගොඩනැගී ඇති බැවිනි’.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending