සියලුම සමාජ මාධ්‍ය අහිතකර නොවේ – ස්මාර්ට් ජංගම දුරකථනය සමඟ ඔබේ (සහ ඔබේ දරුවන්ගේ) සම්බන්ධය ගැන නැවත සිතා බලන්න.

ඔබගේ දුරකථනය ඇබ්බැහි වීම නැවැත්වීමට කාලය පැමිණ තිබේද?Image credit: Getty
ඔබ ඇත්තටම ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනයට ඇබ්බැහි වී නැත; මෙන්න ඊට සාධක
BBC Science Focus කතුවරයෙකු වනTom Howarth විසිනි
අද අප බලන සෑම තැනකම, ජංගම දුරකථන තිර වෙත, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වෙත යොමුවුණු මුහුණු. ජංගම දුරකථන සහ සමාජ මාධ්‍ය කෙරෙහි නැඹුරුව ඇබ්බැහි වීමක් ලෙස හඳුන්වනු ලබන අතර මානසික සෞඛ්‍ය ගැටලු ඇති කිරීමට සහ ළමා සංවර්ධනයට හානි පමුණුවන්නේය යනුවෙන් දොස් පවරනු ලැබේ.
එහෙත් සාක්ෂි මෙම මතයට අනුබල දෙනවාද?
ඒ ගැන දැනගැනීම පිණිස විමසන ලදුව, භත් Sප විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාව සහ විද්‍යා සන්නිවේදනය පිළිබඳ මහාචාර්ය (Unlocked: The Real Science of Screen Time ග්‍රන්ථයේ කර්තෘ අ) Pete Etchells පවසන්නේ තාක්‍ෂණය සමඟ අපගේ සම්බන්ධතාවය නැවත අර්ථ දැක්විය යුත්තේ මන්දැයි සහ සමාජ මාධ්‍ය, එහි සියලු දෝෂ හා අඩුපාඩු සහිතව ගත්තත් අප බොහෝ විට දක්වන තරම් නරක නොවන්නේ මන්දැයි යන්න විමසා බැලිය යුතුයි.
තිර ඉදිරියේ ගත කරන කාලය පිළිබඳ සංකල්පයේ ගැටලුව කුමක්ද?
තිර කාලය යනු කුමක්දැයි කවුරුත් දනිති, එය මෙතරම් පොළඹවනු සුලු වන්නේ එබැවිනි, හරිද? එනමුත් අනෙක් අතට, තිර කාලය යනු කුමක්දැයි කිසිවෙකුත්(හරිහැටි?) දන්නේ නැත, මන්දඊට ඇත්තේ එතරම්ම පුළුල්, නොපැහැදිලි අර්ථ දැක්වීමකි. ඉන් වචනාර්ථයෙන් ඕනෑම දෙයක් අදහස් විය හැකිය.
තිර කාලය යනු, මූලික වශයෙන්, ඔබ නිශ්චිත කාල රාමුවක් තුළ යම් ආකාරයක තිර සම්බන්ධ තාක්ෂණය මත පදනම් කොපමණ කාලයක් වැය කර තිබේද යන්නයි. කාල රාමුව, පසුගිය පැය 24 හෝ පසුගිය සතියේ හෝ එවැනි කාල ඡේදයක් විය හැකිය. තවද එය ඇත්තෙන්ම සිත් ඇදගන්නා සුළුය, මන්ද අපට එයට ඉතා සරල, සරල අංකයක් එක් කළ හැකි බැවිනි.
කෙසේවෙතත්, මම නම් හිතන්නේ අප නොමග ගොස් තිබෙන බවයි. මෙය කතා කිරීමට හෝ අප අවධානය යොමු කළ යුතු අර්ථවත් දෙයක් නොවේ, මන්ද ඔබ එය හාරා අවුස්සා තෝරා බේරාගැනීමට පටන් ගත් විට, තිර කාලය යනු තේරුමක් නැති සංකල්පයක් පමනක් බව පෙණී යා හැකි බැවිනි.
තිර කාලය අපට ඇති බලපෑම කුමක්ද? නැත්නම් අපගේ මානසික සෞඛ්‍යයට තිර කාලයෙහි බලපෑම කුමක්ද? ඔබ අවසානයේ කරන්නේ ඔබේ තිර කාලය සඳහා අංකයක් ලබා ගැනීම සහ ඔබේ මානසික සෞඛ්‍යය පිළිබඳ මිනුමක් වන යම් ආකාරයක අංකයක් ලබා ගැනීමයි.
ඒත් අපිට කවදාවත් ඒකෙන් එහාට යන්න බෑ. අපි හැමදාම හිරවෙලා ඉන්නේ සහසම්බන්ධතාවල විතරයි.
අපේම තිර කාලය ඇත්තටම මොකක්ද යන්න ගැන කතා කරනවා නම්, එය ඉතා ඉක්මනින්ම සංකීර්ණ වේ. තවද එය ඔබට අර්ථවත් කිසිවක් නොකියයි.
ඒ නිසා අපි යම් ආකාරයකට හිර වී සිටින්නෙමු, මන්ද තිර කාලය යනු මෙතරම් විශාල, අර්ථ දැක්වීමක් නොමති යෙදුමකි. එය පසුව අපට අවශ්‍ය ඕනෑම දෙයක් බවට පත්වන්නේ අපගේ සබැඳි ජීවිත ගැන අපට ඇති බොහෝ කරදර කැටි කිරීමට අප භාවිතා කරන බවයි. එහෙත් ඇත්ත වශයෙන්ම එයට නිශ්චිත කිසිවක් නොමැත.
හරි, ඉතින් තිර කාලය වැඩි ප්‍රයෝජනයක් නැහැනෙ; නමුත් අපි තිර භාවිතා කරන්නේ සෞඛ්‍යයට අහිතකර, ඇබ්බැහි විය හැකි ආකාරයෙන්ද?
අපි කතා කරන්නේ ‘අනේ මම ඔය ගේම් එක ගැහුවා නැත්තම් කලින් දවසෙ ඒ ෂෝ එක බැලුවා ඒක හොඳටම ඇබ්බැහි වෙලා’ වගේ දේවල් ගැන. එතනදී අපි අදහස් කරන්නේ අපි ඇත්තටම එයට කැමති වූ බව හෝ අපි එය බොහෝ සෙයින් ක්‍රීඩා කළ හෝ භාවිතා කළ බවයි.
සමහර අවස්ථාවලදී, අපි එය ටිකක් නිෂේධාත්මක අර්ථයකින් පවසන අතර එවිට අප අදහස් කරන්නේ අපි රූපවාහිනී වැඩසටහනක් ඕනෑවට වඩා නරඹා ඇති අතර ඉන් පසුව අපට එතරම් සතුටක් දැනුණේ නැති බවයි – ඒ විදිහට තමයි, අපි එදිනෙදා ජීවිතයේ දී ‘ඇබ්බැහිවීම‘ යන වචනය භාවිතා කරන්නේ.
පැහැදිලිවම, ඇබ්බැහි වීම වෙනත් අර්ථයක් ඇත, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හෝ සූදුවට ඇබ්බැහි වීම වැනි දේ විස්තර කිරීමට ඉතා දැඩි සායනික අර්ථ දැක්වීමක් තිබේ.
මේ දෙක අපි අපි නිතර පටලවා ගෙන භාඉත් කරන්නෙමු: එදිනෙදා භාෂා ව වඩාත් විධිමත් භාවිතයේදී ත්, විධිමත් භාවිතයේ දී එදිනෙදා භාෂාවත් ලෙස සිතීමට අපි පටන් ගනිමු. ඉතින් අපි මේ චින්තන රාමුවේ හිර වෙන්නෙමු
මේ නිසා, අපි සමාජ මාධ්‍ය භාවිතා කරන ආකාරය හෝ අපි ක්‍රීඩා කරන ආකාරය ගැන සිතන විට, එය සම්පූර්ණයෙන්ම පාහේ අධික භාවිතය හෝ පුනරාවර්තන(පුන පුනා) භාවිතය බවට පත්වේ. අධික භාවිතය යයි හිතමුකෝ. එසේ යයි පිළිගත හොත් එය කොපමණ නම් වැඩිද? තිර කාලය අපට හොඳද නරකද? වැනි ප්‍රශ්න මතුවෙයි. මෙය තිර සහ ඒවා සමඟ ඇති අපගේ සම්බන්ධය පිළිබඳ පුළුල් සංවාද වලදී අපට හමුවන සැබෑ ගැටළුවකි, එනමුත් එය පර්යේෂණ සාහිත්‍යයේහී ද ගැටලුවකි.
මෙය, වැළකී සිටීම හෝ භාවිතය නැවැත්වීම වැනි සාර්ථක නොවන බව අප සැබවින්ම දන්නා ඉතා සීමිත විසඳුම් පෙළක් අපට ලබාදෙයි.
මෙම රාමු කිරීමේ දී ඇත්තටම අපි තිරය පදනම් කරගත් තාක්ෂණයන් භාවිතා කරන ආකාරය අන්තර්ග්‍රහනය නොකරයි. සමාජ මාධ්‍ය වැනි එහි නිශ්චිත අංගයක් ඔබ ගත්තද, එය භාවිතා කිරීම ඇතුළත් කර නොගැනේ; මන්ද එය ද එවැනි බහුමූණත් දෙයක් වන බැවිනි.
ඉතින් හිතකර සහ අහිතකර තිර භාවිතයක් වැනි දෙයක් තිබේද? ඔව් තිබෙන්නට පුළුවනි, නමුත් අපි වැරදි ආකාරයේ ප්‍රශ්න අසනවාද, එසේත් නැතිනම්, අපි ප්‍රශ්න වැරදි ආකාරයෙන් සකස් කරනවා දෝ හෝයි මට සැක සිතෙයි.
සමාජ මාධ්‍ය පිළිබඳ ධනාත්මක කරුණු මොනවාද?
අපි මූලික වශයෙන් සමාජ සත්වයින් නේ, හරිද? එමෙන්ම, මාතෘකාවේ ඉඟි කර ඇති පරිදි සමාජ මාධ්‍ය යනු සමාජ සම්බන්ධක අත්දැකීමකි.
මෙය සමාජ මාධ්‍ය යනු කුමක්ද යන්න පිළිබඳ අතිශය සරල කිරීමක් වන නමුත් මූලික වශයෙන් එහි(සමාජ මාධ්‍යයෙහි) හරය වන්නේ මිනිසුන් සමඟ කතා කිරීම සහ මිනිසුන් සමඟ සම්බන්ධ වීමයි. ඒ සම්බන්ධවීම තුළ විශාල බලයක් ඇත.
සමාජ මාධ්‍ය වැනි දේවල් ගැන කතා කිරීමේ දී ඒවා අපට ගෙනෙන පහසුතා ගැන අපට බොහෝ විට අමතක වේ.
එය බොහෝ වෙනස්, වෙනස් දේවල් ආවරණය කරන නිසා වෙන්, එය නිරර්ථක පදයකට ළංවේ. එහෙත්, කෝවිඩ් වසංගත සමයේ දී අපට ශාරීරිකව දැක ගත නොහැකි, මුණගැසිය නොහැකි, එහෙත් අප ආදරය කරන, අප සැලකිල්ල දක්වන පුද්ගලයින් සමඟ සම්බන්ධතා පවත්වා ගෙන යාමට සමාජ මාධ්‍ය භාවිතා කිරීමේ අත්දැකීම් අප සියල්ලන්ටම ඇත.
WhatsApp සහ FaceTime වැනි යෙදුම්, පුද්ගලයින් සමඟ කතාබස් කිරීමට, ක්‍රීඩා කිරීමට, මූලිකව මිනිසුන් හා සම්බන්ධ වීමට භාවිතා කෙරෙයි. සම්බන්ධතාවය සැමවිටම ධනාත්මක දෙයක් නොවන අතර අප එම අත්දැකීම් කළමනාකරණය කරන ආකාරය සහ සංවිධානය කරන ආකාරය පිළිබඳව අපට තිබිය යුතු ඉතා ගැඹුරු, දුෂ්කර, ඉතා හැඟීම්බර සාකච්ඡා සහ වාද විවාද පවතී.
කෙසේවෙතත්, එහි ධනාත්මක පක්ෂයක් ද ඇත, එබැවින් අපි ඒවා විටින් විට මතක් කර ගත යුතුය.
සමාජ මාධ්‍ය වේදිකා , අපට ධනාත්මක අත්දැකීම් ලබා දීමේ දී යහපත් හෝ අයහපත් කාර්යයක් ඉටුකරනවාද?
මම, බලගතු තාක්‍ෂණය සඳහා ක්ෂමාලාපකයෙකු ලෙස පෙනී යන්නට ඉඩ තිබේ. මම දිගටම කියා සිට්න කාරණාවක් ඇත. එනම්, තාක්‍ෂණය සමඟ ඔබේ සම්බන්ධතාවය ගැන ඔබ සිතන ආකාරය නැවත සිතා බලා නැවත සකස් කරන්නේ නම්, එයින් සිදුවන්නේ ඔබව තවත් මදක් හෝ සවිබල ගැන්වීමයි.

Pete Etchells ට අනුව, ඔබ ඔබේ දුරකථනය භාවිතා කරන්නේ කොයි විටද එමෙන්ම කුමක් සඳා ද යන්න පිළිබඳව ඔබ දැනුවත් නම්, ඔබට යහපත් පුරුදු වර්ධනය කර ගත හැකිය – Image credit: Getty
මෙම ඇබ්බැහි රාමුවට අදාල එක් දෙයක් නම්, එය මිනිසුන්ව බල රහිත කිරීමයි. ඔබ ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනයට ඇබ්බැහි වී ඇත්නම්, ස්මාර්ට් ජංගම දුරකථනය සකස්කර ඇති ආකාරයම ඇබ්බැහිවන සුළු නම්, එය ඔබට සිදු වූ දෙයකි. එමනිසා, ඔබට තනි තනිව ඒ ගැන යමක් කිරීම ඉතා අපහසුය යන්න සාමාන්‍ය මතයයි – එහෙත්, එය කිසිසේත්ම එසේ නොවේ.
එම තත්ත්වය පාලනය කිරීමේ හැකියාව හා බලය අපට තිබේ. එය වෙහෙසකාරී වන අතර එය දුෂ්කර වන අතර එය ඔබ එක් වරක් පමණක් සිදු කිරීමෙන් කර පසුව එය දිගටම එලෙසම පවතින දෙයක් නොවේ. එහෙත් අපට එහි පාලනය ඇති අතර එය තාක්‍ෂණ කර්මාන්තය ගිණුම්ගත කිරීම සඳහා තරමක් පරස්පර විරෝධී ලෙස ඇත්තෙන්ම වැදගත් වේ.
සමාජ මාධ්‍යයෙන් ඔබට dopamine උත්තේජනයක් ලබා දෙන බවත් එබැවින් එය ඇබ්බැහි වීමක් වන බවටත් අදහසක් තිබේ. එය මට්ටම් ගණනාවක දීම හුදු ප්‍රලාපයක් පමනක් වන අතර dopamine වල ස්නායු විද්‍යාව පිළිබඳ සම්පූර්ණ වැරදි අවබෝධයකින් ඇති කරගත් අදහසකි.
කනස්සල්ල ඇතිකරන මේ ආකාර අදහස් පැමිණෙන්නේ කොතැනින්ද යන්න තේරුම් ගත හැකිය; මන්ද අනුභූතිමය වශයෙන්, අප සියලු දෙනාටම උපාංග සමඟ කරන ගණුදෙණුව නරක අත්දැකීමක් බව හැඟෙන අතර ඊට තාකෂණය වගවිය යුතුය යන අදහස මතුවෙයි.
කෙසේවෙතත්, පර්යේෂණ මගින් අනුග්‍රහය නොලබන, මෙම ඉතා උද්වේගකාරීමය ක්‍රමවලින් අප අදහස්, සංකල්ප සකස් කරගන්නා නිසා, තාක්ෂණික සමාගම්වලට ඒවා නොසලකා හැර ‘ඒ සියල්ල විකාර අදහස්’ යැයි පැවසීම ඇත්තෙන්ම පහසුය.
(උපාංග) තිර ගැන සැබෑ විද්‍යාව පවසන දේ තේරුම් ගැනීමේඉ දී අප මීට වඩා දක්ෂ විය යුතුය; තවද, තාක්ෂණික කර්මාන්තයට නොසලකා හැරීමට වඩා අපහසුවන ප්‍රශ්න ඇසීමට අපට හැකි විය යුතුය.
සිය තාක්ෂණික භාවිතය ගැන දැනට කනස්සල්ලට පත්ව සිටින පුද්ගලයින්ට දිය හැකි උපදෙස් මොනවාද?
මෙය පැහැදිලිවම අප සියල්ලන්ම කනස්සල්ලට පත්කරවන දෙයකි.
(වැරදී ගිය) දේවල් නිවැරදි කරගැනීමේ හැකියාව ඇති නිසා අපි කලබල නොවී සිටීමට උත්සාහ කළ යුතුයි. ඔබේ තාක්ෂණික භාවිතය ගැන සතුටු විය හැකි එකම ක්‍රමය වන්නේ, ඒ සියල්ලෙන් මිදී ජීවත් වීම බව සිතමින් මේ ආකාරයෙන් සිරවී නොසිටීමට උත්සාහ දැරිය යුතුය යන්න ඉන්(ප්‍රශ්නයෙන්) හැඟවේ. එකම විසඳුම එය( තාක්ෂණයෙන්මිදී ජීවත් වීම) නොවේ.
ඔබේ තාක්ෂණික භාවිතය ඇබ්බැහිවීම් සහ අධික භාවිතයක් ලෙස නොව පුරුද්දක් ලෙස සිතන්න. අපට පුරුදු වර්ධනය කර ගැනීම ඉතා පහසු ය. හොඳ හෝ නරක පුරුදු ඇති කරන්නේ අවස්ථානුකූල සහ සන්දර්භීය සාධක හෝ වෙනත් දේවල් ය.
දුරකථනය වෙත යොමුවීමේ හැසිරීම් හෝ පුරුද්ද ගන්න. කෙනෙකු තම දුරකථනය පරීක්ෂා කිරීම හොඳ හෝ නරක නොවන, මධ්යස්ථ පුරුද්දකි. එය අපට හානිකර හෝ ප්රයෝජනවත් නොවේ.
ඔබ පාරේ ගමන් කරන විට හෝ කවුරු, කවුරුත් ඉන්ස්ටග්‍රෑම් හි කුමණ කුමණ දේ දමා ඇත්දැයි බැලීමට ඔබගේ දුරකථනය පරීක්ෂා කරන විට, එය ඉතා පැහැදිලිවම ශාරීරික හානි ගෙන ආ හැකි නරක පුරුද්දකි.

නමුත් ඔබට ටිකක් තනිකමක් දැනෙන විට සහ ඔබට මිතුරන් සමඟ සම්බන්ධ වී යමෙකු සමඟ සංවාදයක් ආරම්භ කිරීමට අවශ්‍ය වූ විට රාත්‍රියේදී ඔබේ දුරකථනය පරීක්ෂා කිරීම, එයට ඇතුල් වීම ඇත්තෙන්ම හොඳ පුරුද්දක් වන අතර එමඟින් යහපැවැත්මට ධනාත්මක බලපෑමක් ගෙන ආ හැකි බවක් ඔබට පෙනෙනු ඇත.
මේ ආකාරයේ තාක්‍ෂණික භාවිතයන්, හුදු පුරුදු ගනයට වැටේ. ඔබ ඉවක් බවක් නැතිව තිර මතම රැඳීමේ නියැලෙන තරමට, ගැටලුකාරී කථාංගයක් ඇතිවීමේ අවදානමට ඔබ වැඩි වැඩියෙන් විවෘත වේ.
ඊළඟ වතාවේ සිතන්න, ‘එය නතර කිරීමට මට හැකිද?’ ඔබට එය නැවත නැවතත් කළ හැකි නම්, එය ඔබ එම නරක පුරුදු ඉවත් කර ගනු ඇත. කාලය වැය් කළ යුතු වුනත්, දැඩි උත්සාහයක් ගත යුතු වුනත්, යම් දේවල් වැරදිගියත් කම් නැත. එනමුත් උත්සාහ කළ යුත්තේ අපි ලබාගෙන ඇති සම්බන්ධය වැඩිදියුණු කිරීමයි.
පුද්ගලයින් සමඟ සම්බන්ධව සිටීමට යාන්ත්‍රණයක් තිබීම ඇත්තෙන්ම වැදගත් ය.
විශේෂ සැලකිලි ලැබිය යුතු තත්වයන් තුළ සිටින පුද්ගලයින් එයට හොඳ උදාහරණයක් වන අතර මම සිතන්නේ මෙවැනි සංවාද වලදී අපට එම කණ්ඩායම් බොහෝ විට අමතක වන බවයි. පොදුවෙ කෙරෙන තහනමක්(a blanket ban ) අයහපත් වන්නේ එය දැනටමත් දුෂ්කරතා ඇති දරුවන් තවදුරටත් කොන් කරන බැවිනි.

Photo credit: Getty
මේකේ අනිත් පැත්ත තමයි, (වයස අවුරුදු 16ට අඩු අයට)තහනම් කිරීමෙන් ඵලදායීව යැවෙන්නේ ඔබට මේ දේ පසු අවස්ථාවකදී ලබාගන්න පුළුවන් කියන පණිවුඩයයි. එම අවස්ථාවට පෙර ඩිජිටල් සාක්ෂරතා කුසලතා ගොඩනඟා ගන්නේ නම් එම පියවර ඉතා හොඳයි.
දුරකථන එපා යැයි කීම සහ එය අත්හැරීම ඇත්තෙන්ම භයානක තත්වයක් වන්නේ අවසානයේ ළමයින්ට ලැබෙතැයි සිතනදුරකථනයක් ඇත්තටම ඔවුන් එයින් කරන්නේ කුමක්දැයි නොදන්නා තත්වයක් තුළ එය සිදුවීමට හැකි වීමයි. ඒ වගේම ඔවුන් ඒ තාක්ෂණ ලෝකයේ සැරිසැරීමට දන්නේ නැති අය බවට පත්වන්න පුළුවන්. එය සිදුවීම අපට අවශ්‍ය නැත. එහෙම වුණොත්, වයස අවුරුදු 16ද 18ද 25ද 5ද කියා නැත, තවත් ප්‍රශ්නයක් මතුවෙයි.
මෙම සම්මුඛ සාකච්ඡාව මුල් පිටපතෙහි කෙටි, සංස්කරණය කරන ලද අනුවාදයකි.
BBC Science Focus සඟරාවෙහි පල වූ You’re not actually addicted to your smartphone. Here’s why යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න