ගෑස් සහ ප්‍රොපේන් උදුන්  සෞඛ්‍යයට අහිතකර නයිට්‍රජන් ඩයොක්සයිඩ් පිට කරන බව ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය අධ්‍යයනයකින් හෙළිවෙයි

[සංස්කාරක සටහන්:Science X හි කතුවැකි ක්‍රියාවලිය සහ ප්‍රතිපත්ති අනුව මෙම ලිපිය සමාලෝචනය කර ඇත.] 

ස්ටැන්ෆෝර්ඩ් ආචාර්ය උපාධි ශිෂ්‍ය මෙත්තා නිකොල්සන් කැලිෆෝනියා, ටෙක්සාස්, කොලරාඩෝ, නිව් යෝර්ක් සහ වොෂිංටන් ඩීසී හි ඔවුන්ගේ දත්ත එකතුවේ කොටසක් ලෙස විද්‍යාඥයන් වායු දූෂණය මැන බැලූ නිවසක ගෑස් දාහකයක් නිරීක්ෂණය කරයි. Credit: Rob Jackson, Stanford Doerr School of Sustainability

එක්සත් ජනපදයේ නිවාසවල වායු දූෂණය පිළිබඳ අධ්‍යයනයකින් හෙළි වූයේ ගෑස් හෝ ප්‍රොපේන් උදුන සහිත කුටුම්භයන් හී වසන්නන් නිතිපතා සෞඛ්‍යයට  නයිට්‍රජන් ඩයොක්සයිඩ් අහිතකර මට්ටම් ආශ්වාස කරන බවයි.

“ගෑස් ලිප භාවිතයෙන් පැයක් ඇතුළත දූෂක සාන්ද්‍රණය නිදන කාමරවල සෞඛ්‍ය හිතකර මිණුම් ඉක්මවා යනු දකින්නට මම බලාපොරොත්තු වුණේ නැහැ. උදුන නිවා දමීමෙන් පසුව ද පැය ගණනක් එහි රැඳී තිබෙණු දැකීමට මම බලාපොරොත්තු වුණේ නැහැ.” යනුවෙන් Sටන්ෆොර්ඩ් ඪෝර්ර් Sචූල් ඔෆ් Sඋස්ටෛනබිලිට්ය් හි මහාචාර්ය සහ, Science Advances හී පළවන පර්යේෂණ පත්‍රිකාවේ ජ්‍යෙෂ්ඨ කතුවරයා වන Rob Jackson පවසයි. .

ගෑස් සහ ප්‍රොපේන් උදුන් වලින් සිදුවන දූෂණය හුදු, කෝකියන්ට හෝ කුස්සියේ සිටින අයට පමණක් ප්‍රශ්නයක් නොව  “ඒක මුළු පවුලටම ප්‍රශ්නයක්.” බව ඔහු පවසයි.

අනෙකුත් ඍණාත්මක සෞඛ්ය බලපෑම් අතර, නයිට්රජන් ඩයොක්සයිඩ්(NO2) ඉහළ මට්ටම් ආශ්වාස කිරීම, කාලය ගතවීමත් සමඟ ඇදුම තීව්ර කළ හැකි අතර ළමුන්ගේ පෙනහළු වර්ධනය අඩුවීම හා  අකල් මරණවලට සම්බන්ධ වීම දැක්වේ.

NO2 ට වැඩි වශයෙන් නිරාවරණය වන්නේ ෆොසිල ඉන්ධන දහනය කරන වාහන වලින් නිසා වුවද, පර්යේෂකයන් ඇස්තමේන්තු කරන්නේ සමස්තයක් ලෙස ගෑස් සහ ප්‍රොපේන් උදුන් වලින් එන දූෂක මිශ්‍රණය වර්තමාන ළමා ඇදුම රෝගීන් 200,000 කට පමණ වගකිව යුතු බවයි.  පත්‍රිකාවේ කතුවරුන්ට අනුව, මෙයින් හතරෙන් එකක්ම නයිට්‍රජන් ඩයොක්සයිඩ් වලට පමණක් ආරෝපණය කළ හැකිය. පත්‍රිකාවේ කතුවරුන් අතර, මධ්‍යම කැලිෆෝනියා ඇදුම සහයෝගිතාවේ(Central California Asthma Collaborative), PSE Healthy Energy සහ Harvard T.H Chan School of Public Health හි විද්‍යාඥයෝ ඇතුළත් වෙති.

“ඔබව නිරාවරණය වන ප්‍රමාණයට බලපාන විශාලතම සාධකය ඔබේ උදුනෙහි ඔබ දැල්වෙන වායු ප්‍රමාණය කොපමණද යන්න  බව අපට පෙනී ගියේය. ඉන්පසුව, ඊට පසු, ඔබට ඵලදායී පරාසයක ආවරණයක් තිබේ ද? – ඔබ එය භාවිතා කරනවා  ද?”  අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා වන, පෘථිවි පද්ධති විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධි ශිෂ්‍ය Yannai Kashtan පවසයි.

අමතර නිරාවරණය සඳහා කුඩා ඉඩක්

ඇදුම රෝගයෙන් ඔබ්බට ස්ලකතොත්, ගෑස් උදුන් සහිත ඇමරිකානු කුටුම්භවල NO2වලට දිගුකාලීන නිරාවරණය සෑම වසරකම දහස් ගණනක් මිය යාමට හේතුවන තරම් ඉහළ මට්ටමක පවතී. ඇතැම්විට මෙම සංඛ්‍යාව 19,000ක් හෙවත්  වාර්ෂිකව සෘජු නොවන දුමට සම්බන්ධ මරණ සංඛ්‍යාවෙන් 40% ක් පමණ වේ. මෙම ඇස්තමේන්තුව පදනම් වී ඇත්තේ, ගෑස් උදුන් නිසාවෙන් පුද්ගලයින් නිවසේදී ආශ්වාසයට ගන්නා නයිට්‍රජන් ඩයොක්සයිඩ් ප්‍රමාණය සහ එ.ජ. පරිසර ආරක්ෂණ ඒජන්සිය විසින් නියාමනය කරනු ලබන එළිමහනේ NO2 වලට දිගු කාලීනව නිරාවරණය වීමෙන් සිදුවන මරණ පිළිබඳ හොඳම දත්ත මත පදනම්වූ  පර්යේෂකයන්ගේ නව මිනුම් සහ ගණන් බැලීම්ය.

මරණ සංඛ්‍යාව ඇස්තමේන්තුව අර්ධ වශයෙන් ආසන්න ගණන් බැලීමකි. ගෑස් උදුන් ඇති නිවෙස් වල සිදුවන ආකාරයෙන්, ක්ෂණික ඉහළ යාම්වලදී අතිශය ඉහල නයිට්‍රජන් ඩයොක්සයිඩ් මට්ටම් වලට නැවත නැවත නිරාවරණය වීමේ අහිතකර බලපෑම් සැලකිල්ලට ගෙන නැති නිසා  ය. එය, වාහන සහ බලාගාර වලින් එන අමතර දූෂක පවතින එළිමහනේ හමුවන නයිට්‍රජන් ඩයොක්සයිඩ් වලින් සෞඛ්‍ය බලපෑම් පිළිබඳ අතීත අධ්‍යයනයන් මත ද රඳා පවතී.

උදුන භාවිතයට පෙර, ඒ අතරතුර සහ ඉන් පසු, විවිධ ප්‍රමාණයේ, වින්‍යාස සැලසුම්, සහ වාතාශ්‍රය සලසන ක්‍රම සහිත නිවාස 100කට වඩා වැඩි ගණනක NO2 සාන්ද්‍රණය මැනීමට පර්යේෂකයන් විසින් සංවේදක භාවිතා කරන ලදී.

ඔවුහු මෙම මිනුම් සහ අනෙකුත් දත්ත,  CONTAM ලෙස හඳුන්වන ප්‍රමිති සහ තාක්ෂණ සඳහා ජාතික ආයතන (National Institutes for Standards and Technology – NIST) මෘදුකාංගය මඟින් බල ගැන්වෙන ආකෘතියකට ඇතුළත් කළහ. එසේ කළේ, ගොඩනැගිලිවල වායු ගලනය, දූෂිත ප්‍රවාහනය සහ කාමරයෙන් කාමරයට නිරාවරණය වීම විඩම්බනය කිරීම සඳහා ය. 

මෙය ඔවුන්ට,  රටපුරා සාමාන්‍යයන් සහ යථාර්ථවාදී තත්වයන් සහ හැසිරීම් පරාසයක් යටතේ කෙටි කාලීන නිරාවරණ ඇස්තමේන්තු කිරීමට සහ ඔවුන්ගේ නිවාස මිනුම් හා   ආකෘති ප්‍රතිදානයන් හරස් ආවේක්ෂණයකට ඉඩ ලබා දුන්නේය.

අඹරාවක් වැනි ලිප් ගිනි  ආවරණයක් නොමැති විවෘත ගෑස් උදුනක් මත තැම්බෙන බඳුනක් Stanford Doerr School of Sustainability හි Colin Finnegan විසින්  පරීක්ෂා කරනු ලැබේ. එළිමහනට දුම් යොමුකරන   ලිප් ගිනි ආවරණයක් භාවිතා කිරීම නිවසක වාතය කොපමණ නයිට්‍රජන් ඩයොක්සයිඩ් පුරවන්නේද යන්න කෙරෙහි දඩි ලෙස බලපෑ හැකිය. Credit: Stanford Doerr School of Sustainability හි Colin Finnegan

ප්‍රතිඵලවලින් පෙනී යන්නේ රටපුරා  නිවෙස්වල සාමාන්‍ය ගෑස් හෝ ප්‍රොපේන් උදුනක් භාවිතා කිරීම, නයිට්‍රජන් ඩයොක්සයිඩ්වලට නිරාවරණය වීම වසරකට සාමාන්‍යය වශයෙන් බිලියනයකට කොටස් 4 කින් වැඩි කරන බවයි. එය ලෝක සෞඛ්‍ය සංවිධානය එළිමහනේ වාතයේ අනාරක්ෂිත යැයි හඳුනාගෙන ඇති නයිට්‍රජන් ඩයොක්සයිඩ් නිරාවරණ මට්ටමෙන් හතරෙන් තුනකි. “ඔය ගණන් බැලීම්  සියලුම එළිමහන් ප්‍රභවයන් ඒකාබද්ධ ප්‍රමානය අත හැර නිසාවෙන් අනාරක්ෂිත සීමාව ඉක්මවා යාමට එය බොහෝ දුරට ඉඩ සලසයි,” ඛශ්ටන් පැවසීය.

A range hood

ගෑස් උදුන සෞඛ්යයට බලපාන ආකාරය තේරුම් ගැනීම

මෙම අධ්‍යයනය වනාහී, ගෑස් උදුන් මගින් ගෘහස්ථ වායු දූෂණය පිළිබඳව ස්ටැන්ෆෝර්ඩ් හි ජැක්සන්ගේ කණ්ඩායම විසින් සොයා බලනු ලබන මාලාවක නවතම අධ්‍යයනයයි. මීට පෙර අධ්‍යයනයන් මගින් හරිතාගාර වායු මීතේන් සහ පිළිකා කාරක බෙන්සීන් ඇතුළු අනෙකුත් දූෂක ද්‍රව්‍ය වායු උදුන විමෝචනය කරන අනුපාත ලේඛනගත කර ඇත.

කෙසේවෙත්තත්,  මිනිස් සෞඛ්‍යය කෙරෙහි උදුන විමෝචනවල ඇඟවුම් තේරුම් ගැනීම පිණිස,  නිවසක් පුරා කොපමණ දූෂක ද්‍රව්‍ය පැතිරී යනවාද, ගොඩනැංවෙනවා ද සහ අවසානයේ පහකෙරෙනවා ද යන්න සොයා බැලීමට පර්යේෂකයන්ට අවශ්‍ය විය. “ ලිපෙන් කොපමණ දූෂණයක් එනවාද යන්න මැන බැලීමේ සිට මිනිසුන් ඇත්ත වශයෙන්ම ආශ්වාසයට ගන්නා දූෂණය දක්වා  යොමුවෙමින් සිටින්නෙමු,”  මහාචාර්ය ජැක්සන් පවසයි. හෙතෙම, Michelle and Kevin Douglas හී පෘථිවි පද්ධති විද්‍යා මහාචාර්යවරයාය.

ඕනෑම ඉන්ධන ප්‍රභවයක් යොදාගනිමින් රත් වූ ඇතිලියක හෝ තැටික  ආහාර පිසීමෙන් අංශු දූෂණය ඉහළ යා හැකිය. කෙසේ වෙතත්, ආහාර පිසීමේදී නයිට්‍රජන් ආහාරවලින් ඩයොක්සයිඩ් ස්වල්පයක් හෝ විමෝචනය නොවන බව මෙන්ම විදුලි උදුන් ණ්O2 නිපදවන්නේ නැති බව නව පර්යේෂණය තහවුරු කරයි.  “එය(විමෝචන ඇත්කරන්නේ) ඉන්ධන මිස ආහාර නොවේ,” ජැක්සන් පැවසීය. “විදුලි උදුන් නයිට්‍රජන් ඩයොක්සයිඩ් හෝ බෙන්සීන් විමෝචනය නොකරයි. ඔබ සතුව ගෑස් හෝ ප්‍රොපේන් උදුනක් තිබේ නම්, දුම් පිටතට යොමු කරන ක්‍රම භාවිතයෙන් දූෂක නිරාවරණ අවම කළ යුතුය.”

නිවසේ විශාලත්වය ද වැදගත් වේ

ඉහත කී දුම් පිටතට යොමු කරන ක්‍රම භාවිතයෙන් ලිප දුම් එළිමහනට පිට කළත් ආහාර පිසීමේදී සහ පසුව ආහාර පිසීමේදී නයිට්‍රජන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය විශාල නිවාසවල පවා,  සෞඛ්‍යයට අහිතකර මට්ටම් දක්වා සාමාන්‍යයෙන් ඉහළ යයි. එහෙත්, කුඩා නිදන කාමර දෙකක මහල් නිවාසයක ප්‍රමාණය වන වර්ග අඩි 800 ට වඩා කුඩා නිවාසවල ජීවත් වන අය ජාතික සාමාන්‍යයට සාපේක්ෂව වසරක් තුළ නයිට්‍රජන් ඩයොක්සයිඩ් දෙගුණයක් නිරාවරණය වන අතර, එම සංඛ්‍යාවට වර්ග අඩි 3,000 ට වැඩි විශාලතම නිවාසවල ජීවත්වන්නන්ට සාපේක්ෂව සිව් ගුණයකින් වැඩි ය. 

නිවසේ විශාලත්වය එවැනි වෙනසක් ඇති කරන නිසා, වාර්ගික, ජනවාර්ග සහ ආදායම් කණ්ඩායම් හරහා නිරාවරණය වීමේ වෙනස්කම් ද ඇත. ජාතික සාමාන්‍යය හා සසඳන විට, පර්යේෂකයන් විසින් දිගු කාලීන NO2 නිරාවරණය ඇමරිකානු ඉන්දියානු සහ ඇලස්කාවේ ස්වදේශික කුටුම්භ අතර 60% කින් වැඩි වන අතර කළු සහ හිස්පැනික් හෝ ලතින් කුටුම්භ අතර 20% වැඩි බව සොයාගෙන ඇත..

ගෑස් උදුන් වලින් ගෘහස්ථ වායු දූෂණයට නිරාවරණය වීම, වාහන පිටාරය වැනි නයිට්‍රජන් ඩයොක්සයිඩ් දූෂණයේ එළිමහන් ප්‍රභවයන්ට නිරාවරණය වීම සාමාන්‍යයෙන් දුප්පත්, බොහෝ විට සුළුතර ප්‍රජාවන් අතර සාමාන්‍යයෙන් ඉහළ මට්ටමක පවතින්නේය යන්න තවත් ස්ථිර කරයි.

“අඩු ආදායම් ප්‍රජාවන්හි මිනිසුන්ට සෑම විටම ඔවුන් කෑම පිසීමට භාවිත කරන උපකරණ වෙනස් කිරීමට හැකියාවක් නැත, නො එසේ නම්  සමහර විට ඔවුන් එම උපකරන කුලියට ගත් ඒවා  හෙයින් අයිතියක් නැති නිසා උපකරණ ප්‍රතිස්ථාපනය කළ නොහැක,” ජැක්සන් පෙන්වා දෙයි, ” එකම උදුන භාවිත කළේ වුව, කුඩා නිවාසවල සිටින උදවිය  වැඩි දූෂක ප්‍රමානයක් ආශ්වාස කරති.”

වැඩි විස්තර: Yannai Kashtan et al, Nitrogen dioxide exposure, health outcomes, and associated demographic disparities due to gas and propane combustion by U.S. stoves, Science Advances (2024). DOI: 10.1126/sciadv.adm8680. http://www.science.org/doi/10.1126/sciadv.adm8680

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending