කැලිෆෝනියාවේ කැලිස්ටෝගා හි  පිහිටි ජ්‍යෙෂ්ඨයන් සඳහාවූ සත්කාරක නිවාසයක පිහිටි ඇගේ කාමරයට කාන්තාවක් 2019 දෙසැම්බර් 5 වන දින  ඇවිද යයි. Credit: AP Photo/Eric Risberg, File

ඔබ වයසට යාමත් සමග වැඩිවන්නා වූ වැටීමේ අවදානම අඩු කරන්න උපකාරීවන සරල පියවර කිහිපයක්

එක්සත් ජනපදයේ සෑම වසරකම, වයස්ගත වැඩිහිටියන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු බිම ඇද වැටෙන අතර, ඔවුන් තුවාල සිදුවීම්, අස්ථි බිඳීම් සහ මරණයට පවා අවදානමට ලක් වේ.

රටේ ජනගහනයෙන් වාර්තාගත පුද්ගලයින් පිරිසක් වයස 65 ට එළැඹීම සටහන් වන බැවින් ඇද වැටීම්, දැන් මෙන්ම අනාගතයේදී ද වර්ධනය වන මහජන සෞඛ්‍ය ගැටලුවකි. එසේනමුත්, ඇද වැටීම් බහුලව සිදුවනවා විය හැකි වුව ද, ඒවා නොවැළැක්විය හැකි නොවේ.

“මීට අදාලව අපි වැඩිපුර වැඩ කරන තරමට, නිරෝගීසම්පන්නව වයසට යාමේ දී ඇද වැටීම අඩංගු විය යුතු නැති බව අපට තව තවත් වැටහෙනවා ,” යනුවෙන් ඩියුක් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ කාරා මැක්ඩර්මොට් පවසයි. ඇය වැටීම පිළිබඳ එම විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කරන්නියකි.

ඔබේ වැටීමේ අවදානම අවම කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ නිර්දේශ කිහිපයක් මෙන්න.

ඔබේ නිවස, වැටීමේ ඉඩකඩ නොමති තැනක් බවට පත් කරගන්න

ඔබේ නිවස ආරක්ෂිත තැනක් කිරීමේ කාර්ය නිවස සකසා ඇති ආකාරය විමසමින් ආරම්භ කරන්න: කුඩා ප්‍රදේශව්ල එළා ඇති පලස ඉවත් කිරීම, අඳුරු ආලෝකය වෙනස් කිරීම සහ පහසුවෙන් ළඟා විය හැකි ස්ථානවල අඩුම කුඩුම නොතබන්න.

ඉන්පසුව, ඔබේ සමබරතාව නැතිවීමට පහසු ස්ථානවල අමතර ස්ථාවරත්වයක් ලබා දීමට ඉලක්ක කරන්න. පඩිපෙළ දෙපස අත් වැල් සවි කරන්න, නානකාමරයක අල්ලා ගැනීමට බාර් එකක් සහ ලී හෝ ටයිල් බිම්වල ලිස්සා නොයන තීරු සවි කරන්න.

ඔබේ නිවස පිරිසිදුව තබා ගැනීම ද වැදගත් ය: අයිතම බිම නොතබන්න; ඉහිරුණු දෙයක් වෙතොත් ඒවා වියළීමට පෙර සහ ඉවත් කිරීමට අපහසු වීමට පෙර ඒවා පිරිසිදු කරන්න.

ඔබව ස්ථාවරව තබා ගැනීමට වෝකරඅයක් හෝ සැරයටියක් භාවිතා කිරීම ගැන සලකා බලන්න; නමුත් එය ඔබගේ උසට ගැලපෙන බවත් එය නිවැරදිව භාවිතා කරන ආකාරය ඔබ දන්නා බවත් සහතික කර ගන්න.

ඔබේ නිවස නොවැටී සිටීමට හැකි වන ආරක්ෂිත ස්ථානයක් කර ගන්නා අන්දම ගැන යම් යම් ප්‍රයෝජනවත් ඉඟි, අන්තර්ජාලයට පිවිස වෙබ් අඩවි විමසීමෙන් දැන ගත හැක.

ශරීර ශක්තිය සහ සමතුලිතතාවය ගොඩනැගීම පිණිස ව්‍යායාම කරන්න

මෙහි දී නිව්ටන්ගේ පළමු නියමය හරහා මූලික කරුණු වෙත ආපසු යොමුවන්න: චලනය වන වස්තුවක් චලනය වෙමින්ම පවතී. එනම්,  ඔබ මීට පෙර වැටී ඇත්නම් සහ එය නැවත සිදුවනු ඇතැයි කනස්සල්ලට පත්ව සිටිය ද, ක්‍රියාශීලීව සිටීම අනාගත ගැටළු වළක්වා ගැනීමට උපකාරී වේ.

ඔබට සීමිත සංචලනය ඇත්තේ වුවද, පුටු මත සිට කරන යෝග ක්‍රම(chair yoga), තායි චී(tai chi ) සහ ඇවිදීම වැනි වැටීම් වළක්වා ගැනීමට උපකාරී වන බොහෝ ව්‍යායාම ඇත්තේය.

“එයින් අදහස් කරන්නේ ඔබ නිවසින් පිටතට ගොස් මැරතන් හෝ ඒ ආකාර ධාවන තරඟ හෝ දිවීමේ ක්‍රීඩා කිරීම ආරම්භ කළ යුතු බව නොවේ; නමුත් සරලව  ක්‍රියාකාරී අභ්‍යාස (කරන්න),” මැක්ඩර්මොට් කියා සිටියි.

සමූහ පසුබිමක අන් අය සමඟ (ව්‍යායාම) කිරීමෙන් හෝ මුණුපුරු මිනිපිරියන් සමඟ ක්‍රීඩා කිරීමෙන් ව්‍යායාම කිරීම විනෝදජනක දෙයක් සහ සමාජීය කට්යුත්තක් කරගන්න.

වඩාත් වැදගත් දෙය වන්නේ: ඔබේ සීමාවන් හඳුනාගෙන ඔබේ වෛද්යවරයා ඔබට සුදුසු යැයි යෝජනා කරන දේ කරන්න.

ඖෂධ, (ඇද වැටීමේ) ඔබේ අවදානම වැඩි කළ හැක.

බොහෝ ඖෂධවලට හිස බමන ගතිය, නිදිබර ගතිය හෝ ඔබේ සමතුලිතතාවයට බාධා පමුණුවන වෙනත් දේ වැනි අතුරු ආබාධ ඇති විය හැක.

මැක්ඩර්මොට් පෙන්වා දෙන්නේ, වයස්ගත වැඩිහිටියන්, ඔවුන් ගන්නා සියලුම ඖෂධ සහ ඒවා එකට ගැනීමෙන් ක්‍රියා කළ හැකි ආකාරය පිළිබඳව තම තමන්ගේ ප්‍රාථමික සත්කාර වෛද්‍යවරයා සමඟ කතාබහ කළ යුතු බවයි. ප්‍රාථමික සත්කාර වෛද්‍යවරයෙකුට හෝ ඖෂධවේදියෙකුට (ඔබ ගන්නා ඖෂධ ක්‍රියා කරන අන්දම ගැන) සම්පූර්ණ චිත්‍රය දැක ගත හැකි අතර ඔබේ සමතුලිතතාවයට බාධා නොකෙරෙන විකල්ප ඖෂධ සොයා ගැනීමට  ඔවුන්ට උපකාර කළ හැකියි.

එහෙත්,  ” ඔවුන් භාවිත කරන ඖෂධ නිර්දේශ කළ අය සමඟ කතා නොකර ඖෂධයක් ගැනීම නතර කරන ලෙස මම කිසිවිටකත්, කිසිවකුට නිර්දේශ නොකරමි.” ඇය වැඩිදුරටත් කියා සිටියි.

ලෙඩ රෝග හඳුනාගැනීමේ පරික්ෂාවන් ගැන සැලකිලිමත්වන්

ඔබ වයසට යන විට ශ්‍රවණය, පෙනීම සහ අනෙකුත් ඉන්ද්‍රියයන්හී වෙනස්කම් ඇති වීම සාමාන්‍ය දෙයක් වන අතර  ඔබේ ශ්‍රවණය සහ පෙනීම නිතිපතා පරීක්ෂා කර ගැනීමට වග බලා ගන්න. මන්ද ඒවායේ අඩුපාඩු වැටීමට දායක විය හැකිය.

අස්ථි සෞඛ්‍යය ද වැදගත් ය.

ඇමරිකානුවන් මිලියන 10 කට ඔස්ටියෝපොරෝසිස් ඇති බව Mayo Clinic මගින්ඇස්තමේන්තු කරනු ලැබ ඇත.ඔස්ටියෝපොරෝසිස් අස්ථි දුර්වල කරන අතර ඔබ වැටෙන විට ඔබේ සිරුරේ යම් අස්ථියක් කැඩී යාමට ඉඩ ඇත.

විටමින් ඩී සහ කැල්සියම් ගැනීමෙන් අස්ථි සෞඛ්‍යය වැඩි දියුණු කළ හැකි අතර, අවශ්‍ය නම්, ඔබේ වෛද්‍යවරයාට ඔබේ අස්ථි ඝනත්වය පරීක්ෂා කර ප්‍රතිකාර නිර්දේශ කළ හැකිය.

වැටීම් සාමාන්‍යයෙන් එක් හේතුවක්ම් නිසා ඇතිවන්නක් නොවේ

වැටීම්වලට මග පාදන්නේ එක් හේතුවක් පමණක් නොව හේතු එකතුවක් විය හැකි බව දැන, ඔබේ අවදානම අඩු කිරීමට මෙහි කලින් දැක් වූ යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කරන්න.

තවද, ඔබ  වැ‍ටුනොත්, එය සුළු දෙයක් වශයෙන් පෙනුණත්, ඔබේ වෛද්යවරයාට දන්වන්න අමතක කරන්න එපා. වැටීමක් හේතුවෙන් පුළුල් බලපෑමක් ඇති විය හැකි අතර එය රටාවක් බවට පත් නොවීමට වග බලා ගැනීමට නම් (වැටීමට) මුල් වූ හේතුව ආමන්ත්‍රණය කිරීමට ඔබට අවශ්‍ය වනු ඇත.

“සමහරවිට එය එක් වරක් පමණක් සිදු වන දෙයක් විය හැකි නමුත් එය කෙසේ හෝ පරීක්ෂා කර බලන එකයි වටින්නේ,” යනුවෙන් McDermott අවවාද වශයෙන් පවසයි.|

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending