සූර්යයා අනුකරණය කරමින් ශක්තිය ජනනය කිරීම, මෙතෙක් ඇති වඩාත්ම කාර්යක්ෂම පුනර්ජනනීය ප්‍රභවය (renewable source) විය හැකිය
අපගේ සූර්යයා වැනි තාරකා, විලයනය (fusion) ලෙස හැඳින්වෙන ක්‍රියාවලියක් භාවිතයෙන් විශාල ශක්ති ප්‍රමාණයක් නිපදවයි. තාරකාවේ හරය තුළ ඇති අධික තාපයට සහ අධික පීඩනයට නිරාවරණය වන විට, හයිඩ්‍රජන් පරමාණු වලින් ඒවායේ ඉලෙක්ට්‍රෝන ඉවත් වී න්‍යෂ්ටි (nuclei) නිරාවරණය වේ. මෙම න්‍යෂ්ටි සහ ඉලෙක්ට්‍රෝන මිශ්‍රණය, පදාර්ථයේ සිව්වන අවස්ථාව (fourth state of matter) වන ප්ලාස්මා (plasma) ලෙස හැඳින්වේ. ප්ලාස්මාව රත් කළ විට, හයිඩ්‍රජන් න්‍යෂ්ටි වේගයෙන් චලනය වී එකිනෙක ගැටී, විලයනය වී හීලියම් සහ විශාල ශක්ති ප්‍රමාණයක් නිපදවයි.
මෙම ක්‍රියාවලියේ පිරිසිදු සහ කාර්යක්ෂම ස්වභාවය නිසා, අවසානයේදී ෆොසිල ඉන්ධන (fossil fuels) සඳහා ඇති අවශ්‍යතාවය ඉවත් කළ හැකි වෙතැයි යන බලාපොරොත්තුවෙන්, විද්‍යාඥයින් දැන් මෙය පෘථිවිය මත ප්‍රතිනිර්මාණය කිරීමට ක්‍රමයක් සකස් කර ඇත. මෙය සිදු කිරීම සඳහා, ඔවුන් දැවැන්ත විලයන ප්‍රතික්‍රියාකාරක (fusion reactors) ගොඩනගා ඇත. මේවා ‘ටොකමාක්’ (tokamak) ලෙස හඳුන්වනු ලබන වළලු හැඩැති කුටියක් තුළ ප්ලාස්මාව පාලනය කිරීමටත්, සූර්යයාගේ හරයට වඩා දස ගුණයක් උණුසුම් වන සෙල්සියස් අංශක මිලියන 150 (ෆැරන්හයිට් අංශක මිලියන 270) ක උෂ්ණත්වයක් නිපදවීමටත් චුම්බක ක්ෂේත්‍ර (magnetic fields) භාවිතා කරයි. මෙම ප්‍රතික්‍රියාකාරකයේ භාවිතා වන ඉන්ධන වනුයේ හයිඩ්‍රජන් සමස්ථානික (hydrogen isotopes) වන, ජලයෙන් ලබාගන්නා ඩියුටීරියම් (deuterium) සහ පෘථිවි කබොලෙන් හමුවන ලිතියම් (lithium) වලින් නිපදවන ට්‍රිටියම් (tritium) ය. අපගේ වර්තමාන සැපයුම වසර මිලියන ගණනක් පවතිනු ඇති අතර, මෙයින් කිලෝග්‍රෑම් එකකින් (රාත්තල් 2.2) ෆොසිල ඉන්ධන ටොන් 10,000 කින් ලබා දෙන ශක්ති ප්‍රමාණයම ලබා දිය හැකිය. ඊට අමතරව, විලයන බලයේ ප්‍රධාන අතුරු නිෂ්පාදනය (by-product) වන්නේ හීලියම් ස්වල්පයක් වන අතර, එය වායුගෝලය දූෂණය නොකරනු ඇත.
විලයන බලය නිර්මාණය කිරීමට අවශ්‍ය තාක්ෂණය දැනටමත් තිබුණද, වත්මන් විලයන ප්‍රතික්‍රියාකාරක ඒවා නිපදවන ශක්තියට වඩා වැඩි ශක්තියක් පරිභෝජනය කරයි. දැන් පවතින අභියෝගය වනුයේ ක්‍රියාකාරී බලාගාරයක් (power plant) ලෙස සේවය කිරීමට තරම් විශාල ප්‍රතික්‍රියාකාරකයක් තැනීම වන අතර, ප්‍රංශයේ ITER ව්‍යාපෘතිය (ITER project) එහි පළමු පියවරයි.






ප්‍රතිචාරයක් ලබාදෙන්න