යුද්ධය මනුෂ්‍යයාට සහජයෙන් උරුම වූ කිසියම් ගතිගුණයක ප්‍රතිඵලයක්ද? බැලූ බැලමටම එය එසේබව අපට පෙනී යන්නේ ඉතිහාසය පුරාම මිනිස් කණ්ඩායම් එකිනෙකා හා යුද වැදුනු බව වාර්තාගත වී ඇති බැවිනි. තිරිසණ් සත්ව විශේෂ තුලද එකිනෙකා අතර ආක්‍රමණශීලී ගතිගුණ පවතින බැවින් සත්ව පරිණාමයේ ප්‍රතිඵලයක් වශයෙන් මිනිසාටද ඒ ගතිගුණ නිසර්ගයෙන්ම උරුම වන්නට ඇතැයිද මිනිසුන් අතර ඇති යුද්ධ ඒනිසා මනුෂ්‍යයාගේ සහජ ස්වභාවයක ඵලයකැදයිද කෙනෙකුට ඒ අනුව තර්ක කල හැකිය. කෙලින්ම කිවහොත් මේ තර්කයට අනුව මනුෂයාගේ ස්වභාවය යුද්ධ කිරීමය.
එහෙත් මනුෂ්‍යය ස්වභාවය යනුවෙන් අප හඳුන්වන්නේ කුමක්ද? .නැතහොත් මනුෂ්‍යය ස්වභාවය අප තේරුම් ගන්නේ කෙසේද?. තිරිසන් සත්වයන්ගේ හැසිරීම ආහාර සෙවීම, ප්‍රජණනය, පැටවුන් රැකීම, නිදාගැනීම වැනි ස්වභාවික උරුමයන්ගෙන් තීරණය වෙයි. එම හැසීරීම් තත් සත්ව වරගයාගේ ජාණ වලින් උරුම වූ එකම ආකාර අභිප්‍රායන් නිසා උද්ගතවන ස්වභාවයන්ය. හැම සත්වයෙකුටම පාහේ ස්වභාවයෙන් උරුම වූ මේ හැසිරීම් මඳකින් හෝ වෙනස් වීමට හේතුවන්නේ දීර්ඝ කාලාන්තරයක් ගත වී එම සත්ව විශේෂය ස්වභාවික වරණය නිසා පරිණාමය වූ විට පමණි. මේ ස්වභාවික හැසිරීම් සත්ව විද්‍යාවේ හා පරිණාමවේදයේ නිරන්තර විමසුම් වලට භාජනය වෙයි. එ බැවින් එක් එක් සත්වයන් සඳහා සත්ව විද්‍යාවක් ඇත. එහෙත් ඒ කිසිම සත්ව වර්ගයකට මනුෂයයන්ට මෙන් ඉතිහාසයක් නම් නොමැත. මන්ද ඉතිහාසයකින් පැවැසීමට තරම් පරපුරින් පරපුරට ඇමිණෙන සුවිශේෂ කතන්දරයක් ඒ කිසිම සත්ව වර්ගයකට නොමැති බැවිනි. මේ නිසා වඩා වෙසෙසින් කිවහොත් මනුෂයයන්ට සත්වයන්ට මෙන් නොව මානව ඉතිහාසයක් තිබේ. සත්වයන් සඳහා නොව ඉතිහාසය මනුෂ්‍යයන්ට පමණක් සුවිශේෂ වූ විෂයකි.
මානව විකාශය තුල මනුෂ්‍යයන් විසින් පරපුරෙන් පරපුරට දැණ උකහාගත් දැනුම් සම්භාරයේ පර්‍ඵතය සලකා බැලූවිට කිසිදු සත්ව විශේෂයකට ලඟාවිය නොහැකි තලයකට මනුෂ්‍යයන් එළඹ ඇත.
වසර මිලියන පන්සියයකටත් හයසියකටත් අතර කාලය තුල මහ පොළොව සිසිල් වී ගියේය. එතෙක් ඝණ වනාන්තරයෙන් ගැවසුන අප්‍රිකාවෙ උප සහරා කළාපය සවන්නා තණබිමක් බවට පත් වීමට මෙම සිසිල්වීම හේතුවිය. මේ අමුතු පරිසරය හා මොනවට සැසඳුන පරිණාමීය සාධක නිසා මේ කලාපය තුල නව ආරක මාංස භක්ෂක හා සර්ව භක්ෂක සත්ව විශේෂ විකාශය වීම ඇරඹිණි. උන් අතර මිනිසාගේ පූර්ව ලක්ෂණ වලින් සුසැදි මනුසත්වයන්ද වූහ. මෙතෙක් සොයාගෙන ඇති පාෂාණභූත වලින් මේ මනුසත්තවයන්ගේයැයි සැලකෙන පැරණිතම පාෂාණිභූත අයත්වන්නේ ආර්ඩිපිතෙකස් රැමඩිස් (Ardipithecus ramidus) යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන මනුසත්ව වර්ගයටය. වසර මිලියන 4.5ක් පැරණියැයි සැලකෙන මේ විරල පාෂාණිභුත සොයාගනු ලැබුවේ ඉතියෝපියාවේ අෆාර් පලාතෙනි.
ආර්ඩිපිතෙකස් රැමඩිස්‍ගේ පාෂෘණිභුත බෙහෙවින් විරල නමුදු ඉන්පසු කලෙකට අයත් යැයි සැලකෙන ඔස්ට්‍රොලොපිතිකස් අෆ්රෙන්සිස් (Australopithecus Afransis) හෙවත් ‘දකුණු වානරයා’ නමින් හැඳින්වෙන මනුසත්තව විශේෂයේ පාෂාණීභූතවූ ඇට කපාල හා පා සලකුණු අප්‍රිකාවේ තැන් කිහිපයකින්ම සොයා ගැනීමට හැකිව තිබේ. වඩා හොඳ තත්තවයෙන් සුරැකි ඇති වසර මිලියන තුනක් හා හතරක් අතර පැරණි මේ පාෂාණිභුත අධ්‍යයනය කිරීමෙන් ඔස්ට්‍රොලොපිතිකස් අෆ්රෙන්සිස් දෙපය බිම තබා ගමන් කල හැකි, වානරයෙකු මෙන් මැනවින් ගස් නැගීම සඳහා යොදාගත හැකි දෑත් සහිත, අපේ මොලය මෙන් තුනෙන් එකක් පමණ කුඩා වූ මොලයකින් යුත් මනුසත්වයෙකු බව දැනගෙන තිබේ. උතුරු ටැන්සානියාවේ වසර මිලියන 3.5ක් පැරණි පාෂාණිභූත යමහල් අලු මත සටහන් වු පා සලකුණු වලින් පෙනේන් නේ මෙකල විසූ ඇතැම් මනු සත්තවයන්ට මැනවින් දෙපයින් ඇවිද යාමට හැකි වූ බවයි. මේ ඔස්ට්‍රොලොපිතිකස් අෆ්රෙන්සිස් ඉන් ඉක්බිති පැමිණි බුවාසෙයි((boisei), ඉතියොපිකස් (aethiopicus)සහ රෝබස්ටස්(robustus) යන ඔස්ට්‍රොලොපිතිසියානු මනුසත්ව විශේෂ ත්‍රිත්වයේ ආදි මුත්තණුවන් විය හැකි බව විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. මේ මනු සත්තව ත්‍රිත්වයට විශාල දත් තිබූ අතර බෙහෙවින් යැපුණේ ශාක භක්ෂකයන් වශයෙනි. ඒ හැර මේ සත්තවයන් හෝමෝ(Homo) යන අපද අයත් මානව වර්ගයෙහි ලා ගැනේ. 1950 න් පසු කරන ලද ක්‍ෂෙත්‍ර සමීක්ෂන වලින් තහවුරු වු පරිදි යටකී මනු සත්තව විශේෂ ත්‍රිත්වය එකිනෙකා හා සමාන වූ ද එමෙන්ම එකිනෙකාගෙන් වෙනස් වූද සුවිශේෂ ලක්ෂණ වලින්ද යුක්ත විය. එපමණක් නොව මෙ සත්ව විශෙෂ තුන් වර්ගයම එකම කාල පරිච්ඡෙදයක එකි නෙකාට නුදුරින් එකම පරිසරයක ජීවත් වූහ. මේ හා සමාන තවත් මනු සත්ව විශේෂ ගණනක් නුදුරු කාලයේදී සොයා ගත හැකි වෙතැයි අපේක්ෂා කෙරේ. හෝමෝ වර්ගයට අයත් මේ මනුසත්වයන් මෙයට වසර මිලියන දෙකත් තුණත් අතර කාලයක් තුල ඉතා වැදගත් විකාශයකට භාජණය විම ඇරඹුණු බවට තීරණාත්මක සාක්ෂි තිබේ. මේ වැදගත් විකාශය නම් හෝමෝ වර්ගයාගේ මොලය පරිමාවෙන් වඩා විශාලවීමයි. එන්සැපලයිසේෂන් (encephalization) යනුවෙන් හැඳින්වෙන මේ ක්‍රියාවලියත් සමඟම 1974 දී සොයාගණු ලැබූ “ලුසී” යන නමින් හැඳින්වෙන පාෂාණිභුත ඇට සැකිල්ලෙන් තහවුරු වූ පරිදි මේ වන විට දෙපා පමණක් යොදා මැනවින් ඇවිදීමට මේ ආදි මානවයන්ට හැකි විය. පරිමාවෙන් විශාල මොලයක් පවත් වාගෙන යාමට නම් වඩා හොඳ ආහාර බුදිය යුතුය. මේ නිසා මොලයේ පරිමාව විශාල විම සඳහා සැලකිය යුතු විකාශ පීඩණයකට මේ සත්තවයන් භාජනය විය යුතුය. මේ මනුසත්වයන්ගේ ශරීර ප්‍රමාණය සාමාන්‍යයෙන් එක මට්ටමක පැවැති බැවින් විශාල වූ මොලයත් ඇති වීමට නම් වෙනත් ශරීරාංගයක පුමාණය අඩුවිය යුතුය. මේ ප්‍රමාණාතමක අඩුවිම සිදුවුනේ උදරයෙන් යැයි සැලකේ. මෙසේ උදරයේ ප්‍රමාණය අඩුවිම නිසා ආහාර ජීර්ණ පද්ධතිය කෙටි වූ බැවින් වඩ වඩා හොඳ ආහාර සපයා අනුභව කිරීමට මේ ආදි මානවයන්ට සිදුවිය.
මානව විකාශයේ මේ වැදගත් ලක්ෂණය ඇති වීමට හේතුව මනු සත්වයන් ශක්ති-ජනක ආහාර විශේෂයෙන්ම සත්ව ප්‍රෝටීණ සහිත මාංශාහාර ප්‍රධාන ආහාරය වශයෙන් ගැණිමට පුරුදු වීමයැයි සැලකේ. ඉතියෝපියාවේ ගෝනා ප්‍රදේශයෙන් සොයා ගනු ලැබූ වසර මිලියන 2.5 ක් පැරණි ගල් ආයුධ වල තියුණු මුවහතින් පෙන්නුම් කෙරෙන්නේ මාංශාහාර මෙකල විසූ මණු සතුන්ගේ දෛනික ආහාරයේ පුධාන කොටසක් වූ බවය. දකුණු අප්‍රිකාවෙන් සොයාගත් පාෂානිභුත ආහාර අපද්‍රව්‍ය අතර තිබූ දැවි ගිය සත්තව ඇටකටු වලට අනුව වසර මිලියන 1.5 කට පෙර සිටම මාංශ ගින්නේ පළහා කෑමට මේ ආදි මානවයන් පුරුදුව සිටි බව පෙනේ. මෙසේ මාංශ පළහා කෑම කුඩා වූ උදරය නිසා ඇති වූ අවාසි සමනය කිරීමට හේතුවිය. මන්ද මාංශ ගින්නේ පිළිස්සීමේදී ඒ වායේ ඇති සත්ව ප්‍රෝටීන ජීර්ණයට පෙරම කඩා ගැනීමට හැකිවන බැවිනි. මෙ බැවින් දීර්ඝ ජීර්ණ පද්ධතියක් සහිත විශාල උදරයක් අවශ්‍යය නොවේ.
මනු සත්වයාගේ මේ නව වර්ධන ප්‍රවනතාවය අවුරුදු මිලියන 1.8 පසු උප සහරා කලාපයෙන් බැහැර අප්‍රිකාවේ සෙසූ පෙදෙස්වල හෝමෝ ඉරෙක්ටස් නම් ආදි මානවයා පැතිරයන අවස්ථාව වන විට මනාව තහවුරු වී තිබුනි. ඉන් අනතුරුව මෙයට අවුරුදු ලක්‍ෂ පහකට පෙර හෝමො හයිඩල්බර්ජෙනසිස් නමින් හැදින් වෙන ආදි මානව විශේෂය උතුරු අප්‍රිකාවේ හා මෑත පෙරදිග පෙදෙස් වල ජීවත් වූ බවටත් ඔවුන් වසර හාර ලක්ෂයකට පෙර යුරෝපය දක්වා පැතිර ගිය බවටත් සාක්ෂි හමුවි ඇත. (කෙසේ වෙතත් වසර ලක්ෂ හතකට පෙරද යුරෝපයේ මනු සත්තව විශේෂ වාසය කල බව තහවුරුව ඇත.) හෝමො හයිඩල්බර්ජෙනසිස් සහ හෝමෝ ඉරෙක්ටස් යන ආදි මානව විශේෂ දෙකම කෙන්යාවේ නාරිඒකොටෝමේ මිටියාවතෙන් සොයාගත් ඇට සැකිලි වල හිමිකරු වූ හෝමෝ ඉර්ගැස්ටර් නම් පොදු මනුසත්වයෙකුගෙන් බෙදී ගිය විශේෂ දෙකක් බව මානව විද්‍යාඥයෝ සලකති. මෙයට වසර මිලියන 1.5 කට ඉහත කාලය එළඹෙන විට මේ තුන් විශේෂයේම ආදි මානවයන්ට ඝණ සෙන්ටිමීටර සියයක පමණ පරිමාවකින් යුතු මොලයක් තිබුනි.හැරත් මේ ආදිමානවයන් භාවිත කල ගල් පොරෝතල වැනි ආයුධ මනා හැඩයකින් හා බරකින් යුතු වූ බැවින් මේ වන විට වැඩි දියුණු කල ශිලා තාක්ෂණයකට මේ ආදි මානවයන් හිමිකම් කියූ බව පෙනේ.
වඩා විශාල මොලයක් ඇති වීමට තරම් පරිණාමීය පීඩනයකට ලක්වීමට ආදි මානවයන්ට තුඩුදුන් හේතු අතර වැදගත් වන්නේ ශිලා තාක්ෂණයට හුරුවීම පමණක්ම නොවේ. යම් යම් දෑ මතක තබා ගැනීමට සිදුවීම, අනෙකුත් සාමාජිකයන්ට ආධාර කිරීම හා ඔවුන් සංවිධානය කරගැනීම හා ඇතැම් විට සහචරයන් රවටා ගැනීමට සිදුවීම වැනි කරුණුද ආදි මානවයන්ගේ මොලයේ වැඩීමට බෙහෙවින් බලපෑවේය. මේ අන්දමින් ආදි මනුසත් සමාජයේ අනොන්‍යය සබඳකම් වඩා සංකීර්ණ වන විට ප්‍රමාණයෙන් විශාල රංචු වලින් ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාවද උනුන් අතර වැඩිවන්නට ඇත.





ප්‍රතිචාරයක් ලබාදෙන්න